පද පේළී - EK LYRICS THREAD PART 2

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0


ඉස්සර දවසක උදෑසනක ඔබ
මා නළවන්න ඇතී
මා හඬනා විට දුක ඉපදී මට
ලේ කිරි දෙන්න ඇතී
මගේ හිස පිරිමැද මගේ ගත පිරිමැද
මුව සිප ගන්න ඇතී
ඔබ යන විට මා කැටුව යන්න නම්
අමතක වෙන්න ඇතී
 

lankanatha

Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    තහනම් මලක් හිතහා බැදී
    මායිම් බිදී, මාගේ ලොවේ
    මතුදා හිත් පෑරුනත්, ඔබපතා
    හිත පෙරුම්පුරනා

    මගෙ ලයේ එති එතී, රැයේ තනිමැකුවා
    හෙට නැතත් ඔබ හිමි ලොවක්, ඔබම සිත පැතුවා
    කදුලක් නැත ලෝකේ, ඔබේ සිනා රැදෙනා
    ඔබ නෑ ලග මාගේ, තනිවෙලා මා සදා

    ඔබේ සුසුම් හුරු දෙතොල් අද, සීතලෙන් වෙලිලා
    ඔබේ නුවන් හෙට ඔහු ලොවේ, හිරුකිරණ වෙනවා
    ඔබ නැතී සන්තාපේ, උහුලගන්නට බෑ
    තවමත් නෙතු මාගේ මග බලයි, එනතුරා ඔබ යලිත්

     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මේ තරම් සියුමැලිද කලුගල් සිතන්නට වත් බැරි නිසා
    මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා :(
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    කලා වැව ලග ඉලුක් හෙවlනක
    මැටි පිලක පැදුරක් හෙළා

    රිදුම් පිරිමදිමින් බලයි ඔහු
    මැරෙන ඉපදෙන රළ දිහා :(
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඉසුරුමිනියේ නුඹ තැනූ පෙම්බරිය කොතනද කියා
    මා ඇසූ විට හින හුනා ඔහු තවම තනිකඩ යැයි කියා :(
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    රන් තරු පායන අහස බලාගෙන
    ඇයි ඔබ තව හිනැහෙන්නේ
    මගෙ හද දිනු ආදරය සොරාගෙන
    වෙනකෙ‍කු නොවැ අද ඉන්නේ

    මිහිර සොයාගිය මගෙ ජීවය දැන්
    කඳුලැලි හා ලතවන්නේ
    සමාවෙයන් සොඳුරියෙ තවමත් මා
    අතමයි වරද තියෙන්නේ

    කුඩා රුවල බැඳ තනිව සයුර මැද
    ඈත අතීතය දෙස බැලුවේ
    කොහේ සිටන් කොයිබට මා යාවිද
    මටනම් නැහැ වැටහෙන්නේ

    පලා දෙපළු කල හදවත දැන් නම්
    කාට එකතු කල හැක්කේ
    බලාගන්න සෙනෙහස තව ඔබටයි
    මා හද තුල හැමවේලේ

    සමාවෙයන් සොඳුරියෙ තවමත් මා
    අතමයි වරද තියෙන්නේ//

    2ebd4a2b8d3274862a9b3c293804d1db.jpg

     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සැදී රන් අබරණින්
    රිදී සළුපිළි දරා
    නැගී රිය පෙරහරින්
    පැතූ පෙම් ලොව දවා
    මනාලිය වී ළඳේ
    ගියත් ඔබ ඔහු කරා
    මගේ හදවත ඔබෙයි
    මගේ දිවි ඇතිතුරා

    අදින් පසු ඔබේ සිත
    අහිමි වන බව දනිම්
    යලිදු අප දිවි තුරා
    නොඑන බව යලි දනිම්

    ඔබෙන් ලද සෙනෙහසේ
    සුවය නිති විඳින්නම්
    සසර මතු බවයක හෝ
    සුරත ඔබෙ පතන්නම්
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Nalin Perera..............



    මට පෙනෙන දුරින්~
    මට ඇහෙන සරින්..
    තවමත් ඔබ සිටිති බලා~
    මද සිනහා මුවින්..
    තවමත් මගේ~
    අංජලිකා..අංජලීකා..
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Bachi with Ashanthi..............


    හිත හිරි වැටුනාදෝ~
    ඇස් දෙක දැකලා..
    එවන්නද ආදරේ~
    සුසුමක තියලා..
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    මග බලා හිඳිමි මා
    එනතුරා යළි සිහිනයෙන්වත්
    හිත හදා ගනිමි මා
    නෙතු පිරෙන තුරු කඳුලකින්
    දුක සේ ගෙවමි
    මේ කෙටි කලත්
    රහසේ මියෙමි මා
    ඔබ පැතුම එය නම්..

    කිළිටි අඳුරේ එරී සිරවී
    සියළු දේ නැතිවී
    සිලිටි සිරුරේ සුවඳ වියැකී
    දෙළොවකට මැදිවී
    හැඬුමන් අතරේ
    සුසුමන් අසුරමින්
    ගිය ඒ ඔබ දෝ මේ
    අද මෙසේ ගිලිහී වෙන්වී ගියේ
    දුරස් වී විගසින්..
     
    • Like
    Reactions: DAMER

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    අහසේ තරු කැන් ඉහිලා දුකකින් වගේ
    අඳුරේ හෑඬුවා රහසේ
    තනිකම ඉහිලුම් නොදේ
    ගිලුනා හද මා අඳුරේ
    ඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටී
    එහි සැමරුම් රූපමයි ජීවිතේ..

    මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා..

    තනිකම් දැනුනත් හිතට මතකය නැහැ නික්මිලා..
    මනරම් හෑඟුම් දහස සොඳුරේ ඔබමයි සැමදා
    ඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටී
    එහි සැමරුම් රූපමයි ජීවිතේ..

    සුසුමේ වෙලී උණුසුම් වෙවී වස්සානයේ අප ළං වූ හැටී..
    හිරිමල් හිතේ හීනයක් වගේ හීනයක්ද ගීතයක්ද මේ ජීවිතේ..
    ඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටී
    එහි සැමරුම් රූපමයි ජීවිතේ..