පරවියො - මෙගා ත්‍රෙඩ්!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    බල්ලො, පූසෝ, මාළු වගේ නෙමෙයි පරවි දෙන ආතල් එකට අනිවා ඇබ්බැහි වෙනවා. ඒක වෙනම ෆන් එකක්.

    අල්ලො, සුද්දො, කාක්කල්ලො, චොක්කො, පප්පො, තටු සුද්දො, සිල්ලරයො කියන්නෙ පරවින්ගෙ පාට අනුව එයාලට වැටෙන නම්.


    qLUzTOE.jpeg


    අත් දෙකට පරවි දෙන්නෙක් අරන්, ගෙදරින් ටිකක් එහාට ගිහින් උඩ ගහලා ආවාම, අපි ගෙදර එන්න කලින් එයාලා ගෙදර ආවාම එන සතුට වෙන එක සුරතලෙක්ට දෙන්න බෑ!

    KHxPhYC.jpeg


    ඒ වගේම රැට රෑට "කුරු කුරු කුරු කූක්, කුරු කුරු කුරු කූක්" ගාලා ඇහෙන සද්දෙන් පාළුව තනි කමත් මැකිලා යනවා.

    ඔයත් පරවි හදනවා නම්, කූඩුවෙ කොයි වෙලෙත් එයාලට කෑමයි, වතුරයි තියෙන්න. එතකොට ඔයාට "කුනු කාපර්" පරවියෙක් (වෙන ගෙදරක පොඩි කාලේ ඉදන් හැදිලා හුරු වුන කෙනෙක්) සෙට් වුනත් එයා ආයි කවදාවත් අර කලින් ගෙදරට යන්නෙ නෑ.

    p3w188R.jpeg


    තව එයාලා බිත්තර දාන්න කූඩු හදන කාලේට, කැලේට ගිහිල්ලා, පොඩි පොඩි කෝටු එකතු කරන් ඇවිල්ලා, කූඩුව ලගින් තියන්න. එයාලට ඒක ලොකු උදව්වක්.


    මුං ඇටවලට මී පැනි දාලා දුන්නාම පරවි ඉක්මනට ගෙදරට හුරු කරගන්න පුලුවන් කියලා මම අහලා තියෙනවා. ඒත් මට නම් ඒ ක්‍රමේ නම් හරි ගියේ නෑ,

    XZtLh5Z.jpeg



    ඔයාලත් පරවි ගැන දන්න දේවල් සහ ඔයාලගෙ අත්දැකීම් මේ ත්‍රෙඩ් එකේ දාන්න. :love:
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    එක එක්කෙනාගේ කැමැත්ත. විනෝදාංශයක් කරන එක හොඳයි. (y)
    මමනම් පවුද්ගලිකව අකමැතිම එකක්. ඔය සින් එකේ ඉන්න අය නිතරම ගහ මරා ගන්නවා. අනික බැලුවොත් උඩ බලන් ගම වටේ දුවනවා :yes:
    ඇත්තම කියනවනම් අඩු කුලේ එකක් ..... :(
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,303
    100,135
    113
    ♥️♥️♥️

    එක එක්කෙනාගේ කැමැත්ත. විනෝදාංශයක් කරන එක හොඳයි. (y)
    මමනම් පවුද්ගලිකව අකමැතිම එකක්. ඔය සින් එකේ ඉන්න අය නිතරම ගහ මරා ගන්නවා. අනික බැලුවොත් උඩ බලන් ගම වටේ දුවනවා :yes:
    වැල්ලවත්ත පැත්තෙ එහෙම හරියට ඉන්නවා ඇති කරන අය
    ------ Post added on Jul 15, 2024 at 12:43 PM
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පරවියෝ නිසා ඇතිවෙන ලෙඩගැන හොයලා බලපන්. අනික ඕකුන්ගේ ඇගේ මැක්කෝ ජාතියක් ඉන්නවා.


    අඩේ වෙන සතුතු ඇත්තෙම නැද්ද. හදපංකෝ භල්ලෝ.

    එක එක්කෙනාගේ කැමැත්ත. විනෝදාංශයක් කරන එක හොඳයි. (y)
    මමනම් පවුද්ගලිකව අකමැතිම එකක්. ඔය සින් එකේ ඉන්න අය නිතරම ගහ මරා ගන්නවා. අනික බැලුවොත් උඩ බලන් ගම වටේ දුවනවා :yes:
    ඇත්තම කියනවනම් අඩු කුලේ එකක් ..... :(


    අන්තිමට හැදුවෙ O/L නිවාඩු කාලේ මචන්ලා. කූඩුව පිටින් යාළුවෙක්ට දීලා ඉස්කෝලෙ යන්න බෝඩිමට ගියේ. :(
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කූඩු කරලා හදන එක අවුල්. එලියෙ ඇති කරන්න බැරිද මුන්

    හුරු වුනාට පස්සෙ කූඩුව දවසම හරි ඇරලා තියන්න පුලුවන් බං. රෑට විතරයි වහන්න ඕන. ඒකත් උන්ගෙ ආරක්ෂාවට.
     
    • Love
    Reactions: Solo Rider and NRTG

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,275
    21,161
    113
    අපෝ මාත් හෙන ආසයි ඒත් පට්ට වලි. ඉස්සර ආසාවක් තිබ්බා තනිකර කොමන් උන් විතරක් හදන්න. අපි දවසක් වෙසක් බලන්න ගිහින් එන ගමන් මුස්ලිම් එකෙක්ගෙ පරවි කූඩුවක් කැඩුවා, පරයි පෝර බෑග් වල දාගෙන ආවෙ. පැටව්, බිත්තර ඉන්න උන් තියල ආවා. පස්සෙ පරයි බෙදාගත්තා. මම එතකොට පරයි හදන්නෙ නෑ මන් ගත්තෙ නෑ. :dull::dull::dull:
    තව කතා තියෙ.. ගුටි කාපුවා එහෙමත්. :baffled: :baffled: :baffled:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අනික බැලුවොත් උඩ බලන් ගම වටේ දුවනවා :yes:

    :ROFLMAO: :ROFLMAO:

    කූඩු කරලා හදන එක අවුල්. එලියෙ ඇති කරන්න බැරිද මුන්

    සර්වයිව් වෙන්න බැ වල් පරෙයියො වගෙ
    උකුස්සො අල්ලනවා, බල්ලො/පූසො/ උගුඩුවො අල්ලනව

    පරවියෝ නිසා ඇතිවෙන ලෙඩගැන හොයලා බලපන්. අනික ඕකුන්ගේ ඇගේ මැක්කෝ ජාතියක් ඉන්නවා.

    හැම කුරුල්ලගෙම ඇති
    කුකුල්ලු, ගිරව්, මයිනො ඔය ඔක්කොගෙම ඉන්නව ඇගෙ එක එක සත්තු
    ------ Post added on Jul 15, 2024 at 1:33 PM
     
    • Like
    Reactions: NRTG and Kolama