
such a lovely song...!!!තව දවසක් හමුවී ඉමු මේ භවේ
එක සැරයක් දුටුවොත් ඇති දෑස් ඔබේ..
ඔබ වෙනුවෙන් හැඬුව තරම් කියන්න හීන්සැරේ..
තව දවසක් හමුවී ඉමු මේ භවේ..
-කීර්ති පැස්කුවල්-

කවුරුන්ද කවුලුව වැහුවේ මට දුන්නු ආදරේ.....
මං කොහොම තනිමග යන්නේ
මේ නුහුරු මාවතේ.....
හුරු හිතට නුහුරක් දැනුනා අපි කෙරූ ආදරේ.....
නවතින්න අවසරයි ප්‍රේමයෙන්.....
නාඬන්න මගෙ පණ කියලා නුඹ ගියා මා දමා......
හැර යන්න හේතුත් කියලා.....මට කෙරූ චෝදනා......
හුරු නොවන ප්‍රේමෙන් නික්මෙනා......
මට දුන්න ඒ හුස්මත් හිරවෙලා......
මතකයද මේ දුක් දෙන්නේ.....අපි කෙරූ ආදරේ.....
අමතකද මා ළඟ උන්නා.....තනිකමෙන් උන් දිනේ.....
ඇස් වැහෙන මොහොතක් පාසා නුඹ ඉන්නවා හිතේ.....
යලි එන්න හැකිනම් ඉක්මනින්.....
නුඹෙ සුවඳ විලවුන් තවරා සයනයේ ගුලිවෙලා......
පැරණි මතකය මා වින්දා යලි එන්නෙ නැති නිසා.....
යලි එන්නෙ නැතිදෝ මා සොයා.....
හැකි මට ඉන්න පෙර සේ ඉවසලා.....
කවුරුන්ද කවුලුව වැහුවේ මට දුන්නු ආදරේ.....
මං කොහොම තනිමග යන්නේ
මේ නුහුරු මාවතේ.....
හුරු හිතට නුහුරක් දැනුනා අපි කෙරූ ආදරේ.....
නවතින්න අවසරයි ප්‍රේමයෙන්.....
-Shasika Nisansala & Chamara Weerasinghe-

ජයටැම් කරා අභිමන් හුවා
විරුවන් ලෙසින් ඇදෙනා
රුපු තෙද විදා සුරැකුම් දරා
සිංහයන් නමින් දිවුරා
රන් රුවන් වැද අසිපතක් ගෙන
මුළු ලෝකයක් පරදා
සියවරක් නොව දසවරක් තව
මේ දේශයම දිනවා...
සිංහයෝ... සිංහයෝ...
නිලඹර පුරා ඇඳි රූ රටා
ලැබු ජය ගී අද නුඹේ
වංකගිරියෙන් හමනා සුළඟේ
රැඳුනු ගී අද නුඹේ
අසනි වැසි හඬඟා හඬද්දි
පෑයු රන් හිරු සේ
නුඹේ නාමෙන් මේ යදින්නේ
ජය පතා දේශයේ...
සිංහයෝ... සිංහයෝ...
දේශයේ ජයකොඩි දරා
මේ සත් සියක් සේනා
ඔද වැඩූ අප සන්තොසින්
සෙනෙවියන් නුඹයි රක්නා
සිංහයන් නම් පෙලහරින්
නෙක හරඹයන් මවලා
සකි සඳේ හේ පවසා මෙසේ
දිනවා මගේ ලංකා...
සිංහයෝ... සිංහයෝ...
-Indrachapa Liyanage-