මගේ මතය නම් මචන් අපිට ආඩම්බර වෙන්න කාලය වෙන් කරනවට වඩා අපි ලඟ වැඩිලා නැති ගුණ ධර්ම නැති බව හිතලා දුක් වෙන එක හෝ ස්වයං විවේචනයක් තම තමන් හැටියට හෝ ජාතියක් හැටියට කරගන්න එක වටිනවා. මේක නෙගටිව් තින්කින් කියලා කාට හරි කියන්න පුළුවන්. ඒත් බන් අපි අපේ පොසිටිව් දේවල් ගැන හිත හිත හිටියොත්, තමන් ලඟ නැති ගුණ ධර්ම ගොඩ නගා ගන්න කවදාවත් උනන්දු වෙන්නෙ නෑ. ඒක අපේ සිංහලුන්ගෙ ජෙනටිකලි එන අවුලක්. පොසිටිව් දේවල් ගැන හිතලා ඔය ඇති කියන මානසිකත්වයක් තමයි අපිට තියෙන්නෙ. ඉතින් වැරදි හදාගන්න හිතන්න පුරුදු වෙච්ච කෙනෙක් හැටියට මචන්, විශේෂයෙන්ම මේක බෞද්ධ රටකුත් නිසාත්. බුදු දහමෙන් පෝෂනය උන සමාජයක නොතිබෙන්න ඕන ලක්ෂන අපේ සමාජයේ බහුතරයකගෙ තියෙන නිසා ඒවා ගැන අපි ජාතියක් හැටියට දුක් වෙන්න වගේම ලැජ්ජ වෙන්න ඕන කියලයි මම හිතන්නෙ.