HM අනුලාවතී ජිවත් වුණේ වැලිකන්ද මැණික්වෙල පැත්තේ. දුප්පත්කම නිසාම ගේ හරියට හදාගෙන දරු පැටවුන්ට හොඳට උගන්නන්න කියලා හිතාගෙන එයා රට ගියේ 2014 අවුරුද්දේ. දහසක් බලාපොරොත්තු තියාගෙන රට ගියත් කුවේට් හාම්පුතුන් එයාට හරියට හිරිහැර කරලා.
අන්තිමට ගෙදරින් පැනලා ගිහින් එයා කුවේටයේ තානාපති කාර්යාලයට ඇවිත් කියලයි අනුලාවතිගේ සැමියා කියන්නේ. තානාපති කාර්යාලයට ඇවිත් මාස හයක් ගත වුණත් එයා ලංකාවට එවන පාටක් නෑ කියලා අනුලාවතිගේ සැමියා චෝදනා කරනවා.
අනුලාවතිට අවුරුදු 9ක දුවෙකුයි අවුරුදු 7ක පුතෙකුයි ඉන්නවා. මල්ලිව බලාගන්න එක වගේම ගෙදර ගොඩක් වැඩ පැවරිලා තියෙන්නේ අවුරුදු 9ක දුවට. අම්මා ගැන හිතලම දැන් මේ දෙන්නගේ අධ්‍යාපනයත් කඩා වැටිලා. මේ පුංචි අක්කා මල්ලියි තාත්තායි එක්ක ඉල්ලන්නේ අම්මව ඉක්මණටම ලංකාවට ගෙනල්ලා දෙන්න කියලයි.

ඒත් මේ අයගෙ අම්මව ගෙන්න ගන්න උදව් කරන්න ක්‍රමයක් තියනවද අපිට?

