පූජිත; "මටත් එහෙම හිතුණා"

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    පූජිත; "මටත් එහෙම හිතුණා"

    පූජිත; "මටත් එහෙම හිතුණා"
    --------------------------------
    1461150570_7708858_hirunews_Pujith-Jayasundara1.jpg

    පූජිතත් මම හිතන්නේ අපි වගේ ම ගමෙන් ආපු කෙනෙක්. පවුල් පසුබිම ගැන මම දන්නේ නැති මුත් බොහෝ විට පහළ මධ්‍යම පන්තියෙ වෙන්න ඇති. පුද්ගලික ව මමත් පහළ මධ්‍යම පන්තියෙ. මගේ තාත්තා සමූපකාරයක හිටපු මැනේජර් කෙනෙක්. අමාරු ජීවිතයක් අපට තිබුණෙ. පූජිතටත් එහෙම ද දන්නෙ නැහැ.
    අපි වාගේ ගමෙන් නගරයට එන අයට පොඩි හීනමානයක් තිබෙනවා. ඒ නිසයි අපි පෙන්නන්න හදන්නෙ අපිත් නගරෙ කියල. ඒත් මේක කවදාවත් සාර්ථක වෙන්නෙ නැහැ. අපට පන්තිය මාරු කරන්න ම බැහැ. ගොඩක් අය මෙහෙම කරන්න ගිහිං තමයි 'ඇන' ගන්නේ. ඔබත් ඉංග්‍රීසියෙන් ටිකක් වැඩියෙන් කතා කරන කොට මට මාව මතක් වුනා. මටත් එහෙම හිතුන කාලයක් තිබුණා.
    අපි බයියො. ඒත් බයියෙක් වීම ලේසි දෙයක් නෙමෙයි. එහෙම වෙන්න නම් අපි අපේ හීනමානය ජයගන්න ඕන. අපි වෙන කවුරුහරි නෙමෙයි අපි ම වෙන්න ඕන. ගමෙන් නගරයට ඇවිත් නූතන ශිල්ප ඉගෙන ගෙන අපි නාගරික පාන්තිකයෙක් වෙන්න හැදුවොත් අපට පළමුවෙන්ම අහිමි වෙන්න අපි ව මයි. අපට කොච්චර ශක්තිමත් පෞරුෂයක් තියෙනව ද කියල පරීක්‍ෂා වෙන්නෙ අපි නගරය ජයගෙන අපේ ග්‍රාමීය බයි උපත පාවා නොදුන්නොත් විතරයි. නියම පෞරුෂවත් නායකයෝ බිහිවෙන්නෙ ගමෙන් තමයි. ඒත් එහෙම වෙන්නේ නගරය අතික්‍රමනය කොට නගරය තුළ ගම පිහිටවෙව්වොත් විතරයි. මම මහින්ද රාජපක්‍ෂට ගරු කරන එක් ප්‍රධාන හේතුවක් ඒක.
    ඔබටත් හොඳ නායකයෙක් වෙන්න පුළුවන් ලකුණු තිබෙනවා. ඒත් ඔබ ඔබ නොවී වෙනත් අයෙකු බව පෙන්වීමට යන බවක් පෙනෙනවා. මම මේ කලින් ම කියන්නේ ඒක ඔබ තුළ අනන්‍යතා අර්බුදයක් ඇති කරන්න හා ඒ හරහා ඔබගේ ගෞරවනීය වෘත්තීය ජීවිතය දුර්වර්ණ කරන්න පුළුවන් හින්දා. ඒ ලකුණු මම දැක්කා. පහුගිය රජය විසින් ඔබට අසාධාරණයක් කළාදැයි කෙනෙක් අසන විට ඔබ දුන් පිළිතුර වුනේ 'මටත් එහෙම හිතුණා' යැයි කියා. අසාධාරණයක් වුනත් එය ඔබ විසින් ඒ ගාම්භීර පළමු හමුවේ දී නොකිය යුතුව තිබූ දෙයක්. එම ප්‍රකාශයේ දේශපාලනය විසින් ඔබගේ ප්‍රතිරූපය සැහෙන්න අඩපණ කරන්න ඇති. ඔබ ව ඕනෑම අතකට නමන්න පුළුවන් අයෙකු ලෙස ඔබගේ හිතවතුන් වගේ ම විවේචකයින් ද හිතන්න ඇති. ඔබට ඒක කියවුනේ ඔබ පොලිස්පතිධූරය ජයගත්තත් ඔබට ඔබ ව ජයගන්න බැරි වෙලා නිසා දෝ කියල මට හිතුනා. FCID ගැන ඔබ කිවූ වචන මා සරලව ම මවිතයට පත් කළා. අගමැති රනිල් වික්‍රමසිංහ ඒ ගැන දෙකොනින් ම හිනා වෙන්න ඇති. මොක ද ඔහු ම කිව්වා මේක නීත්‍යානුකූල නැති ආයතනයක් හා එය එසේ කිරීමට ඔහු ඉදිරියේ දී අපේක්‍ෂා කරන බව

    By Mahinda Pathirana
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ලස්සන දුවෙක් නම් ඉන්නවා වගේ.. පුතා නම් හොදයි වගේ පෙනුම.. බාර්වල, රෙස්ටුරන්ට්වල තාත්තගේ පට්ටම අරගෙන අනිත් උන්ට නෙලන්නේ නැත්තම් එච්චරයි.. මෙ මහත්තයා ගැන මම අහලා තියෙන්නේ කුඩු අල්ලන සීම් වල ගොඩක්ම. හොද කෙනෙක් වෙන්න ඇති.. ප්‍රසන්න පෙනුමක් තියෙන්නේ. එක පාරඛිටියා පාතාල කාරයෙක් වගේ එකෙක්.. ඌට අන්තිමට මැදපෙරදිග තානාපති කමක් දීලා යැව්වා.. මහ නසරානියෙක්..
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,052
    113
    මහින්දත් ඵක්ක මෙයා අවුල් කියන්නේ අැත්තද?
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    පූජිත නෙවෙයි.
    මෙයාගේ නම පූජිත්..


    කොහොම වුනත් මෙයා ඉලංගකෝන්ට වඩා අවුල් වේවි.
    නිකමට කිව්වා කියලා හිතාගන්න.

    එක්කෝ මෙයාට මහින්දගේ කාලේ වගේ "ආයුධ පෙන්නන්න යද්දි වෙඩි හුවමාරු" කරන්න වෙනවා.
    නැත්තම්
    නාන්න වෙනවා.

    පූජිත් ප්‍රසිද්ධ සෝබන වංශයේ කෙනෙක් විධියට.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    මූ FCID එක දිරිමත් කරලා හොරු අල්ලනවලු. ඒ කියන්නේ මූ අපේ එකෙක් නෙවෙයි.
    වහාම මූව ප්‍රතික්ශේප කරලා මූට විරුද්ධ වෙයව්

     
    • Like
    Reactions: xcorat

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    මූ FCID එක දිරිමත් කරලා හොරු අල්ලනවලු. ඒ කියන්නේ මූ අපේ එකෙක් නෙවෙයි.
    වහාම මූව ප්‍රතික්ශේප කරලා මූට විරුද්ධ වෙයව්


    එහෙනම්, ඉක්මනටම පොල් ගහමු
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මම මාර රෙස්පෙක්ට් කරපු ඩයල් එකක්, හැබැයි පලවෙනි මාද්ය හමුවෙන්ම එපා උනා, රස්තියාදුකාර ගොං ටෝක් එකක් දැම්මෙ, මට මතක් වෙනවා සරත් ෆොන්සේකා මහත්තය හමුදාපති වෙලා ඉන්න කාලෙ මීඩියා එකට කතා කරපු හැටි, අහපු ප්‍රශ්න වලට පොයින්ට් එකට කතා කරපු හැටි, ඒ තිබ්බ ටෝන් එක, ඒ ටෝන් එකේ තිබ්බ ගැම්ම, දැන් ෆොන්සෙකා වගේ ඉස්සර ෆොන්සේකා මීඩියා ඉස්සරහ විහිලුවක් උනේ නෑ,අන්න මචං අහනවනම් ටෝක්ස්... :yes:
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර

    රනිලටම හරිගිය ගොන්පාට් කතාවක්.ඉස්සරහට බලාගන්න පුලුවන්වෙයි වගේ තවත් ගොන්ජෙක්.
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    පූජිත නෙවෙයි.
    මෙයාගේ නම පූජිත්..


    කොහොම වුනත් මෙයා ඉලංගකෝන්ට වඩා අවුල් වේවි.
    නිකමට කිව්වා කියලා හිතාගන්න.

    එක්කෝ මෙයාට මහින්දගේ කාලේ වගේ "ආයුධ පෙන්නන්න යද්දි වෙඩි හුවමාරු" කරන්න වෙනවා.
    නැත්තම්
    නාන්න වෙනවා.

    පූජිත් ප්‍රසිද්ධ සෝබන වංශයේ කෙනෙක් විධියට.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ලස්සන දුවෙක් නම් ඉන්නවා වගේ.. පුතා නම් හොදයි වගේ පෙනුම.. බාර්වල, රෙස්ටුරන්ට්වල තාත්තගේ පට්ටම අරගෙන අනිත් උන්ට නෙලන්නේ නැත්තම් එච්චරයි.. මෙ මහත්තයා ගැන මම අහලා තියෙන්නේ කුඩු අල්ලන සීම් වල ගොඩක්ම. හොද කෙනෙක් වෙන්න ඇති.. ප්‍රසන්න පෙනුමක් තියෙන්නේ. එක පාරඛිටියා පාතාල කාරයෙක් වගේ එකෙක්.. ඌට අන්තිමට මැදපෙරදිග තානාපති කමක් දීලා යැව්වා.. මහ නසරානියෙක්..

    උඹලා රෑපෙන්ද බන් මිනිස්සු මනින්නේ....