පිනට-බයිසිකලයක්-ඕනි

Tinker

Member
Jul 23, 2014
72
3
0
පිනට-බයිසිකලයක්-ඕනි

මේකයි කාරනේ. අපි කට්ටියක් ඈත පළාත්වල තියෙන පන්සල වලට උදව් පදව් කරනවා ඒවා පවත්වාගෙන යන්න. පිට කාගෙන්වත් සල්ලි එකතු කරන්නේ නැතිව,අපි කට්ටිය කැමැත්තෙන් තමයි මේක කරන්නේ. වැඩිය ප්‍රසිද්ධියක් දෙන්නේ නැතිවම වැඩේ යන්නේ.

ඉතිං මේ ලගදි බොහොම දුෂ්කර පළාතක,අන්‍යාගමික ගම් දෙකක් මැද්දේ තියෙන බෞද්ධ විහාරයක හිමිනමක් ඉල්ලීමක් කරා පුළුවන් නං මෝටර් සයිකලයක් පන්සලට ලබා දෙන්න කියලා. කොළඹ පැත්තේ නං අපි කවුරුත් දැකලා නැහැනේ ස්වාමීන්වහන්සේලා මෝටර්සයිකල් වල ගමන් කරනවා. ඒ උනාට ඔය දුෂ්කර පැතිවල,වාහන යානං බැරි පාරවල් නැති පළාත්වල උදවිය වගේම ස්වාමීන්වහන්සේලාත් තමන්ගේ ප්‍රවාහන අවශ්‍යතාවයන් ඉටු කරගන්නේ මෝටර් සයිකල් භාවිතයෙන් තමයි. ස්වාමීන්වහන්සේලා මෝටර්සයිකල් පදවන්නේ නැති හින්දා කවුරුහරි දායකමහත්තයෙක් තමයි යතුරු පැදිය පදවන්නේ.

ඉතිං අපි කල්පනා කරා ඔය උඩින් කිව්ව ස්වාමින්වහන්සේට/පන්සලට මෝටර්සයිකලයක් ලබා දෙන්න. අලුත්ම එකක් නොවේ. සමනය තත්වයේ ඉන්දියන් යතුරු පැදියක් ප්‍රමාණවත්. කවුරු හරි කෙනෙක් ගාව තියෙනවා හොද තත්වයේ යතුරුපැදියක් විකුනන්න. එහෙම නං කාටවත් පාඩුවක් නොවෙන්න,සාධාරණ මිලකට මම ගන්නම්.

මට නං ඔය මෝටර්සයිකල් ගැන කිසිම දැනුමක් නෑ. ඉතින් ඒකයි මෙතන ඉන්න යාලුවෝ ගෙන මේ ගැන ඇහැව්වේ. කවුරුහරි ඉන්නවා නං රිප්ලයි කරන්නකෝ පහලින්.
 

miyuru4

Member
Apr 4, 2010
2,193
500
0
40
ඈ එකනම් දන්නෙ නැ
මුදල් වලින් මටත් උදවුවක් කරන්න පුලුවන්. මෙන්න මගෙ නො. 3274945230. මට නො එකක් දෙන්න මම කතා කරන්නම්. හොර බොරු නැත්තම් අවන්කවම මාත් උදවු කරනව
 

Tinker

Member
Jul 23, 2014
72
3
0
මුදල් වලින් මටත් උදවුවක් කරන්න පුලුවන්. මෙන්න මගෙ නො. 3274945230. මට නො එකක් දෙන්න මම කතා කරන්නම්. හොර බොරු නැත්තම් අවන්කවම මාත් උදවු කරනව

බොහොම ස්තුතියි මචං. මම පින්තුර දෙක තුනක් එවන්නම්. මේ වැඩේ අපි හිතවතුන් කිහිප දෙනෙක් එකතු වෙලා,කිසිම ප්‍රසිද්ධියක් නැතිව කරන වැඩක් නේ. ඉතිං අපි කාගෙන්වත් සල්ලි,භාණ්ඩ එහෙම කලිනුත් අරං නෑ යාලුවා. මොකද ඒ විදියට අනිත් අයගෙන් එකතු කරලා පොඩි හරි වැරැද්දක් උනුත් හැමෝගෙම හිත රිදෙනවනේ.

ඒත් මම පින්තුර ටිකක් පී එම් කරන්නම් කෝ.

මට හොද තත්වයේ තියෙන මෝටර් සයිකලයක් තමයි හොයා ගන්න ඕනි. ඒකට සාධාරණ,අයිතිකරුට කිසිම පාඩුවක් නොවන මුදලක් ගෙවලා තමයි මම ගන්නෙත්.