ලයි ලයි ලලයි ලිලයි
ලලලයි ලලයි ලිලයි//
සීත රැයේ පායා ආ රිදී සදේ
ආලෝකේ මැවේ මැවේ මගේ හදේ
නවතිමු අපි ආදරයේ නවාතැනේ
අත් විදගමු ජීවිතයේ අමා සුවේ
මා පතලා මා සොයලා පෙර යුග යුග ගානේ
ආවාදෝ ඔබ මේ සන්සාරේ
මාගේ මේ දෑත අරන් මට ලන්වීලා
රෑ සිහිනේ මල් යහනේ මා සතපාලා
ආශාවේ මා සමගින් රහසින් කීවා
ආයේනම් වෙන් වීලා මා යන්නේ නෑ
සීත රැයේ....
මා තනිවී සිටි දවසේ මා සනසාලා

ආවාදෝ ඈත ඉදන් සුවදක් වීලා
ඔය දැසින් කීව හැගුම් සතුටක් වේවා
ආයේනම් වෙන් වීලා මා යන්නේ නෑ
මා දිහා හොරෙන් බලා..






