පද පේළී - EK LYRICS THREAD PART 2

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
මගෙ හදවත හැදින ගත් ඔබ කියු එවදන් මට එපා...
මගෙම කියලා දැතින් අල්ලා ආදරෙ කියු ඔබ එපා...
සසර වසනා තුරුම ඉන්නට පැතුම් පැතු ඔබ මට එපා......
මතු යලිත් ඔබ දෙනෙත් අබියස වැරදි හො හමුවනු එපා.....
 
Last edited:

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ
    ඇති ඉහළම සතුටයි මෙලොවේ....
    සඳ කිඳුරියේ ඔබෙ පිය සෙවනේ
    ලොව සොඳුරුය පින්බර ළඳුනේ....
    ඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ
    ඇති ඉහළම සතුටයි.
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    මේලා පෙම් මේලා
    විඳින්න විහින් ළංවෙලා
    පීරා සිත පීරා
    හොයන්න හැඟුම් සිත් පුරා

    කැන්දාලා සිත සුව ආයේ
    පාදාලා සිනහව දෑසේ
    නිමවාලා සිතුවමක් ආදරේ

    මේලා පෙම් මේලා
    විඳින්න විහින් ළංවෙලා

    වීනා මුව වීනා
    වයන්න පැතුම් දල්වලා
    සීමා නැත සීමා
    දැනෙන්න සහන් සිත් මවා

    කැන්දාලා සිත සුව ආයේ
    පාදාලා සිනහව දෑසේ
    නිමවාලා සිතුවමක් ආදරේ

    මේලා
     
    • Like
    Reactions: Sara531

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    සිහින පාරාදීසයේ සිටි එදා මා පාලුවේ
    ඔබයි මාගේ දෑස වාගේ යාවුණේ රෑ දිවා
    ජීවිතේ සැමදා...
    මාරුතේ සැලී නොයේ ආදරේ අමා සුවේ
    ලෝකයේ චෝදනා අද සිනාසුනා සිත පාලුවේ
    නොදමා මගේ ජීවිතේ මාවතේ තාරුකා වගේ නෑ නිවී ගියේ

    👍👍👍
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මගෙ හදවත හැදින ගත් ඔබ කියු එවදන් මට එපා...
    මගෙම කියලා දැතින් අල්ලා ආදරෙ කියු ඔබ එපා...
    සසර වසනා තුරුම ඉන්නට පැතුම් පැතු ඔබ මට එපා......
    මතු යලිත් ඔබ දෙනෙත් අබියස වැරදි හො හමුවනු එපා.....

    කියාගන්න මට
    දහසක් දේ ඇත
    මතු දවසක
    ඔබ හා තනිවී
    හමුවන්නට බැහැ
    උකුසු වෙසින් ඇත
    නෙතු දහසක්
    අප වෙත යොමු වී. :(
     
    Last edited:

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    :(

    මගෙ දෑසෙ කඳුළු තව දෑසක
    සතුටු කඳුළු වෙයි
    අද ඇත ඇය මට හිමි නැති
    මගුල් පෝරුවේ //

    මට ඇය දුන් වේදනා
    ඇගෙ දෑසින් තේරුණා //
    මිලින කළේ ඇයි මැණිකේ
    පරම චේතනා
    පරම චේතනා

    මගෙ දෑසෙ කඳුළු තව දෑසක...

    නොඉඳුල් පෙම මා පැතූ
    ඔබ කළ හැටි අන් සතූ //
    මට දුන් දුක නොදෙනු මැනවි
    ඔහුට මින් මතූ
    ඔහුට මින් මතූ

    මගෙ දෑසෙ කඳුළු තව දෑසක... //


    ගායනය - ටියුඩර් ජයශාන්ත
    සංගීතය - රංජිත් පෙරේරා
    ගී පද - තලවතුගොඩ සරත් චන්ද්‍රසිරි හෝ ප්‍රියානන්ද විජේසුන්දර
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    සමුගෙන යාදො යලි හමු වෙදො.....
    ආල සිතෙ මල් පරවිදෝ......
    අත දිග මානේ.....
    ඇ ලග නැනෙ......
    පින් මදි විදො සංසාරෙ......
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    from the day the two strangers have become involved in love,
    all the moments of loneliness have been delayed.
    why do I want to fall in love once again?
    this heart looks for the excuses to say no,
    but this heart doesn't agree to any prohibitions
    I want to meet you
    and rebel against my own self.
    there is fire left in me still, try it.
    I'm giving myself to you (to do as you wish with me)
    O beloved,
    O beloved..

     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මම දනිමි කෙලෙසකවත්
    කෙදිනකවත් නුඹ තරම්..
    මා වෙනුවෙන් බැදෙනා කෙනෙකුන්
    මට නොලැබෙන බවනම්..
    සංසාරෙ අපි දෙන්නා
    ඉන්නට ඇති එක් වීලා..
    මතු උපදින හැම භවයෙම
    නුඹ මාගේම වේවා..
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    සඳ මනාලියේ ඈතට යන මා තනි කරලා
    දුර හිමාලයේ සීතල ඇදී මේ සිත දවලා
    තරු කඩා හැලේ නා දළු සිද සිත නෑ බිදලා
    මගේ මනාලියේ මා හැරයන යාදත් මතුදා...
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ

    සමුගෙන යාදො යලි හමු වෙදො.....
    ආල සිතෙ මල් පරවිදෝ......
    අත දිග මානේ.....
    ඇ ලග නැනෙ......
    පින් මදි විදො සංසාරෙ......
    ආශා නිරාශා මැවූ
    ඈ ස්වප්න මායාවකී
    ස්නේහේ ගඟුල් ප්‍රේමේ තැවුල්
    මැවූ ඉන්ද්‍රජාලේ ඇයයි //

    දවාලන්න පෙම් මාරුතේ
    ඇයයි ළංව ඉන්නේ සිතේ
    නිවාලන්න දුක් ජීවිතේ
    ඇයයි නිල්ල මල් මාවතේ
    දිවා රැයේ මා ළඟයි
    මගේ අරුම පෙම් අංගනා

    ආශා නිරාශා මැවූ...

    නෙතේ හැංගි හැංගී හිඳී
    සිතේ ස්වර්ණ යහනේ නිදී
    මුවේ මන්දහාසේ දිදී
    මගේ නින්ද ආයේ බිදී
    දිවා රැයේ මා ළඟයි
    මගේ අරුම පෙම් අංගනා
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පුදසුනක නිසල බව ලද පෙමට තිබුණි නම්
    හදවතක නොවෙයි මේ තරම් සුසුම්
    මට කියනවාද මට කියනවාද
    බැඳි ආදරයට ඇයි දුන්නේ රිදුම් 

    මල් විලක එලා තිබු මුදු සුවඳ නෙළාගෙන
    සැනසිල්ල ළඟින් හිනැහෙන්න ගිහින්
    දුක හඬන හැඬුම්
    ඔබ දන්නවනම් නෑ දෙන්නේ තැවුල්

    සිල් සඳක ප්‍රභා ඇති පෙම් වරම උතුම් ලෙස
    පුද දුන්නු බැතින් පණ ගැහෙන තරම්
    ලෙන්ගතු සිතකින්
    මැන බලනවනම් නෑ ඉන්නේ දුරින්

    Artist : Dayan Witharana
    Lyrics : Suneth Roopasinghe
    Melody : Rohana Weerasinghe
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    වැහි දිය මහ බිම තෙමුවට
    බිම තෙමන්නේ වැහි විතරද...
    රෑ අහසේ තරු තිබුනට
    තරු තියෙන්නේ රෑ විතරද...
    විහඟුන් කැල ගී ගැයුවට
    ගී කියන්නේ උන් විතරද...
    මට නුඹ විතරක් උනාට 
    නුඹට ඉන්නේ මං විතරද... 

    රෝස පතක කවි ලීව්වේ
    සුවද දිදි තියාගන්න
    මේ විදිහට ගී ගැයුවේ
    ඉන්න තැනක දී ඇහෙන්න... 
    උස අත්තක මලක් උනේ
    ගව් ගණනක් උඩින් ඉන්න
    අවසානේ උරුම උනේ
    මල් පොකුරක එකක් වෙන්න...

    Artist : Deepika Priyadarshani
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මා ඔබත් එක්ක සුහද කතාවක්
    ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක් 
    තොරතුරු විමසනවා ආගිය තැන් පවසනවා
    සංසාරේ හුරු පුරුදුයි කියල කියනවා 
    කියල කියනවා

    මා ඔබත් එක්ක දිගට කතාවක්
    ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්

    රස රහස් කියනවා විටකදී ඉඟිත් කරනවා 
    ඇවිදින්නට තනිවෙන්නට යමුද අහනවා 
    යමුද අහනවා

    සඳ හිරුත් එක්ක හොරෙන් කතාවක්
    තරු මාත් එක්ක ප්‍රේම කතාවක් 
    වරදක් නැහැ කියනා 
    කවුරුත් නොම එයි සිතෙනා 
    සිපගන්නට ලංවෙන්නට එන්න අහනවා 
    එන්න අහනවා 

    මා ඔබත් එක්ක සුහද කතාවක්
    ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්

    Artist : Karunarathne Diwulgane

     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    අහස් ගැබේ තරුකැට ගානේ
    පොලෝ තලේ වැලිකැට ගානේ
    නිල් සයුරේ රළ පෙළ ගානේ
    ආදරෙයි මං ආදරෙයි

    වදුළු සිරස පිපි මල් ගානේ
    විහග තුඩග කිචි බිචි ගානේ
    පිසින සිඹින මඳ නල ගානේ
    ආදරෙයි මං ආදරෙයි

    පිපෙන මියෙන හිරු සඳු ගානේ
    සිතෙහි පිරෙන සිතුවිලි ගානේ
    සිහිල ගෙනෙන හැම රෑ ගානේ
    ආදරෙයි මං ආදරෙයි

    Artist : Charitha Priyadarshani
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    පුදසුනක නිසල බව ලද පෙමට තිබුණි නම්
    හදවතක නොවෙයි මේ තරම් සුසුම්
    මට කියනවාද මට කියනවාද
    බැඳි ආදරයට ඇයි දුන්නේ රිදුම්

    මල් විලක එලා තිබු මුදු සුවඳ නෙළාගෙන
    සැනසිල්ල ළඟින් හිනැහෙන්න ගිහින්
    දුක හඬන හැඬුම්
    ඔබ දන්නවනම් නෑ දෙන්නේ තැවුල්

    සිල් සඳක ප්‍රභා ඇති පෙම් වරම උතුම් ලෙස
    පුද දුන්නු බැතින් පණ ගැහෙන තරම්
    ලෙන්ගතු සිතකින්
    මැන බලනවනම් නෑ ඉන්නේ දුරින්

    Artist : Dayan Witharana
    Lyrics : Suneth Roopasinghe
    Melody : Rohana Weerasinghe
    :):):):)
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සිත රැයෙ පායා ආ රිදි සදේ...
    ආලොකේ මැවෙ මැවෙ මගෙ හදෙ....
    නවතිමු අපි ආදරයෙ නවාතැනෙ...
    අත්විද ගමු ජිවිතයෙ අමා සුවෙ...
    මා පතලා මා සොයලා පෙර යුග යුග ගානෙ..
    ආවාදො ඔබ මේ සංසාරේ.....

    මාගෙ මේ දෑත අරන් මට ලංවිලා....
    රෑ සිසිලේ මල් යහනේ මා සතපාලා..
    ආශාවේ මා සමගින් රහසක් කිවා...
    ආයේ නම් මා වෙන්විලා යන්නෙ නැ.....

    සිත රෑයේ පායා ආ රිදි සදේ....

    මා තනිවි සිටි දවසේ මා සනසාලා...
    ආවාදෝ ඇත ඉදන් සුවදක් විලා....
    ඔය දෑසින් කියන හැගුම් සතුටක් වේවා....
    ආයේ නම් මා වෙන්විලා යන්නෙ නැ....

    සිත රෑයෙ පායා ආ රිදි සදෙ....

    ගායනය- අනුරාධා පෙරේරා.
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    ඔබ ගාව මම ඉන්නෙමි
    සුසුමන් වගේ යාවෙවී
    තනියේ තුරුල් වී මුමුණා සුපෙම් ගී
    රෑ සීතලේ ළං වෙවී
    තරුමල් කඩා දෙන්නෙමි //

    මිණිසේ දිළෙන්නේ තරු සේ නිවෙන්නේ
    ඔබගේ සිනා දෑස නේදෝ
    නොසැලී තියෙන්නේ සසැලී නොයන්නේ
    ඔබගේ මගේ ස්නේහෙ නේදෝ
    සිත මාගෙ සනසන්නේ සරසන්නේ ඔබමයි ළඳේ
    වෙන කවුරුවත් මාගේ තුරුළේ නිදන් නෑ ළඳේ

    මතු ජීවිතේ දී මෙලොවින් තුරන් වී
    ගුවනේ පියාඹන්න වේවි
    අභ්‍යාවකාශේ ග්‍රහලෝක ගානේ
    මිතුරන් සොයා යන්න වේවි
    ඒ කාලෙදිත් මා පතන්නේ ඔයාවයි ළඳේ
    දෙව් දූවරුන්ගෙන් අහන්නෙත් ඔයාවයි ළඳේ

    ඔබ ගාව මම ඉන්නෙමි
    සුසුමන් වගේ යාවෙවී
    තනියේ තුරුල් වී මුමුණා සුපෙම් ගී
    රෑ සීතලේ ළං වෙවී
    තරුමල් කඩා දෙන්නෙමි //


    ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
    සංගීතය - රූකාන්ත ගුණතිලක
    ගී පද - රූකාන්ත ගුණතිලක
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    මේ උයන් තෙරේ මේ තුරු සෙවණේ
    ඔබේ කතා මට තවම ඇසේ
    මේ නදී තෙරේ මේ අඩි පාරේ
    ඔබේ සිනා මට තවම පෙනේ //

    ඔබ එදා කියූ වදන් ලියා ඇති සිතේ
    නෑ ඉඩක් යළිත් සදා අන් සිතක් කෙරේ //
    අතර මගක මා දමා තනිව ඒ ලොවේ
    කොහෙද ඔබ ගියේ කියන්න
    කොහෙද ඔබ ගියේ

    මේ උයන් තෙරේ මේ තුරු සෙවණේ...

    අප එදා පෙමින් වෙළී දෙපා නැගු මගේ
    නෑ තවත් මැකී ගියේ මුදු වදන් ඔබේ //
    යළිදු ඔබ එතැයි පතා හිඳිමි ඒ ලොවේ
    කොහෙද ඔබ ගියේ කියන්න
    කොහෙද ඔබ ගියේ

    මේ උයන් තෙරේ මේ තුරු සෙවණේ... //


    ගායනය - නිර්මලා රණතුංග
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ


    || EK LYRICS THREAD PART 2 ||

    2-6.png




    මේ මොහොතේ හිතට එන ගීතයක පද පේළී මෙතන දාන්න...
    ගීතයත් එක්ක හිතට ආපු සිතිවිලි තිනම් ඒත්,
    ගීය අපේ ජීවිමීවෙකාත්
    යාළුවොත් එක්
    බෙදා හදා ගමු


    You Can Share Song Lyrics
    And Embed Music Videos Here
    + Links to Download your Song at Request




    welcome4o.gif



    ORIGINAL THREAD STARTED ON 03-02-2009, 08:12 PM ~17000 REPLIES & MORE THAN MILLION VIEWS BY FAR

    පද පේළී

    Rep 12++