පද පේළී - EK LYRICS THREAD PART 2

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හද මාගේ සනසන්න සඳ රේණුවේ
    හිත ගාව ළඟ ඉන්න රෑ සීතලේ
    පියඹාලා ළං වෙන්න මේ යාමයේ
    පෙම් සිහින සිතුවම් මැවේ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඈත එක් යුගයක ලෙයින් නැහැවුන සමයක
    කව්කාස්කි නගරයක සාපලත් නගර යයි නම් වූ
    විසුවා යුව රාජයෙක්
    ජෝර්ජි අබෂ්විලි ඔහුගේ පුදුම නම විය
    රූමත් බිරියකුත් දරුවෙක් ද පෘශ්ඨිමත්
    සිටියාලු මේ රජු හට
    ගෲසීනියාවේ වෙන කිසිම සුරෙකුට නොවූ තරම්
    අසුන් අස් හලෙහිද යාචකයින්ද දොරකඩ
    භටයෝද සේවයේ පෙත්සම්කරුවෝද ගෙමිදුල
    මේ රජුට සිටියා
    ජෝර්ජි අබෂ්විලි කෙසේ නම් විස්තර කරන්නද ඔහු
    ඔහු සැපෙන් සිටියා
    පාස්කු ඉරු දින උදයේ පවුලත් සමග ඔහුගේ
    සපැමුණා රජු දේව මැදුරට

    http://www.elakiri.com/forum/showpost.php?p=12864504&postcount=410
     
    මත් මල් සේනා පාවේ පාවේ දෑසේ දැවටේ මා
    සිත්තම් වීලා මා නෙත් මානේ සෙනෙහේ සුවසේ මා
    ලා ඉරේ රන් ගෑවිලා සදා ස්නේහයේ මල් වැහි වෑහුණා

    පිපි හාදු සුළඟේ මුවගාව ගැවසේ
    දෙතොලේ ලැඟුම් සොය සොයා
    සඳ රේණු යායේ මෘදු සීත පිරුණේ
    ළංවෙන්නමයි නෙත් පියා
    උදාවේ මා සෙනෙහේ මුදා
    නෙක ස්වර්ණ රැස් රඟනා වැහි තිරේ
     
    Last edited:
    සේයාවක්වත් හද තුල මා නොවන ලෙසේ
    මායවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ
    සේයාවක්වත් හද තුල මා නොවන ලෙසේ
    මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ

    චකිතය වත් නැතිද නැවතුවේ...
    මතකය කෙලෙසදො මියැදුනේ...

    හද දැවුනා කඳුලේ ගිලුනා
    නෙතු නිවුනා අඳුරේ එතුනා..
    නිවුනා ලොකේ දැවුනා
    ඔබ නිමැවූ සිහිනේ බිඳුනා..

    කඳුලැල්ලක් වත් නෙත තුල මා නොරැදෙන සේ
    මගෙ ලොව ගිනි දැවෙනා යලි නොනිවෙන සේ
    කඳුලැල්ලක් වත් නෙත තුල මා නොරැදෙන සේ
    මගෙ ලොව ගිනි දැවෙනා යලි නොනිවෙන සේ

    චකිතයවත් නැතිද නැවතුවේ...
    මතකය කෙලෙසදො මියදුනේ...

    හද දැවුනා කඳුලේ ගිලුනා
    නෙතු නිවුනා අඳුරේ එතුනා
    නිවුනා ලොකේ දැවුනා
    ඔබ නිමැවූ සිහිනේ බිඳුනා...

    නිමේශයක් විය අපේ ලෝකේ
    සමනලයින් සේ පියඹුවත් ඒදා
    චපල හැගුම් ඔබෙ මා දැවූයේ
    මායාවේ නෑ මා යලි බැඳෙන්නෑ
    මායාවේ නෑ මා යලි බැඳෙන්නෑ

    හද දැවුනා කඳුලේ ගිලුනා
    නෙතු නිවුනා අඳුරේ එතුනා
    නිවුනා ලොකේ දැවුනා
    ඔබ නිමැවූ සිහිනේ බිඳුනා...

    ඔබ නිමවූ සිහිනේ බිදුනා...
     
    පෑල දිග අහසේ පාට දේදුනු සේ
    රැදී නොරැදී මගේ මතකේ
    හිඳී ඔබ රහසේ
    ලබැඳී මියුලැසියේ

    සිතින් මගෙ සිත දරාගෙන ඔබ
    ගෙවා ආ මග ඉතින් නිමවේවි
    කඳූළු ගංතෙර නතරවෙමි මම නම්
    සිනා තොටුපල සොයා යනු මැන
    ලබැඳී මියුලැසියේ

    පෑල දිග අහසේ පාට දේදුනු සේ
    රැදී නොරැදී මගේ මතකේ
    හිඳී ඔබ රහසේ
    ලබැඳී මියුලැසියේ......

    කිරි සිනාවක සුවඳ කැටිවුණු
    සිහින ගිනිගත් වසන්තය මිහිරියි
    කඳූළු ගංතෙර නතරවෙමි මම නම්
    කඳූළු තොටුපල අතැර යනු මැන
    ලබැඳී මියුලැසියේ

    පෑල දිග අහසේ පාට දේදුනු සේ
    රැදී නොරැදී මගේ මතකේ
    හිඳී ඔබ රහසේ
    ලබැඳී මියුලැසියේ......
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හදාගන්න මේ හිත මාගේ, හිනාවෙන්න මා රවටා
    දමායන්න දෝ ලන්වුයේ, කියාදෙන්න වරද සොයා
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    පුදසුනක නිසල බව ලද පෙමට තිබුණි නම්
    හදවතක නොවෙයි මේ තරම් සුසුම්
    මට කියනවාද මට කියනවාද
    බැඳි ආදරයට ඇයි දුන්නේ රිදුම්

    මල් විලක එලා තිබු මුදු සුවඳ නෙළාගෙන
    සැනසිල්ල ළඟින් හිනැහෙන්න ගිහින්
    දුක හඬන හැඬුම්
    ඔබ දන්නවනම් නෑ දෙන්නේ තැවුල්

    සිල් සඳක ප්‍රභා ඇති පෙම් වරම උතුම් ලෙස
    පුද දුන්නු බැතින් පණ ගැහෙන තරම්
    ලෙන්ගතු සිතකින්
    මැන බලනවනම් නෑ ඉන්නේ දුරින්

    Artist : Dayan Witharana

     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔය මුදු පහසෙ දැවටෙන්න මගෙ ජීවිතේ
    සද කිරණක්ව සරසන්න මගෙ ආදරේ
    මට පවසන්න ඔය නෙතගෙ රැදි ආදරේ
    මගෙ හිත තාම නුඹ ගාව රැදිලා තියේ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හිනැහෙන්නේ මං මේ විල් තීරේ පිය මැන්නෙ
    ඔබ එක්ක මං මේ ගංගාවේ පැද යන්නෙ
    ඔබ හින්දා මං මේ සංසාරේ සැනසෙන්නෙ
    අත ගන්න රැකගන්න
    මට ඉන්න නිල් නයනියේ
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නෙ නෑ
    ඔබ එපායැයි මට සිතුනත් එපා වෙන්නේ නෑ
    යලි ඒවියැයි සිත කිව්වත් ඔබ යලි ඒනේ නෑ
    සිත පුරා අදරේ කරන්නට මට දැන් කවුරුත් නෑ

    අඩ අඩා මම කල් ගෙවුවත් ඔබ ලැබෙන්නේ නෑ
    නොලැබෙනා බව මම කිවුවත් සිත පිලිගන්නෙත් නෑ
    මම නොමැති ලොව කවදාවත් ඔබ තනිවෙන්නේ නෑ
    ඔබ නොමැති ලොව කවදාවත් මට හිතේ සතුටක් නෑ

    මතකයන් අමතක කෙරුවත්...

    සිහිවෙනා හැම මොහොතකදී නොසිතා ඉන්නත් බෑ
    හුදකලාවේ ඉන්නට සිතුවත් එහෙම ඉන්නත් බෑ
    සිත සිතා ඔබගැන හැමදාමත් මට හඩන්නත් බෑ
    ඔබනැති පාලුව මට දැනුනත් වෙනස් වෙන්නත් බෑ

    මතකයන් අමතක කෙරුවත් ...

    ගායනය:- දුශාන් ජයතිලක

     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හැමදාම ඔබ මාගෙ පවසා
    කඳුලේම උන් කාලෙ පෙරදා
    දැණුනේම නෑ ඔහුගෙ කියලා
    හිතුවේම ඔබෙ වෙන්න මතු දා
    පිළිගන්න අදිමදි කලා
    මගේ පණ ඈත යනු දැකලා.....
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    තරිඳු නැගෙන යාමේ
    සිසිල දැනෙන යාමේ
    ඔය දෑස මතකේ නැගේ
    කුමට එක් උනාදෝ
    කෙලෙස වෙන් උනාදෝ
    සැඟවී ගියාදෝ සෙනේ…

    කොඳ මල් පිපී රැහැන්
    මට ළං වෙලා
    ගයනා වූ පෙම් ගායනා
    නෑසිලා ගියාවේ
    තනිව තනි උනාවේ
    හමුවේද සිහිනෙන් රැයේ…

    මේ වේදනාවෝ ඔබටත් දැනී
    රතුවෙයිද ඔය නෙත් ඔබේ
    තැවුල් නිවා දෑසේ
    පැතුම් පතා ආයේ
    හමුවේද සසරේ යලි…
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    කදුල දුක ඉවතට දමලා. . සතුට ලංකරගමු හිතලා. .
    දුකට පල නැහැ තව හඩලා. . නව දිවියකට මග සැදිලා. .

    අතීතය ගැන පසු තැවිලා. . පලක් වේවිද ඉකිබිදලා. .
    අනාගතේ නෙත් යොමුකරලා. . හදමු ඒ ලොව ඔප කරලා. .

    අහසේ දෙවියෝ නෑ හිටියනම් පොලවේ ආතල් විතරයි. .
    හැමදෑම ලතවුනොත් හැමදාම දුක විතරයි. .
     
    ඔයි ඔයි ඔයි ඔයි
    ඔයි ඔයි ඔයි ඔයි
    ඊ…යා

    මර මර ඔටා දමඤ්ඤා
    මර මර ඔටා දමඤ්ඤා
    නිල් බදුනා රිලා මොටයා ඔටා දමඤ්ඤා
    මර මර ඔටා දමඤ්ඤා
    ඊ…යා

    කන්දෙ ගමං පොජ්ජට මංගච්චනකං උඤ්ඤා
    බිලිඳුන්ගෙ ගමං පොජ්ජට මංගච්චනකං උඤ්ඤා
    මර ඔටා දමඤ්ඤා
    මර මර ඔටා දමඤ්ඤා
    නිල් බදුනා රිලා මොටයා ඔටා දමඤ්ඤා
    මර මර ඔටා දමඤ්ඤා
    ඊ…යා

    මොමිය මොමිය මෝ දෙයියා
    මොමිය මොමිය මෝ දෙයියා

    උඩු කන්දේ උඩ සිටිනා රතී රතී
    යට කන්දේ දිය නානා රතී රතී

    ඔටා දමන රතී
    මර කෑර ගාන රතී…


    ඔක් මා සිටු ඔක් මා සිටු ඉරු දෙයියන්නේ
    ඔක් මා සිටු ඔක් මා සිටු සඳ දෙයියන්නේ
    ඉරු දෙවියන්ගේ ඈයෝ සඳ දෙයියන්නේ
    සඳ දෙවියන්ගේ ඈයෝ පසේ බුදුන්ගේ
    ගෝයා පුච්ච කෑ තැනදී
    ගෝයා පුච්ච කෑ තැනදී කුණ ගච්ඡන්නේ
    මීන පුච්ච කෑ තැනදී
    මීන පුච්ච කෑ තැනදී කුණ ගච්ඡන්නේ

    ග්‍රැන්විල් රොද්‍රිගෝ

     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හද මාගේ සනසන්න සඳ රේණුවේ
    හිත ගාව ළඟ ඉන්න රෑ සීතලේ
    පියඹාලා ළං වෙන්න මේ යාමයේ
    පෙම් සිහින සිතුවම් මැවේ //

    රහසේම සිප ගන්න ආවාද මන්දා
    පෙම් සිහින හැඟුමන් හදේ කොඳුරලා
    ආදරේ පෙම් පවස දැනිලාද මන්දා
    ඔබේ ප්‍රේම හැඟුමන් හදේ විසිරිලා
    මින්දදගේ හී සරය වැදිලා හදේ
    සිත බැඳුනා මගේ සෙනෙහේ

    හද මාගේ සනසන්න සඳ රේණුවේ
    හිත ගාව ළඟ ඉන්න රෑ සීතලේ
    පියඹාලා ළං වෙන්න මේ යාමයේ
    පෙම් සිහින සිතුවම් මැවේ

    රෑ අහසේ තරු රෑන හොරැහින් බලාලා
    සඳ තරුද අපේ පෙමට ඉඟි බිඟි කලා
    ඒ සිහිනේ පෙම අපගෙ තරු වාගේ දිලිලා
    තරුවයි සඳයි සේම ඉමු එකට බැඳිලා
    මින්දදගේ හී සරය වැදිලා හදේ
    සිත බැඳුනා මගේ සෙනෙහේ

    හද මාගේ සනසන්න සඳ රේණුවේ
    හිත ගාව ළඟ ඉන්න රෑ සීතලේ
    පියඹාලා ළං වෙන්න මේ යාමයේ
    පෙම් සිහින සිතුවම් මැවේ //


    ගායනය - කීර්ති පැස්කුවෙල්, නිරෝෂා විරාජිනී
    සංගීතය - කසුන් පැස්කුවෙල්
    ගී පද - අනුර මාගලගේ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    රෝස පාට මේ හැන්දෑ අහසම පාළු වෙලා
    කතා නොකර මගේ පුංචි කිරිල්ලී නපුරු වෙලා
    ගමෙන් ගියපු ටික කාලෙට නුඹ හරි වෙනස් වෙලා
    මාත් උන්නේ හරි දුකකින් නුඹගෙන් දුරස් වෙලා
    මාත් උන්නේ හරි දුකකින් නුඹගෙන් දුරස් වෙලා
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කඳුළ ඉතිං සමාවෙයන්
    අපි වෙන්වෙමු අද හවසට
    මගේ ගෙපැළට ඈ එනවා
    සිරි යහනේ තනි රකින්න
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කවිකාරියේ
    සිංදු කියනා ළඳේ
    නුඹදෝ රැහේ කෝකිලා
    මගෙ පාඩුවේ
    යන්ට යනවා ඔහේ
    අනේ ස්වාමී
    හැන්දෑ වෙලා