පිරිමියා - කොල්ලොනම් අනිවාර්යෙන් බලන්න ඕ&#3505

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    පිරිමියා - කොල්ලොනම් අනිවාර්යෙන් බලන්න ඕ&#3505

    hardworking.jpg









    අපි හැමදාමත් අම්මා ගැන, බිරිඳ ගැන සහ පෙම්වතිය ගැන කතා කරනවා. අද අපි පොඩ්ඩක් ''පිරිමි'' ගැන කතා කරමුද?



    •පුංචි කාලෙදීම පුදුම තරම් කැප කිරීම් කරන්න පිරිමි දරුවෙකුට පුළුවන්. තමන්ට ලැබුණු චොකලට් එක තමන්ගේ සහෝදරිය එක්ක බෙදා ගන්න, පාසැලේ වාර අවසන් දිනයේ සාදයෙන් මොනවම හරි දෙයක් සාක්කුවේ හංඟගෙන ගෙදර අය වෙනුවෙන් ගේන්න ඕන කියන හැඟීම පිරිමි දරුවෙකු ගාව පුංචි කාලෙදීම තියෙනවා.



    •පසු කාලෙකදී මේ පිරිමි දරුවා ලොකු වෙලා ආදරය කරද්දී එයා තමන් පණ වගේ ආදරේ කරන්න පටන් ගත්තු ආදරියව තමන්ගේ අම්මාගේ විරුද්ධතාව නිසාම සහ ඇයව දුකින් තියන්න බැරි නිසාම තමන්ගේ හිතේ දුක පුරවගෙන අත හරිනවා. ලෝකේ හැමෝම ඒ දේ ගැන තමුන්ට ඇඟිල්ල දික් කරද්දී අම්මට තියෙන ආදරේ වෙනුවෙන් ඒ හැමදේම දරා ගන්නවා.



    •විවාහ දිවියට ඇතුළත් වුනාම තරුණ කාලේ හිටපු ආදරවන්තයාද මේ කියලා හිතා ගන්නවත් බැරි විදියට මේ ආදරවන්ත පිරිමියා වෙනස් වෙනවා. ආදරේ කියන දේ පෙන්නනවා වෙනුවට ඔහුගේ බිරිඳ සහ දරුවන්ගේ සතුට වෙනුවෙන් රෑ වෙනකම් දාඩිය මහන්සියෙන් හරි හම්බු කරනවා.



    •තමන් ගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඔහු බැංකුවෙන් ණය ගන්නවා. ජීවිතය විඳින්න තියෙන හොඳම කාලය ඒ ණය බරින් නිදහස් වීම වෙනුවෙන් කැප කරනවා. දුක් මහන්සි වී වැඩ කරනවා.



    •පිරිමියෙක් ජීවිතයේ දහසකුත් බාධක වලට මුහුණ දෙනවා. මව, බිරිඳ සහ හාම්පුතා තමුන්ව පාලනය කරන්න හදද්දී ඔහු බොහෝ විට තමන්ගේ හිතට එකඟව නොවුනත් අන් අයකුගේ(තම පවුලේ) සතුට වෙනුවෙන් තමාගේ ප්‍රතිපත්ථින් පවා කැප කරනවා.



    පිරිමියා යනු තවත් අයෙකුගේ සතුට වෙනුවෙන් ජීවිතය පුරාවටම දහසකුත් කැප කිරීම් කරන්නෙක්, සංවේදී මනසක් ඇත්තෙක්.



    කතාව ඇත්තනම් හොඳනම් කැමති එකක් දීල යන්නකෝ :):):)