පද පේළී - EK LYRICS THREAD PART 2

Tharuroxforjustice

Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    ඔබ ඇපල් මලක් වාගේ.. ලස්සන වසන්ත කාලේ..
    මට හදිස්සියෙන් වාගේ හමුවූ..:love::love:
    පායන්න දෑස මානේ.. උණුහුමට ගින්දරී..
    ගෙනියන්න මාගේ ගානේ... මේ හිත වසුන්දරී..
    දිගු දෑස බැල්ම ඔබගේ..
    ඇයි සොදුරු ඔය හැටී...;)
     
    • Like
    Reactions: amila_90210

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ඔබ මැව්වේ ඔබ හට නොවේ
    මා වෙනුවෙනි මේ භවයේ
    මා මැව්වේ මට නම් නොවේ
    මා හිමි ඔයාටයි ලොවේ

    මා ඔබේ වෙලා
    ඔබ මගේ වෙලා
    අපි දැන් අපගෙයිනේ...

    පෙම්බර හිත් තීරේ
    ආල හැඟුම් බෝ වේ
    දැනුනා ඔබේ ආදරේ...

    ඔය රළු පපු තලයේ
    ඇලවෙන්නම් රහසේ
    ආදරේ වෑහේ හදේ...

    මා ඔබේ වෙලා
    ඔබ මගේ වෙලා
    අපි දැන් අපගෙයිනේ....

    මා පැතු ඔය තුරුලේ
    මියදෙන තුරු රහසේ
    ඉන්නයි මට ඕනේ

    උපදින හැම භවයේ
    ඔබමයි මට ඕනේ
    ඔබටයි සසරම මේ...

    මා ඔබේ වෙලා
    ඔබ මගේ වෙලා
    අපි දැන් අපගෙයිනේ.....

    ඔබ මැව්වේ ඔබ හට නොවේ
    මා වෙනුවෙනි මේ භවයේ
    මා මැව්වේ මට නම් නොවේ
    මා හිමි ඔයාටයි ලොවේ
    මා ඔබේ වෙලා
    ඔබ මගේ වෙලා
    අපි දැන් අපගෙයිනේ.............

    .........මට පේන හීන.......
    :love:
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    කල්පනා ලොව මල් වනේ
    සිහින රජ දහනේ
    ආදරේ
    ආදරේ

    නීල අහසේ තාරකා සේ
    ඈ නුවන් දල්වා බලන්නී
    ප්‍රේමයේ මායා දැලින් මා
    සිත් නුවන් බඳවා තබන්නී

    කල්පනා ලොව මල් වනේ...

    මා වටා සහසක් යුගත් පා‍
    ඈ රුවින් පිළිරූ මැවීලා
    පාව යයි මුළු ජීවිතේ සුදු
    මීදුමෙන් දැවටී එතීලා

    කල්පනා ලොව මල් වනේ...


    ගායනය - අබේවර්ධන බාලසූරිය
     
    • Like
    Reactions: Malinga

    Aarya

    Member
    Dec 3, 2006
    523
    30
    0
    Down under
    Never mind I 'll find some one like you

    I heard that you're settled down
    That you found a girl and you're married now.
    I heard that your dreams came true.
    Guess she gave you things I didn't give to you.

    Never mind I 'll find some one like you
    I wish nothing but the best for you
     
    Last edited:

    Aarya

    Member
    Dec 3, 2006
    523
    30
    0
    Down under

    The scars of your love remind me of us
    They keep me thinking that we almost had it all
    The scars of your love, they leave me breathless
    I can't help feeling
    We could have had it all
    (You're gonna wish you never had met me)
    Rolling in the deep
    (Tears are gonna fall, rolling in the deep)
    You had my heart inside of your hand
    (You're gonna wish you never had met me)
    And you played it, to the beat
    (Tears are gonna fall, rolling in the deep)
     

    Aarya

    Member
    Dec 3, 2006
    523
    30
    0
    Down under
    මා වටා සහසක් යුගත් පා‍
    ඈ රුවින් පිළිරූ මැවීලා
    පාව යයි මුළු ජීවිතේ සුදු
    මීදුමෙන් දැවටී එතීලා

    Really nice
     
    • Like
    Reactions: Malinga

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලා හිරු අවරින් ගිලෙන සැනින්
    පුන්සඳ වී පායා ඇවිදින්
    ඔබ මා අඳුරින් මුදන පිනෙන්
    ආදරයේ කොඳ කැකැළු දකිම්

    හිත කිති කවමින් පෑව සෙනේ
    ජීවිතයේ අම සුවය ගෙනේ
    තුසිතය සිහිවේ හිතට නිතින්
    මා ළඳ සුහුඹුල් පෙම ද උතුම්

    ලා හිරු .............

    මිහිරුවු හිරිමල් හීනයේ
    ඈතින් ඈතට හිත ඉ‍ගිලේ
    සොඳුර ද මෙතරම් ලද අභිමන්
    මා හද සැනසුම් නුඹය සුපෙම්

    රෑ සිහිලැල්ලේ
    වෑහෙයි සඳවතක කැලුම්
    මේ ඔබ සුසුමේ
    පහසින් මුළු ලොව ම විඳිම්


    ගායනය :- රොමේෂ් සහ ලක්ෂාන්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබට තියෙන ආදරේ කියාගන්න බෑ
    ඔබට තරම් මේ වගේ කාටවත් ම නෑ
    සසර සරන තුරු ලොවේ මෙහෙම ඉන්න බෑ
    ඔබට දුන්නු ජීවිතේ නැවත ගන්න බෑ

    කලප ගන්න පෙරුම් පුරා සොයා ආවෙ මා
    වැටෙන වැටෙන හැම කඳුළ ම
    උරුම මට නිසා විඳිමි මම සදා

    ඔබට තියෙන ආදරේ ..............

    හීන ඇතත් හීන් සැරේ තියා ගත්තෙ මා
    රිදෙන රිදෙන හැම මොහොත ම
    මට ම හුරු නිසා හිඳිමි නෙතු වසා

    ඔබට තියෙන ආදරේ ..............


    ගායනය :- රොෂාන් ප්‍රනාන්දු
     

    tvw25

    Active member
  • Dec 5, 2007
    499
    99
    43
    38
    Colombo
    වහින්නට හැකි නම් ගිගුම් දී වියලි ගම් බිම් වලට ඉහළින්
    ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොයිදෙන පැළක රහසින්

    රැදෙන්නට හැකිනම් ළමා කැළ හඩන දෙතොළක සිනාවක් වී
    පිපෙන්නට හැකිනම් තුරින් තුර නෙළා ගත හැකි වන මලක් වී

    නිදන්නට හැකිනම් දෙනෙත් තුළ සබෑවන සුබ සිහිනයක් වී
    ගැයෙන්නට හැකිනම් දොරින් දොර ලොවම පූබුදන ගීතයක් වී

    වහින්නට හැකි නම් ගිගුම් දී වියලි ගම් බිම් වලට ඉහළින්
    ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොයිදෙන පැළක රහසින්
     
    • Like
    Reactions: amila_90210

    tvw25

    Active member
  • Dec 5, 2007
    499
    99
    43
    38
    Colombo
    බුදුන් දැක නිවන් දකින්න මේ සංසාරේ
    අපි ඇසු බණ මදි වුනාද මේ ධම් දීපේ
    සිල් ගත්තා පින් කෙරුවා දිවා රෑ දෙකේ
    අතරමං වුනේ කොහොමද අපේ ජීවිතේ
    අපේ ජීවිතේ

    සාදුකාර දී ගිය ගිය පන්සල් ගානේ
    පැතුවා හැමදා පේවී අපි නිර්වාණේ
    දැහැමි සිතින් පහන් තියා මහ බෝ සෙවණේ
    වැඳ වැටුනා ගාථා කියා අපි තුන් සරණේ

    භාර හාර වී වැඳ වැඳ අටමස්ථාන
    කරුණා කෙරුවා පේවී මුණි සිරි පාදේ
    සැදැහැ සිතින් නිවන් පතා දළදා මැදුරේ
    මල් පිදුවා ගාථා කියා අපි තුන් සරණේ
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    නිය රටා.. මවනවා..
    අපතරේ… වූ කතා
    රැය පුරා උණුහුමේ
    මල් පෙති තලා…

    සයනයක් නිදනවා
    මේ රැය අපගේ වූ නිසා..
    ආදරෙන් නග්න වූ
    හිමිකම් සොයා…

    උනුසුම් උදයක සුවදින්
    ගත පිබිදී ගිය…
    ඔබේ නම සොයනවා තාමත්
    නිය සිතුවම් පුරා…

    සරාගයේ.. රැයේ..
    පිනිබිඳුවක් වී වැටී….
    මා… සිතේ හිඩසක් මවා…
    යහන්තලේ… වැතිරී…
    අද තනිකම ඉතිරි වී…
    සද ඇතිරිල්ලේන් වෙලී.. තනිවුනා…

    කාමරේ මුළු පුරා..
    නෙක සලුපිලි තනිවෙලා…
    මා සිතින්.. හඩනවා..
    දෙස බල බලා…

    මං මුලා.. වූ සිතින්..
    මා මල් සුවදක් විදිනවා…
    බැදීම්ක්.. ඇති රුවක්
    හා මා වෙලී…

    උනුසුම් උදයක සුවදින් ගත පිබිදී ගිය…
    ඔබේ නම සොයනවා තාමත් නිය සිතුවම් පුරා…

    සරාගයේ.. රැයේ.. පිනිබිඳුවක් වී වැටී….
    මා… සිතේ හිඩසක් මවා…
    "යහන්තලේ… වැතිරී…අද තනිකම ඉතිරි වී…
    සද ඇතිරිල්ලේන් වෙලී.. තනිවුනා…

    සනුක වික්‍රමසිංහ
     
    Last edited:

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    මගෙ දෑසෙ කඳුළු තව දෑසක
    සතුටු කඳුළු වෙයි
    අද ඇත ඇය මට හිමි නැති
    මගුල් පෝරුවේ //

    මට ඇය දුන් වේදනා
    ඇගෙ දෑසින් තේරුණා //
    මිලින කළේ ඇයි මැණිකේ
    පරම චේතනා
    පරම චේතනා

    මගෙ දෑසෙ කඳුළු තව දෑසක...

    නොඉඳුල් පෙම මා පැතූ
    ඔබ කළ හැටි අන් සතූ //
    මට දුන් දුක නොදෙනු මැනවි
    ඔහුට මින් මතූ
    ඔහුට මින් මතූ

    මගෙ දෑසෙ කඳුළු තව දෑසක... //


    ගායනය - ටියුඩර් ජයශාන්ත
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    අහසින් එහා තරු මං දිගේ
    පියඹන්න දැන් විහඟකු ලෙසින්..
    අහසින් එහා සිහිනය දිගේ
    පියඹන්න නම් ආසයි ඉතින්..
    සිත කළඹමින් හැඟුමන් එබී
    ඔච්චම් කරේ කවදාක හෝ නොදැනුනු ලෙසින්..
    හද ගී පොතේ සත්සර නැගී ඒ ආදරේ..

    සිතුවිලි කුසුම් විකසිත වෙමින් මකරන්ද සුවඳින් පිරේ
    ඔබගේ හදින් විවරණ අරන් ජීවිතය ගීයක් වුණේ
    දවසක උතුම් කිරුළක් දරන් ඔබ එන්න රැජිනක් ලෙසින්..

    සිත කළඹමින් හැඟුමන් එබී ඔච්චම් කලේ
    කවදාක හෝ නොදැනුණු ලෙසින්..
    හද ගී පොතේ සත්සර නැගී ඒ ආදරේ..
     
    ඔබ නැති මේ රැයට
    පුරසද එලිය කුමටද
    ඔබ නැති මේ බිමට
    නළමුදු සුවද කුමටද……

    මහා කනදරා වැවට සද වැටිලා
    දියේ ගිලේය විකල්වී
    තුරු හිස හාදු දිදී උන් කිරලුන්
    කොහේ ගිහින්ද ඉගිල්ලී


    හමුවී ඇසට ඇසක් නැගූ පහන්
    නිවී ගියාද නොකල්හී
    සුන්දර රාතී‍්‍රයම මවිත සිතින්
    බලා හිදීවී නොසෙල්වී
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    ..ගඟුලේ බිඳෙන හීන හිනා මගේ
    වදුලේ ඇසෙන මිහිරි කතා මගේ

    පෙම පිදූ නොසංගා හී දැරූ අනංගා //

    ඔබ ළඟින් රුවක් ලෙසින් හිඳිම්
    කුල ගෙය දෙව් ලොව සදිසි
    ගඟුලේ බිඳෙන හීන හිනා මගේ


    තිසර තුඩග ලෙලෙන පියුම වාගේ
    වෙලෙමි විඳිමි නිබඳ ඔබගෙ ආලේ //

    ඔබ හා ආ මේ මං පෙත මාගේ //
    ගම්දොර අහස වසන සරා සඳම වූයේ
    ගඟුලේ බිඳෙන හීන හිනා මගේ


    ගහට වැලට හැඬුම නොමැත ආයේ
    සුළඟ විලස රැඳෙමි පෙනෙන මානේ //

    මේ රජ දානේ බිළිඳෙකු දෑසේ //
    හිමියෙනි කෙදින සිනහ ඉතිරෙද සිරියානේ

    ගඟුලේ බිඳෙන හීන හිනා මගේ
    වදුලේ ඇසෙන මිහිරි කතා මගේ

    පෙම පිදූ නොසංගා හී දැරූ අනංගා //

    ඔබ ළඟින් රුවක් ලෙසින් හිඳිම්
    කුල ගෙය දෙව් ලොව සදිසි
    ගඟුලේ බිඳෙන හීන හිනා මගේ


    ගායනය - දීපිකා ප්‍රියදර්ශනී..