පද පේළී - EK LYRICS THREAD PART 2

D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    කදුළු බිදුවක් නෙතු අගින් වැටුණා..
    නුඹ ඇවිත් හිත අද්දරින් රැදුණා
    පෙනෙන නොපෙනෙන මතක අතරේ
    හිතට හුරු නැති තනිකමක් දැනුණා.. තනිකමක් දැනුණා....


    සිහින ගිළිහී දෙපාමුල වැටුණා
    ඔයා නොකියම දුර ගිහින් තිබුණා
    බිදී මිය ගිය පැතුම් අභියස
    දරන්නට බැරි තරම් දුක හිතුණා.. තරම් දුක හිතුණා...


    කදුළු බිදුවක්.......

    සුවද අහිමියි කියා හිත ඇඩුවා
    ආයෙමත් ඔබ එතැයි කියා මට සිතුණා
    බිදී මිය ගිය පැතුම් අභියස
    ආදරේ නැති අඩුව මට දැනුණා.. අඩුව මට දැනුණා....


    කදුළු බිදුවක්.........

    :sorry:

    https://soundcloud.com/dasunamadoru/ruwan-hettiarahchi-kandulu-binduwak
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පුතුනි මගේ...(Adhiraja Dharmashoka Teledrama Song)

    සඳ තෙරේ පා නගා
    සුහුඹුල් පා රිදුනාදෝ
    මද පවන් රැලි ගෙනා
    සුහුඹු නෙතේ ගැටුනාදෝ
    තරු පොකුරේ තාපයෙන්
    වලාව වී වළකමි
    සෝ සුසුමේ උණුසුමින්
    සිසිර සිසිල දවලමි
    සෙවනැල්ලක් වෙන්නම්
    හැරදා නොම යන්නම්
    පුතුනි මගේ..
    ලොවම ඔබේ ලය පතුලේ
    රකිමි සෙනේ...

    ගිනි ජාලා මැදින්
    ලොව දිනූ රන් පුතුන්
    ඔබ දුටුවා නුවන්
    සෝ නිවුනි හදවතින්
    තුරු වියනෙන් මිදී
    පියඹයි මා පුතුන්
    මම ඈතින් ඉඳන්
    ඔබ දැක සැනසෙන්නම්
    තුසර හර පබළුවෙනි
    රිදුනු දෙපා තවනෙමි
    කටුක තෙපුල් විශ දැනී
    සිඳුනු සිතුම් සනසමි
    සෙවනැල්ලක් වෙන්නම්
    හැරදා නොම යන්නම්
    පුතුනි මගේ..
    ලොවම ඔබේ ලය පතුලේ
    රකිමි සෙනේ...

    -සිතාරා මධුෂානි-

     
    • Like
    Reactions: shaminda peiris

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හවසට පායා අරුණේ සැඟවෙන...

    හවසට පායා අරුණේ සැඟවෙන
    සඳ නැතුවට මට කමක් නැතේ
    උදයට පායා හවසට බැස යන
    සඳවතියක් මගෙ ලොවේ ඇතේ...

    රැයක දී ඇය මා අසල නැතේ
    හවසක එන්නත් වරම් නැතේ
    ඇගේ නොලැබීම ද මගේ නොලැබීම ද
    තවමත් මට වැටහිලා නැතේ...

    සුළු මොහොතකි මුළු දවසින් ඒ
    ඇය ඇසුරේ මා පසු වෙන්නේ
    ඒ සීමාවෙන් ඉවත පනින්නට
    මනසට පමණක් වරම් ඇතේ...

    -ග්‍රේෂන් ආනන්ද-
     
    • Like
    Reactions: DAMER

    Manik_DD

    Member
    Nov 28, 2014
    88
    17
    0
    Home Sweet Home
    අවපස අහසක තරු ලකුණක් සේ
    අපමණ සයුරක තුරු දසුනක් සේ
    දිගු දිවි ගමනේ ඉම ඔබ රැඳුනේ

    මාවත අවහිර නිමවා
    දල රළ පෙළ සැතපෙනවා
    සැලමුතු සෙනෙහස මද පවනක් වී
    ගැඹරේ නිම මුමුණනවා

    දෝතක අසෙනිය ගවසා
    ඔබ පෙරමග හිනැහෙනවා
    විකසිත සිහිනේ සුබ කවියක්වී
    දෙනෙතේ සිත ලියැවෙනවා

    ගායනය - සුනිල් එදිරිසිංහ
     
    Last edited:

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    හවසට පායා අරුණේ සැඟවෙන
    සඳ නැතුවට මට කමක් නැතේ
    උදයට පායා හවසට බැස යන
    සඳවතියක් මගෙ ලොවේ ඇතේ...

    රැයක දී ඇය මා අසල නැතේ
    හවසක එන්නත් වරම් නැතේ
    ඇගේ නොලැබීම ද මගේ නොලැබීම ද
    තවමත් මට වැටහිලා නැතේ...

    සුළු මොහොතකි මුළු දවසින් ඒ
    ඇය ඇසුරේ මා පසු වෙන්නේ
    ඒ සීමාවෙන් ඉවත පනින්නට
    මනසට පමණක් වරම් ඇතේ...

    -ග්‍රේෂන් ආනන්ද-
    patta song eka.. kalekin dakke... ahanna one:cool:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දුක ම විඳලා ඔයා හින්දා
    තවම නැහැ මං සතුට ලබලා
    සිතට ම රිදවා ගියා කියලා
    ඔබට නැහැ මං වෛර කරලා
    කලබලවෙලා පුංචි දේටත්
    රංඬුසරුවල් නොකර පෙරදා
    අපි හිටියනම් තේරුම් අරන්
    අදටත් මගේ විතරයි ඔයා

    මතක අතරින් පෙනෙනවා
    ඔබ ගියපු දුර දමා
    එවිට කදුළක් වැටුණෙ දෙනෙතින්
    ඉන්න බැරිතැන ඉවසා
    කලබලවෙලා පුංචි දේටත්
    රංඬුසරුවල් නොකර පෙරදා
    අපි හිටියනම් තේරුම් අරන්
    අදටත් මගේ විතරයි ඔයා

    තවම එලෙසින් තියෙනවා
    ඔබට ගැති සිත සදා
    දිනෙක නැවතත් එන්න හැකිනම්
    මගේ සෙවනට පියඹා
    කලබලවෙලා පුංචි දේටත්
    රංඬුසරුවල් නොකර පෙරදා
    අපි හිටියනම් තේරුම් අරන්
    අදටත් මගේ විතරයි ඔයා

    දුක ම විඳලා .................


    ගායනය :- රුවන් හෙට්ටිආරච්චි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දියාලුවෝ වේලි තනා ඇල පුරවා දිය හරවා
    රන්වන් රන් වි ඇටවලින් අ‍ටු පුරවා නම්
    රුක් වඩුවෝ ලී කපලා යතු ගාලා හැඩගහලා
    මල්කම් ලියකම් ඇඳ පු‍ටු රුවට තනා නම්

    ලෝකුරුවෝ ගිනියම් කොට යකඩ තලා පන පොවලා
    මුවහත ඇති අවි ආයුද නිම කරවා නම්
    සසර පුරා සරණ තුරා දුවන පනින දඟලන හිත
    දමනය කර සුවපත් වෙයි නුවණක් ඇත්නම්

    සසර පුරා සරණ තුරා දුවන පනින දඟලන හිත
    දමනය කර සුවපත් වෙයි නුවණක් ඇත්නම්


    ගායනය : ගුණදාස කපුගේ
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    jinu5s.png

     

    Manik_DD

    Member
    Nov 28, 2014
    88
    17
    0
    Home Sweet Home
    සඳේ.. ඔබ ඇයිද මේ යාමේ
    අහස කරා නැඟුණේ
    සිතේ දුක හිරු නිවා දැමුවේ
    නැතුවද ඔබ දන්නේ
    ගිනි හිරු පායා සොමි සඳ බැසලා
    මගෙ ලොව එළිය වෙලා
    සඳේ ..ඔබ ඇයිද මේ යාමේ
    අහස කරා නැඟුණේ

    ඔබ තරු වටකර හිනැහෙන යාමේ
    ඈ දුර යහන් ගැබේ
    රෑ නොනිදාගෙන වැලපෙන මා හට
    ඔබගේ කිමද පලේ

    සඳේ .. ඔබ ඇයිද මේ යාමේ
    අහස කරා නැඟුණේ

    සඳ දෙස බල බල මා පැතු පැතුමන්
    මෙතෙකැයි කියන බෑ
    හිරු මා දැව්වත් මා ලද උණුසුම
    අමතක කරන්න බෑ

    රෑකාන්ත ගුණතිලක
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කියන්න මට දෙනව ද ඔබ රත්තරන් සඳක්
    ඔබේ වගේ මූණ තියෙන දූ කුමාරියක්
    හිනහෙනකොට වල ගැහෙනා රෝස කම්මුලක්
    ඈට ඕන ඔබේ වගේ බෝල ඇස් දෙකක්

    ආදරේට තරහ වෙන්න තෑගි දීල හාදු ගන්න
    නිදිය ගන්න අපි දෙන්නට දෙපැත්තට කරන්
    දෙනව ද මට පුංචි රෝස මල් කුමාරියක්
    ඔබේ වගේ මූණ තියෙන දූ කුමාරියක්

    කියන්න මට දෙනව ද ..............

    පුංචි ගවුම් පොඩිය ඇඳන් කොණ්ඩ කරල් දෙකක් බැඳන්
    පුංචි අතින් අපි දෙන්නට යන්නට අල්ලන්
    දෙන්නකො මට පුංචි රෝස මල් කුමාරියක්
    ඔබේ වගේ මූණ තියෙන දූ කුමාරියක්

    කියන්න මට දෙනව ද ..............


    ගායනය :- අජිත් පෙරේරා
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නවතින්න හිත අස්සේ...

    නවතින්න හිත අස්සේ මම එන්න ඇහුවාම
    නුඹ හොරෙන් බිම බලන් ඉන්නවා
    ලං වෙන්න බැරිකමට දුර ඉඳන් බැලූවාම
    හිත දුකම ඇස් දෙකෙන් ගලනවා
    නුඹ නොදැක පිට පාරේ මම යන්න හැදුවාම
    ඇස කොනින් රැස් කැලූම් හෙලනවා
    ඇස් කඳුළු සඟවාම හිනහෙන්න හැදුවාම
    හිත යටින් ගිනි ගොඩක් දැවෙනවා...

    සුදු සේල සළු ඇන්ද නමුණුකුල කඳු යාය
    හැමදාම අපි දිහා බලනවා
    නුඹ මගෙම වෙන්නැතුව දුර ඉන්න හින්දාම
    දුන්හිඳත් හරි සැරෙන් හඬනවා...

    ඉර පිපෙන ගම් දොරට කුරුළු ගී හඬ එක්ක
    නුඹේ රුව ගුරු පාරේ වඩිනවා
    මම මෙහෙම හැංගුනට හිත හනික වැට ළඟට
    නුඹේ රුව දැකගන්න දුවනවා...

    -Shashika Nisansala & Jaliya Maduranga-

     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    සබද අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන
    සුනිල දිය දහර වෙමු එකම ගගකට වැටෙන....
     
    • Like
    Reactions: rcccc and DAMER

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මල් හසරැල් පීදී...

    මල් හසරැල් පීදී දුක් කඳුලැල් සේදි
    සොඳුරු වසන්තේ සිරි නරඹන්නට එනවාද
    මිතුදම් යලි හාවී මල් දම් ලියලාවී
    සිහින දනව්වේ පියඹායන්නට එනවාද
    සරදම් සිත් රිදවනවා
    කළකම් නම් පලදෙනවා
    මෙල්ල කරන් සිත නිල්ල නෙලන්නට එනවාද...

    පායන් පුන්සඳ සේ සිත් පීදෙයි සොඳ සේ
    සීනු හිනා හඬ සවන පිනා යන්නේ..
    ජීවිතයේ දුක් ගින්දර පාවි යාවී
    ආදරයේ නාමෙන් රත් පියුම් පිපේවි
    රැඟුම් ගැයුම් මැද නැවුම් හැඟුම් විකසිත වේවි...

    නිම් හිම් නැති සසරේ කෙම් බිම් මැදිව මෙසේ
    ආදර ලෝකෙට පාර කියාදෙන්නේ..
    ජීවිතයේ දුක් ගින්දර පාවි යාවී
    ආදරයේ නාමෙන් රත් පියුම් පිපේවි
    රැඟුම් ගැයුම් මැද නැවුම් හැඟුම් විකසිත වේවි...

    -අතුල සහ සමිතා-
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    No one knows what it's like to feel this feelings
    like I do
    and I blame you..

    No one bites back as hard on their anger
    and none of my pain and woe
    can show thru..

    but my dreams, they aren't that empty..
    as my conscious seems to be
    I have hours only lonely..
    my love is vengeance..that's never free.
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නෑ තවත් හිතක් ඔබට මෙන් මාගේ...

    නෑ තවත් හිතක් ඔබට මෙන් මාගේ
    මේ තරම් දුරින් ඔබම ඇයි ආයේ
    යාකරන් සිතින් දුකම දැන් මාගේ
    නෑ දැනන් සිටියේ හුස්ම ඔබ මාගේ
    හිත ඇහුවේ ඔබ ගැනමයි
    තාමත් මං විඳවයි
    පැතුවේම ඔබෙ සතුටයි...

    මා ගැන මට වඩා සෙව්වේ ඔබමයි
    රෑ පුර හඳ කොනේ අඳුරේ ගිලුනයි
    තවත් කෙනෙකු හිතේ ඔයා
    තිබිලා හිඳිනු ඇතේ
    කිසිදා අයිති නැතේ...

    මේ හිත ඔබ පතා වින්දේ දුකමයි
    නෑ තව වෙන කෙනෙක් උන්නේ ඔබමයි
    තවත් කෙනෙකු හිතේ ඔයා
    තිබිලා හිඳිනු ඇතේ
    කිසිදා අයිති නැතේ...


    -ආත්මා ලියනගේ-
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රෝස කල්පනා මා වෙලා පායලා රෑ පුරා...

    රෝස කල්පනා මා වෙලා පායලා රෑ පුරා
    හීනි ඇස් සලා ආවදෝ පාවෙලා මා සොයා..
    දැනෙනවා දැනෙනවා දැනෙනවා ඈ නිසා
    ආදරේට හේතුගේන ආදරී ඔයා
    රෝස කල්පනා මා වෙලා පායලා රෑ පුරා
    හීනි ඇස් සලා ආවදෝ පාවෙලා මා සොයා...

    දෑස දෑස රහසේම සංවේදී වීලා
    නෑ ආයේ සංසාරේ සීමා
    ඈත මෑත අහසේද රූ ඡායා පායා
    මේ මාගේ ගෘංගාරී පේනා..
    දැනෙනවා දැනෙනවා දැනෙනවා ඈ නිසා
    ආදරේට හේතු ගේන ආදරී ඔයා
    රෝස කල්පනා මා වෙලා පායලා රෑ පුරා
    හීනි ඇස් සලා ආවදෝ පාවෙලා මා සොයා...

    ආයේ ආයේ සිතු සේම ලංවීලා මා හා
    ඈ පාවේ ගිම්හානේ ආශා
    රෝස දෑත සසරේම හැමදාම ඕනා
    වෑහිලා මනසේම සේයා..
    දැනෙනවා දැනෙනවා දැනෙනවා ඈ නිසා
    ආදරේට හේතු ගේන ආදරී ඔයා
    රෝස කල්පනා මා වෙලා පායලා රෑ පුරා
    හීනි ඇස් සලා ආවදෝ පාවෙලා මා සොයා...

    -සංක දිනෙත්-