පද පේළී - EK LYRICS THREAD PART 2

වක්කඩ ළඟ දිය වැටෙන තාලයට
තිත්ත පැටව් උඩපැන නැටුවා
වැස්ස වහින්නට ඉස්සර අහසේ
වලාකුලින් විදුලිය කෙටුවා

කිව්වට වස් නැත නිල් නිල් පාටින්
කටරොළු මල් වැට වට කෙරුවා
තුන් දවසක් අමනාපෙන් සිටි කළු
නෝක්කාඩු බැල්මෙන් බැලුවා
 

Dhanu W

Member
Oct 5, 2016
652
35
0
දඹාන
හිමි නැති පෙමකට ඉකි බිද හැඩුමට
සිත මගෙ බොලද වෙලා
අන්සතු හදකට පෙම් කල වරදට
ලොව මට එරෙහි වෙලා...

කියාගන්න මට දහසක්ක් දේ ඇත
මතු දවසක ඔබ හා තනිවී
හමුවන්නටා බැහැ උකුසු වෙසින් ඇත
නෙතු දහසක් අප වෙත යොමුවී

කිරිල්ලියක ලෙස ඉගිලී එන්නට
සිතේ අත් තටු නැතද මැවී
වරම් නොවේ මට ඔබ හමුවන්නට
ඇතින් ඉද හිනැහෙනු මැනවී
 
හීනෙන් හිනැහී තුන්යම මා රවටා
මැදියම් මහ රෑ අදටත් දුක ඉගිලෙනවා
නින්දෙන් ඇහැරී කළුවරේම යලි සොයනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා
මගේම ආදරයක් තිබුණා
 

Dhanu W

Member
Oct 5, 2016
652
35
0
දඹාන
මං නැතිදා.......
මං නැතිදා හිතට දුකක් නුඹට නම් නැති
පුදුමයි නුඹ වාගේ මට ඉන්න බැරි හැටි

සංසාරේ.......
සංසාරේ මගෙන් තැවුල් නුඹට වෙන්නැති
ඒ හින්දා නුඹෙ හිත රළු පරළු වෙන්නැති
හිත රළු පරළු වෙන්නැති

මං හින්දා......
මං හින්දා ඔය දෑසට කදුළු එන්නැති
හෙලු කදුළු නුඹ අද මට දෙනව වෙන්නැති
කදුලැලි දෙනව වෙන්නැති
 
මොනාලිසා
නුඹ තරම්
හදට මුමුනන ගීතයක්
ඇසට සුවදෙන හීනයක්
දකින්නට ලැබුනද
මටම පෙම් කළ ඇසක්
මොනාලිසා

කොතැන සිටියත් මා දෙසම බලමින්
මගේ හදවත රිදුණු තැන් සොයමින්
හඬනවද ඔය
සිනාසෙනවද
මොනාලිසා
මොනාලිසා


අමරසිරි පීරිස්
 

Dhanu W

Member
Oct 5, 2016
652
35
0
දඹාන
හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේ
නිමාවී යයි මේ වසන්තේ යලිත් නොම එයි කිසි දිනේ
ගිණි කඳු පුපුරා ලෝදිය ගලනා තරම්
රිදුම් දෙයි ආදරේ...
නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා
නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා

තුෂර පින්නේ පැතුම් ඕවිල්ලේ
ඔබේ සෙනෙහේ ඔහු හදේ රැදුනේ
එදා මතකය සිතේ අහුරා කාටවත් නොපෙනී අඳුරේ
ඉකිබිඳිමි රහසේ...
නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා
නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා

සිනහ කඳුලේ දෙනෙත් දොවමින්
දුටුව සිහිනේ නෙත් වැසුනු අඳුරේ
ඈත මීදුම් අතර සඟවා
යන්න ප්‍රිය ලඳුනේ හද සුසුම් පවනේ

රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ
රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ
 

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    හිමි වුනු ඔබ මට අහිමි වෙලා
    කොහොමද වාවා ගන්නේ මා
    ආදරේ පෑ ආදරේ
    නිදි නැති රැය ඔබ ගැනම සිතා
    මතකය පාරා කඳුළු සලා
    ජීවිතේ මේ ජීවිතේ
    සිතුවෙ නෑ පැහැසර සිනා
    කුරිරු වී හැරයයි කියා

    සිහින නෙලා පැලඳුව දා
    මල් මාල හිත් මානයේ
    සිහිවෙනවා උමතු සිනා
    නිල් පාට නෙත් මායිමේ //
    ලං වුනේ වෙන් වෙන්න නම්
    පෙම් කළේ තුරුලේ ඉඳන්
    ඇයි ඔයා මට මේ තරම්

    පෙම බිඳ දා හැර ගිය දා
    දුක දැනුනේ නැතිදෝ මගේ
    කඳුළු හොරා වැටෙන තුරා
    පිටුපෑවේ ඇයි ජීවිතේ //
    ලං වුනේ වෙන් වෙන්න නම්
    පෙම් කළේ තුරුලේ ඉඳන්
    ඇයි ඔයා මට මේ තරම්

    හිමි වුනු ඔබ මට අහිමි වෙලා..........
    💔

     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මා හා හිනැහෙන්නෙපා
    දෑස් අගින් මුමුණන්නට එපා
    ළඟින් මගේ ඔබ ඉන්නෙපා
    වදන්වලින් සනසන්නට එපා
    ආදරේ දැණෙනවා
    ආදරේ දැණෙනවා
    ආදරේ දැණෙනවා
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔයා නිසා මගේ සිනා මැකී ගියාදෙන්
    ඔබේ සිනාවන් මතකේ රැදී තියෙද්දෙන්
    ඔබේ පුංචි දොතොල් අතරේ මා තනිවෙද්දෙන්
    ඔයා ලැබෙන්නේ නැතිනම් තනිකඩ වෙද්දෙන්
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    තාමත් තරහින් නේද ඔයා..
    හඬනා හඬලා ඇස් තෙමිලා..
    නැතුව ඉන්න බෑ මගෙ රත්තරනේ
    ඇයි ඔහොම තරහින් ඔයා..
    මගෙ හුස්ම කවදත් ඔයා...
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඇසිපිය සලන නිසා
    දැනගත්තා ඔබ දිව්‍යාංගනාවක් නොවේ කියා
    කඳුළැලි වැටෙන නිසා
    දැනගත්තා ඔබ හිත් ආකාසය වගෙයි කියා
    මගෙ ලොව දිළිඳු නිසා
    විඳගත්තා හැම රන් යහනා සිහිනයක් කියා
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    නැගෙන බිදෙන හැම සමුදුරු රැලි මත
    නුබේ මුව හිනැහෙනු මා දුටුවා
    නොදැනීම වාගේ ඒ මුව බොදකර
    කදුලක් නෙත තනියට නැගුනා...

    මතකද හැම රෑ පහන් වනතුරා
    පැතු පැතුම් කෙලි සිනහා වදන්
    දින ගෙවෙනා හැටි අප දැන හිටියා
    අද නුබ කොහිදැයි සිත ඇසුවත්...

     
    • Like
    Reactions: Mr Krrish
    සුදු හංසියේ මිහිරාවියේ
    සුදු හංසියේ මිහිරාවියේ
    මගෙ අත දවටා ඔබේ බඳ වටා
    මා වෙත තව තව ඔබ ළං කරගෙන
    නිර්මල හදවත මුමුණන රිද්මය
    අහන්න කීවා
    මතකද දවසක් දා
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    ලියා හසුන්පත්
    තැන තැන හංගාපු
    ගලා බොඳවයයි
    මේ ඇස් දෙකෙන් තෙමූ....
    වළාකුළට රෑ සඳ නෑවිත් ඉඳපු
    එකම දවස අද විතරද මගෙ දෙව්දු.....


    අවාසනාවට
    රෝස මලක් පරවේ
    කඩා වැටෙන්නට
    උනු කඳුලක් වැලපේ
    දරාගන්න බැරි
    තරමට ආදරේයි.....
    ඔයා රත්තරන් වරදක් කළා නොවේයි.......
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    නෙතු කඳුළු වලින් බොරු නොකර ඉඳින්
    මගේ පුංචි නගේ රවටා දෙගුරුන්
    නුඹ ඇයිද නගේ පෙම් බස් දෙඩුවේ
    කිරි සුවඳ මුවින්...
     

    100Names

    Active member
  • Jan 24, 2016
    289
    40
    28
    මහා කතරක ගෙවූ තනි මග නිමා කල ඉම ඔබේ නෙතයි...//
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සෙනෙහසකට අරුතක් පුරවන්නට
    අහසේ තරු ගැන්නා...
    වෙරලේ රළ මැන්නා...
    සීමාවක් මායිමක් නැතැයි කී
    සෙනෙහස ඇයි දෙතැනක තනිවී
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සුවඳැති කුසුමක සුසිනිඳු පෙති මත සුවය වැනි
    ඔබෙ හද තුල මට සිහිලස සැනසුම ඇතිය නිති
    උකුලක නැළවෙන බිළිඳකු ලෙස තුරුලේ සිටිමි
    මුළු ලොව මට ඇත ඔබ ළඟ සිත සුව යහනේ නිදි
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    රණඹර ඉඳු දුනු සිතුවම් වෙලා
    බිඟු වැල් මල් කෙමි මත මත්වෙලා
    වසන්තේ උදාවුණා
    වසන්තේ උදාවුණා