පද පේළී - EK LYRICS THREAD PART 2

Tig®ess

Member
Sep 5, 2013
153
19
0
Valley of Peace
ඔබයි රම්‍ය සඳ කිරණ ඝන අන්ධකාරේ
ඔබයි සෞම්‍ය තරු එළිය ගිම්හාන කාලේ..

සදානන්ද කරවු ..ඔබේ මධුර රාවෙන්
පිපී යාවි අරවින්දයක් සේ තඩාගෙ..


උදාවු සුපෙම් දම් මුසුන් වී ‍රැඳේවා
මගේ පුංචි ලෝකේ තැවුල් දුක් නොවේවා..


<Nanda Malini>
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
සඳක් බැස ගියා අවරගිරේ...

සඳක් බැස ගියා අවරගිරේ ඉරක් උදා කරලා
මටත් ලොවක් තිබුණා මතකයි මම ඉමි සිහි කරලා
දෙළුම් මල් පිපුණු දෙවැට දිගේ පාසල් ගිය කාලේ
මල් වගේ සිනාසුණු කෙල්ලන් හා මතකයි මගේ බාලේ...

විවේකයක් ලද විටදි අපි දුවපැන ඇවිදිනවා
ගණන් තමයි මගෙ සිතට වදේ නිතරම වරදිනවා
ගමේ පාසලේ වැඩට අපි පෙරමුණ ගෙන යනවා
තවත් වරක් තවත් වරක් මට පාසල් යන්නට ලැබුනොත් මම යනවා...

ඉමක් කොනක් නැති අහස වගේ කෙළිලොල් දිවිය මගේ
මලක් පිපී සුවඳින් පිරුණාසේ මුහුණේ සිනහ රැඳේ
දුකක් සිතේ දැනුනේ නෑ මා හට අද මට දැනෙනු වගේ
තවත් වරක් තවත් වරක් මට පාසල් යන්නට ලැබුනොත් හරිම අගේ...

-Clarance Wijewardana-
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
තුරුලු වී මා හද සනසා.....ඔබ මගේ දෑතේ වෙලෙනා......

11.gif

නිදුකින් ඉනු මැන මට වඩා කල්
මගෙ පණත් අරගෙන ඔයා
11.gif

සුළඟේ ලෙලෙනා~
මල් සේ දඟ පා..
11.gif
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
මේ ගීතයත් එක්ක මගේ මතකය සෑහෙන්න ඈතකට ගියා.... ඉස්සර අපි පාසල් යන කාලේ උදේට ගුවන් විදුලියේ මේ ගීතය යනවා. උදේට නැගිටලා ලෑස්ති වෙලා ගෙදරින් පිටත් වෙන තුරු අමුතුම ගීත පෙළක් යන්නේ උදේට.... ඒ පාසල් කාලය තරම් සතුටු අවධියක් මගේ ජීවිතේ මට තවම නෑ..... :love: ඒ වගේම මට තවත් දෙයක් මතක් උනා.ඒකත් මෙතන සඳහන් කරන්නම්. මීට අවුරුදු බර ගානකට ඉහත, ඒ කියන්නේ මම සමාන්‍යය පෙළ කරන අවධියේ.... මම විද්‍යාවට අමතර පංති ගියේ මහරගම දයානන්ද ගුරු මහතා ලඟට.කොහොම හරි වර්ෂ අවසානයේ පැවති සමුගැනීමේ සාදයේදි කොළඹ විශාඛා විද්‍යාලයේ එකතරා ගෑණු ළමයෙක් මොහුගේම ජනප්‍රිය ගීතයක් වන "පිපුණ මලක හැඩ දෑස සලා....." ගීතය ගායනා කලා.(voice only)එදා මුළු පංතියම මීයට පිම්බා වගේ ඒ ගීතය අහන් හිටියා.ඒ තරම් ගෑණු ළමයා හරි රසවත්ව ගායනා කලා. ඒ වගේම එදා ඒ ගීතය මගේ හදවතටත් ගොඩක් දැනුනා...... දැනුත් මම ඇස් දෙක වහගෙන ඒ මොහොත විඳිනවා...:love:
:) ඒක මමත් හරි ආස සිංදුවක්.. :yes:
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
ඔබ දැන් කීවත් කඳුළු සලා මට ආදරෙයි කියා
හිත ගිය තැනකට තුරුළු වෙලා මැණිකේ නොවෙනු මුලා


11.gif


ඔව් ගොඩක් කාලෙකට පස්සෙ තමයි පෝස්ට් එකක් දැම්මෙ. :D
:D

සඳක් බැස ගියා අවරගිරේ ඉරක් උදා කරලා
මටත් ලොවක් තිබුණා මතකයි මම ඉමි සිහි කරලා
දෙළුම් මල් පිපුණු දෙවැට දිගේ පාසල් ගිය කාලේ
මල් වගේ සිනාසුණු කෙල්ලන් හා මතකයි මගේ බාලේ...


-Clarance Wijewardana-
11.gif
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
වළාකුළු පෙළින් බසින්න
ඇවිත් මල් ගැබේ නිදන්න
චන්ද්‍ර කුමරියේ කාටද
නුඹගෙ ආදරේ ..මට ද ආදරේ

අසාවී මෙසේ තුන්යම
දිලී තරුකා මල්දම
කියා නෑ තාම හිත රැඳි
සුසුදු ආදරේ...


දේවතාවියක් විලසින
පාන හසකැළුම් නුබ ගැබ
පතා ඉන්නෙමි සඳවත
නුඹගෙ ආදරේ....
නුඹට ආදරේ


අහස් ගං කුසින් බැසගෙන
මිහිමතට එම්ද කෙලෙසින
රැඳී ඉන්නෙමි සැමදින
අහස් ගං කුසේ
දෙව් ලියක් ලෙසේ...


ශ්මි සංගීතා || රිසිං
: නාත් ධම්මිබණ්ඩා
 
  • Like
Reactions: DAMER

Tig®ess

Member
Sep 5, 2013
153
19
0
Valley of Peace
සිහිල් සුළං රැල්ලේ...
ඔබේ සුවඳ මුසුවේ...
ආදරයේ මඳ සිනිඳු පහස ලැබ
හදවත දළු සෙලවේ...

සුදු වැලි කතරේ පිපුනු මල වගේ
ලොවුතුරු රස ගංගා..
ඔබේ ආදරේ වරුසා වැහැලා
කතර දෙව් ලොවක් වේ..

සිහිල් සුළං රැල්ලේ...

සීත හිමව්වේ කඳු ගැට අතරේ
සෙනෙහස දිය දහරා..
ඈත හිමේ කඳු අතරේ පාවෙන
අමා සුවය පැතුවේ...

සිහිල් සුළං රැල්ලේ...


<Victor Rathnayaka>
 

Pan-X

Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    බ සුළගක් සේ ඇවිදින්
    මා ගතේ වෙලී හැපෙමින්
    පෑව හසරැල් ඉගි කරමින්
    මා හදේ රැදුනා පෙමින්.....

    ඔබ දුටුව දා මා සිතේ
    ඇඳුනා ඡායා ආදරේ
    සිත දුව ගියා මල් මාවතේ
    අතිනත් අරන් සොදුරිගේ.....

    පුන්සදක් පායලා
    ඝණදුරත් දුරු කලා
    ඔබ මා වෙතට ලං වෙලා
    මගේ දිවියම එලිය කලා.....

    :love::love:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    sn08bl.png

    වෙන හිතකට තුරුලු වෙලා
    හැර යන්නම ඔබ ගියදා
    තනියම හිත ඉකි බින්දා
    ඇසුනාදෝ...
    හැම මොහොතෙම සිනහ වෙලා
    මා රවටා යන්න ගියා
    මේ ආදරේ නොදැනීදෝ...
    මදිවීදෝ... :(

    තුන් හිතම ගොළු වෙලා
    මුළු ලොවම නැති වෙලා
    ඔබ සිනා සෙනු බලා
    සැනසිලා ඉන්නේ මා
    නෙතු පියා ගන්න බෑ මගේ
    පෙර මතක මැවෙනවා
    ඉගිලිලා යන්න මා සිතින්
    ඔහු අතේ දැවටිලා...:(

    හුරු යහනේ සීතලයි
    උණු කඳුලු විතරමයි
    අතීතය පෙම්බරයි
    වෙන් උනේ ඔබ තමයි
    අත් හැරූ මතක මාවතේ
    හිත තවම සැරි සරයි
    ඔබ ඇවිත් හැදුව හීනයේ
    දැන් කඳුළු විතරමයි....:(



    කාලෙකින් අහපු පට්ටම සෝන්ග් එකක්.... බොක්කටම වැදුනා....:dull::dull::dull:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Sunil Edirisinghe...........



    පිනට ලැබුණි පැන් හැම තැන ඒ කාලේ~
    දනට පිනට බණටත් තිබුණයි ආලේ..
    මිලට පැන් ගන්ට වී ඇති මේ කාලේ~
    අපේ පවට මොනවා කරමුද රාළේ..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලිහිණියෙකු සේ සිඳු මතින් පාවී...

    ලිහිණියෙකු සේ සිඳු මතින් පාවී
    අහසට නැඟී ඉහළ ඉගිළමී
    දුර පාවෙනා වළාවේ කිමිදිලා
    ඉගිළී යමි ආකාසේ හිමතුරා
    ඔබ නිසා... සුළඟ වී...
    ඔබ මගේ ළඟ නිසා...

    නිමිහිම් නැති සිහිනයක් දකිමී
    රෑ සඳ පහන් මංසලේ නැවතී
    තරු මාවතේ දිගන්තේ සැරිසරා
    ඉගිළී යමි ආකාසේ හිමතුරා
    ඔබ නිසා... සුළඟ වී...
    ඔබ මගේ ළඟ නිසා...

    -කසුන් කල්හාර-
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka



    දුප්පත් වෙලා... මම කම්මලෙ වෙහෙසෙනවා.....

    මුළු ගතම වෙහෙසුනා, දහඩියෙන් නැහැවුනා
    කුසගින්න නවා ගන්න මෙමා යකඩ තලන්නා
    වෙහෙසීලා දුක් විඳලා... කම්මලේ යකඩ තලා...

    පාන්දරින් නැගිටලා... දෙවියන් වැඳ පුදලා...
    දරුවන් මුව සිඹලා... ගිනි මැලය දල්වලා...
    යකඩ ගිනියම් කරලා... ගොනුට ලාඩම් හදලා...
    ගැලට පණ උපදවලා... දවසෙ වැඩ අරඹාලා...

    මුළු ගතම වෙහෙසුනා...

    දඬු අඬුව තදකළා... යකඩෙ ඊට හයි කළා...
    දෑත වාරුව යොදලා... පීර කිරි කිරි ගාලා...
    පිහිය හැඩ වැඩ දාලා... මුවත පන්නර තියලා...
    හැදුවෙ කම්මලෙ කියලා... මාගෙ වරුණෙ පෙන්නලා...

    මුළු ගතම වෙහෙසුනා...

    අඩ ඇණය ඇදවෙලා... යකඩ පට්ටම ගෙවිලා...
    බර බාගෙ පෙරළිලා... මා ලඟට පැමිණිලා...
    මම වරුණෙ පෙන්නලා... කඩි මුඩියෙ වැඩ කළා...
    බර බාගෙ නැගිටලා... යළි යෑම අරඹලා...

    මුළු ගතම වෙහෙසුනා..
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    සොඬින් නෙළුම් මල ගෙනියන
    බතික් රන් පටින් දිදුළන ඇතින්නියේ........
    යදම් අමතකද පා බැඳි විලංගුවේ

     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ගියයි බිඳී අත්වැල් හඞන්නේ
    ඇයිද නංගියේ හෙටක්‌
    කියා දිනක්‌ ඇතේ ලෝකයේ
    සුසුම් සලා දුක්‌ වී තැවෙන්නේ
    ඇයිද මල්ලියේ -හෙටක්‌...

    ආදර මල් පිබිදෙනවා
    ඒ වාගේ පරවී යනවා
    ඔය මහ මුහුදේ තව ඇත මාළු වේවි උන් යාළු
    ඉරක්‌ ගිලී යාවි හෙට උදයේ එයි ආයෙමත් - හෙටක්‌..

    කාලය නම් ඉඟිලෙනවා - යෞවනියෝ පැන යනවා
    නියඟය සේදී මල්බර කාලේ - ආයෙත් ළංවේවි සිතුම් මැදින්
    නේදෝ ජය ලැබුණේ මේ ජීවිතේ - හෙටක්‌...

    ජෝතිපාල H.R.
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Milton Mallawarachchi............



    දෙනෝදහක් ගැවසෙන සරසවියේ~
    පාළුව තනිකම දැනෙනවනම්..
    කුටියේ කවුළුව විවර කරනු මැන~
    සුළඟක් වී ඔබ වෙත එන්නම්..
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    හිටියා උදාර කොල්ලෙක් උට හිටියා හොද සැර බල්ලේක්
    පළාතේ නැ බිල්ලෙක් උගේ ඇගේම නැ එක මැක්කෙක්

    දවසක් දා ඌ දික්කර ගෙන කළු හොම්බක් හිටියා පන නැති මැලවුණු ගතියේ හෙම්බත්
    ඌ කැම කන්නේ නැ බුරන්න යන්නැ නකුට වනන්නෑ ලෙවකන්නෙත් නැ නෑ....හරිම ලෙඩක්
    බල්ලට වැඩියෙන් කොල්ලයි දැන් ඔරවන්නේ කොල්ලට වැඩියෙන් බල්ලයි දැන් ඔරවන්නේ
    තොට මස් කටු ඔනෙද බලු සුප් ඔනෙද ගස්ලබු ඔනෙද පපඩන් ඔනෙද ඌ උපවසේ

    මේ මොන දේයක්ද කියලා බලනවා කොල්ලා නොකා නොබි හිද හොම්බෙන් යනවා බල්ලන්
    තොට දම්වැල් එපාද, කුඩුව එපාද, තලන්න එපාද කහින්න එපාද කෝ කියන්නේ නැ
    මේ ගැන හිතලම කෙට්ටුයි දැන් අපේ කොල්ලත් දවසින් දවසම දිරලා යනව බල්ලත්
    දෙන්නද බුල් වැක්කෙරෙන, කන්දෙක එල්ලෙන ඇස් දේක නටවන සුනක දේනුවෙක්. නැ කියන්නේ නැ

    දැන් දැන් බල්ලාගේ තත්වය තරමක් උග්රෙයි මාරයා සමගත් දැන් ඌ හොද හැටි මිත්රියි
    කන අගුල් දමන් ඌ වනලා දෙකෙන් කියනවා මු දැන් මෙහෙම බොලන්,, මේ අහපල්ලා…..
    ස්වාමියට ඇති කීකරු කම අත හරින්නේ නෑ එනමුත් බල්ලා කියන නම රැකගන්නත් නැ
    මිනිසුන් අතරේ පොකෙට් ගහන්නේ බෙල්ල කපන්නෙත් උන්ට කියන්නෙත්
    බල්ලා………. බල්ලා………. බල්ලා………. බල්ලා……….


    බල්ලා………. බල්ලා………. බල්ලා………. බල්ලා……….