පුන්සඳෙන් රැස් ගංතෙරෙන්
කොත්කැරැල්ලෙන් බෝමළුවෙන්
සීත සමීරෙන් චන්දන කල්කෙන්
සතුට උදාවේවා. . . මිහිර බෙදාදේවා. . .
කොත්කැරැල්ලෙන් බෝමළුවෙන්
සීත සමීරෙන් චන්දන කල්කෙන්
සතුට උදාවේවා. . . මිහිර බෙදාදේවා. . .
කරකාර බදින දා
කර පාළු වෙලා මා
මුතු මාල කොයින්දා
මනමාලි නොවෙද මා
හැමදාම අදින මේ
කපු සාරිය ඇන්දා
රන් සේල කොයින්දා
මනමාලි නොවෙද මා
ගුරු පාරෙ ඇවිල්ලා
කච්චේරියෙ බැන්දා
රන් පෝරු කොයින්දා
මනමාලි නොවෙද මා

පෙම් රැහැනින් මා වෙලන්න
ඔබෙ සෙවණේ මට හිඳින්න
මම ආසයි ඔබත් සමග
මේ දිවි මග එකට යන්න
මගෙ ආදර විල් ජලයේ
නිල් මානෙල් මලක් වෙන්න
රේණු සලා මල් මුවරද
සිහිල් දියට එක් කරන්න
මම රැය නම් ඔබ පුරහඳ
සිත් අහසේ නැගී එන්න
සඳ සිහිලේ තැවුල් නිවා
රැයත් සමග ගෙවී යන්න
අජන්තා නාකන්දල
![]()

පුන්සඳෙන් රැස් ගංතෙරෙන්
කොත්කැරැල්ලෙන් බෝමළුවෙන්
සීත සමීරෙන් චන්දන කල්කෙන්
සතුට උදාවේවා. . . මිහිර බෙදාදේවා. . .

)කරන්න පුළුවන් වැඩද හලෝ මේ කියලා තියෙන්නෙ![]()

දිය කඩිති නිල් බර වුණේ
පොඩි තිත්ත පැටවුන්ටනේ
අල්ලන්න ආසයි උන් එක්ක යාළුයි
පීනන්න දිය කඩිති ගානේ
(ගෙම්බෙක් ද දන්නැ කියන්නෙ)

මල් සූටික්කෝ සිංදු කියාපන්
මා දං අත්තක වාඩි වෙලා
පිලේ ඉඳන් ඒ සිංදු අහන්නම්
හිතේ කඳුළු බිඳු නෙතින් හෙලා
අමතක නොමවන මතක සිහින ළඟ
මා හද ඉකි බිඳ හඬන වෙලේ
පිපෙන කුසුම් ගැන සමනලයන් ගැන
එපාගයන්නට සූටික්කෝ
ලොවකට නෑසෙන මගේ ගීතයට
නුඹේ මියුරු හඬ දීපන්නේ
කණාමැදිරියන් වගේ නිවී ගිය
ආදරයක් ගැන ගයපන්නේ

































































































