පද පේලි .....

Status
Not open for further replies.

thilan##

Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    හිනැහෙන්නේ මං
    මේ විල් තීරේ පියමැන්නේ
    ඔබ එක්ක මං
    මේ ගංඟාවේ පැදයන්නේ
    ඔබ හින්දා මං
    මේ සංසාරේ සැනසෙන්නේ
    අතගන්න රැකගන්න
    මට ඉන්න නිල් නයනියේ

    කිසිදා අඳුරේ හඩවන්නෙ නෑ
    හැඩුවත් සොඳුරේ රිදවන්නෙ නෑ
    දිවියේ මතු දා තනි වෙන්නෙ නෑ
    ජීවිතේ හසරැල් ආදරේ අභිමන්

    සිහිනේ සැතපී අපි ඉන්නෙ නෑ
    පවනේ සැඟවී අපි යන්නෙ නෑ
    මෙලොවේ කිසිදා වෙන් වෙන්නෙ නෑ
    ප්‍රේමයේ අරුමේ ඒ ඔබේ මහිමේ
     

    champi*t

    Member
    Mar 20, 2008
    2,479
    3
    0
    45
    Kandy
    සිහිනයකි ඔබ නිහඩ මැදියම් රෑ
    නිදන නෙතු යුග සනසනා
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    Like a gift from the heavens, it was easy to tell,
    It was love from above, that could save me from hell.
    She had fire in her soul it was easy to see,
    How the devil himself could be pulled out of me,Like a gift from the heavens, it was easy to tell,
    It was love from above, that could save me from hell.
    She had fire in her soul it was easy to see,

    And the voices rang like the angels sing,
    We`re singing..
    Ay oh ay oh ay oh ay,
    And we danced on into the night,
    Ay oh ay oh . . .
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    :D මිල්ටන් & මිල්ටන්




    ජෝති මිතුරේ..... මිතුරේ
    ගීත රාවේ නාද දේ
    ජෝති මිතුරේ නිබඳ ඔබ සිහිවෙනා
    සිත පාරවා නෙතු හැඬුවා
    සිත පාරවා
    මාගේ මිතුරේ කිමද වෙන්වී ගියේ
    හද සෝකෙ නාවා නෙතු හැඬුවා

    මේ ගීත මල් දෝත ඔබටයි පිදෙන්නෙ
    මගෙ මේ සෝ ගීය ඔබටයි ගැයෙන්නේ
    ඔබගේ ගුණකඳ සමරා ගයන්නේ
    ගී ලොව පුබුදා ඇයි වෙන්වූයේ
    ගුණ රැඳූනා ඔබෙ ජීවිතේ

    ජෝති මිතුරේ නිබඳ ඔබ සිහිවෙනා
    සිත පාරවා නෙතු හැඬුවා
    සිත පාරවා
    මාගේ මිතුරේ කිමද වෙන්වී ගියේ
    හද සෝකෙ නාවා නෙතු හැඬුවා

    මිතුරේ ඔබේ ගීත දසතින් ඇසේවා
    මිතුරේ ඔබේ ගීත දසතින් ඇසේවා
    සසරේ යළිත් සෝක සංකා නොවේවා
    ගී හඬ පවනේ ඔබ සුර විමනේ
    දේමින් නාදේ රාත්‍රියේ

    ජෝති මිතුරේ නිබඳ ඔබ සිහිවෙනා
    සිත පාරවා නෙතු හැඬුවා
    සිත පාරවා
    මාගේ මිතුරේ කිමද වෙන්වී ගියේ
    හද සෝකෙ නාවා නෙතු හැඬුවා....


    ╗ ජේ.ඒ.මිල්ටන් පෙරේරා ╔
    :(

    මේ සිංදුව ඇහුවෙත් අදයි. ඔබට ස්තුතියි.
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    සඳ හැංගිලා මා තුරුල්ලේ
    සිත නැංගුරම් ලා දුක හංගලා
    නිල් නුවන් නෙත් කැරැල්ලේ
    පෙම් සිනා කැන් නංවලා
    තව ලංවෙලා...
    ආදරේ මා නිවාලයි ආදරේ මා නිවලයි
    ආදරේ මා නිවාලයි....

    පුලුළුකුලු මල් අනන්තතේ මල් පිපී ලැම වසන්තේ
    සුවඳ මල් රොන් සිඹීමෙන් ලඟ හිඳීමෙන්
    මා නිවෙනවා මා නිවෙනවා
    සිත සැනසුමින් මේ උණුසුමින්
    ආදරේ මා නිවාලයි ආදරේ මා නිවලයි
    ආදරේ මා නිවාලයි....

    සඳකැන් සළුව ඇන්දේ මදුමල් සිඹින්නද නින්දේ
    සුපසන් මේ බැදීමෙන් සංසිඳීමෙන්
    මා නිවෙනවා මා නිවෙනවා
    අත් බැඳීමෙන් මේ විඳීමෙන්
    ආදරේ මා නිවාලයි ආදරේ මා නිවලයි
    ආදරේ මා නිවාලයි....


    මම ආසම කරන ආඩම්බර ඝාම්භීර හඬ - අමිල පෙරේරා.

    ගීපද ලියනකොට ගායකයාගෙ නමත් ලියන්න අමතක කරන්න එපා.
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    සඳ කිඳුරාමයි විද්දේ නුඹ නොදැක්කාට කිඳුරී
    හීසර වැද පපු මැද්දේ හිත රිදෙනවාද සොඳුරී


    කිඳුරා වෙලත් ඇයි ඔහු දුනු දිය ඇද්දේ
    කොඳුරා ප්‍රේම බස් විෂ හීයෙන් විද්දේ


    මදුරා පුරෙන්දෝ දුක් ගිනි අරගත්තේ
    ඉඳුරා දනිමි සද කිඳුරා මයි විද්දේ


    ගව් ගණන් ඇවිත් අත් වැල වත් නොසැලී
    සිත් උනත් නොසිතු ලෙස අත්වැල ගිලිහී


    කප්පරක් දුකින් ඉදිමුණු කඳුළු පොදී
    කිඳුරා අත ගන්න නුඹ පිං කලා මදී

    මේ ගීතය ගයන්නෙ කව්ද?
    මේකෙ සමහර පද කොපි කරලා වගෙයි, සුරේන්ද්‍රගේ අළුත් සින්දුවේ.



    කිඳුරා මමයි ඔබේ කිඳුරිය වෙනවද නුඹ ප්‍රියාවී
    අවුරාලන්නට හැකි තනිකම නුඹට පමණි දයාවී
    කොඳුරා ප්‍රේම ගීත කම්නෑ නොකිව්වාට හිනාවී
    කිඳුරා මමයි නුඹේ කිඳුරිය නුඹම තමයි කුමාරී

    ගවසා පිච්ච මලින් කොන්ඩය කරල් දෙකට ගොතන්නම්
    සරසාලන්නට නුඹ සමනල පාට කඩෙන් ගෙනෙන්නම්
    නොලසා රුව මාගේ නුඹ නෙතු අග තවරා ගනීනම්
    සනසා හදමල්විල දෙකොපුල හාදුවකින් තෙමන්නම්

    සොඳුරේ නුඹේ ටිකිරි රුව ගුණ දෙකට සොඳින් සමානා
    දෙවුරේ දඟ කරනා පුතු පැටියෙකුගෙ සුමුදු සිනාවා
    නුදුරේ මගේ සිහින කොඳමල් කැකුළු රැයේ පිපේවා
    අඳුරේ වුවද අනේ ඒ මල් සුවඳ මවෙත හමාවා



    සුරේන්ද්‍ර පෙරේරා
     

    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere
    Now I'm sitting home, feeling all alone,
    Wish you had a clone, 'cause girl you got me gone.
    Here in this chair, wishing you was here,
    But now it's getting clear, that you don't even care.

    :yes::no::yes::no:
    :yes::no::yes::no::yes::no::yes::no::yes::no::yes::no::yes:
    :yes::no::yes::no::yes::no::yes::no::yes::no::yes::no::yes::no::yes::no::yes:
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    කුරුල්ලෝ නුඹේ තාලෙන් පියාඹන්න ආසයි
    පියාපත් කොහේ කොතැනින් කොහෙන්දෝ ගෙනෙන්නේ
    කුශානි සඳරේඛා


    සමාවෙන්න, මේ ගීතයේ මුල් ගායනය මායා දමයන්ති. පසුව ඇගේ දියනිය කුශානි මෙය ගායනා කලා.
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සද පායන්න පායන්න සැරසී
    අදුරට ලං වුණා
    කළුවර ලෝකේ පීඩා
    සිසිලෙන් පහන් වුණා
    හෙට පායන්න පා‍යන්න ඔබගෙන්
    අරුණළු හිරු අරන්
    මං ඉන්නවා ඉන්නවා
    ආයෙමත් රෑ අරන්......

    හැම රාත්‍රි තරුවක්ම පායාපු ආකාසේ
    මට අහිමි සද දිලුනදෝ..
    ඒ සදට ඉහලින්ම ආකාසෙ ගැවසෙන්න
    මැව් සිහින තව නින්දෙදෝ
    මැව් සිහින තව නින්දෙදෝ....

    යුග නේත්‍ර හැම‍දාම මට දීපු කදුලැල්ලසේ
    මගෙ අදුර ළග ඉන්නෙදෝ
    ඒ අදුර බිදලන්න යළි එන්න අහසින්ම
    මහපොළොවෙ මිය යන්නෙදෝ...
    මහපොළොවෙ මිය යන්නෙදෝ...

    -සුරේන්ද්‍ර-

     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    මා ඔබේ සකුන්තලා මා ඔබේ නිසන්සලා
    පෙම් මන්දිරේ පුරා ඔබ කී කථා ඇසේ
    මා ඔබේ සකුන්තලා

    හද මන්ජුසාව දෙදරා නූපන් සෙනේ උදාවේ
    පිටුපෑව ආල කුමරෝ හමුවෙන්න මතු භවේදී
    මේ අනෝම ආදරේ මේ අනාථ මංතලේ
    පෙම් මන්දිරේ පුරා ඔබ කී කථා ඇසේ
    මා ඔබේ සකුන්තලා

    මද අන්ධකාර විජිතේ යාත්‍රා රුවල් බිඳෙන්නේ
    එකදාම එකම සොහොනේ සැතපෙන්න මා පතන්නේ
    මා ඔබෙන් උපන්නෙමී මා ඔබෙන් මියෙන්නෙමී
    පෙම් මන්දිරේ පුරා ඔබ කී කථා ඇසේ
    මා ඔබේ සකුන්තලා මා ඔබේ නිසන්සලා

    සුජාතා අත්තනායක


    What an amazingly beautiful song this is.
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    සද පායන්න පායන්න සැරසී
    අදුරට ලං වුණා
    කළුවර ලෝකේ පීඩා
    සිසිලෙන් පහන් වුණා
    හෙට පායන්න පා‍යන්න ඔබගෙන්
    අරුණළු හිරු අරන්
    මං ඉන්නවා ඉන්නවා
    ආයෙමත් රෑ අරන්......

    හැම රාත්‍රි තරුවක්ම පායාපු ආකාසේ
    මට අහිමි සද දිලුනදෝ..
    ඒ සදට ඉහලින්ම ආකාසෙ ගැවසෙන්න
    මැව් සිහින තව නින්දෙදෝ
    මැව් සිහින තව නින්දෙදෝ....

    යුග නේත්‍ර හැම‍දාම මට දීපු කදුලැල්ලසේ
    මගෙ අදුර ළග ඉන්නෙදෝ
    ඒ අදුර බිදලන්න යළි එන්න අහසින්ම
    මහපොළොවෙ මිය යන්නෙදෝ...
    මහපොළොවෙ මිය යන්නෙදෝ...

    -සුරේන්ද්‍ර-


    Brings out the best in Surendra's voice. Simply awsome.
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ජීවන ගමනේ
    ප්‍රේමයෙ නගරේ
    එකම ඉසව්වේ
    දෙතැනක දෙපසේ
    එකට සිතූ දේ නොසිතූ විලසේ
    ඉටු වූ නැකතේ රසවිද රහසේ
    කදුළු වහීවී කදුළු වහිවී
    සතුටේ පහසින් අහස වශිවී
    ඉහිරී යද්දී ඹබ මට නෑ

    මගෙ රන් කදේ ඔබේ පෙම් බදේ
    හෙවනැල්ල වෙන්නම් කියා
    පැතුවා..... හිතේ සිත්තමේ හි රුවා
    හිතුවා...ඔබ මා සන්තකේමැයි කියා...

    -උදේශ් ඉන්දුල-
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    මම ආසම කරන ආඩම්බර ඝාම්භීර හඬ - අමිල පෙරේරා.

    ගීපද ලියනකොට ගායකයාගෙ නමත් ලියන්න අමතක කරන්න එපා.

    අනිවා සහෝ...ලස්සන සිංදුව නේද..
     
    Status
    Not open for further replies.