පද පේළී - EK LYRICS THREAD PART 2

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    නවදැලි හේනක පෑව වැදිරි රැව ලෙස උවමින් දෙනුවන් රවටා.....
    මා පෙම්කල ජනපද කල්යානිට හිමියනි මට කල නොහැක නිගා...

    සුරගන රෑසිරැ දුටිමි හැදින්නෙමි..
    සිත් ලෙස දෙනුවන් බවුන් නුරා..
    මා හදුනන මගෙ හදගත් කලනිය..
    මට නුදුරැය සුරගනක වඩා....

    මා සිත සුවපත් කරලනු නොහැකිය...
    සෝ ලතැවුල් දෙයි රැයද දිවා...
    නෙත දුටු සුරගන රැසිරැ කුමටද...
    හද දිනු ජනපද කලන නිසා...
    ❤️❤️❤️
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    වෙරල කොනක හිද බලා හිදින්නේමී
    ඔබ එන මග මා පවන් සැලී
    පෙර දිනයක අප හමුවූ තැන හිද
    වෙන්වන්ට මුනගැසෙමු යලී.....

    වෙරලේ හැපෙනා රල රල අතරේ
    මුමුනයි හෙමිහිට අපේ කතා..
    රැල්ලට නොපෙනී වෙනතක ගියමුත්
    සුදු වැලි මුමුනයි වෙරල කොනක හිද....

    ඔබහා දොඩනට ගත සිත සක්තිය
    නැති ලෙස හදවත හඩා වැටේ
    එනමුදු අප පෙම් කතාව නිමවී
    සමුගන්නම් අද තරහ නොවී
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    බලා වැළපෙමි නෙළාගනු බැරි
    හන්තාන සිහිනේ....
    දරා නෙත් අග දොවා සිත් මල්
    ගොතනු මැන ළඳුනේ....
    සංසාර සිහිනේ.
     
    එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට
    නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට
    හැරගිය දිනේ නාවත් මා ගම් දොරට
    ආවේ ඇයිද විරහී සිත අද්දරට

    විශ්මිත ගමට අදහන්නට බෑ තවම
    මා හැර දම නුඹ ගිය මග ගැන අරුම
    සතු කරගන්න මුල් පෙම නොපිදූ බැවින
    දුක්බර හිතට කීවෙමි නොහඬන ලෙසට
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නෑ තවත් හිතක් ඔබට මෙන් මාගේ..
    මේ තරම් දුරින් ඔබම ඇයි ආවේ..
    යා කරන් සිතින් දුකම දැන් මාගේ..
    නෑ දැනන් සිටියේ හුස්ම ඔබ මාගේ..
    හිත ඇහුවේ - ඔබ ගැනමයි..
    තාමත් මං විදවයි..
    පැතුවේම ඔබෙ සතුටයි..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබ සුසුම් හෙලන්න
    ඒ සුසුම් සිහිල මට විඳගන්න
    රැය ගුලිවී ඉන්න
    ළය යහන් ත‍ලේ උණුසුම දෙන්න

    ඔබ පුරහඳ වෙන්න
    ඒ පුරා හඳේ ගුලිවී ඉන්න
    මම තරුවක් වෙමි
    රාත්‍රියට අහසේ පිපෙන

    ඔබ සුසුම් ..................

    ඔබ කවියක් වෙන්න
    ඒ කවිය මිහිරි හඬින් ගයන්න
    මම මිහිරක් වෙමි
    ඒ කවියේ රසතැන් පුරන

    ඔබ සුසුම් ..................


    ගායනය :- ප්‍රින්ස් උදය ප්‍රියන්ත
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබ මගෙ මතකය වෙලා
    හිත ළඟ ඉන්නව බලා
    වෙන්වෙන්නට කාරණා
    පහදා දෙනව ද ඔයා
    එක්වුණු තැනදිමයි හිමිවුණේ වේදනා
    මට උහුල ගනු බැරි වුණා
    වෙන් වුණු තැන ම මං මතකයේ ඉන්නවා
    ඔබ දිනෙක දැනගන්නවා

    වරුවක් ගියානෙ ඔබ නෑනෙ ආවේ
    මං තාම මඟ බලනවා
    අඩුවක් කළේ නෑ කිසිදාක සෙනෙහේ
    නුඹ හොඳට එය දන්නවා
    කවදාක හෝ කඳුළක් රැඳී
    ඔය දෙනෙතනම් හඬවනු එපා
    මේ හිත මගේ විඳවන හැටී
    කිසිදාක නම් දැනගනු එපා

    හිත සතුට උදුරා කාලය ගියාවේ
    කඳුළකට හිමිකම තියා
    මට මාවවත් නෑ ඔබ ගියපු ‍දිනයේ
    මං තනිව ඉන්නම් සදා
    කවදාක හෝ කඳුළක් රැඳී
    ඔය දෙනෙතනම් හඬවනු එපා
    මේ හිත මගේ විඳවන හැටී
    කිසිදාක නම් දැනගනු එපා

    ඔබ මගෙ මතකය ............


    ගායනය :- සමීර ජනකාන්ත
     
    • Like
    Reactions: ^Buddhika^

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රත්ත‍රනේ ඔබේ ළඟින් ඉන්නට ඇත්නම්
    දුකක් නොදී මගෙ පණ සේ ඔබ රැකගන්නම්
    සංසාරේ පුරාවට ම ආදරෙ වන්නම්
    ජීවත්වන තුරාවට ම ඔබ ළඟ ඉන්නම්

    සිනාසිසී ඔබ ඇවිදින් මගේ ළඟට දැන්
    තුරුලු වෙලා ඉන්න විටදි ගැලී ප්‍රේමයක්
    ඔබ වෙනුවෙන් හැමදාමත් පැතුම් පොදි බැඳන්
    මගේ තිබෙන ආදරෙ මං ඔබට පුදන්නම්

    රත්තරනේ ...................

    සැමට හොරා ඔබ ආවත් සඳපානේ ඉතින්
    මටත් හොරා ඔබයි මගේ තුරුලට ඇවිදින්
    මගේ සිතේ ඔබට තිබෙන ආදරේ උතුම්
    අඩු වෙන්නෑ රත්තරනේ කවදාවත් ඉතින්

    රත්තරනේ ...................


    ගායනය :- ශෂී ගයාංගනී
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආලේ හදේ නැඟුන සේයා
    මාගේ ලොවේ ඔබද මායා
    ප්‍රේමේ සදාතනික වේවා
    මා ජීවිතේ ඔබ ම වේවා
    කීවේ හදේ නැඟුන දේ මා
    නොයමී ප්‍රියේ ඔබව දා මා

    මා ඔබ දකිනා මොහොතක් ගානේ
    ඔබ මගෙ බව මගෙ හිත කියමී
    ඔබෙ දුක මගෙ දුක කරගෙන හෝ මම
    හැමදාමත් මම ඔබ සමඟ එ‍මී

    අලේ හදේ නැඟුන සේයා .........

    ළංවෙන්නට හැදු අපි වෙන් කෙරුමට
    දෛවය ඇයි සරදම් කෙරුවේ
    ඔබ මාගේනම් මා ඔබගේනම්
    කිසිවිටකත් එය වෙනු නොහැකී

    අලේ හදේ නැඟුන සේයා .........


    ගායනය :- භාෂිත චමෝද්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගඟට ඉවුරක්‌ සේ රැක ඉන්නම්
    කෙතට නියරක්‌ සේ ළඟ ඉන්නම්
    වැයෙන වස්‌දඬු රාවය වෙන්නම්
    හමා එන පවනේ හමා එන පවනේ

    ලියනා කවි පෙළට එළිවැට වෙන්නම්
    සිතුවම අඳිනා තෙලිතුඩ වෙන්නම්
    ගයනා ගීයට පදවැල වෙන්නම්
    රැඳී හද පතුලේ රැඳී හද පතුලේ

    ගඟට ඉවුරක් සේ .............

    සිතට අරමුණ සේ දිස්‌ වෙන්නම්
    හදට අදිටන වී දිරි දෙන්නම්
    අනාගතයට පෙරමග වෙන්නම්
    දෙපා යට වැතීරී දෙපා යට වැතීරී

    ගඟට ඉවුරක් සේ .............


    ගායනය :- නන්දා මාලිනී
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේ
    අරලිය ගහ යට සුවිසුරු නිල්ලේ
    තනිවෙන විට මා සමගින්
    ඉඟිකර අදි මදි කරමින්
    තනිවෙමු සොදුරිය අපි සැනසිල්ලේ

    රන් තරු වටකර පායන සඳ ඇදි
    සෙවනැලි සිතුවම් රෑ
    සිහිනෙන් ඔබ එන විට මා පිබිදෙන්නෑ
    අඩවන්වූ දෙනෙතින් ඔබ බැලුකල
    මගෙ සිත ඉවසුම් නෑ
    කුමරිය ඇයි ඔබ තනියම සුසුමන් පෑ
    කුමරිය ඔබ අද මා ලඟ නෑ

    ගංතෙර ළග බට පඳුරෙහි
    සිරි සිරි හඩ මට සිහිලැල් පෑ
    කුළුදුල් ආදර හැඟුමන් විසිරෙන්නෑ

    පාසල් යන ඔබ මාවෙත සිහිවන විට
    මට ඉවසුම් නෑ
    මගෙ සිත තනිවම දොඩවයි සමගින් ඈ
    කුමරිය ඔබ අද මා ලඟ නෑ

    Artist- JayaSri
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ලැබුනත් නෙත් යුග දහසක උරුමේ...
    මදි මට මුළු සංසාර යුගේ......
    ඔබව බලා ගන්නට අම්මේ.....
    ඔබව බලා ගන්නට අම්මේ.....

    ඉර හඳ පතුරණ එළියට වැඩියෙන්
    ඔබ මට හරි එළියයි අම්මේ...
    දහසක් නෙත් මට මදි අම්මේ....
    දහසක් නෙත් මට මදි අම්මේ..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සඳ එළිය ගලා එන රාත්‍රියයි
    ඔබ මගෙන් සමුඅරන් යන්න ළඟයි
    තව ටිකක් ඔබේ ළඟ ඉන්න හිතයි
    ඒ වුනත් සමු අරන් යා යුතුමයි... //

    ඇඟිලි පටලා - සිටිය කාලේ
    අපිව දුර නෑ - කියා දැනුනේ
    තනුව උදුරා - සොඳුරු ගීතේ
    දවස ඇයි මේ - නපුරු වූයේ

    සඳ එළිය ගලා එන....

    කඳුළු පිරුණු - දෙනෙත ඔබගේ
    බලන්නට බෑ - දුකයි දැනුනේ
    අහිමි වූවා - ප්‍රථම ප්‍රේමේ
    කඳුල පමණී - උරුම සෙනෙහේ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සරා සිහින රහසේ දිවුරා කියා
    සිතේ කඳුලු පහසේ මැව්නා සිනා
    ඔහේ ඇවිද හා මා හද සිතුවිලි විල කලඹා
    හැරදා මා ඔබ ගියදා උන් තැන තාමත් ‍රැඳිලා

    සිත කඳුලැල්ලෙහි තවරා
    කලුවර රසකර වින්දා
    සඳ සෙවනැල්ලක් හැංගී
    මගේ ඇස් තනිකර තෙමුනා
    එසේ කඳුලු ගැලූ ඒ හීනේ
    තවමත් ඔබයි ආදරේ

    සරා සිහින රහසේ දිවුරා කියා.....

    තනි අතකින් හඬ දෙදරා
    හරි ආදරයක් හින්ඳා
    යලි කවදාවත් නොවෙනා
    මහ සාගරයක හැඬුවා
    එසේ කඳුලු ගැලූ ඒ හීනේ
    තවමත් ඔබයි ආදරේ
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    දැහැමින් බැදි සිත මඩින්ට මාර සෙන් වටින්
    උන් පරදා අප මහසත් පාරමී බෙලෙන්
    සෙවණින් බෝ පත් අතරේ ගැලූ අම ගඟින්
    පවසින් දහමේ නිවුනේ දම් අමා රසින්....
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේ
    නිමාවී යයි මේ වසන්තේ යලිත් නොම එයි කිසි දිනේ
    ගිණි කඳු පුපුරා ලෝදිය ගලනා තරම්
    රිදුම් දෙයි ආදරේ

    නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා
    නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා

    තුෂර පින්නේ පැතුම් ඕවිල්ලේ
    ඔබේ සෙනෙහේ ඔහු හදේ රැදුනේ
    එදා මතකය සිතේ අහුරා..
    කාටවත් නොපෙනී අඳුරේ
    ඉකිබිඳිමි රහසේ

    නෙතු සලා හමුවෙලා සුසුම කින් වෙන් වුනා
    නෙතු සලා හමුවෙලා සුසුම කින් වෙන් වුනා

    සිනහ කඳුලේ දෙනෙත් දොවමින්
    දුටුව සිහිනේ නෙත් වැසුනු අඳුරේ...
    ඈත මීදුම් අතර සඟවා...
    යන්න ප්‍රිය ලඳුනේ
    හද සුසුම් පවනේ

    රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ
    රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ

    හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේ
    නිමාවී යයි මේ වසන්තේ යලිත් නොම එයි කිසි දිනේ
    ගිණි කඳු පුපුරා ලෝදිය ගලනා තරම්
    රිදුම් දෙයි ආදරේ

    රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ
    රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ .........

    Artist : Amila Perera

     
    හිත නාඹර තාලෙට වෙල් දෙනි වල නැටුවා
    එන හිමිදිරි සිහිලෙට හිතුවිලි කිති කැවුනා
    එක පාරට මල් සුවඳක් දැනුනා
    මදහාස නගා ඈ හොරැහින් වගේ බැලුවා

    පාළු අම්බරයේ දේදුන්නක් ඇදිලා
    පාට ගෑ විගසේ පාලුව සැගව ගියා
    සීතලෙන් මිරිකී උදාවුනු මේ අරුණේ
    පාලු වූ මහදේ කවුරුද තනි මැකුවේ

    පාට සමනලයන් ආදර ගී මුමුණා
    රෝස මකරන්දේ සුවඳට ඉව කෙරුවා
    සීතලෙන් මිරිකී උදාවුනු මේ අරුණේ
    පාළු වූ මහදේ කවුරුද තනි මැකු
     
    ඔබගේ මතකෙන් මට යන්නට බෑ කිසිදා

    දෙනෙතේ කදුලැල් අඩු වෙන්නේ නැති හින්දා
    හිඳිනා තැනින් මෙලොවේ
    ඔබ එන්න යලි මා කෙරේ

    ඔබගේ මතකෙන් මට යන්නට බෑ කිසිදා

    දෙනෙතේ කදුලැල් අඩු වෙන්නේ නැති හින්දා
    ලං වෙලා කී කතා පා වෙලා මා දමා
    පෑ සිනා පෑ රිලා යා වෙලා වේදනා
    හැමටත් වඩා වැඩියෙන් විශ්වාස කෙරුවේ ඔයා
    විශ්වාසෙ කඩකළ ඔයාට මං ආදරෙයි සදා
    පෙම් කළා යැයි කියා මා රැවටුවත් ඔයා
    සෑම දා පතන්නේ මා දෙන්න එපා දුකක් කියා
    ඇතිනම් හිතේ අනුකම්පා ඔබ එන්න නැවතත් සොයා
    රවටාල වෙන් වී ගියාට මං ආදරෙයි සදා

    ඔබගේ මතකෙන් මට යන්නට බෑ කිසිදා

    දෙනෙතේ කදුලැල් අඩු වෙන්නේ නැති හින්දා
    හිඳිනා තැනින් මෙලොවේ
    ඔබ එන්න යලි මා කෙරේ
    ඔබගේ මතකෙන් මට යන්නට බෑ කිසිදා
    දෙනෙතේ කදුලැල් අඩු වෙන්නේ නැති හින්දා
     
    අකලට වට මහ වරුසාවක්‌ සේ
    අසුබ දිනෙක ආ සුබ පැතුමක්‌ සේ
    මා හැර ගිය ඔබ නොසිතූ මොහොතක
    ඇයිදෝ යළි ආවේ

    පෙරදා මෙන් හද මල් පිපුනාදෝ
    සතුටු කඳුළු නුවනග මිදුනාදෝ
    අතීත ආදර නටබුන් අතරේ
    මන්දිර මැව්වාදෝ

    සොවක්‌ නැතේ නොසිතනු මැන සංකා
    ඔබෙන් ලබනු කුමටද අනුකම්පා
    රජෙකුට හිමි වූ මා දැන් රැජිනකි
    සතුටයි කිරුළ අපේ

    හෙට හමුවීමෙන් කිසිදු පලක්‌ නෑ
    ඔබෙ ඇරයුම පිළිගන්න හිතක්‌ නෑ
    විමසන වදනට පිළිතුරු දෙන්නම්
    ළඟකදි ලබන දිනේ...
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    සොයා යන්නේ එලිය අදුරක
    කියා දෙන්නේ රහස දිවියක
    සිනාසෙන්නේ සොවින් සිත යට
    නොයා ඉන්නේ නුඹව අතහැර

    රත්තරනේ.... නුඹ මගේ පණ නිසා
    සිත් අරනේ.... නුඹට ඉඩ වැඩි නිසා

    තව ටික දවසයි ඇත්තේ
    ඔබ හැර යන්නට සිත් සේ
    නුඹයි කියා හිතුමත්තේ
    මටත් හොරා දුර ඇත්තේ

    දරාගන්නේ රහස අදුරක
    සිතා උන්නේ තනිව සිත යට
    රසේ දුන්නේ ඔබට දිවියක
    සිතේ ඉන්නේ ඔබය පහසට

    රත්තරනේ.... නුඹ මගේ පණ නිසා
    සිත් අරනේ.... නුඹට ඉඩ වැඩි නිසා 💖💖💖