පද පේලි .....

Status
Not open for further replies.

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
වහින්නට හැකිනම් ගිගුම් දී
වියළි ගම් බිම් වලට ඉහලින්...
ඉදෙන්නට හැකිනම් බතක් වී
බතක් නොඉදෙන පැළක රහසින්..

රැදෙන්නට හැකිනම් ළමාකැළ
හඬන දෙතොලග සිනාවක් වී...
පිපෙන්නට හැකිනම් තුරින් තුර
නෙළා ගතහැකි වන මලක් වී...

නිදන්නට හැකිනම් දෙනෙත් තුල
සැබෑ වන සුබ සිහිනයක් වී...
ගැයෙන්නට හැකි නම් දොරින් දොර
ලොවම පුබුදන ගීතයක් වී...

පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.
සංගීතය - සුනිල් දයානන්ද කෝනාර.
ගායනය- නන්දා මාලනී
 
Last edited:

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
බෝමැඩ වගුරන කිරි කළ දහසින්
වැළිමළුවේ කිරි දියර ගලා යයි…
ඉන් එක කිරි කඳුළක් පින්වතුනේ
කිරට අඬන මගෙ බිළිඳුට දුන මැන…

පූජාසනයේ කුහුඹු පිරිස මැද
පිළුණු වෙමින් යයි සුරස බොජුන්…
අහරට යදිනා පැල්පත් යායට
ඉන් බත් පිඬුවක් වීසි කරනු මැන...

ගිනි මද්දහනේ දැවී නිවී යයි
අගිල් කපුරු දුම් සුවඳ ගිතෙල්…
දවනා මුදළින් පින්වත් ජනයිනි
දැවෙනා මිනිසෙක් සුවපත් කළමැන…


පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.
සංගීතය - ඔස්ටින් මුණසිංහ.
ගායනය- නන්දා මාලනී
 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    සූට් බූට් දිග කලිසම් රෝල්ස් රොයිස් ගමන් බිමන්
    අද මැදුරේ හෙට පැදුරේ පිස්සු පූසා මේ
    ඤාව්
    පිස්සා මේ පිස්සා මේ පිස්සු පූසා මේ

    තම වලිගය අල්ලන්නට වටේට කැරකෙන පූසා
    මේ විගඩම දැකගන්නට කවුරු නොවෙද ආසා
    ඤාව්
    හිස්පලුවෙක්ගේ විලසා කුණු කූඩින් බෙල්ල දමා
    බොරු බේගල් ඇද දමලා සහචරයින් කරයි මුලා
    පිස්සා මේ පිස්සා මේ පිස්සු පූසා මේ
    ඤාව්

    අන් කුසගිනි නිවන නියා කට බලියන් ඉන්න එකා
    මීයා කටට වැටුනු වහා සිල්ගත් සේමා
    තම වාසිය ලැබෙන තුරා පුරු පුරු ගා කෙඳිරි ගගා
    බිම පෙරලෙයි වැඳ වැටිලා කකුලෙ වෙලෙයි මේකා
    පිස්සා මේ පිස්සා මේ පිස්සු පූසා මේ//
    ඤාව්

    හොරා කෑම බැරිවුන දා දත් විලිසා නිය විහිදා
    කොන්ද නවා දුන්න ලෙසා පහුරු ගායි පූසා
    පිස්සා මේ පිස්සා මේ පිස්සු පූසා මේ
    පිස්සා මේ පිස්සා මේ පිස්සු පූසා මේ//
    ඤාව් ඤාව් ඤාව්


    emoticon-0111-blush.gif
    emoticon-0137-clapping.gif
    emoticon-0111-blush.gif
     
    මේ මොහොතේ ඔබ කොහේ සිටී දැයි
    කුමක් කරයි දැයි මා නොදනිම්...
    සුළඟක් වී හෝ ඔබ වෙත එන්නට හැකි වේවී නම්
    මා එන්නම්....




    අනේ මන්ද අයියෙ ටකරන් උනත් මාර විදියට දැනෙනෙ සින්දුවක් මේක
    :(:(:(
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සූට් බූට් දිග කලිසම් රෝල්ස් රොයිස් ගමන් බිමන්
    අද මැදුරේ හෙට පැදුරේ පිස්සු පූසා මේ
    ඤාව්
    පිස්සා මේ පිස්සා මේ පිස්සු පූසා මේ

    තම වලිගය අල්ලන්නට වටේට කැරකෙන පූසා
    මේ විගඩම දැකගන්නට කවුරු නොවෙද ආසා
    ඤාව්
    හිස්පලුවෙක්ගේ විලසා කුණු කූඩින් බෙල්ල දමා
    බොරු බේගල් ඇද දමලා සහචරයින් කරයි මුලා
    පිස්සා මේ පිස්සා මේ පිස්සු පූසා මේ
    ඤාව්

    අන් කුසගිනි නිවන නියා කට බලියන් ඉන්න එකා
    මීයා කටට වැටුනු වහා සිල්ගත් සේමා
    තම වාසිය ලැබෙන තුරා පුරු පුරු ගා කෙඳිරි ගගා
    බිම පෙරලෙයි වැඳ වැටිලා කකුලෙ වෙලෙයි මේකා
    පිස්සා මේ පිස්සා මේ පිස්සු පූසා මේ//
    ඤාව්

    හොරා කෑම බැරිවුන දා දත් විලිසා නිය විහිදා
    කොන්ද නවා දුන්න ලෙසා පහුරු ගායි පූසා
    පිස්සා මේ පිස්සා මේ පිස්සු පූසා මේ
    පිස්සා මේ පිස්සා මේ පිස්සු පූසා මේ//
    ඤාව් ඤාව් ඤාව්


    emoticon-0111-blush.gif
    emoticon-0137-clapping.gif
    emoticon-0111-blush.gif

    ආව් ආව් ......... මෙන්න පූසි රතු වෙලා :P
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    Edelweiss, Edelweiss,
    Every morning you greet me.
    Small and white, clean and bright,
    You look happy to meet me.
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    පෙරදා මහ රෑ
    මා සිහිලැල් උර මඬලේ
    මුහුණ හොවාගෙන
    ළසොවින් වැළපුණ
    ඔබේ විඩාබර නෙතින් ගලා ගිය
    කඳුලක කැළලක් ඉතිරිවෙලා
     
    • Like
    Reactions: amila_90210

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හත් මුහුදින් එපිට ගුගුරුවා
    බත රොයි උගුරු දණ්ඩ...
    හත් දෙයියන් බලා ඉද්දි
    මහත් වරුනි දන්නවාද
    සුද්දෝ ආවෙ රට කරන්න...
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    මගේ සිනා ඔබ අරගෙන...
    ඔබේ කඳුලු මට දීලා...
    පාලු නුවර මා තනිකර...
    මතක සිහින පොදි බැඳගෙන...
    ඔබ කොතැනද සැඟවී ඉන්නේ ....
    කියාගන්න බැරි දුක මම කාට කියන්නේ...

    අහස දැවී වියරු වැටී...
    ලසෝ දුකින් තරු වැලපී...
    නිදිබර ඇස් මග ‍රැඳිලා...
    ඔබ එනතුරු සිටියා...

    ප්‍රාර්ථනා තරු අතරේ...
    සොඳුරු මගේ ලොව ඇවිලේ...
    මගේ සිනා මට දීලා...
    ගෙන යන්න කඳුලු, මැකිලා
     
    • Like
    Reactions: amila_90210

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    අපමණ සිහින මවණ සිතුවිළි පෙළ පියපත් නම්
    මට ඔබ රැගෙන වෙනම ලොවකට යන්නට හැකිනම්

    තිමිරෙන් පිරුණු බිමක් වූවද එහි අඳුර නැතී
    ඔබගේ දෙනෙත් තුලින් වලින් නැගෙන එළිය ඇතී
    අපමණ සිහින මවණ…

    මිනිසුන්ගෙන් දුරුවුනු සතුන් සරන එම උයනේ
    මම මියුලැසියක ලෙස ලැගුම් ගනිමි ඔබ සෙවනේ
    අපමණ සිහින මවණ…

    පෑරෙන පැසෙන සිතට මම දෙන්නෙමි සහන් ඔසූ
    ඔබ මෙතුවක් නොකියූ ගී කිව මැන එයින් මතූ...

    මල්ලිකා කහවිට

     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    අහස පොලොව වටපිටාව හරිම හිස්තැනක්:rolleyes:

    ගහක් කොලක් ගෙයක් නොමැති කාන්තාරයක්;)

    ඉහි ඉහි මතක නෑ තුන්වෙනි පේලිය:P

    ඔයයි මමයි ඉන්නා තැන කොහෙද තනිකමක්:D

    නැහැනෙ තනිකමක්:love:
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    අම්බරේ දිලී දිලී
    තාරකා මිලාන වී
    හද රුවන් තොරණ් දැවී
    පැතූ විමන් ගරා වැටී
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    පුර හඳ ළඟින්ම කඳුළු බිංදුවක් ගෙනත් තියා
    තරු එළියටත් හොරෙන් කෝ ඔබ කොහිද දුර ගියා

    මාල මල් ලතා මාලතියක ලියා එවා
    දෑල සිත් විලේ සසැලි රැළි සරැළි නගා
    ඔබ ආදරේ කියා දුන්නෙත් සඳක් සේ මවා

    ලන්ද මත පිපී මාලති පර වෙලා ගියා
    පින්න පිණි වැටී පුර හඳ බොඳ වෙලා ගියා
    ඔබ සෞම්‍ය සඳ කියූ ප්‍රේමය කෝ කොහිද ගියා
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    දස්කොන් සකි සඳ ඉක්මන් ගමනින්
    නොයෙනා ගමන කියන්නේ
    එනමුත් ලඳූනේ මතු අත් භවයේ
    ඔබ මා යලි හමුවන්නේ......

    සියොලඟ හිමි ලඟ හදවත මා ලඟ
    කෙලෙසද හද බැඳලන්නේ
    කවුදෝ රැකවල් ලන්නේ
    ඔබ මා යලි හමුවන්නේ....

    මිය යමි මනුලොව හමුවෙමි පෙම්ලොව
    ලොව්තුරු සුව වළඳින්නේ
    කිසිදා නැත සමුගන්නේ
    ඔබ මා යලි හමුවන්නේ....


    ගේය පද: සුනිල් ආරියරත්න
    සංගීතය: පණ්ඩිත් අමරදේව
    ගායනය: විශාරද නීලා වික්‍රමසිංහ
     
    • Like
    Reactions: amila_90210

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මේ ලොව යම් කිසිවෙකු
    මා හට පෙම් කල බව
    එතකොට ඒ ගී රාවය
    හීන් හඬින් මට කියාවි

    මා මල පසු සොහොන් කොතේ
    දුක් ගීයක් ලියනු මැනව
    නන්නාඳුනනා ඔබගේ
    අත් අකුරින් ලියනු මැනව
    දුක් ගීයක් ලියනු මැනව....

    අඩ සඳ බැසගෙන යන සඳ
    සීතල අඳුරු රැයක
    රෑහි හඬන රැව් අතරින්
    එතකොට ඒ ගී රාවය
    යාන්තමින් මට ඇසේවි.....


    ගේය පද: මහගමසේකර
    සංගීතය: සෝමදාස ඇල්විටිගල
    ගායනය: පණ්ඩිත් අමරදේව
     
    • Like
    Reactions: sudunone
    Status
    Not open for further replies.