පද පේළී - EK LYRICS THREAD PART 2

lankanatha

Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    සඳ දිය දෙවුන සේ සිනහව පිපුනාම
    නුබ කොයි තරම් සුවඳද මගෙ හිත ගාව
    දෑ කුල සිරිත් සිටි සද මඟ අවුරාන
    හමු වී වැලපෙමුද මෙලෙසින් හැමදාම

    නෑබුල් පැතුම් අහසට නැඟ රහසේම
    දිලිසෙන්නේද පුර පස දිලි සඳ ගාව
    ඒ හඳ ඇයිද දියවක වී ගොළු රෑක
    දිය වී ගිහින් රැදුනේ තරු ඇස ගාව

    ලය මත පිපුණු උණුසුම් සුසුමක සුවඳ
    සෝදා හල හැකිද ගැරහුම් රළ ගාව
    කඩ ඉම ළඟ ඉදන්වත් නුබ හැමදාම
    මට අත වනාපන් නලියන නළ සේම

     
    • Like
    Reactions: shaminda peiris

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බඹරිඳු බඹරිඳු කුමට වඩින්නේ
    වන මල් කැකුළිය සොයා වඩින්නේ
    වන මල් කැලුළිය කුමට සොයන්නේ
    ලැබුනොත් ඇය පෙම් පවස නිමෙන්නේ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පුංචි පුතා මගේ ඉස්කෝලේ ගිය
    මුල්ම දවස අද වෙයි
    බුලත් අතක් ගෙන ගුරුතුමියට වැඳ
    මා තනිකල මොහොතේ
    මා තනිකල මොහොතේ..................

    අද සිට පුතුනේ හොඳින් ඉගෙන ගෙන
    මතු යම් දවසක වියතෙක් වනුමැන
    සිතින් පැතුම් පතලා, ඔහු පන්තියේ තියලා
    මා වෙන්වන මොහොතේ
    පුංචි ඇස්දෙකේ කඳුළු බිංදු දෙකයි
    ඔන්න වැටෙන්නට මෙන්න වැටෙන්නට
    පුංචි පුතා මගේ ඉස්කෝලේ ගිය
    මුල්ම දවස අද වෙයි

    සෙනෙහස මහදේ ගිණි ඇවිලෙද්දී
    පුතු තනිකරලා පන්තියේ තියලා
    මල්ගස් යට සෙවනේ පුතුගේ සුවඳ පමණි
    මා තනිවූ මොහොතේ
    පන්තිය නිමවී පුතු ඇවිදිලා
    හිනෙහෙන දෑසයි ලස්සන මුහුණයි
    පුංචි පුතා මගේ ඉස්කෝලේ ගිය
    මුල්ම දවස අද වෙයි
     

    Sadurathri

    Member
    Feb 6, 2008
    47
    8
    0
    උන්මාද සඳ කනදරා වැව
    සිඹින නිසසල රාත්‍රියේ
    සංසාර ගත ස්නේහයේ ඇඳි
    රුව සොයයි සිත ප්‍රේමියේ
    ලං වෙලා ඈ වුන්නාට මං
    තනිවෙලා ඒ හීනයේ
    තවම පදරුත් සොයා වෙහෙසෙමි
    නුඹ කියාදුන් ප්‍රේමයේ :(
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    උන්මාද සඳ කනදරා වැව
    සිඹින නිසසල රාත්‍රියේ
    සංසාර ගත ස්නේහයේ ඇඳි
    රුව සොයයි සිත ප්‍රේමියේ
    ලං වෙලා ඈ වුන්නාට මං
    තනිවෙලා ඒ හීනයේ
    තවම පදරුත් සොයා වෙහෙසෙමි
    නුඹ කියාදුන් ප්‍රේමයේ :(

    Nice Song Machan
     
    Last edited:

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව
    කවදා හෝ යළි දකින තුරා
    රැව් පිළිරැව් දී ඇසෙන ඔබේ හඬ
    යළි මගෙ සවනත වැකෙන තුරා
    විඳින්න දුන් ජීවිතය අරන්
    විඳවන්නද මේ භවය පුරා

    දෙලොවක් අතරේ සරණ ඔබේ සිත
    මෙතරම් සසලෙන්නැතුව ඇතී..
    ඔබ මගෙ මුළු ලෝකයම නිසා මට
    වැඩියෙන් දුක දැනෙනවා ඇතී..
    විඳින්න දුන් ජීවිතය අරන්
    විඳවන්නද මේ භවය පුරා

    භවයෙන් භවයේ අහිමිව හිමිවන
    නොපිරූ පාරමිතාව පුරා..
    සමුගනිමුද අපි අපේම වූ මතු
    භවයක යළි හමුවෙමුයි පතා..
    විඳින්න දුන් ජීවිතය අරන්
    විඳවන්නද මේ භවය පුරා...
     
    • Like
    Reactions: shaminda peiris

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    පින්සර ඔබ හැර පිළිබඳ සිතුවිලි
    වෙනතක දළුලා දෝ
    ඔබ ගැන මා ගැන මතකය අමතක
    කරන්න පුළුවන්දෝ...

    සිහිනෙන් ගෑ මුදු සුවඳක් වාගෙයි
    මිහිරි අතීතය දැනුනේ
    ඔබට මේ තරම් මා පෙම්කළ බව
    වෙන්වන තුරු නෑ හැඟුනේ...

    ජලේ මාළුවන් කොපමණ සිටියත්
    කොහොමද නාඩා ඉන්නේ
    ඔබ මිස වෙන අය නොපැතූ හින්දයි
    මේ හැටි සිත පෑරෙන්නේ...
     

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    අහස් ගඟේ එහා ඉමේ සුරංගනා රහස් වගේ
    මිලයි හරි මිලයි තව තව දුරයි ජීවිතේ...
    පොළෝ ගැබ දරා උහුලන පැතුම් මිස හීන නොදකින
    මිලක් නැති මලුත් පීදෙයි තාම ලෝකයේ...
    නිරුවතින් තබා දෙනයන
    ලෝකයම දකින මොහොතක
    කල්පයක් රනින් දිලිහුණ හීන බිඳෙනවා
    සුරඟනා රහස් මායාවක බොඳ වෙනවා...
    හදවතේ තැනෙක සැඟවුණ
    ආදරේ දැනුණු මොහොතක
    ජීවිතේ අමිල පැතුමන් මිලට ගන්නවා
    මිලක් නැති මලුත් නොදැනිම හීන පුරනවා...
     
    • Like
    Reactions: Ithika mithika

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    වෙනදා වගෙ අදත්

    hNHQKzM.png
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    මේ ගඟ මේ දුරු කතර ගෙවා
    ඇයි මෙතැනින් සයුරේ වැටුනේ
    මේ හැටි දුර පියමන් කරලා
    ඇයි මම ඔබ ලඟ නතර වුනේ

    මේ විල මේ නිල් දියෙන් පෙනේ
    ඇයි මේ මල විල මත පිපුනේ
    මා හද විල පතුලෙන් මතුවේ
    ඇයි ඔබ ආදර මල පිපුනේ

    මේ විස කටු ගස ලඟ ඉපදී
    ඇයි මේ මල් වැල එහි එතුනේ
    ගිලිහී යන්නට ඔබ සුරතේ
    ඇයි මගේ මේ අතැඟිලි බැදුනේ
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    සිනහවෙනු මැන වේදනා පිසදා
    වේදනා පිසදා

    වෙරළ රළ හා තරහ වී නැත
    මියුරු සර වෙණ හා බිඳී නැත
    අහස සඳු හා උරණ වී නැත
    අතීතය මගෙ හදවතේ නැත

    සිනහවෙනු මැන වේදනා පිසදා
    වේදනා පිසදා

    කඳුළ දොම්නස නසන්නට නම්
    බමර ගුම් නද අසන්නට නම්
    මියුරු ගී කවි ගයන්නට නම්
    වසන්තය ගැන සිතන්නට නම්

    සිනහවෙනු මැන වේදනා පිසදා
    වේදනා පිසදා
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මේ ගඟ මේ දුරු කතර ගෙවා
    ඇයි මෙතැනින් සයුරේ වැටුනේ
    මේ හැටි දුර පියමන් කරලා
    ඇයි මම ඔබ ලඟ නතර වුනේ

    මේ විල මේ නිල් දියෙන් පෙනේ
    ඇයි මේ මල විල මත පිපුනේ
    මා හද විල පතුලෙන් මතුවේ
    ඇයි ඔබ ආදර මල පිපුනේ

    මේ විස කටු ගස ලඟ ඉපදී
    ඇයි මේ මල් වැල එහි එතුනේ
    ගිලිහී යන්නට ඔබ සුරතේ
    ඇයි මගේ මේ අතැඟිලි බැදුනේ

    :cool::):cool:
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    1881b74579b24c56539cdde67dd31d35a6b21b8b40985a0f43db36f8.png


    අප හමුවීම වෙන්වීම දෝ ආදරේ
    මට රිදවන්නෙපා ආයෙ සංසාරයේ
    මතු හැමදාම පැතුසේම ඔබ ආදරේ
    මේ අද වාගේ කඳුළින්ම වෙන්වී නොයන්...

    පෙම්වන්තියේ මා හැඬුවා දරා
    ප්‍රේමේ නමින් වේදනා
    ඒ සිත යාමේ සැමරුම් කියා
    ලියවේවි මගෙ චේතනා...

    රන් තාරකාවෝ දිලුණා එදා
    ගෙන දී නැවුම් කල්පනා
    මේ ආදරේ නාමයෙන් වේදනා
    මතු දා ගෙනේ ප්‍රාර්ථනා...
     
    • Like
    Reactions: Ithika mithika

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මේ නිහඬ බව බි‍ඳෙන්න...
    තව මොනව හරි කියන්න...
    ඔය නෙත් අගින් සිනාසී-මා දිහා දැන් බලන්න..//

    ඔබ මගේමයි කියන්න..මට අයිති නැත සිතන්න...
    ඔබ පතා තැවෙන්න...මට සුසුම් නෑ හෙලන්න..

    මේ නිහඬ බව බි‍ඳෙන්න...

    දැන් ළඟයි හිරු නැගෙන්න..
    තව වරක් මා සිඹින්න...
    මට ආදරේ යැයි-එක වරක්වත් කියන්න..

    මේ නිහඬ බව බි‍ඳෙන්න...

    ගායනය-ක්‍රිෂාන්ත එරන්දක
     
    • Like
    Reactions: Ithika mithika

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    Sanasennam ma

    රෑ අහසේ තරු දිලුනට
    නෑ එළියක් ඒ හඳ වාගේ
    ජීවිතයට මෙනවා තිබුනද
    නෑ කිසිවක් නුඹ වාගේ

    සැනසෙන්නම් මා...
    නුඹ ලඟනම් හැම මෙහොතෙම...
    හඳුනා ගන්නට ....
    ජීවිතයම.....
    සරලයි නම් මා.....
    නුඹ හා ගෙනවා කාලය...
    සෙනෙහස විඳ....
    ඉපිලෙයි සිත.......

    පාට ඉතිරෙන දේදුන්නක හැඩ...
    පාවීයන්නෑ සුළගේ බොඳ වී...
    ලෝකය ගැන ඔබ දකිනා හිත...
    පාට පාට දේදුන්නක් වාගේ...

    සැනසෙන්නම් මා....
    නුඹ ලඟනම් හැම මෙහොතෙම...
    හඳුනා ගන්නට...
    ජීවිතයම...
    සරලයි නම් මා....
    නුඹ හා ගෙනවා කාලය..
    සෙනෙහස විඳ..
    ඉපිලෙයි සිත...

    සැනසෙන්නම් මා.....

    ෴සේනක බටගෙඩ෴
     
    • Like
    Reactions: Hora_Nariya

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    4ncnpUG.png

    ආපසු යන්නට පාර කියනවද
    දැන් සමුගන්න ළඟයි
    ආයෙත් දවසක අප හමුවන්නට
    කළ පින් මදිද සිතෙයි...

    යොදුන් ගණන් දුර ආවෙද පසුකර
    මල් මාවතක නොවේ
    ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ
    ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ

    කල්ප කාලයක්‌ පෙරුම් පිරූවේ
    හෙට සමුගන්න නොවේ
    ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ
    ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ


    ගායනය - චන්ද්‍රසේන හෙට්‌ටිආරච්චි
    4ncnpUG.png
     
    Last edited:

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අදින් පසුව නෑ අප හමුවන්නේ
    මේ අවසන් දිනයයි...
    සසර පුරා අප අත්වැල් බැඳ ආ
    ගමන මෙයින් නිමවෙයි...//

    වරද මගේදැයි - වරද ඔබේදැයි
    නොඅසමි ඔබගෙන් මතු දවසේ...//
    එකම මඟක යන දෙදෙනෙකු වෙමු අපි
    නන්නාඳුණනා අය විලසේ..

    අදින් පසුව නෑ...

    කියන්න කිසිවක් ඉතිරිව නෑ මට
    සියල්ල නිමවන මේ මොහොතේ...//
    පිසින්න අවසර දෙන්න ලඳේ මට
    අවසන් කඳුලක් ඔය දෙනෙතේ..
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    4ncnpUG.png

    සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට
    කවුළු පියන් පත් වැසෙන වෙලාවට
    දහසක් දොම්නස් සිහින පවුරු මැද
    තනිවුන ඔබේ සුසුමන් සෙමෙන් විත්
    මගෙ සවනත පාරයි....

    තෙරක් නොමැති සිතුවිලි සයුරක් මැද
    සරන විටදි රැය ගෙවෙන තුරාවට
    මහද සෙනෙහෙ ඔරුවේ නැඟී ඔබ
    එතෙර වන්න නිබඳේ....
    නිදි ලොව වෙත එතෙර වන්න නිබඳේ....

    නිමල පැතුම් සපුරා ගෙන හද තුළ
    සිහින ලොවෙන් නෙත හැරෙන වෙලාවට
    අරුණළු නැගෙනා පැයේ කුසුමක් වෙමි
    ජීවන මල් ගොමුවේ....
    ඔබේ ආදර ජීවන මල් ගොමුවේ....


    ගායනය - සෝමතිලක ජයමහ
    4ncnpUG.png
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    4ncnpUG.png

    අඩවන් දෑසින් පවසනු රහසින්
    ජීවිතයේ රස මේ යැයි විගසින්

    පමා වෙවී හිඳිනට නැත වේලා
    කාලය ඉගිලී යයි - ඉගිලී යයි
    සුපුල් දෙතොල් රත් පැහැයෙන් තවරා
    මී විත උතුරා යයි උතුරා...

    අවුල් දුහුල් වල සිහිල් පහස් මැද
    රඟනා රංගන නොනවත්වනු මැන
    ඒ ගී හඬ මුළු ජීවිතයම සතු
    රස බර සුළු මොහොතයි - සුළු මොහොතයි
    රෑ සිහිනෙන් දිව ගෑ සැපතක් සේ
    හෙට දින එය මිය යයි - මිය යයි...


    ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
    4ncnpUG.png
     
    • Like
    Reactions: lankanatha