පුංචි පුතා මගේ ඉස්කෝලේ ගිය
මුල්ම දවස අද වෙයි
බුලත් අතක් ගෙන ගුරුතුමියට වැඳ
මා තනිකල මොහොතේ
මා තනිකල මොහොතේ..................
අද සිට පුතුනේ හොඳින් ඉගෙන ගෙන
මතු යම් දවසක වියතෙක් වනුමැන
සිතින් පැතුම් පතලා, ඔහු පන්තියේ තියලා
මා වෙන්වන මොහොතේ
පුංචි ඇස්දෙකේ කඳුළු බිංදු දෙකයි
ඔන්න වැටෙන්නට මෙන්න වැටෙන්නට
පුංචි පුතා මගේ ඉස්කෝලේ ගිය
මුල්ම දවස අද වෙයි
සෙනෙහස මහදේ ගිණි ඇවිලෙද්දී
පුතු තනිකරලා පන්තියේ තියලා
මල්ගස් යට සෙවනේ පුතුගේ සුවඳ පමණි
මා තනිවූ මොහොතේ
පන්තිය නිමවී පුතු ඇවිදිලා
හිනෙහෙන දෑසයි ලස්සන මුහුණයි
පුංචි පුතා මගේ ඉස්කෝලේ ගිය
මුල්ම දවස අද වෙයි