රූමස්සල වගේ ඒවා නම් ජනප්‍රවාද බං. ඒත් ඔය ආදම් ගේ පාලම වගේ ඒවා නම් රාවණ යුද්දෙ තියන තොරතුරු වලට හොඳ සාක්ෂි.රාම රාවණ කතාවට සම්බන්ධ ගොඩක් දේවල් රූමස්සල
උස්සන්ගොඩ, රිටිගල වගේ දේවල් පේන්න තියෙන නිසා තමා ඒකත් පිළිගන්නෙ.
ඕව් ඒක හරි ඒක ඔය දිගටම් එකම විදිහට තිබ්බ දෙයක් සමහර දේවල් අපිට හොයා ගන්නවත් නෑ.
නාට්‍ය ගැන මම දන්නෙ නෑ බන් වැඩිය මම කියවල තියෙන එකක් ඔය ඊඩිපස් ඒක නිසා ඒක කිව්වෙ මම කියවපු හොද පොතක් ඒක ඒකයි ඒක මතක තිබ්බෙ.ඒක තමා අන්තිම වෙච්ච නාට්‍ය කියල මම අහල තිබ්බ.
කොයි එකක්වත් හොද නෑ කියන්න බෑ මොකද ඒව ඒ ඒ කලාප වල මිනිස්සුන්ට ගැලපෙන්නයි හැදුනෙ.අපිට ඒව හැම තැනටම එකම විදිහට යොදා ගන්න බෑ.අපිට අනුගත වෙන්න පුළුවන් අපි ජීවත් වෙන කලාපයට අපිට ගැලපෙන විදිහට ඉස්සර ඉදල ආපු දේට විතරයි.ඒක තමා ඔය නලීන්ද සිල්ව මහත්තය හැම වෙලේම කියන්නෙ.
සිංහලයගෙ තිබ්බ තාක්ෂණය හොයා ගත්තත් ඒක ගිහින් වෙන කොහෙට හරි ඇප්ලයි කරාම එතනට 100%ක් ම හරි යන්නෙ නෑ.
තමන්ගෙ පැවතගෙන ආපු දේ දියුණු කර ගත්ත අයට විතරයි මේ පේන්න තියෙන දේවල් වල හැටියට ඔළුව කෙලින් කරන්න ඉන්න පුළුවන්.
ජපානය ,චීනය, එංගලන්තය,රුසියාව ඕව ඔක්කොම තමන්ගෙ දේවල්නෙ අලුත් ඒවත් එක්ක එකතු කරල පාවිච්චි කරන්නෙ.
ග්‍රීසියේ ක්‍රීට් වල තිබුන ශිෂ්ටාචාරය තමයි යුරෝපයේ තිබුන පැරණිම ශිෂ්ටාචාරය. ඒකෙ අදටත් දකින්න තියනවා ඒ කාලේ නටබුන්. බීම එකතු කරපු භාජන, ගෙවල් වල පදනම්, මාලිගා බිත්ති, ඔය වගේ ගොඩක් දේවල්. ඒ ක්‍රි. පු. 14 වන සියවස ට ත් කලින්. බුදු දහම එන්න හිතලවත් නැති කාලේ. නමුත් ඒ වෙද්දී පෙරදිග උසස් ශිෂ්ටාචාර තිබුනා. මෙසපොතෙමියන් ශිෂ්ටාචාරයේ තමයි ගොඩක් ම පැරණිම දේවල් හම්බ වෙන්නෙ. නමුත් ඒ සමානවම චීනයේ තිබුන ශිෂ්ටාචාරයක්.
ක්‍රීට් වල ලිනිය ඒ වලින් මිනිස්සු ලිව්වා. මිනොවන් ශිෂ්ටාචාරයේ. ඊට පස්සේ මයිසිනයියන් ශිෂ්ටාචාරය ආව. ට්‍රෝයි වල බලකොටු බිත්ති පුරාවිද්‍යාඥයෝ හොයාගෙන තියනවා.
මම කියන්නෙ ග්‍රීක් ශිෂ්ටාචාරය ට වඩා පෙරදිග ශිෂ්ටාචාරය හොඳයි කියන්න බෑ කියල. හැබැයි පෙරදිග ශිෂ්ටාචාරය නරකයි කියල නෙවෙයි. ඒ පැවතුන ශිෂ්ටාචාරය දිගටම දියුණු වුනා නම් හරි. එච්චර ඕන නෑ. ලංකාවේ තිබ්බ දේවල් දියුණු වීගෙන ආවනම් හරි. මැදින් කැඩුන එකයි අවුල වුනේ.
ඔව් උඹ කියනවා වගේ ඒ ඒ ප්‍රදේශයට අනුව තමයි ශිෂ්ටාචාර බිහි වුනේ. ඒත් ඉතින් අද නං මොකා කොහේ එකෙද්ද කියන්න බෑ දියුණු තාක්ෂනය හින්ද.
ඊඩිපස් කියෙව්වා නම් ඊට පස්සේ කියවපන් ඊඩිපස් ඇට් කොලෝනස්. ඊට පස්සෙ ඇන්ටිගනී
ඒක තමයි පිළිවෙල.මේවා ගැන ඉතින් අපිට නං කතා කරන්න විතරයි පුළුවන්. තීරණ ගැනීමේ අයිතිය මහා රජතුමාට නෙ.








