පිනට-බයිසිකලයක්-ඕනි
මේකයි කාරනේ. අපි කට්ටියක් ඈත පළාත්වල තියෙන පන්සල වලට උදව් පදව් කරනවා ඒවා පවත්වාගෙන යන්න. පිට කාගෙන්වත් සල්ලි එකතු කරන්නේ නැතිව,අපි කට්ටිය කැමැත්තෙන් තමයි මේක කරන්නේ. වැඩිය ප්‍රසිද්ධියක් දෙන්නේ නැතිවම වැඩේ යන්නේ.
ඉතිං මේ ලගදි බොහොම දුෂ්කර පළාතක,අන්‍යාගමික ගම් දෙකක් මැද්දේ තියෙන බෞද්ධ විහාරයක හිමිනමක් ඉල්ලීමක් කරා පුළුවන් නං මෝටර් සයිකලයක් පන්සලට ලබා දෙන්න කියලා. කොළඹ පැත්තේ නං අපි කවුරුත් දැකලා නැහැනේ ස්වාමීන්වහන්සේලා මෝටර්සයිකල් වල ගමන් කරනවා. ඒ උනාට ඔය දුෂ්කර පැතිවල,වාහන යානං බැරි පාරවල් නැති පළාත්වල උදවිය වගේම ස්වාමීන්වහන්සේලාත් තමන්ගේ ප්‍රවාහන අවශ්‍යතාවයන් ඉටු කරගන්නේ මෝටර් සයිකල් භාවිතයෙන් තමයි. ස්වාමීන්වහන්සේලා මෝටර්සයිකල් පදවන්නේ නැති හින්දා කවුරුහරි දායකමහත්තයෙක් තමයි යතුරු පැදිය පදවන්නේ.
ඉතිං අපි කල්පනා කරා ඔය උඩින් කිව්ව ස්වාමින්වහන්සේට/පන්සලට මෝටර්සයිකලයක් ලබා දෙන්න. අලුත්ම එකක් නොවේ. සමනය තත්වයේ ඉන්දියන් යතුරු පැදියක් ප්‍රමාණවත්. කවුරු හරි කෙනෙක් ගාව තියෙනවා හොද තත්වයේ යතුරුපැදියක් විකුනන්න. එහෙම නං කාටවත් පාඩුවක් නොවෙන්න,සාධාරණ මිලකට මම ගන්නම්.
මට නං ඔය මෝටර්සයිකල් ගැන කිසිම දැනුමක් නෑ. ඉතින් ඒකයි මෙතන ඉන්න යාලුවෝ ගෙන මේ ගැන ඇහැව්වේ. කවුරුහරි ඉන්නවා නං රිප්ලයි කරන්නකෝ පහලින්.

=