පූජිත; "මටත් එහෙම හිතුණා"
පූජිත; "මටත් එහෙම හිතුණා"
--------------------------------
පූජිතත් මම හිතන්නේ අපි වගේ ම ගමෙන් ආපු කෙනෙක්. පවුල් පසුබිම ගැන මම දන්නේ නැති මුත් බොහෝ විට පහළ මධ්‍යම පන්තියෙ වෙන්න ඇති. පුද්ගලික ව මමත් පහළ මධ්‍යම පන්තියෙ. මගේ තාත්තා සමූපකාරයක හිටපු මැනේජර් කෙනෙක්. අමාරු ජීවිතයක් අපට තිබුණෙ. පූජිතටත් එහෙම ද දන්නෙ නැහැ.
අපි වාගේ ගමෙන් නගරයට එන අයට පොඩි හීනමානයක් තිබෙනවා. ඒ නිසයි අපි පෙන්නන්න හදන්නෙ අපිත් නගරෙ කියල. ඒත් මේක කවදාවත් සාර්ථක වෙන්නෙ නැහැ. අපට පන්තිය මාරු කරන්න ම බැහැ. ගොඩක් අය මෙහෙම කරන්න ගිහිං තමයි 'ඇන' ගන්නේ. ඔබත් ඉංග්‍රීසියෙන් ටිකක් වැඩියෙන් කතා කරන කොට මට මාව මතක් වුනා. මටත් එහෙම හිතුන කාලයක් තිබුණා.
අපි බයියො. ඒත් බයියෙක් වීම ලේසි දෙයක් නෙමෙයි. එහෙම වෙන්න නම් අපි අපේ හීනමානය ජයගන්න ඕන. අපි වෙන කවුරුහරි නෙමෙයි අපි ම වෙන්න ඕන. ගමෙන් නගරයට ඇවිත් නූතන ශිල්ප ඉගෙන ගෙන අපි නාගරික පාන්තිකයෙක් වෙන්න හැදුවොත් අපට පළමුවෙන්ම අහිමි වෙන්න අපි ව මයි. අපට කොච්චර ශක්තිමත් පෞරුෂයක් තියෙනව ද කියල පරීක්ෂා වෙන්නෙ අපි නගරය ජයගෙන අපේ ග්‍රාමීය බයි උපත පාවා නොදුන්නොත් විතරයි. නියම පෞරුෂවත් නායකයෝ බිහිවෙන්නෙ ගමෙන් තමයි. ඒත් එහෙම වෙන්නේ නගරය අතික්රමනය කොට නගරය තුළ ගම පිහිටවෙව්වොත් විතරයි. මම මහින්ද රාජපක්ෂට ගරු කරන එක් ප්‍රධාන හේතුවක් ඒක.
ඔබටත් හොඳ නායකයෙක් වෙන්න පුළුවන් ලකුණු තිබෙනවා. ඒත් ඔබ ඔබ නොවී වෙනත් අයෙකු බව පෙන්වීමට යන බවක් පෙනෙනවා. මම මේ කලින් ම කියන්නේ ඒක ඔබ තුළ අනන්‍යතා අර්බුදයක් ඇති කරන්න හා ඒ හරහා ඔබගේ ගෞරවනීය වෘත්තීය ජීවිතය දුර්වර්ණ කරන්න පුළුවන් හින්දා. ඒ ලකුණු මම දැක්කා. පහුගිය රජය විසින් ඔබට අසාධාරණයක් කළාදැයි කෙනෙක් අසන විට ඔබ දුන් පිළිතුර වුනේ 'මටත් එහෙම හිතුණා' යැයි කියා. අසාධාරණයක් වුනත් එය ඔබ විසින් ඒ ගාම්භීර පළමු හමුවේ දී නොකිය යුතුව තිබූ දෙයක්. එම ප්‍රකාශයේ දේශපාලනය විසින් ඔබගේ ප්‍රතිරූපය සැහෙන්න අඩපණ කරන්න ඇති. ඔබ ව ඕනෑම අතකට නමන්න පුළුවන් අයෙකු ලෙස ඔබගේ හිතවතුන් වගේ ම විවේචකයින් ද හිතන්න ඇති. ඔබට ඒක කියවුනේ ඔබ පොලිස්පතිධූරය ජයගත්තත් ඔබට ඔබ ව ජයගන්න බැරි වෙලා නිසා දෝ කියල මට හිතුනා. FCID ගැන ඔබ කිවූ වචන මා සරලව ම මවිතයට පත් කළා. අගමැති රනිල් වික්‍රමසිංහ ඒ ගැන දෙකොනින් ම හිනා වෙන්න ඇති. මොක ද ඔහු ම කිව්වා මේක නීත්‍යානුකූල නැති ආයතනයක් හා එය එසේ කිරීමට ඔහු ඉදිරියේ දී අපේක්ෂා කරන බව
By Mahinda Pathirana