පද පේළී - EK LYRICS THREAD PART 2

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    මම මුකුත් කියන්නේම නෑ මයි
    හිත රිදෙන කතන්දර බෝමයි
    ඔබව තේරුම් ගන්නම බෑමයි...
    වෙන් වෙන්න හිතන්නෙත් ඔබමයි
    වෙන් වෙන්න හිතන්නෙත් ඔබමයි

    මුදු සලා සදේ සිහි ලැල්ලේ
    හිරු කිරණ ගෙනෙන අරණැල්ලේ
    මුතු පින්න පිපුන තන නිල්ලේ
    හමු උනා එදා සැන සිල්ලේ
    මුතු පින්න පිපුන තන නිල්ලේ
    හමු උනා එදා සැන සිල්ලේ

    මම මුකුත් කියන්නේම නෑ මයි

    ඒ මිහිරි අතීතය නිම වී
    නෙතු කදුලු වලින් යමු වෙන් වී
    ඔබ ගියත් කෙනෙකු හා ලංවී
    මා ඉන්නම් සැමදා තනිවී
    ඔබ ගියත් කෙනෙකු හා ලංවී
    මා ඉන්නම් සැමදා තනිවී

    මම මුකුත් කියන්නේම නෑ මයි....

     
    අප හමුවුන තැන තනියෙන්
    ඔබ විතරමයි ඉන්නේ..
    ඔබ හැරගිය හැටි සතුටින්
    ඉන්නවද නෑ දන්නේ..

    කවදාවත් ඔබ නාවත් තරහ නෑ හිතුනේ
    එක පාරක් දුටුවානම් කඳුළු නෑ දෙන්නේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආදරේ ඔබෙන් දැනුණු තරම්
    දැනි දැනී ‍හිතම වෙලූ තරම්
    ජීවිතේ සතුට මේ තරම්
    නැහැ දැනුණෙ මේ ලෝකේ
    මට ලැබුණු ඔබෙ‍ෙගන් තරම්

    ඔබ මැවූ පද‍ පෙලින්
    මා හදේ ගීතයක් වී වයා
    නොමැකෙනා නද වලින්
    ජීවිතේ තනුව මම වී වයා
    උපදිනා මතු හැම භවේ
    මං ඉන්නවා ඔබගෙ
    පපු තුරුලෙ උණුහුම වෙලා

    කටු මතින් යන ජීවිතේ
    මල්වලින් අපි සරසමූ
    ඔබෙ හැඟුම් මගෙ කියා
    සමසිතින් අපි විඳගමූ
    උපදිනා මතු හැම භවේ
    මං ඉන්නවා ඔබගෙ
    පපු තුරුලෙ උණුහුම වෙලා

    ආදරේ .................


    ගායනය :- ප්‍රදීප් රංගන
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    වෙස්සන්තර බිසෝ නුඹව දන් දෙන්න බෑ නාටකේ
    රූ සෝබා අලංකාරේ උන්මාද වේ ජීවිතේ
    රන් පුන්සඳ වැනි බිසොවුන් රූ සිරි
    නැතිදා පලක් වේද සිංහාසනේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හැඩකාර කටකාරියේ
    ඔබේ මේ සුපෙම් පෙම් සිනා
    දිගු දෑස මන්දාකිණී රැයේ
    තනි තරුව පේ වුණා
    ඔබ මගේ මේ ආදරේ
    මුළු ජීවිතේ එළියක් කළා
    ඔබ මගේ මේ ජීවිතේ
    මිල නොවන මැණිකයි සදා
    මෙතුවක් මාගේ
    ආදරේ ඔබටයි පෑවේ
    ජීවිතේ ප්‍රේමේ නාමයෙන්
    දැවටෙන්න මා හා දැන් ඔයා

    දෑසෙ කී කථා තේ‍රුනා
    කාටවත් හොරා මා දිහා
    යන්තම් හරි බලා පැවසූ
    කථාවක් ‍සිහිවෙලා

    ඔබ මගේ ........................

    මහදෙ කී කථා නෑසිලා
    පාලුවෙන් බලා මා දිහා
    දුක්වී ඉන්නෙපා
    දිවිතෙක් ඔබේමයි සදා

    ඔබ මගේ ........................

    හැඩකාර .......................


    ගායනය :- ප්‍රගීත් M පෙරේරා
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ආදරේ ඔබේ දෑසේ සැඟවිලා හොරෙන් වාගේ
    මා දිහා බලා ඉන්නේ හිත පුදන්නදෝ මට රහසේ
    යෞවනේ නැවුම් ලෝකේ රන් සිනා ඔබෙන් දුටුවේ
    ආදරේ සොයා ඔබගේ දෑත ගන්න මේ මා ආවේ

    ඔබ පුන්සඳ වී පායා මගේ හද අහසේ දිලෙන්නේ
    ලංවුණා මා මුලින් දුටු දවසේ ම සිත ළඟ දැවටුණා කුළුඳුල් ප්‍රේමේ
    ලස්සනයි ඔබ මලක් සේ කෙල්ලේ සුරකින්නම් සැමදිනේ ආදර සුදු කෙල්ලේ
    රිදී තරුවක් වී පායා ඔබ හද අහසේ දිලෙන්නේ
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔබෙ නිල් නුවන් තලාවේ
    සැලේ... කඳුළු මිදිලා
    මට ඒ මැදින් පෙනෙන්නේ
    අපේ මතක මැවිලා
    ඔය දෑත මාගෙ දෑතේ
    සතපා ගෙවූ අතීතේ//
    දෙදෙනා නොවේද දන්නේ
    සිත දන් තමයි සිතන්නේ
    මුලදි උනේ මුලාවයි
    වැරදිම මා අතේමයි//
    නොසැලී බලා එදා මෙන්
    ඉඳිමිය ඔබේම
    නාමෙන්...

    Artist : Milton Mallawarachchi
    Lyrics : Karunaratha Abeysekara
    Music : M.K.Roksamy
     
    කාත් කවුරුවත් නෑ එන්නේ..
    ඉදුල් නොවේ රුදු මිනිස් ඇසින්..
    අපේම පුංචි ලෝකයේ අපි ඉන්නේ..
    බමරුන් විතරයි තනියට ලඟ ඉන්නේ

    වික්ටර්

    බඹරු නැතත් මැස්සෙක් නම් ඉන්නවා :lol:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ආලවන්ත නෙත් විදා..
    මන්දහාස නංවනා..
    සඳකින්නරී සුන්දරී..
    මුතුපලස මත දිදුලනා..
    මනබන්දිනී නන්දිනී..
    මුතු පලස මත හිනැහිලා..

    සඳකැන් හොරෙන් මුව තවරලා
    මල් මල් ගවුමකින් ගත සරසලා
    ඉදිකඩ උඩින් තරුනෙත් වසා
    මතකයි තවත් අපි හිනැහුනා..
    මතකයි......තවත් ඔයා හිනැහුනා

    දයාසිරි ජයසේකර
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කාත් කවුරුවත් නෑ එන්නේ..
    ඉදුල් නොවේ රුදු මිනිස් ඇසින්..
    අපේම පුංචි ලෝකයේ අපි ඉන්නේ..
    බමරුන් විතරයි තනියට ලඟ ඉන්නේ

    වික්ටර්

    බඹරු නැතත් මැස්සෙක් නම් ඉන්නවා :lol:

    :P:P:P
     
    කොහේද කොහේද අපේ ලොවක්
    කොහේද කොහේද අපේ රටක්
    මුරකාවල් නැති වැටකොටු බැමි නැති
    අපේම අපේම නවාතැනක්

    රාජ කුමාරයන් කුමාරියන් ඉන්න පළාතක්
    නපුරු රාක්සයන් රාක්සියන් ඉන්න කැලෑවක්
    පුංචි සුරංඟනාවන් සැඟවී ඉන්න වළාවක්
    අප‍ට හිතුමතයේ රජ කරගෙන ඉන්න දිහාවක්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රැලකින් තනිවී වන මැද සරනා
    කැකුලු තුරුණු යාමේ
    ඇතෙකුට ඇත්දල යුවලක් වාගේ
    මට ඔබගේ ප්‍රේමේ

    හබල බිඳී ගොස් පෙරලුනු ඔරුවක්
    ලෙස පාවෙන දිවියේ
    රුවල් මසා දී ගොඩගනු රි‍සියෙන්
    වෙහෙසෙන මියුලැසියේ

    රැලකින් තනිවී ..................

    තුඩ තුඩ තබමින් නෙක නෙක පලවැල
    කවා පොවා සනහා
    පෙරුම් පුරණව ද මතු බුදුවන්නට
    මට දී රැකවරණා

    රැලකින් තනිවී ..................


    ගායනය :- අබේවර්ධන බාලසූරිය
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඉගිලෙන්න ඔබ එක්ක ආකසේ
    විදගන්න ඒ සිසිල ම සිත්සේ
    මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ පිනි බින්දු මල් වහි අරන්
    සද මිතුරි සිත මිහිරි කල මැනවි
    බිදු කදුලු පිනි පොකුරු කල මැනවි...

    මට මම ම වී ඉන්න ලොකෙන් බිදක් නොදෙන
    ඈතට වෙලා අපි අපිම වී ඉතින්
    නව ලොවට මුල් අනු දෙන්න
    මිල නොවන පෙම් කවිය පබදන්න
    පිනි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න
    ආදරය දලු ලන්න මිහිකත මතින්
    සිහිනෙ සරනා..සිහිනෙන් දැවෙනා..

    ඉගිලෙන්න ඔබ එක්ක...

    ජීවිතය විදගන්න ලොකෙන් ඉඩක් නොදෙන
    ඈතට වෙලා තෙමෙමු පිනි වැහි පොදින්
    ප්‍රේමයට ප්‍රේමය වෙන්න
    නිල නොවන ජිවිතය පුබුදන්න
    පිනි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න
    ආදරය දලුලන්න මිහිකත මතින්
    සිහිනේ සරනා කිරණින් දැවෙනා..


    Artist : Kasun Kalhara
     

    Captain jack sparrow

    Active member
  • May 8, 2017
    199
    211
    43
    15°N 75°W
    සයුරේ ජීවිත නැව පෙරලී
    මුතු සොයනා අය කොහෙදෝ
    පණ නල පාගා

    වෙරලේ පියමන් පැවසූයේ
    රළ කඳුරේ සුවඳයි මේ
    සෙනෙහේ අසරණ වූ දා පමණයි දෝ
    නොවෙනස් වෙයි කුරුලු ගී
    දැන් පණ නල සැබෑ වුනේ

    සුළගේ රහසක් කීවා
    පියමන් වෙරළේ
    සුළඟයි මැකුවේ රළ නෑ
    සැගවුයේ ඇයි
    ඈත යයි රූ

    ඇල දොල කඳු මැල වී
    ගිනි පොකුරත් සුවයක් වූ දා
    සඳෙහිත් සිසිලක් නෑ
    ජීවිතේ ආදරෙයි
    සයුරේ සයුරේ

    (රොබින්සන් අන්දරය)
     
    • Like
    Reactions: amila_90210

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වළා අතුල සිරියහනේ
    උණුසුම් හිරු කෙඳි පොරවා
    ඉන්ද්‍රචාප කුමාරයා නිදාවැටෙනවා
    මල් සුගන්ධයෙන් නැලැවෙන
    ලතා මඩුල්ලේ ලැගගෙන
    රෑන් රෑන් සියොතුන් ගී සිංදු කියනවා

    ජීවිතය වගේ මුමුණන
    ආදරය වගේ දිළිසෙන
    දිය තරංග පොකුරක්
    එළියෙන් නලියනවා

    නොදරුවෙකු අතින් බොඳවුන
    සිතුවමක් ලෙසින් සුන්දර
    ආදරය නෙතින් දසඅත
    රටා වියනවා

    කිරිවැදී නටන ගොයමට
    මිහිදුමින් වැටුණු පිණිකැට
    රන්දමක් වගේ ගෙළවට
    රනින් දිලෙනවා

    හෙටක් ගැන යමක් නොදකින
    හෙටක් තිබේදැයි නොසිතන
    කෙනෙක් මධුවිතක් තොල් අග
    තවර ගන්නවා

    අමරසිරි පීරිස්
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    වෙරලේ පියමන් පැවසූයේ
    රළ කඳුරේ සුවඳයි මේ
    සෙනෙහේ අසරණ වූ දා පමණයි දෝ
    නොවෙනස් වෙයි කුරුලු ගී
    දැන් පණ නල සැබෑ වුනේ



    (රොබින්සන් අන්දරය)

    :love: සුපිරි..ආසාවෙන් බලපු කතාවක්..
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    සුන්දර සිහිනයක් පැතු හැම ලෝකයක්
    කුලුදුල් ආලයක් මට ඔබයි අහිමි කලේ
    දැක්කම උදේට කැඳ නැ දවසෙම
    මොන කරුමයක් දෝ මගේ පස්සෙම්මයි වැටී...

    නැන්දමේ ඩිංගක් අහන්න දුව දෙනවද මට කියන්න
    රැක ගන්නම් පණ මෙන් ජීවිතේ මට හිමි ආදරේ...

    මතකයි මට අද වගේ හමුවුනු පන්තියේ
    ඉරිදට රොටරියේ වැරදුනොතින් නම් අපි සිග්මා එකේ
    ගෝල්ෆේස් එක වටේ යමු අස්සයා පිටේ
    හවසට පුරහලේ එක කුඩයටදි අපි පාර්ක් එකේ..

    138 තුන් මුල්ලේ වටේ
    යනකොට කූල් එකේ
    දැක්කයි නැන්දම්මව
    හොල්ට් එකේ...

    කොහේ ගියත් අනේ.....
    නැහැ නිවනක් හිතේ..
    මගේ ජීවිතේම දැන් කරුමයක්ද මේ
    නැන්දම්මගේ වදේ

    නැන්දම්මේ ඩිංගක් අහන්න දුව දෙනවද මට කියන්න
    රැක ගන්නම් පණ මෙන් ජීවිතේ මට හිමි ආදරේ...

    නැන්දම්මේ ඩිංගක් අහන්න දුව දෙනවද මට කියන්න
    රැක ගන්නම් පණ මෙන් ජීවිතේ මට හිමි ආදරේ...

     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අනාත මාරුතේ කුණාටු සාගරේ
    දිවිය ති‍යෙන තුරු මගේ ඔබයි ආදරේ....

    අතීතයට වඩා පැරණි අපේ ආදරේ
    අපි දෙදෙනා හැඩූ හැඩුම් දනී සාගරේ
    සදා වෙනස් වෙන්න එපා
    මැණික මා කෙරේ
    දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ

    හිතරිදවන වදන් වලට හඩන්නට එපා
    ඇනුම් බැනුම් වලට මගේ තැවෙන
    සසර සරන තුරා මගෙන් මිදෙන්නට එපා
    දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ..

    අනාත සාගරේ කුණාටු මාරුතේ....

    Artist : Rookantha Gunathilaka
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මගෙ හදවත හැදින ගත් ඔබ කියු එ වදන් මට එපා....
    මගෙම කියලා දැතින් අල්ලා ආදරේ කියු ඔබ එපා......
    සසර වසනා තුරුම ඉන්නට පෙරුම් පෙරු ඔබ මට එපා....
    මතු යලිත් ඔබ දෙනෙත් අබියස වැරදි හො හමුවෙනු එපා.....