පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
දෑත දෙපා ළඟ ගිගිරි සරින්
මා කැඳවා නොතැවෙන්
සිවු සිය ගව් දුර ඇදෙන ලෙසින්
සෝක සුසුම් නොහෙලන්
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴

රන්ගිර හිස හිරු හිනැහෙත
එළියෙන් මුළු ලොව දිඳුළත
නමුදු හිරට ළං වන්නට වරම් නොමැතියේ
ඉරෙන් ලොවක් එළිවනු දැක
මසිත බැබළියේ
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
සාගර තරංගා....
සුදු වෙරළ සිඹින්නා....
නුහුරු නුපුරුදු දූපතේ ...
ඔබයි මමයි මමයි ඔබයි
නොබිඳෙන සෙනෙහසින්...
මේ ගයන්නේ.....
ආදරේ ගීතයයි
 

uocanu

Member
Aug 11, 2006
5,346
106
0
In Lions Land
රජ මැදුරක ඉපදී සිටියානම් නුඹත් රජෙකි පුතුනේ
හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි අද නුඹේ සිරි යහනේ
හීනෙන් හිනා නොවී… මා… හඞවාපන් මේ රෑ යාමේ

පුන්චි පැටික්කන් මග දිග හඩවන… සිල්ලර රස කැවිලී…
දුව යන ඉගිලෙන විසිතුරු සෙල්ලම් යානා පෙනී පෙනී
අහක බලාගෙන මග දිග යන විට, නැහැ මට වාවන්නේ
හීනෙන් හිනා නොවී… මා… හඞවාපන් මේ රෑ යාමේ

රජ මැදුරක ඉපදී සිටියානම් නුඹත් රජෙකි පුතුනේ
හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි අද නුඹේ සිරි යහනේ
හීනෙන් හිනා නොවී… මා… හඞවාපන් මේ රෑ යාමේ

ඉද හිට මොලවන ලිපත් දනී පුත කැද රස සුනු සහලේ
දිව බොජුනක් සේ දිව ගා ඇල්මෙන් අකුරට දිව යන්නේ
ඇදලා කල් ගිය රෙදි වැරලී… නැහැ මට වාවන්නේ
හීනෙන් හිනා නොවී… මා… හඞවාපන් මේ රෑ යාමේ

රජ මැදුරක ඉපදී සිටියානම් නුඹත් රජෙකි පුතුනේ
හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි අද නුඹේ සිරි යහනේ
හීනෙන් හිනා නොවී… මා… හඞවාපන් මේ රෑ යාමේ
 

uocanu

Member
Aug 11, 2006
5,346
106
0
In Lions Land
වැලිබත් ඉව්වා මතකයි අපි දෙන්නා
ඔංචිලි පැද්දා මතකයි අපි දෙන්නා
මෙතුවක් එක් වී වැඩුනත් අපි දෙන්නා
අද හිනැහෙන්නේ කොයි ලෙසදෝ මන්දා

තනිමංසල මට ඔබ මුණ ගැසෙනු නොහේ
තනිපංගලමේ දෙදෙනට යන්ට නොවේ
වපරැස් බැල්මට පිවිතුරු ලෝකය නොපෙනේ
අවිහිංසක මුදු සිතුවිලි මල් පරවේ

ඔබ ඉන්නා තැන තුඟු මහ පවුරු බැඳී
තහනම් දේශය පමණයි උරුම ලොවේ
මිනිසුන් වූ අප යළි පොඩි දෙපළ නොවේ
ඔබ මා තනි වන දවසක් නැවත නොඒ​
:(:(:(
 
Jan 15, 2009
9,238
368
0
රුවක් ඇදෙනවා කවුදෝ එනවා
මීවිත ඇඳීරිය දෑස වසනවා
හද පොදි බැඳී දුක දියකර පාකර
ඔබ ලොවට මා මොහොතින් එනවා

සොඳූරු යොවුන්විය මල්මග මුල හිඳ
කිමතොල මීවිත පොඟවන්නේ
නුරා විරහ ගිනි නිවාදමන්නයි
සුරාවිතින් මා දෙතොල තෙමන්නේ

නැගුණු නුරාගිනි මීපොද වැටිලා
හතරවටින් දළු ලා එනවා
අවන්හලේ මීවිත තනිකරලා
වරෙන් මලේ පියවර නගලා

රුවක් ඇදෙනවා කවුදෝ එනවා
මීවිත ඇඳීරිය දෑස වසනවා
හද පොදි බැඳී දුක දියකර පාකර
ඔබ ලොවට මා මොහොතින් එනවා...

- ගුණදාස කපුගේ
- කරුණාරත්න දිවුල්ගනේ

Ruwak Adenawa.Mp3
 
Jan 15, 2009
9,238
368
0
මේ හිතට දුක දැනෙනා වෙලාවයි
මේ හිතට දුක හිතෙනා වෙලාවයි
මේ හිතට දුක දැනෙනා වෙලාවයි
මේ හිතට කවි හිතෙනා වෙලාවයි
...
 
Jan 15, 2009
9,238
368
0
නිල්ල නිලන නිල් කඳූවැටි අතරේ
සඳ එළීයේ මංපෙත පාදා
රහසක් සඟවා ගොළුවූ හදකින්
යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා
වන සිරක තුරු සෙවණැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා
පිණී කඳූලක් මල් පෙති අග තවරා
මිහිදුම් සළුවෙන් මුහුණවසා....
 
Jan 15, 2009
9,238
368
0
තනිකම රජයන පාළු විමානේ
ගොම්මන් කළුවර හඬා වැටෙද්දී
ඔබෙ දිවි අරණේ රුවන් විජිතයේ
මැණික් පහණ් වැට දැල්වේවා
මැණික් පහණ් වැට දැල්වේවා...
 
Jan 15, 2009
9,238
368
0
සිත හැඳීනුවෙත් නුඹයි
පසුපසම එළව එළවාවිත්
සැනසුවෙත් නුඹයි
නුඹ මගේ හිත අරන් ගියා
පුදුමයක් නොවෙයි..
සුළඟ නුඹ වගෙයි සිත්මල වටා එතෙයි
මල් සුවඳ හොර හොරෙන් අරන්
යන්නටම හදයි
...
 
Jan 15, 2009
9,238
368
0
ලොවට හොරා වෙලිලා බිහිකරගත්
වසන්තයේ සඳ මියැදුන දවසක
බෙදාහදා ගත් දුකවත් අද නැත
ඒ දුක කොතරම්... මිහිරිද සොඳූරිය...
 
Jan 15, 2009
9,238
368
0
සිත පෙලා දී දඬුවම්
කඩා ගෙලැ ලූ මල්දම්
ආලයට කර සරදම්
අගෙයි ඔබ දුන් කවිකම්
ලොවට පෙනෙන්නට සිනාසුනත් අද
වැලෙපෙයි හදවත තනිවම
අප ගැන දුක් ගී පබඳින්නට නම්
කුමටද ඔබ දුන්.. කවිකම්...
 

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
:confused::rolleyes:

දිවුල් අයියගෙ මම ආසම සිංදුවක්!!


සිත හැඳීනුවෙත් නුඹයි
පසුපසම එළව එළවාවිත්
සැනසුවෙත් නුඹයි
නුඹ මගේ හිත අරන් ගියා
පුදුමයක් නොවෙයි..
සුළඟ නුඹ වගෙයි සිත්මල වටා එතෙයි
මල් සුවඳ හොර හොරෙන් අරන්
යන්නටම හදයි...
 
Jan 15, 2009
9,238
368
0
වළාකුලකුදු නොමැති අහසේ
මාලානිකවූ මගේ සිතුවිලි
ගල්ගැසී ඇත පාළුවී ඇත
අඳූර පමණක් රජවෙලා..
සැඳෑ කළුවර කුර ගගාවිත්
ඔබේ පැල්පත මගේ දසුනින්
ඈත්වූ සඳ මගෙ සරා සඳ
තනිවෙලා මා තනිවෙලා...
 
Jan 15, 2009
9,238
368
0
මද පවනේ රැඳී විලසින්
හඬ තාම ඇසේ ඇයගේ
රෑ තනි යහනේ මේ දුක් සිහිනේ
පමණද උරුමය ජීවිතයේ..
පායා සීත රැයේ පාවි නිල් අඹරේ
දිළෙනා තරුවේ තනිවූ තරුවේ
ඈ නෑ මා සෙවණේ...
 

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
:rolleyes::baffled::confused: ඇයි මේ?



මේ හිතට දුක දැනෙනා වෙලාවයි
මේ හිතට දුක හිතෙනා වෙලාවයි
මේ හිතට දුක දැනෙනා වෙලාවයි
මේ හිතට කවි හිතෙනා වෙලාවයි...
 
Jan 15, 2009
9,238
368
0
අප හමුවූයේ මන්දැයි නොදනිමි
පාර ඇසූ‍යේ ඇයිදැයි නොකියමි
අපේ ගමන් අද නවතනු හැකිනම්
අප යන ගමනද අද මෙතැනින් නිමි
මංමුලාවී පාර සොයාගෙන
හසරක් අසමින් යන ගමනේ
මංමුලාවූ සමණළියක ගෙනි
පාර අසා තිබුණේ...
 
Status
Not open for further replies.