එක ගෙයක් තිබුණා
ඒ ගෙදර හැමදාම තැලෙන්නේ නංගී.
අක්කලට අලුත් අවුරුද්දට හුඟක් දේවල් ලැබෙද්දි නංගීට හැමදාම පොඩ්ඩයි.
රස කෑමක් ලැබුණත්,ඇඳුමක් ලැබුණත් අඩු සැළකිළි නංගිට.
හැබැයි තනියෙන් කොහෙවත් යන්නත් නැහැ
තමන් කැමැති දෙයක් කරන්නත් නැහැ
තමන් කැමැති ගමනක් යන්නත් නැහැ
කොච්චර ඇඬුවත්,කෑ ගැහුවත් අම්මලා ඒවා ගණන් ගන්නෙත් නැහැ
දවසක් එයා, තමන්ගේ කොල්ලා එක්ක පැනලා ගියා
හැබැයි කොල්ලා මෙයාව අනාථ කළා
ඉතින් ආයෙත් එයා ගෙදර ආවා
මිනිස්සු අම්මලට දොස් කිව්වා
අම්මලා,අක්කලා එකතුවෙලා ඒ කේන්තිය මෙයාගෙන්ම පිරිමහා ගත්තා
පැනලා යන්න තරම් නිදහස දුන්නු නිසා තමයිලු මෙහෙම වුණේ
එයාලා තාමත් මෙයාට බණින්නේ එහෙමයි
මේක අපි කවුරුත් දන්න ගෙයක්. ඒ ගේ මොකක්ද කියලා මේ කතාව තේරුණා නම් කියන්න පුළුවන් වේවි
-මාලන් විදානපතිරණ