පාසල් සිසුවිය යට කරගෙන දුම්රිය ධාවනය වේ.ර&#353

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පාසල් සිසුවිය යට කරගෙන දුම්රිය ධාවනය වේ.ර&#353

    දුම්රිය ළඟ එනු දැක කලබල වූ පාසල් ශිෂ්‍යාවක් දුම්රිය මාර්ගයේ නිදාගැනීමත් සමඟම දුම්රිය රියදුරුගේ දක්‍ෂතාවය නිසා ඇයගේ ජීවිතය බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වෙයි.

    පාසල් දැරියන් තිදෙනකු අලව්ව දුම්රිය අනතුර සිදුවූ ස්ථානය අසලින් දුම්රිය මාර්ගය හරහා ඊයේ (05) පෙරවරු 6.45ට පමණ පාර මාරුවීමට ගොස් ඇත.

    රඹුක්කන සිට කොළඹ කොටුව දක්වා එස් 11 වර්ගයේ දුම්රියක් ඒ මොහොතේ ළඟම එනු දැක දැරියන් දෙදෙනකු දුම්රියේ නොගැටී අහකට පැන තිබේ. එක් දැරියකට පාර මාරුවීමට වේලාවක් නොමැති බැවින් දුම්රිය මාර්ගයේ නිදාගෙන තිබේ.

    එස් 11 වර්ගයේ දුම්රිය වේගයෙන් පැමිණියද රියදුරු දුම්රිය ඒ මොහොතේම දුම්රිය නතර කිරීමට සමත් වී තිබේ.

    දුම්රිය එක් මැදිරියක් පසු කොට නතර කළද දෙවන දුම්රිය මැදිරිය යට දහසය හැවිරිදි පාසල් දැරිය සිටිනු දුටු දුම්රිය රියැදුරු හා මගීන් විශ්මයකින් බේරුණා යැයි පවසමින් දැරිය දුම්රිය යටින් එළියට ගෙන තිබේ.

    සීරීම් තුවාල ලබා සිටි දැරිය කම්පනය නිසා අලව්ව රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළු කොට ඇතැයි ද වාර්තා වෙයි.

    එස් 11 වර්ගයේ දුම්රියේ තිරිංග තද කළ නිසා පාසල් දැරියකගේ ජීවිතයක් බේරා ගැනීමට හැකි වූයේ නම් අලව්ව දුම්රිය අනතුර සිදුවූයේ කෙසේද යන්න කා හටත් කුතුහලයක්ව පවතිනු නොඅනුමාන යැයි දුම්රිය සේවකයෝ ද මගීහු ද පවසති.

    297424_10150339203054752_845809751_7824377_1115258724_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: ROMid

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මචන් පාරෙන් එලියට පනින්නද,හාන්සි වෙන්නද වැඩි වෙලා යන්නෙ

    :lol::lol: ඒක පළ පුරැද්දෙ හැටියට තමයි තිරනය වෙන්නෙ
     
    Last edited:
    • Like
    Reactions: inranasingha

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla

    එස් 11 වර්ගයේ දුම්රියේ තිරිංග තද කළ නිසා පාසල් දැරියකගේ ජීවිතයක් බේරා ගැනීමට හැකි වූයේ නම් අලව්ව දුම්රිය අනතුර සිදුවූයේ කෙසේද යන්න කා හටත් කුතුහලයක්ව පවතිනු නොඅනුමාන යැයි දුම්රිය සේවකයෝ ද මගීහු ද පවසති.

    :yes::yes::yes::yes::yes:
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    මචන් පාරෙන් එලියට පනින්නද,හාන්සි වෙන්නද වැඩි වෙලා යන්නෙ

    ඒකනෙ බන් ‍‍‍කෝච්චි පාරක් කියන්නෙ මහ ලොකු එකක්යැ.......
    එක පිම්මක් පැන්නනම් එහා පැත්තෙනෙ:confused:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,795
    1,008
    113
    කෙට්ටු dial එකක් නම් ඉතින් පීලි දෙක අතරෙ අත් කකුල් ලං කරන් වැතිරිලා හිටියොත් බේරුන හැකි.