පද පේලි .....

Status
Not open for further replies.

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මාගෙ මනමාල සුකුමාල
    සුපෙම්වතී
    නීල ඔය දෑස නිල්මිණි සේම මට දිස් වුනී

    ලල ලල ලා
    සුරේන්ද්‍රගෙ ගායනයනම් මල් 7 නෙවෙයි 49
    11.gif
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    ගීයකින් කෙසේ
    කියම් සිතුම් ලයේ
    රන් රුවන් ගෙනල්ලා
    මා ළගින්...තියාලා...
    නොඉල්ලනූ...ආදරේ
    නොඉල්ලනූ...ආදරේ

    නෙත් ඔබේ නමා
    බලා ඉන්නේ ඇයි
    සෝ සුසුම් හෙලා
    මා ඉන්නේ ඇයි
    අතීතයේ කතා
    මකා දමා සිනාසෙමූ

    ගීයකින් කෙසේ....

    වෙනින් කෙනෙක් සොයා
    සිනාසෙන්නකෝ...
    මා ඔබේ සිතින්
    මකාලන්නකෝ
    මිතුරන් සේ අපී
    ජීවිතේ එක් වෙමු

    ගීයකින් කෙසේ
    කියම් සිතුම් ලයේ
    රන් රුවන් ගෙනල්ලා
    මා ළගින්...තියාලා...
    නොඉල්ලනූ...ආදරේ
    නොඉල්ලනූ...ආදරේ


    ගායිකාව මතක නෑ...ඒත් ඔන්න පිළිතුරු ගීයක් :)
    ක්ලැරන්ස් මහත්තයාගේ සුන්දර තනු නිර්මාණයක් මේක
    :)


    ගායිකාව ඉන්ද්‍රානි පෙරේරා
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    කින්නරාවියේ මලක් නෙලාගෙන
    ඔබ දුර ඈතට යයි
    ඒ මල නෙළුවේ ඔබ ඇයි //
    සුරංගනාවක් සැන්දෑ අහසින්
    මනාලියක් සේ පාවී එයි
    සුවඳ අරන් ඉගිල්ලෙන්න
    ආදරයේ ගිණිසිළුවක් වී
    කින්නරාවියේ මලක් නෙලාගෙන
    ඔබ දුර ඈතට යයි
    ඒ මල නෙළුවේ ඔබ ඇයි //
    දුහුල් වලාවන් සෙමින් සෙමින් විත්
    වෙන්වී වෙන්වී නොපෙනී යයි
    මගේ කඳුල වාවගන්න
    මා දුටුවේ හීනයක් තමයි
    කින්නරාවියේ මලක් නෙලාගෙන
    ඔබ දුර ඈතට යයි
    ඒ මල නෙළුවේ ඔබ ඇයි //

    අමරසිරි පීරිස්
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    මාගෙ මනමාල සුකුමාල
    සුපෙම්වතී
    නීල ඔය දෑස නිල්මිණි සේම මට දිස් වුනී

    ලල ලල ලා
    සුරේන්ද්‍රගෙ ගායනයනම් මල් 7 නෙවෙයි 49
    11.gif


    ඔව් ඉතින් සුරාගෙ සින්දු ගැනයි කටගඬ ගැනයි තවත් මොන කථාද?


    .....
    ඉන්න ඝණ අඳුරෙ බැබලෙන්න සඳ පෑයු සේ
    ඉන්න මගෙ තුරුලෙ මට සිත නෑ දැන් ප්‍රියේ
    ආදරේ කොයිතරම් සුන්දරයිදෝ කියා
    ඔන්න අපි කියමු මුළු ලොවට හඬගා සුදා
    මා ළඟින් සැතපිලා //
    ඉන්න මගෙ ලෝකෙ මිණි පහන ඔබමයි කියා //
    මාගෙ මනමාල සුකුමාල සුපෙම්වතී
    නීල ඔය දෑස නිල්මිණි සේම මට දිස්වුනී
    ඉන්න ඝණ අඳුරෙ බැබලෙන්න සඳ පෑයු සේ
    ඉන්න මගෙ තුරුලෙ මට සිත නෑ දැන් ප්‍රියේ
    රෑට සඳ කුමරු ඇවිදිල්ලා තරු පිරිවරා
    ලස්සනයි අහස සැරසීලා තරු රූ රටා
    ආදරෙන් ලංවෙලා //
    ගන්න මගෙ දෑත අපි විඳිමු සැනසුම සදා //
    මාගෙ මනමාල සුකුමාල සුපෙම්වතී
    නීල ඔය දෑස නිල්මිණි සේම මට දිස්වුනී
    ඉන්න ඝණ අඳුරෙ බැබලෙන්න සඳ පෑයු සේ
    ඉන්න මගෙ තුරුලෙ මට සිත නෑ දැන් ප්‍රියේ

     

    nwnbs

    Member
    ආදරයේ උණුසුම් සුසුම් සුවඳද මෙතරම්
    එහෙනම්...සැළමුතු පෙම තුල නිසසල වී
    ලොව නවතීවා සැනෙකින්

    ආදරයේ උණුසුම් සුසුම් සුවඳද මෙතරම්
     

    ~ThaRu~

    Member
    Jun 22, 2009
    55
    5
    0
    ආදරේට කියන කතා බෙලද වුනාට
    සාගරේක ගැඹුර දැනේ නොවෙද ඔයාට...
     

    nwnbs

    Member
    හීන හතක් මැද...විමනක් සැදුවයි...
    සීත සඳුන් සුව...ඒ තුල පිරුණයි...
    වාසනාවෙ මල් හද තුල පිපුනයි
    ගීත නාද දෙව්...ලෝකෙන් ඇහුනයි...

    -පණ්ඩිත් අමරදේව-
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සිතක කොහේ තිබුනාදෝ ආදරේ
    දඟකාර දෑස පැටලෙන තුරු මා නෙතේ
    සිරවී සිතේ ඔහේ තිබුනාලු ආදරේ
    ඇසෙනා තුරා ඔබ මා නිසාම කීව ගීත යාළුවේ..
     
    ඔව් බන් මම සිලි කෑල්ලෙන් සින්දුවක් දහ අතේ හෙව්වා ... හම්බුන් නැති පාර අල්ලලා දැම්මා :lol:

    සිලි සිලි සීතල වැල්ලේ......
    සිලි කෑල්ලෙනුත් සින්දුවක් තියනවො හි හි ....:lol:
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    යුගත් මල් දම් මගේ ගෙල වට දමන්න
    මලක් වන් මුදු රෝස දෙලවන් කොපුල් යහනේ පුදන්න...
    සිතක් පුරාම ‍ස්නේහයේ පැන් ඉසින්න
    නුඹ ආයෙ එන්නෙ කවදාද මට කියන්න......

    දයාන් විතාරණ


     

    nwnbs

    Member
    මම් නුඹට ආදරෙයි
    නුඹෙ පෙමට ආදරෙයි
    මට නැතුවට ඔහුට පුදන පෙමට ආදරෙයි...

    ප්‍රේමය මල් උයනක් යැයි සිතා සිටින විට
    විෂ කටු ලය පුරා ඇනී රිදුම් ලබන කොට
    දෝරෙ ගලන නුඹෙ සෙනෙහස ඔහු වෙනුවෙන් කැපවෙන විට
    යා යුතු මඟ නිනව් නැතුව ඉහිළුම් නෑ මට

    ප්‍රේමය මද පවනක් යැයි සිතා සිටින විට
    සුළි සුළඟක් වී ගත සිත තලා දමන කොට
    මුතු කුඩයකි නුඹෙ සෙනෙහස සදා නිවන ඔහු සරතැස
    වෛර කරන්නේ කෙලෙසද අන්සතු පෙමකට

    -ක්‍රිශාන්ත එරන්දක-
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ගජමන් නෝනා නොවෙය මං
    නොම බිය වෙන් මේ මහතුන්
    ඇලපාත මුදලි ඹහු නම්
    ඔහුට යස කවි ලී වෙත් ඈ නම්
    කවි ලියන්න බැරි මං
    කොහොම වේද ගජමන්
    කෝම වේද ගජමන්:lol:

    ඇලපාත ලියූ රස කවි ගැන මං
    කවි ගලප ගලප හිටියා එහෙනම්
    තාම ලිව්වෙ නෑ කවියක් නම්
    ඇලපාතට නම් මගෙ කවි තහනම්
    ඇලපාතට නම් මගෙ කවි තහනම්:rofl:

    ශශිකා නිසංසලා
     

    nwnbs

    Member
    අපි ආයේ දවසක
    හමුවෙමුද මේ අද වාගේ
    දැන් ඉර ගිලෙයි මුහුදේ
    කළුවර පිපෙයි දෙපසේ
    වෙන් වෙමු ඉතින් හමු වන සිතින්
    අපි ආයෙ දවසක අද වගේ...

    අදින් පසු ඔබ ඔබට හිමි මඟ
    ඉතින් මා මට උරුම තනි මඟ
    ආයෙමත් හමුවන තුරා...
    දෙතැන ඉමු අපි මඟ බලා...

    තුටින් හමු උන සුහද බව අප
    අරන් යමු අපෙ මතක මැදුරට
    ආයෙමත් හමුවන තුරා...
    එකම තැනකදි ජීවිතේ...


    -දයාන් විතාරණ-
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    අහසින් බසින් සද මඩලින් බසින්
    මිනිසුන් මැද පුතුනේ මිහිමඩලේ හිදින්
    කදුළු සුසුම් මැද මුවහත් වෙමින්
    රට වෙනුවෙන් දැය වෙනුවෙන් නොසැලී ඉදින්

    සුපසන් නොවේ ලොව නුඹ මේ උපන්
    නුවනින් වැඩී ලොව සුපසන් කරන්
    විරුවන් ලෙසින් රුදු රණ බිම් මැදින්
    නුඹේ ගමන් මග ඉදිවේ බලන්

    දෙවියන් නොවේ නිති අසලින් නොවේ
    දිරියෙන් ගතේ ඉටු දෙවියන් මැවේ
    ජය පැන් වඩන් දහඩිය වැල් වලින්
    නුඹගේය ඒ නව ලොව පුංචී පුතුන්...

    නන්දා මාලනී

     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    සිත ඔබ පාමුල රදවා විදි ෙසෙනහස ගිනි උහුලා..
    අහිමි විජිතෙයන් සමුෙගන යන්නමි..
    ඔබට fida ;ejු,a ෙනාම ෙවිවා :(
     

    nwnbs

    Member
    බුදු බණ කියන්නට පුතු ගෙදර ඇවිල්ලා
    බුදු සුවඳ බුදු එළිය පැල පුරා...ඉහිරිලා
    බුදු පුතේ නුඹ දිනෙක බුදු වෙයන් කියාලා
    නියත විවරණ දෙන්න යමු මැණිකෙ නැඟිටලා

    හැබැයි ඉස්සර වගේ මගෙ පුතේ කියාලා
    තුරුළු කර ගන්න නම් එපා ඉක්මන් වෙලා
    බත් කටක් කවන්නට හිත ගියන් ලං වෙලා
    එපා සිල් ඇවැත් වෙයි මව් සෙනෙහෙ සිහිවෙලා

    බණ කතා කියනකොට හුරතලෙන් මුව විදා
    කඳුළු පිස දුක නිවෙන බණ අසමු නෙතු පියා
    හැඬුම් නැති සිතින් පුතු දකින්නට දිරි පතා
    අපිත් විවරණ ලබමු වැටී වැඳ පුතු දෙපා


    -එඩ්වඩ් ජයකොඩි-
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මගේ දේශය මගේ ජාතිය මගේ ආගම
    මට ලබාදුන් ත්‍යාගයයි
    චණ්ඩ මාරුතයේ
    නොසෙල්වෙන චින්තනය නිවහල්
    නිවටයින්ගේ දෙපා අභියස
    බියෙන් හැකිලී නැමී යා නම්
    එවන් සිරසක් කුමකටද මට
    ගෙලින් සිඳ එය ඉවතලනු මිස
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala


    Dil ne ye kahaahe dilse . . !
    මගේ හදවත ඔබේ හදවත සමගින් පැවසුවෙ මෙයයි
    මම ඔබට ආදරය කරමි මගෙ පන, මගෙ පෙම්වතිය,
    මා කෙරෙහි විශ්වාස කරන්න මා නොසන්සුන්ව හිඳිමි,
    ඔබද එය අත් විඳ බලන්න
    මගේ හද ගැස්ම වටහා ගන්නට උත්සාහ කරන්න
    ඔබත් මට ආදරය කරන්න

    ඔබ මගෙන් ඉල්ලා සිටිත් නම් සඳද තරුද ඔබට ගෙනත් දෙන්නම්
    මේ වලාකුළු, මේ සුළං නැවත හරවා රැගෙන එන්නම්
    මා මේ දකින්නේ කුමක්ද? මට මේ සිතෙන්නේ කුමක්ද?
    මා අසළ ගංගාවකි ඈතින් සහරාවකි
    එහෙත් මෙතරම් පිපාසාව ඇයිදෝ

    මුළු ලොවම ඔබේ පාමුල තබන්නෙමි

    මගේ මතකයටත් මගේ සිහිනයටත් සෑම දිනකම පැමිනෙන්නේ ඔබමයැ
    එතරම් ඔබ මට වද දෙන්නේ ඇයි
    ඔබේ දෑතින් මිදී ඔබේ මගෙන් මිදී මම කිසි දිනෙක ඉවත නොයමි
    මම නැවත ඔබ වෙතට එන්නෙමි
    එය මගේ පැතුමයි එය මගේ පොරොන්දුවයි
    ඔබව ලොවින් සොරකම් කොට රැගෙන යන්නෙමි
    එතෙක් පොඩ්ඩක් ඉවසන්න


    කවදාවත් මේ සිංදුවේ තේරුම බැලුවේ නෑ...නමුත් මේක දැක්කට පස්සේ තව තවත් සිංදුව හිතට වැදුනා..ඇත්තටම පුදුම විදිහට හිතට වැදුනා...
    මේ සිංහල තේරුම ගත්තේ බ්ලොග් එකකින්..ඔහුට තුති..
     
    Status
    Not open for further replies.