පද පේළී - EK LYRICS THREAD PART 2

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
තව දවසක් හමු වී ඉමු මේ භවේ
එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ
ඔබ වෙනුවෙන් හැඬුව තරම් කියන්න හීං සැරේ
තව දවසක් හමු වී ඉමු මේ භවේ

මදපවනේ මුසු කෙරුවේ
යළි නොඑනා මතක අපේ
නිදි පැදුරේ ගෙවන පැයේ
සිහි කෙරුවා සුවඳ ඔබේ
ජිවිතේ පාළුයි මගේ

තව දවසක් හමු වී ඉමු මේ භවේ
එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ

තරු දෙවැටේ පිපෙන සඳේ
දුක වැඩලා ලොවට අපේ
කිරි සයුරේ මුතු පතුලේ
සැඟව ගියා මැණික මගේ
ආදරේ ගීයක් වගේ

තව දවසක් හමු වී ඉමු මේ භවේ
එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ
ඔබ වෙනුවෙන් හැඬුව තරම් කියන්න හීං සැරේ
තව දවසක් හමු වී ඉමු මේ භවේ


ගායනය - කීර්ති පැස්කුවෙල්
සංගිතය - රදීෂ් වැන්දබෝනා
 
  • Like
Reactions: DAMER

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Kithsiri Jayasekara.................

දැල්වෙනා පහන් නිවා දමා මගේ අතින්~
දල්වමී ඔබේ නුවන් පහන් සදා ඉතින්..
ලෝකයෙන් ළඟා වෙනා අනේක වූ රිදුම්~
මාරුතේ හොවන්නෙමී ප්‍රියේ ඔබේ නමින්..
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ඔබ දුටු ඒ මුල් දිනේ...

ඔබ දුටු ඒ මුල් දිනේ සිදු වූ සැමදේ
තවමත් මගෙ මතකයෙහි රැඳේ
නෙත් යුග මා දෙස යොමා
මගෙ මියුලැසියේ
කුමක් කියන්නටද සැරසුනේ...

කාගේ කවුරුද කොතැනක සිටිනවද ඔයා
කෙලෙසද මා එය දැනගන්නේ
කවදා කොයිබදි යලි හමු වේවිදැයි කියා
පැනයකි මා සිත පාරන්නේ...

කැටිකොට ගුවනට මුසු කොට මගේ රස හැගුම්
ඔබ වෙත ගීයකින් එවන්නම්
මතු දිනයක මගෙ දෙනෙතට ඔබ හමුවේ නම්
එදින නැවත මා හිනැහෙන්නම්

ඔබ දුටු ඒ මුල් දිනේ...
 

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
මේ ප්රතම වසන්තයි....
දිවි අරනෙ මදු මල් පිපෙනා
බිගු රැවු නැගෙනා
මේ ප්රතම වසන්තයි....

තරු නැගෙන තුරා නිදි බර අබරේ..
සදු නැගෙන තුරා සිටියදි අදුරේ
ඔබ සුපුන් සදක් සේ පායා
පහන් රැයක් වී ආවේ.....

සිත පවස දරා මිරිගුව අතරේ,,
දිය පහස පතා සිටියදි කතරේ...
ඔබ සිහිල් දොලක්සේ පාවි
වසන්තයක් වී ආවේ...
 

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
පෙම් සිනාව ඔබ පෑව සිතේ නැවතුනා
මගේ සිහිනය ඔබත් එක්ක හිතේ සැග වුනා
ඔය නෙතු යුග මගේ වෙන්න සිතක් ඇති වුනා
මගේ සිත හොර රහසෙම හුගක් දුර ගියා ....

මගේ දෙනෙතේ ඔබ ඇදිලා සිත්තමක් වගේ
මම තනියම ඉකිබින්දා ඔබ නැති පාළුවේ
හදවතේ රැදුන හුස්ම පොදක් ලෙසින් ලංවුනේ
ඔබ එනකම් ඉන්නද පුරැදු තනිකමේ ...

මල් සුවදේ අපි බැදිලා හීනයක් වගේ
මගෙ මතකයේ හරි මිහිරියි ඔබ දුන්නු ආදරේ
හදවතින් බැදි ඔබ ලගින්ම ගෙවුනු කාලයේ
මගේ ඡිවිතය ඔබ වන බව නොදැන දුර ගියේ


Priya Sooriyasena
 
  • Like
Reactions: mal pappa

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    හිංදි වදන් මියුරු හඩින් කියන සිතාරා
    සිංදු නදි ඉවුර දිගේ එන්න සිතාරා…..//

    බින්දා උයන දියා චන්දන සිහිල රැදි
    භාරත කුසුම වගෙ උන්නා සුවද දිදි……

    වරළ පුරා මල් පැළදි ලියේ දිගටි නෙතේ
    පෙම් කැළුම තියේ මතක සිතේ දැන් මතක තියේ
    පුර්ණිමා හිනාවෙන්න ළගින් ඉන්න

    හිංදි වදන්…….

    සකළ කලාමල් පිපෙන රටේ ලලිත කලා මල්
    පොකුරු මගේ නුඹම ලදේ මං බැදුණු හදේ
    සුරංගනා සුරල් නාද ඇසෙයි තාම

    හිංදි වදන්……..
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ගිලුනා සෝක ගගේ
    පතුලේ හෟදෙ මගේ
    සැනසී මා ඇතිවී මා තනිවී ප්‍රේම ලොවේ //
    ගිලුනා සෝක ගගේ

    දෛවේ සාපෙ මහා
    බිහිසුනු දෝ ජාලෙ තමා
    බැදි ඒ ආලෙ නිසා කදුලු බිබී ඉන්ට උනා

    මහ මෙර ගිරට වඩා දුක්බර මා ලයට තබා
    කොහෙදෝ මා හැර‍දා ගියමි මාගේ ප්‍රේම සුදා
    සොයමී ලෝකෙ පුරා ඔබට ඔබට බැදී ආලෙ නිසා


    R Muththusami
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ඔබ දුටු ඒ මුල් දිනේ සිදු වූ සැමදේ
    තවමත් මගෙ මතකයෙහි රැඳේ

    සිත පවස දරා මිරිගුව අතරේ,,
    දිය පහස පතා සිටියදි කතරේ...
    ඔබ සිහිල් දොලක්සේ පාවි
    වසන්තයක් වී ආවේ...

    හිංදි වදන් මියුරු හඩින් කියන සිතාරා
    සිංදු නදි ඉවුර දිගේ එන්න සිතාරා…..//

    11.gif
    11.gif
    11.gif
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    පෙම් ලොවදී දුටු ඔහුමද මේ
    ඔහුටද මා අන්ධ වුණේ

    මිදි යුෂ යයි රැවටී හලා හල
    විෂ බිව්වේ ඇයි මා
    පෙම් දැල මැද පැටලී සුසුම් ලා
    මුලා වුණේ ඇයි මා

    මිරිඟුව දැක හිනැහී පිපාසෙට
    දිය සෙව්වේ ඇයි මා
    නෙතු සර පහර වැදී විකල් වී
    දිවි පිදුවේ ඇයි මා


     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තරුකැටයක් වී රෑ අහසේ දිලෙනා...

    තරුකැටයක් වී රෑ අහසේ දිලෙනා
    ඔබ එන මඟ සරසන්නම් දිවිය වෙලා
    පිණි දිය වැටෙනා සැන්දෑ අහස වෙලා
    ඔබ එනවානම් ඒ තනිකම හැරදා
    ඒ තනිකම හැරදා...

    තරුකැටයක් වී රෑ අහසේ දිලෙනා
    ඔබ එන මඟ සරසන්නම් දිවිය වෙලා
    පිණි දිය වැටෙනා සැන්දෑ අහස වෙලා
    ඔබ එනවානම් ඒ තනිකම හැරදා
    ඒ තනිකම හැරදා...

    පිණිදිය වැටෙනා සැන්දෑ අහස වෙලා
    හිරු අවරේ ගිලෙනා තරුව වෙලා...
    ඔබේ....ජීවිතේ...
    ඔබේ...ජීවිතේ...

    -kasun kalhara-
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ඇසට පෙනෙන දුරක සිටින්නම් .....
    හදට දැනෙන තැනක රැදෙන්නම් .....
    තනිව හිඳින නිහඬ රැයක කනට ඇසෙන දුරක ගයන්නම්.....

    කවදා කොතැනකදී නමුදු යලි අප හමුවන බව දැන
    මා යන තැන මග සලකුණු සුළං රැලක ලියා එවන්නම්.......

    නිමක් නොමැති මේ දිවි මග හසර නොදැන සරණ අතර
    නැවත නැවත හමුවන තුරු ඔබ යන එන මගක සිටින්නම්....

    ඇසට පෙනෙන දුරක සිටින්නම් .....
    හදට දැනෙන තැනක රැදෙන්නම් .....
    තනිව හිඳින නිහඬ රැයක කනට ඇසෙන දුරක ගයන්නම්.....
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සඳ රැස් සරසා...

    සඳ රැස් සරසා
    රන් තරු පිපිලා
    රත්තරන් ආදරේ හදවත පිරිලා
    ඔබේ හුස්ම ඇවිත් මගේ ලය පිරිලා
    මට දැනුනා සිහිනෙන් දුටුවා
    රන් තරු පිපුනා...

    යටිහිතට වද නොදී සෙනෙහසට මුල පුරන්න
    ඒ සුවඳ දිවි පුරා මගේ ලඟම තනි කරන්න
    ඔබ හිතන තරම්...
    පෙම් සිහින අරන් ඉගිල්ලෙන්නේ නෑ කියන්න
    ඇත්තටම ආදරෙයි සංසාරෙදි නොහිතන්න
    රන්තරු බලා හිඳින්න...

    ගිරි සිඛර සිපගනියි වැහි වලාකුළු නෑගීලා
    අපි අපිට ණ‍යගැතියි බාධා නිමක් නොවීලා
    සැනසුමයි උතුම්...
    රතු රෝස මලින් ආදරේ රුව තනාලා
    අපි අපේම වෙමු මුතු කඳුළු පිසදමාලා
    රන් තරු දිලේ සිසාරා...
     

    Tig®ess

    Member
    Sep 5, 2013
    153
    19
    0
    Valley of Peace
    මලක මෙලෙක හිතා ගන්න බැරි අතකින්
    මල් නෙලන්න එපා යාළුවේ
    හිතක මෙලෙක හිතා ගන්න බැරි හිතකින්
    පෙම් කරන්න එපා යාළුවේ //

    රුවට රුවේ මල් පිපුණට තරඟ වැදී මල් නෙළුවට //
    මලට ආදරේ නැත්තම් මල් මිය යාවී
    ලොවේ ආදරේ නොලැබුණු පෙති ගිලිහේවී

    මලක මෙලෙක.....

    ආදරයක් නැති අතකින් මල් නෙලන්න බැරි වෙන්නයි //
    හිත ඉහළින් පොකුරු පොකුරු පෙම් මල් පිපුණේ
    හිත ඉහළින් නෙලන්න බැරි පෙම් මල් පිපුණේ

    මලක මෙලෙක.....

    <Abeywardhana Balasuriya>
     
    • Like
    Reactions: rcccc

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    පැහැසර අරුණක ඉර මල පිපුණාවේ
    යුගඳුරු යුද දුම සැණෙකින් නිවුණාවේ
    හිමිදිරියේ . . .
    සීතල හීනෙක තැවරීවත්
    පරෙවි පියාපත් ඇසුණාවේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගොර සපුන් ඇහැරෙන ඇදිරියේ...
    දොල හඩන තුන්මන් හන්දියේ...
    කවුරු එනතුරු මගබලන්වද මෝහිණී මගෙ නංගියේ....
    මෝහිණී ආදර... නංගියේ...

    උබේ දරුවන් ගන්න කවුරුවත් නොයෙන මුසල හංදියේ....
    උබට දරුවන් දෙන්න ඕනෑ තරම් අය ඇති නංගියේ
    උබට දරුවන් දෙන්න ඕනෑ තරම් අය ඇති හන්දියේ

    සුරගනට අමතකව දරුවන් හඩද්දි කුනු බක්කියේ...
    උබ යකින්නක් උනේ කොහොමද කියාපන් මගෙ නංගියේ..
    උබ යකින්නක් උනේ කොහොමද කියාපන් මගෙ නංගියේ..

    ගොර සපුන් ඇහැරෙන ඇදිරියේ...
    දොල හඩන තුන්මන් හන්දියේ...
    කවුරු එනතුරු මගබලන්වද මෝහිණී මගෙ නංගියේ....
    මෝහිණී ආදර... නංගියේ...

    -Saman Lenin-


    මෝහිණී
     
    • Like
    Reactions: rcccc

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    ආයෙත් හඩන්න .. කදුලක් උනන්න ඇයි අපි මේ හමුවන්නේ ...
    හිමි නැති ඔයාව .. හිත යට තියාන දුක් විදලයි හිත හැදුනේ ...
    ඔබ හිනැහෙන්න ඔබේ රජ දහනේ .. මං තාමත් මගේ තනි හීනේ :( ...

    දුප්පත් කමට නෑ හිමි ප්‍රේමේ .. එකයි මං ඔබෙන් වෙන් වෙන්නේ ...

    ආඩම්බර රුව දැකලා .. සිත ආයෙත් උමුතු වෙලා ...
    සගවන්නට බෑ කිසිදා පුංචි පෙම්පත් කථා ...
    අපේම ලොවේදී අපි මුණ ගැසේවි සිතමින් පෙම් කරලා ...

    ඔබ දුර ඇදෙවි .. මං ඉකිබිදිවී .. අපි ඈතයි සැමදා :( ...
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ආදරේම ගීතයක් වගේ...

    නුඹ ළඟ මගෙ හිත රැඳුණාට
    දින දින දින දැන් ගෙවුණාට
    පණ නළ වගේ ඔබ ළඟ මගේ
    මගේ හිත මගේ හිත රැඳුනාට
    ආදරේම ගීතයක් ආත්මයේ සංගීතයක්
    ආදරේම ගීතයක් වගේ...

    පෙර වාගේ හවසක හැකි වුණොත් දවසක
    හමු වෙලා ලං වෙලා ලං වෙලා
    ඉන්නට දවසෙම ලංවීලා
    ඔබ ළඟ ඔබ ළඟ දැවටීලා
    ආදරේම ගීතයක් ආත්මයේ සංගීතයක්
    ආදරේම ගීතයක් වගේ...


    නුඹ නොමැති දවසක හෙට ඇවිත් කුමටද
    වැළපිලා වැළපිලා වෙන් වෙලා
    බොරුවට කුමටද දුක් වීලා
    නූපන් හෙට දින ගැන හිතලා
    ආදරේම ගීතයක් ආත්මයේ සංගීතයක්
    ආදරේම ගීතයක් වගේ...

    -කසුන් කල්හාර-
     
    • Like
    Reactions: DAMER