පද පේළී - EK LYRICS THREAD PART 2

May 19, 2013
1,864
81
0
වැව් කන්ඩියේ මදපවනේ සුවඳ දිදී
සුපිපී දිලෙනවා නා මල ඔබට ලැදී
නෙලාගන්න හැදුවත් අපි ඈත වැඩී
සුවඳ දිදී ඉන්නම් මම ඔබට බැඳී

හිරු නෙත් විහිදලා ඔරවයි දවල් පැයේ
සඳ රැස් විහිදලා අයැදියි සෙනෙහෙ මගේ
කාටත් නොදුන් සෙනෙහස ඔබ නමට බැඳී
නාමල ඔබෙයි ඔබ මගෙයි රත්තරනේ

පොළොවත් නුහුලනා දුක් ගිනි දෙන්න එපා
අහස් තරම් දුර ඈතට යන්න එපා
කුසුමක් ළඟට විෂ කටුවක් වන්න එපා
කඳුළක් තරම් ඔබ වියොවක් දෙන්න එපා

මොකක් හරි ලව් සීන් එකක් වෙලා වගේ :nerd:
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
කල්පනා ලොව මල් වනේ...

කල්පනා ලොව මල් වනේ
සිහින රජ දහනේ
ආදරේ...ආදරේ...

නීල අහසේ තාරකා සේ

ඈ නුවන් දල්වා බලන්නී
ප්‍රේමයේ මායා දැලින් මා
සිත් නුවන් බඳවා තබන්නී...

මා වටා සහසක් යුගත් පා

ඈ රුවින් පිලිරූ මැවීලා
පාව යයි මුළු ජීවිතේ
සුදු මීදුමින් දැවටී එතීලා...

-අබේවර්ධන බාලසූරිය-
 

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    සාලිය මාලා පෙම් බැදි දා මම සිටු කුමරෙක් වී ඉන්න ඇති
    ඒ සිටු කුලයේ කුමරිය වී ඔබ මේ ලෙස මට රිදවන්න ඇති.....:(
     
    • Like
    Reactions: DAMER

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Bathiya,Randhir & Umaria...........

    මල් මදහාස පීදෙනා~
    නිල් නෙතු ඈගෙ වාසනා..
    සෙහෙනස පෑවා ලංවීලා~
    දුටුවම දෑස පෑ සිනා..
    හද රැඳි ශෝක වේදනා~
    සැණෙකින් යාවි හැංඟීලා..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පහන් සිල දැල්විලා...

    පහන් සිල දැල්විලා
    සමිඳු රුව එළිය වී
    අනුරුව සිතින් මවා
    සැනසෙමින් වඳින්නම්...

    පිදූ මල් පාමුලේ
    සුවඳ හද වෙත එබේ
    භව කතර අනියතයි
    මෙනෙහිවේ හිමියනේ...

    බෝ පත් සුළන් පොදින්
    ඔබ සෙවනේ සිසිලසයි
    නිවන් සිතිවිල්ලකින්
    හද නිවේ හිමියනේ...

    -ජගත් වික්‍රමසිංහ-
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හද සැලුනා නෙතු හැඬුනා...

    හද සැලුනා නෙතු හැඬුනා
    ඔබ ගැන දැන ගත් විට මා සිතුවිලි හැඬුවා
    ආදරෙ දෙම්දෝ...
    ඔහු මෙන් යලි හඬවම් දෝ
    වැටහෙන්නෑ..ළදේ වැටහෙන්නෑ...
    වැටහෙන්නෑ..මා හට තේරෙන්නෑ...

    දුරකතනින් මා ඔබ ලං වූයේ
    නොසිතු ලෙසේ ඔබ මා හද රජ වූයේ
    ඔබ හමු වූ දා හැඟුමන් අවදි වුනේ
    මා සිත ඇසුවේ මෙය දැයි ආදරේ

    මා අසරණයි
    දැන් මා සිත ඔබ ලඟයි
    සිත ඔබ හට දෙම්දෝ
    ගොළු වී මම ඉන්දෝ
    වැටහෙන්නෑ..ළදේ වැටහෙන්නෑ...
    වැටහෙන්නෑ..මා හට තේරෙන්නෑ...

    හිරු මෙන් ඇවිදින් ඔබෙ ලොව එළිය කලේ
    එදින රැයේ ඔහු ඔබ හා තුරැළු වුනේ
    සුරතල් බිළිදෙකු දෙහදේ උණුසුම ලැබුවේ
    ඔබ තනිකර දා එදා ඔහු පියවර තැබුවේ

    ඔබ අසරණයි
    ඔහු දැන් ඈ ලගයි
    ඔහු ගැන තැවෙනවාදෝ
    මා ගැන තැවෙනවදෝ
    මට ආදරෙ දෙයිදෝ එය සඟවා ගනිදෝ
    වැටහෙන්නෑ..ළදේ වැටහෙන්නෑ...
    වැටහෙන්නෑ..මේ ආදරෙ තේරෙන්නෑ...

    -Frequency-
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Irusha & Madhushan............


    නෙතු නොනිදන මොහොතක විමසමී~
    හද පවසන රහසට හිතවතී..
    තව ලං කරගන්නට සිතුනී~
    මට නම්, ඔය දෑතින් අල්ලා..
     
    • Like
    Reactions: C h o p p e

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කල්පයක් මා බලාන ඉන්නම්...

    කල්පයක් මා බලාන ඉන්නම්
    අල්පයක්වත් වෙනස් නොවී
    ඔබේ ආදරේ මා වෙත
    ලැබෙනා තුරා...ලැබෙනා තුරා
    ...


    සත්තකයි මා ඔබේම වෙන්නම්
    අංශුවක්වත් වෙනස් නොවී
    ඔබේ ජීවිතේ මා වෙත
    පුදනා තුරා...පුදනා තුරා...

    නෙතු පියන්න බැරි වෙන තරමට ආදරේ ගෙනත්
    ජීවිතේම වෙනස් කරනා මා හටත් හොරෙන්

    මා දකින්න ඇවිදින් හීනෙට ආදරේ අරං
    ආදරේ දැනෙනවා මට අහසටත් උඩින්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කඳුළු වැටුණු නෙත් පිටු අතරේ
    ඔබෙ නම පුරවනවා
    අවසන් හුස්මට අරුතක් දෙන්නට
    ඔබ ළං වෙනවා
    යලි ඈතට යනවා

    තව සිතැඟි හංගන්නෙපා
    බොරුවකට රවටන්නෙපා
    සදහට ම සමුගන්න දා
    යලි මාව සි‍හිවෙන්නෙපා
    දුක හිතෙනා හීන මගේ
    අඳුරුයි ද මේ තරම්
    ඔය දෑත මේ හිත ඉල්ලනවා
    දැන දැනත් ඔබ ඈතක යනවා

    හමුවීල වෙන් වන්නේ
    හැමදාම රිදවන්නේ
    කවදා ද හිමිවන්නේ
    හිත තාම ගැස්සෙන්නේ
    ඉඟිකරනා දෑස මගේ
    නුහුරුයි ද මේ තරම්
    ඔය දෑත මේ හිත ඉල්ලනවා
    දැන දැනත් ඔබ ඈතක යනවා

    කඳුළු වැටුණු .............


    ගායනය :- නධීර නෝනිස්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අයිතිකාරිය මගේ හීනයෙ
    වෙනත් හීනෙක පැටලිලා
    රහසකින්වත් හිතත් නොසිතුව
    දුකක් හද ළඟ නවතලා
    විඳවනා හැටි දන්නවානම්
    ඔය හිනා කැන් සිහිවෙලා
    යන්තමට එක මොහොතකට හෝ
    සිතෙයි ඔබ වැරදයි කියා

    නෑහෙනා තරමින් මගේ ළඟ
    මටත් රහසින් කිවු කතා
    ඔය දෙනෙත් මඟ හමුවෙනා හැම
    තත්පරේදි ම මැවෙනවා
    එදා මේ දෑසම ඔයාගේ
    නමට දෙන්නට කිවු ඔයා
    අද දෙනෙත නොබලා ගියා

    අයිතාකාරිය ...............

    පෙර මගේ වීලා තිබූ ඒ
    හිතේ ඉඩ අද නැති නිසා
    මඟ බලා ඉන්නත් වරම් නෑ
    හෙටත් පැතුමන් පුරවලා
    දැන් ඔයා ළඟ මැවෙන හීනෙට
    එන අපේ මතකය මකා
    ඉන්න අමතක කර දමා

    අයිතාකාරිය ...............


    ගායනය :- සමිත් සුධීර
     
    • Like
    Reactions: rcccc

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Prasanga Thisera.........

    සිත ගාව ඔබ ඉන්න තරුවක් වෙලා~
    හැමදාම මම ඉන්නවා මඟ බලා..
    දුර ඈත අර පේන සයුරෙන් එහා~
    ඔබ නාවේ ඇයි හමන සුවඳක් වෙලා..
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Roshan Fernando..........


    විලේ නෙළුම් මල් කොපමණ තිබුනත්~

    එක මලකට පෙම් කරමි සිතින්..
    නෙලන්න ආසයි දෝතින් ඒ මල~
    මගේම වන්නට හැමදාමත්..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වැසිදාක තුරු යාය පීරා...

    වැසිදාක තුරු යාය පීරා
    අතුරාන පිණි සීත සීරා
    දෑස හමුවේම උතුරාන දුටුවා එදා
    හාද වී රෑ පුරා...

    ලමැදේ හුස්මක් පවා
    ආලේ කලා ආසයි කියා
    වැසිදාක තුරු යාය පීරා
    අතුරාන පිණි සිත සීරා

    ආයාචනා සීතේ ගලා
    ආශා මවා මාගේ වෙලා
    ආවා සීත දා පාවීලා
    රෑ වීලා...
    රෑ හීන පාසා වෑහේවි ආශා
    මා හා...


    මේ චෝදනා දෑසේ පුරා
    ආවා සොයා යායේ සරා
    නාඩා දෑස හා
    යාවෙනා...
    මේ හීන සේනා ආයේම ඕනා
    මා හා...


    සඳ පාන සඳ රේණු නාවා
    හිත මාගේ සබකෝල වීලා
    මගේ තුරුලේම
    කොඳුරාන නොකියූ කතා
    දෑස පියවී ගියා...


    ලමැදේ හුස්මක් පවා
    ආලේ කලා ආසයි කියා...

    -Adeera & Raini Charuka-
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Priyal Amarasinghe..........



    බැද්දෙ පිපුනු මල ඉබේ පර නොවී~
    ගත්ත නිසා මගේ හදේ ලැඟුම්..
    පින්න කැකුළියේ ඔබ සුරකින්නම්~
    තියෙන තුරා මගේ හදේ සුසුම්..
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    බුද්ධං සරණං ගච්චාමී..
    ධම්මං සරණං ගච්චාමී..
    සංඝං සරණං ගච්චාමී..

    ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ..//

    ඈත මෑත ගව්දුර දහස් ගෙවා..
    සීත, උණුසුම, සැප දුක පසෙක තබා..
    වේදනා විදි මිනිසුන් සොය සොය..
    ඔබ දෙසු දම් මග නොවේ නිමා..//

    නෙත සිත තුටු කල බුදු රුව බුදු බන
    ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ..//

    පිණි බිදුවක පණ නල සසැලේ..
    දුවන පනින සිත නිසල කලේ..
    දහමින් තුටු කල දියත තලේ..
    බුදු නෙත පහදමු හද මඩලේ..

    වේදනා විදි මිනිසුන් සොය සොය..
    ඔබගෙ සුදම් මග නොවේ නිමා..
    නෙත සිත තුටු කල බුදු රුව බුදු බණ..

    ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ..//

    නේක මෙත් සිත වපුරා සසර දිනා..
    ලෝකයේ අන්සතහට සුවය ගෙනා..
    තිලොවට තිලකව නෙත පැහැදූ..
    වදිමු වදිමු සම්බුදු සාදූ..//

    නෙත සිත තුටු කල බුදු රුව බුදු බණ
    ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ..//

    ගායනය - සංගීත් විජේසූරිය (සනිධප)


     
    • Like
    Reactions: DAMER

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    Sumudu%2Bwalawaka.jpg