මං නම් කියන්නේ ස්කිල් එකක් තියනවන්ම් මයිග්රේට් වෙන එක හොදයි , ඕනේ කෙනෙක්ට පේනවා දෙපැත්තට කඹ අදිනවා වගේ ලංකාවේ ආණ්ඩු ලංකාව දියුණු කරන්නේ ඉඹි ගමනේ ඒ මදිවට හොරා කනවා ලෙසටම, හොරු රට පාලනය කරනවා තට්ටු මාරු ක්‍රමයට උන්ටම චන්දේ දෙනවා . දැනට ලක්ෂ 20 රට ගිහින් මේකේ බහුතරය ලංකාව දියුණු කරන්න පුලුවන් මොල. IELTS ලියන්න ඉන්නවා 200-300 තරුණ ලමයි. යුද්දේ කාලේට වඩා දැන් රට යනවා. සල්ලි තියන පුලුවන් මිනිස්සුත් රට දාල යනවා. ඉන්න මිනිස්සු මේකේ ජරා සංකෘතියට පුරුදු වෙලා කුඩු ගහල වගේ පොඩි වෙනසක් කරන්න දෙන්නේ නෑ මැරෙන්න හදන්වා. ලොකෙට පෙන්න අපේ සංකෘතිය රැක ගන්න ඕනේ කියලා කෑගහල හොරාට ඒවාම කරන රටක් මේක දැන්. මේක තක්කඩි පාරාදීසයක් වෙනවා ලගදිම . අඩුම තමන්ගේ ලමයෙක්ටවත් හොද ජීවිතයක් දියල්ලා . පාරක් නෑ යන්න, කන්නේ වස , පොදු ප්‍රවාහනේ නිකන් සැමන් ටින් වගේ, බොන බෙහෙත පවා බාලම ඒවා, වාහනයක් ගන්න මැදි වයස වෙනකම් ඉන්න ඕනේ ඒ ගන්න එකත් වෙන රටවල ටැක්සි දුවන්න ගන්න ඒවා. අධ්‍යාපනය ගල් යුගයේ රෑන්කින් 1000 පැනලා ඉගෙනගන්න සල්ලි තියන එකාටවත් ඒක කරගන්න දෙන්නේ නෑ. සමාජිය ජීවිතයක් නෑ ලංකාවේ වැඩකරනවා කනවා බොනවා නිදාගන්නව. කට්ට අව්වේ පිච්චි පිච්චි ඉන්න ඕනේ , වැඩක් කරගන්න පගාව දෙන්න ඕනේ එක්කෝ හැට පැයක් යනවා , ඩොලර් එකට 150 ගෙවන රටක මොන අනාගතයක් ද මචන්ලා. මේ රටේ හොද නැති දේවල් නෑ මේ සොබා සුන්දරත්වය ගන්න වෙන රටක් නෑ , එකාට එකා සලකන රටකුත් නෑ ඒත් එදිනෙදා ජීවිතේ සැහැල්ලුවෙන් ගත කරන්න බැරි නම් ඇයි අපි මේ වගේ රටක ජීවත් වෙන්නේ. වැඩිය ඕනේ නෑ ලගම තියන මැලේසියාවට සිංගප්පුරුවට ගිහිල්ලා බලන්න දියුණුව පිරිසිදු කම ගුණාතමක බව .