පද පේළී - EK LYRICS THREAD PART 2

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
ලැබුනත් නෙත් යුග දහසක උරුමේ...
මදි මට මුළු සංසාර යුගේ......
ඔබව බලා ගන්නට අම්මේ.....

11.gif
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
රහසේ හඬනා අප හැඟුම්...

රහසේ හඬනා අප හැඟුම්
ලොව නෑ දන්නේ අප පැතුම්
ලා සඳු පායනා රැයේ
දිලි සේ තරු සේ
තනි වී තැවෙනා පෙම් සුසුම්

හිරිමල් වයසේ සෙනෙහෙන් බැඳී එදා
මතකේ නොමියේ ඔබ මා සිතින් සදා
ආදරයේ රස මියුරු වේදනා

සඳ රෑ සිහිනේ සෙවණැල්ල සේ වෙලී
ඉමු අපි සොඳුරේ සුපුරුදු ලෙසින් බැඳී
ආදරයේ රස මියුරු වේදනා

රහසේ හඬනා අප හැඟුම්...
 
Last edited:
  • Like
Reactions: DAMER

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
තරු පාට නිලට දිලිසෙන...

තරු පාට නිලට දිලිසෙන
ඇස් කතා කරන ලස්සන
මම නොදන්නවා නොවෙයි දන්නවා
මම නොදන්නවා වගේ ඉනන්වා
මල් පාර දිගට ඉහිරුන
රොන් සුවඳ හෙලා හිත මත
මනමාල කතාවන් කියනවා
හිත රිදුනත් නොරිදුනත් හැඬෙනවා

හිත නොහුලන හැම කඳුලම
පිසලන ඔය රළු අත්වල
දැවටි දැවටී ඉන්නද මං හීන කියනා පාරේ
රත්තරෙන් ඇවිද යමූ දුරදිග සංසාරේ

මට නොකියන හැම රහසම
ලියවෙන ඔය තරු ඇස්වල
පැටලි පැටලී ඉන්න තමයි හැමදාමත් ඕනේ
නින්ද නොයනා රෑ තනියට රහසක් මං ගානේ


තරු පාට නිලට දිලිසෙන...
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මල් කැකුළකට ආදරේ කියන්න
තහනම් නැහැ පුංචි සමනලුන්ට
ලඟට වෙලා කවි කියන්න අවසර ඇත්නම්
මට ඉඹින්න තහනම් ඇයි
ඔය සුදු කම්මුල්

අහස තරම් දුරක හිඳන්
පිණි වැස්සක් බිමට එවා
ඔබේ කෙහෙරැලි සිප ගන්නට
අහසට හැකිනම්
ඒ කෙහෙරැලි සිප ගන්නට
ඇයි මට තහනම්

මල් කැකුළකට ආදරේ කියන්න
තහනම් නැහැ පුංචි සමනලුන්ට
ලඟට වෙලා කවි කියන්න අවසර ඇත්නම්
මට ඉඹින්න තහනම් ඇයි
ඔය සුදු කම්මුල්

ගහකොළ නටුවලට හොරෙන්
මහ රෑ ඔබෙ ළඟට ඇවිත්
ඔබෙ සියොළඟ සිපගන්නට
සුළගට හැකිනම්
ඒ සියොළඟ සිපගන්නට
ඇයි මට තහනම්

මල් කැකුළකට ආදරේ කියන්න
තහනම් නැහැ පුංචි සමනලුන්ට
ලඟට වෙලා කවි කියන්න අවසර ඇත්නම්
මට ඉඹින්න තහනම් ඇයි
ඔය සුදු කම්මුල්



මෙක මම ආසම සිංදුවක් මේ ත්‍රෙඩ් එකෙ කලිනුත් දාන්න ඇති සම්හර විට:nerd:
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මේ ඉර හඳ යට හමුවී ආදරයෙන්
කතා කරපු අය සෙනේ වඩපු අය
ළඟ පාතකවත් නෑ
මේ ඉර හඳ යට හමුවී

අද නුඹ කොතැනද අද මා කොතැනද
දන්නේ නෑ නුඹ මටත් හොරා
ජීවන මහ මග සටන් වැදී ඇත
නාඳුනනා පෙම්වතුන් වෙලා

දැන හඳුනා ගත් කාලේ ඉඳලා
ළබැඳි දයාවෙන් සිටිය නිසා
අප වෙනුවෙන් අප නමින් හෙලන්නට
හෙටටත් කඳුලක් ඉතිරි වෙලා


එඩ්වඩ් ජයකොඩි
රඹුකන සිද්ධාර්ථ හිමි
එම්. ආර්. චූලසිංහ
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පෙම් කවක් ලියනවා මම ආයේ
    මල් ගහක් ගහක් ගානේ..
    ඔබ ටිකක් නතර වී බැලුවෝතින්
    හමුවේවි හිත මාගේ..

    අතු අගට මල් පලන්දා..
    මග බලනවදෝ මන්දා..
    බිඟු මාවතේ සුවඳක් වෙලා..
    ඔබ ඈත එන හින්දා..

    බඹරුන් කැකුලින් විමසූ..
    රහසකි කිසිවෙකු නොඇසූ..
    මා කවක් ලියා නැත නමකි ලියූ..
    ඒ ඔබෙ නම මා සැනසූ..

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පෙනෙනා නිසා අඳුරේ පවා
    සිහිනේ වටී පැතුමට වඩා..
    මුළු ලෝකයේ සැරිසරා
    ආදරේ දුක දරා, පරමාදරේ දුක දරා
    විඳින තුරා..

    මුරකාවල් හැදී අන්ධකාරේ දුක් විඳී
    සිහිනේ යවුල පාවී සම්ප්‍රධායේ ගෙල සිදී..
    දුක නොතැකූ ආදරේ ඇතී
    දෛවයෝගේ කඳුළු ගෑ යාගෙකී..

     
    • Like
    Reactions: DAMER

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දුරස් වන්නට මේ ලෙසින්
    ඇයිද අප හමුවුනේ
    දුරස් වන්නට මේ ලෙසින්
    මොටද අප ඉපදුනේ

    අත්වැල් බැඳගෙන මංමාවත් දිග
    ඔහේ ඇවිදගිය කාලය මතකද
    පුංචි ළැදැරියක් වගේ සුරතලෙන්
    ඔබ හිනැහුනු ඒ කාලය මතකද

    අනාගතේ ගැන අහස් මාළිගා
    අප දෙන්නා මැව් කාලය මතකද
    ඔබේ පෙම්වතා ලෙසින් එදා මා
    ඔබේ ළඟින් උන් කාලය මතකද
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සඳ අහිංසකයි හිතට පෙම්බර
    මට එහෙම හිතුනෙ හුඟක් ඉස්සර
    අද මගේ ලොවේ රැඳුනත් අඳුර
    මට ආයෙ එපා සෙනෙහෙ ගින්දර

    මුළු සංසාරෙම පැතුව ඔය හිත
    මගෙ දිවිය ලෙසින් රැකපු සෙනෙහස
    අද වංක වුණා අහිංස මට
    ශාපයක් වෙමින් සෙනෙහ නාමෙට

    ගීතයක් වුණා පාරවන හිත
    මිරිඟුවක් වගේ ඔබේ සෙනෙහස
    යළි පතන්නේ නෑ තනි වේවි ලොව
    මම හඬන්නෙ නෑ ආයෙ සඳහට..:no:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මල් වගේ සුමුදු හිත රිදවා
    දෑසෙ කඳුළු බිංදු තියා..
    හිතුවෙම නැහැ කිසිම දිනෙක
    මා තනිකර යාවි කියා..

    තරුකැට ගණන් කරන පාළු මේ රැයේ..
    ඇස් දෙක දිගේ කඳුළු බොඳවෙලා ගියේ..
    ඔබේ හිතින් මට දඬුවම් කලා දැන් ඇතී..
    ඉස්සර වගෙ හිනාවෙලා යන්න ඇයි බැරී..

    හදවත ගිණිගයි ඔබ සිහිවෙනා රැයේ..
    මතකයි ලෙංගතු ඔබෙ වඳන් මට ඇසේ..
    හිතාගන්න බෑ ඇයි හිත වෙනස් වී ඔබේ..
    දරාගන්න බැරි දුක හිත පෙලයි දැවි දැවී..

    ෴෴෴෴෴෴෴෴෴෴෴෴

    සඳේ එළියෙන් පවා ඇඳුනේ නුඹගේ සිනා..
    රැයේ සිහිනේ වෙලා හිනැහෙන් මා හා ඔයා..
    හදේ සෙනෙහෙ අමතක කර නොයන් මා දමා..
    මගේ පණ ඔයා..

    රෑ සිහිනෙන්වත් ඇවිදින් හමුවන්න ඔයා
    නුඹයි මගේ ජීවිතේ සදා..
    සිහිනෙන්වත් හිතන්නෙපා යන්න මා දමා
    ආදරෙයි මා සදා..
    අහිමිවෙන්න එපා හදේ නැගෙයි වේදනා..
    මගේ පණ ඔයා..

    මහද අහස් තලයේ පෑයූ සඳයි ඔයා..
    අමාවකයි නුඹ නැතිවුණ දා..
    හත්දින්නත් තරු පොකුරෙත් දුටුවෙ නුඹෙ සිනා
    ආදරෙයි මා සදා..
    අහිමිවෙන්න එපා හදේ නැගෙයි වේදනා..
    මගේ පණඔයා..

    ෴෴෴෴෴෴෴෴෴෴෴෴

    අඳුර මැඳින් ඔබ එනවද ආදරේ අරන්..
    නැගෙන හිරු මැදින් බසින හිරු මැදින්..
    ඉතිං කියනවද මට ආදරෙයි එක වරක්..
    රිදෙන සිත දුකින් දැවෙන සිත දුකින්..

    සුසුම් පොඳයි නුඹ මට මගෙ ජීවිතය ගෙනියන..
    මගේ සුසුම් පොඳයි නුඹ..
    නුඹ ආදරෙයිද මට මහ සාගරය තරමට..
    කඳුළක් වෙන්නෙපා නුඹ..
    මේ අහසක් තරමට දැනෙනවා නුඹගෙ සෙනෙහස..

    සරා සඳකි නුඹ මට සිත් අහසම එළිය කළ..
    අඳුරක් දෙන්නෙපා නුඹ..
    නාමල් සුවඳකි නුඹ සිත් මළුවම සුවඳ කළ..
    දැනෙනවා නුඹගෙ සෙනෙහස..
    නෙතඟින් කඩා හැලෙන කඳුළක් වෙන්නෙපා නුඹ..

    ෴෴෴෴෴෴෴෴෴෴෴෴

    අවිහිංසක ඇස් දෙකකට කඳුළු දුන් තරම්..
    නපුරු වුනේ කොහොමද නුඹ කියන් රත්තරං..
    පෙම් කළ සිත මේ තරමට රිඳවන්න තරම්..
    මම වරදක් කළාද මට කියන් රත්තරං..

    නුඹ වෙනුවෙන් සිත පාමුල තැබූ පෙම් පැතුම්..
    මන්දරාම් හිස් අහසේ පාවුනා සුසුම්..

    සිත නුඹ ගැන විමසන හැම මොහොතකම ඉතිං..
    ඉවසන්නම් මගේ කඳුළ නුඹගෙ සතුට නම්..

    ෴෴෴෴෴෴෴෴෴෴෴෴

    නුඹ මලක් වෙලා හිත අද්දර පිපුණාට..
    නුඹ සඳක් වෙලා හිත් අහසේ පෑයුවට..
    නුඹ දුකක් දීලා හිත් මළුවේ රැඳුනාම..
    නෙතු කඳුළු හඬයි ලොවට මගේ රහසින්ම..

    ඇස් දෙකම වගේ බලාගන්න කීවාට..
    මගෙ දෙනෙත් අන්ධ කරලා නුඹ සැඟවුණිද..
    සිත අමාවකෙත් බොඳ වී ඇත කඳුළින්ම..
    හදවතට දුකක් දී නුඹ ගොස් ඈතටම..

    හදවතේ සෙනෙහෙ නුඹහට නොදැනුනාද..
    නුඹ යන්න ගියේ සෙනෙහස අඩු වුණාද..
    සඳවතට හොරෙන් තරු හට හිනැහුනාද..
    ඒ අමාවකෙත් එළියම නුඹ පැතුවාද..

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කියාදෙන්න හිත නිවාලන හැටී...

    කියාදෙන්න හිත නිවාලන හැටී
    ආදරේ භාවනාවේ
    දරාගන්න බැරි හීනයක් නුඹ
    ජීවිතේ චාරිකාවේ

    හීන කොඳුරන ඇසද නිසසල වී
    මං දැහැන්ගතවී ආදරේ සොයමී
    පේන දසුනක නිඹද මග ‍රැදෙමී
    මං දැහැන් බිඳදා ආදරේ අරුත කියමී


    සිත් බිඳීයා නොමයාද නොදනිම්
    නුඹත් මමම වෙනකල් මං බලාඉන්නෙම්
    බිඳී නොයනා සිතක ඉම සොයමී
    මම නුඹ නොවෙනා කල් නුඹව දැකගනිමි


    කියාදෙන්න හිත නිවාලන හැටී...


     
    Last edited:
    • Like
    Reactions: Good Heart

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    ප්‍රේමයේ මන්දහාසිනී
    යෞවනේ සිහින සාදනී
    නීල නයන නිල් දියේ~සීත නලින නිම්නයේ
    පාවයයි සුන්දරයි ජීවිතේ
    ප්‍රේමයේ මන්දහාසිනී

    තාරකා නිවා දමන්න නෙත් කැලුම් විදා
    මා සිතේ විඩා නිවන්න පෙම් පවන් සලා
    සඳත් වසන් වෙලා රැයක් මුදුන් කලා
    සඳත් වසන් වෙලා රැයක් මුදුන් කලා
    පාවයයි.. සුන්දරයි.. ජීවිතේ..

    මාලතී වනේ රැඳෙම්ද මල් යහන් තලා
    මීවිතේ අමා පුරම්ද රත් ලවන් පෙලා
    සුසුම් පවන් ගලා හැඟුම් දියත් කලා
    සුසුම් පවන් ගලා හැඟුම් දියත් කලා
    පාවයයි.. සුන්දරයි.. ජීවිතේ..

     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    576076_596900810337252_50817339_n.jpg


    නොදැක ඉන්න බෑ තවමත් අපෙ ආදරේ
    නොපත ඉන්න බෑ තවනම් ඔබෙ ජීවිතේ
    නොහඩ ඉන්න බෑ මොහොතක් ඔබ නැති ලොවේ
    නොනිද ඉන්න බෑ ඔය හදවතේ.......
    ❤❧

    හද පාමුලේ නැවතී ඔබේ
    මතකේ ඔබේ අදටත් මැවේ
    පෙර පෑ සිනා සේදී ගියා කදුලක් නිසා
    මම දන්නවා පෙරමං බලා ඔබ ඇති කියා
    හැමදාම මා ඔබගේ තමා .......❤❧


    සතුටක් හිතේ නැතිවත් මගේ
    පැතුමන් ළයේ තවමත් තිබේ
    හැමදේ දමා පියඹා ඔබේ තුරුලට වෙලා
    සතපා හොවා උකුලේ තියා සෙනහස දොවා
    නුදුරේම මා එනවා සොයා .......
    ❤❧

    නොදැක ඉන්න බෑ තවමත් අපෙ ආදරේ......❤❧❧

    -Uresha Ravihari-
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    පෙර වගේ මගෙ දෙනුවන්
    දුටුවනම් අද ඔබනම්
    ගැවසෙනා වේදනා නිම නොවේ සෑමදා
    නොසිතුසේ අද මගේ
    ජීවිතේටම වඩා මට ඔයා වටිනවා
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මා රහසේ හැඬුවා.. අඳුරේ වැටුනා වැස්සේ තෙමුනා
    ඈ සිහිනේ බිංදා රිසිසේ රිදුනා තනියේ වෙළුනා
    රැයක පින්නේ වැටෙනා කඳුළු සැඟවූ සිනහා
    වහින වැස්සේ මේ ඉන්නේ දැන් ඇයි ඔයා
    සිහින පින්නේ පේනා කඳුලේ පාවී ඇදෙනා
    විටෙක පෙන්නා මග හැරදා යයි දැන් ඔයා....


    :dull::dull::dull:
    ~Janaa~
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මහ වරුසාවට පසුව නැගෙන සඳ...

    මහ වරුසාවට පසුව නැගෙන සඳ
    වෙනදාටත් වැඩියෙන් එළියයි
    නෝක්කාඩුවට පසුව ඔබේ වත
    ඒ එළියට වැඩියෙන් එළියයි

    ඇලදොල පාමුල ගොළුවුන ගීයකි
    අප හදවත් බැඳි සොදුරු සෙනේ
    අද නොදකින ඔබ හෙට දකිනා තුරු
    මඟ බලමින් මා සිත ලතැවේ

    ඔබ මට හමුවුන මල්බර මාවත
    වෙනදාටත් වැඩියෙන් සුවදයි
    විටකදි නැගුනත් සැක බිය ශෝකය
    පිවිතුරු සෙනෙහස අද උතුරයි

    -සෝමතිලක ජයමහ-
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෙතු පියන් වැසෙනා තුරා
    එකට ඉමු යැයි කී ඔයා
    පෙම් දැහැන් බිඳ දුර ගියා
    මගේ සිහිනය බොඳවෙලා
    දෙ‍තැන සිටියත් වෙන්වෙලා
    මගේ සිත ඔබ ළඟ සදා
    කියා දන්නවනම් ඔයා
    යලි සොයා එයි පියඹලා

    මවපු සිහින මතක ද අඳුරේ මට තුරුල්වෙලා
    කියපු වදන් ඇසෙනව තාමත් රත්තරන් ඔයා
    සසර පුරා පතමින් ආවත් ඔබ මගේ වෙලා
    ඔබේ ආදරේ කඳුළක් වී මා ළඟ නතර වෙලා

    නෙතු පියන් ...............

    හදින් හදට යාවී උන්නේ හුස්මටත් වඩා
    සුවඳ ඔබේ දැනෙනව තාමත් වෙලී මා වටා
    අලුත් සඳක එළියක් දුටුවත් ඔබ මුලා වෙලා
    අඳුරු අහසෙ සඳ ඔබයි මගේ මේ ජීවිතේ පුරා

    නෙතු පියන් ...............


    ගායනය :- මංජුල පුෂ්පකුමාර
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    2 4 u

    සිහිනෙන් වූවත් නෑ මා දුටුවේ
    මාගේ දිවියේ අන්ධකාරේ
    ඔබගෙන් පෙර නෑ මා කිසිදා
    හිරු අග බැලුවේ
    නෑ මා කිසිදා හිරු අග බැලුවේ
    පැතුමන් අඳුරේ සිරවුයේ
    ඔබගේ සෙනෙහෙන් ආදරයේ
    අර්ථය ලැබුවේ
    කඳුලැල් දිය දහරා
    නෙතඟින් නොකැඩී ගලා ගියේ මා තනි වී
    සිසිරෙන් මුවා වූ වසන්තේ උදාවූ ලෙසේ

    චන්ද්‍රයන් පිදූ කිරණක් සඟවාලා හොරෙන්
    වර්ණවත් කලේ මාගේ සිහිනේ ඔබේ නාමෙන්
    වැගුරූ ඒ කඳුලැල් බිඳු වියැකී සෙමින්
    ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැඳි සිසිලක් ලෙසින්,
    සිසිලක් ලෙසින්
    ඔබ මා හද පුබුදු කලේ

    වසන්තයයි මාගේ දෙතොලේ
    සිහිවන්නේ ඔබෙ මුව හමුවේ
    කැළඹීලා සැමදා ඔබගේ
    කැළුමන් අතරේ
    අප නෙත් ගැටෙනා මොහොතේ
    ඔබ මා සතුවයි රහසේ හැඟේ සිතේ නිසන්සලේ
    රඟදෙයි ඔබ දෙසනා වදනන් යහනේ තනිවී

    චන්ද්‍රයන් පිදූ කිරණක් සඟවාලා හොරෙන්
    වර්ණවත් කලේ මාගේ සිහිනේ ඔබේ නාමෙන්
    වැගුරූ ඒ කඳුලැල් බිඳු වියැකී සෙමින්
    ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැඳි සිසිලක් ලෙසින්,
    සිසිලක් ලෙසින්
    ඔබ මා හද පුබුදු කලේ //