පොඩිකාලේ මිහිර පත්තරේ බලපු උන් එන්ට.

May 13, 2012
790
105
0
කළුතර
පොඩිකාලේ මිහිර පත්තරේ බලපු උන් එන්ට.

මම හෙනම හෙන පොඩිකාලේ මිහිර පත්තරේ ගිය කවිවගයක් හිටිගමන් මතක් උනා.

දන්න අය ඉන්නවනම් අමතක කවිටික ලියන්න. කවි පේලියේ නම ලුණු මිනිසා..ගිප්සීස්ලගේ ලුණු දෙහිත් මේ දවස්වල තමයි ජනප්‍රිය උනේ..:eek:
 
May 13, 2012
790
105
0
කළුතර
බොහෝම ඉහත සිටි වඩුවෙක් වැඩ දත්
හදමින් අරුමෝසම් බඩු නොයෙකුත්
රට තොට ඇවිද ගෙන විකුනූමුත්
තිබුනේ නැත ඔහුගේ ගෙට දොරවත්
 
May 13, 2012
790
105
0
කළුතර
දොරක් නොමැතිහින්දා වඩු ගෙදරට
දඩබල්ලෙක් එයි කුස්සිය ඇතුලට
වලන් පිගන් පෙරලී බිදෙනා විට
බැනුම් අසන්නට වෙයි වඩු බිරිදට
 

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    මල් මාමා චිත්‍ර කතාව ගියෙත් ඕකෙ නේද බං
     
    May 13, 2012
    790
    105
    0
    කළුතර
    දවසක් පොල් බෑයක් ගෙන බල්ලා
    ගේ දොරකඩ සිට කයි දත් දල්ලා
    වඩුබිරිදත් කුරුමානම් අල්ලා
    යතු කැටයෙන් ගැසුවිට ඒ බල්ලා
     
    May 13, 2012
    790
    105
    0
    කළුතර
    පැන දිව්වා පොල් බෑයද උසුලා
    මේ සද්දය වඩු රාලට ඇසිලා
    බැලුවිට ඇස් කන්නාඩිය දමලා
    යතු කැටයේ මුව අත ඇත කැඩිලා
     
    May 13, 2012
    790
    105
    0
    කළුතර
    මගේ ආයුධ මගේ පනටත් ..වැඩියෙන් රකින බව මෝඩියෙ දැනගන්

    බැරිනම් ඉන්නට ආයුධ නොකඩන් ..පිං සිදුවෙයි නුබ එලියට බැහැපන්
     
    May 13, 2012
    790
    105
    0
    කළුතර
    වඩු රාලගෙ බිරිදත් මින් කිපිලා

    රන්ඩුවුනා වඩුරාලට බැනලා

    වඩු මඩුවේ බඩු පොලොවේ ගහලා

    යන්න ගියා වඩු රාලද දමලා..
     
    May 13, 2012
    790
    105
    0
    කළුතර
    මෙතනින් එහාට කවි හරියට මතක නෑ කතාව මතකයි..

    මේ කාලේ ලුනු වලට තියෙන්නේ ලොකු ඉල්ලුමක් ඉතිං මේ වඩුව හදනව ලුනු ගන්න පුලුවන් මිනිහෙකුව..ඊටපස්සේ ගමේ අයට ලුණු දීලා ගේ දොර වැඩ කෑම ටික ලබාගන්නව.
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මල් මාමා චිත්‍ර කතාව ගියෙත් ඕකෙ නේද බං
    මල් මාමා ගියේ විජය පත්තරේ. මිහිර පත්තරේ තිබුනෙ යෝධයා කියල කියල කතාවක්.