ඔව් බන් අපි ඔය වගේ සීන් අත අරින්ඩ හොද නෑ. අපිට ඒ වෙලාවේ තනියම ගේම අදින්ඩ බැරි උනත් පස්සෙ පැමිනිල්ලක් වත් දාන එක වැදගත්, අපි හිතුවට උන් හොයල බලන්නෙ නැ කියල දැන් ටිකක් හොයල බලනවා. මට ඔහොම දෙයක් උනොත් මම නම් ඉතිරි ගන්නෙ නැතිව බහින්නෙ නෑ. මොකද අපි සල්ලි දීල ටිකට් ගත්තාම ඉතිරි දෙන එක උගෙ වගකීම. නැතිව අපි උගෙ පස්සෙන් ගිහින් ඉතිරි ගන්න ඔනෙ නෑනේ. ඉතිරි පස්සෙ ගන්න කැමති වෙන්නෙ මනුස්ස කමටනේ. ඌ දැන ගන්න ඔනේ අමතක වෙනවා නම් මතක් කරල ටිකට් එකේ නෝට් එකක් දාන්න. උබ කට වහගෙන ආපු එක අපරාදේ. බස් එකේ නොම්බරේ මතක නම් දැන් වත් කම්ප්ලේන් කරපන්, මම හිතන්නෙ කෝල් කරලත් කරන්න පුලුවන්.....