පන අදින මිනිසුන්ව ෆොටෝ ගැසීම.
ලංකාවෙ මිනිස්සු පිටරට සුද්දන්ට වැඩිය වෙනස්. පාරෙ බල්ලෙක් පූස් පැටියෙක් හැප්පිලා වැටිල ඉන්නව දැක්කත් අපේ මිනිස්සුන්ගෙ හිත් උනුවෙනව. ඒත් දැන් මට එහෙම වෙනසක් දැනෙන්නැහැනෙ.හේතුව මේකයි.
මේ ලගදි දවසක ගාල්ලේ මනුස්සයෙක්ව කපල කොටලා මරල දාල තිබුන. මම නිව්ස් වලින් ඕක ඇහුව. ඒත් මගෙ හිතට ඒක දැනුනෙ නැහැ. හැමදාම කපන කොටන එව අහලම එපා වෙලා නිසා වම් කනෙන් ඇතුලට ආපු නිව්ස් එක දකුණු කනෙන් එලියට දැම්ම.
ඒත් මම අද ගොසිප්ලංකා පිටුවෙන් ආයෙ ඔය නිව්ස් එක දැක්ක. එදා නිව්ස් එක ඇහුවට වඩා අද හිතට දැනුන අමුත්තක්. මම දන්නැහැ මැරුණු මනුස්සයගෙ කැරැට්ටුව කොහොමද කියල. ඒක මගෙ මාතෘකාවට අදාලත් නැහැනෙ. අතපය හතරම කපල දාල ඉන්න මේ මනුස්සය දිහා හැමෝම බලාගෙන ඉන්නව. පොලිස් උන්නැහෙලත් නොදැක්ක ගානට හිටියලු.
හොස්පිට්ල් එකට ගෙනියන්න කව්රුවත් ඉදිරිපත් උනේ නැති උනාට, මේ මනුස්සය පන අදින හැටි වීඩියෝ කරන්ඩ ෆොටෝ ගහන්ඩ නම් කට්ටිය ඉදල
.
අනිත් අයට දකින්න නොලැබෙන දුර්ලභ දෙයක් ෆොටෝ ගහල වීඩියෝ කලාට කමක් නැහැ. ඒත් මේවගේ වෙලාවක සාක්කුවෙ තියන ෆෝන් ඒක අරගෙන ෆොටෝ ගහන්න හිතෙන්නෙ මනුස්සයෙකුටද? තිරිසන් සතෙක්ටද?

ලංකාවෙ මිනිස්සු පිටරට සුද්දන්ට වැඩිය වෙනස්. පාරෙ බල්ලෙක් පූස් පැටියෙක් හැප්පිලා වැටිල ඉන්නව දැක්කත් අපේ මිනිස්සුන්ගෙ හිත් උනුවෙනව. ඒත් දැන් මට එහෙම වෙනසක් දැනෙන්නැහැනෙ.හේතුව මේකයි.
මේ ලගදි දවසක ගාල්ලේ මනුස්සයෙක්ව කපල කොටලා මරල දාල තිබුන. මම නිව්ස් වලින් ඕක ඇහුව. ඒත් මගෙ හිතට ඒක දැනුනෙ නැහැ. හැමදාම කපන කොටන එව අහලම එපා වෙලා නිසා වම් කනෙන් ඇතුලට ආපු නිව්ස් එක දකුණු කනෙන් එලියට දැම්ම.
ඒත් මම අද ගොසිප්ලංකා පිටුවෙන් ආයෙ ඔය නිව්ස් එක දැක්ක. එදා නිව්ස් එක ඇහුවට වඩා අද හිතට දැනුන අමුත්තක්. මම දන්නැහැ මැරුණු මනුස්සයගෙ කැරැට්ටුව කොහොමද කියල. ඒක මගෙ මාතෘකාවට අදාලත් නැහැනෙ. අතපය හතරම කපල දාල ඉන්න මේ මනුස්සය දිහා හැමෝම බලාගෙන ඉන්නව. පොලිස් උන්නැහෙලත් නොදැක්ක ගානට හිටියලු.
හොස්පිට්ල් එකට ගෙනියන්න කව්රුවත් ඉදිරිපත් උනේ නැති උනාට, මේ මනුස්සය පන අදින හැටි වීඩියෝ කරන්ඩ ෆොටෝ ගහන්ඩ නම් කට්ටිය ඉදල

. අනිත් අයට දකින්න නොලැබෙන දුර්ලභ දෙයක් ෆොටෝ ගහල වීඩියෝ කලාට කමක් නැහැ. ඒත් මේවගේ වෙලාවක සාක්කුවෙ තියන ෆෝන් ඒක අරගෙන ෆොටෝ ගහන්න හිතෙන්නෙ මනුස්සයෙකුටද? තිරිසන් සතෙක්ටද?