අඩෝ පොඩි කෙල්ලො මගේ දිහා බලනවා බන්. මොකෝ දන්නෙ නෑ. පොඩි කෙල්ලො කියන්නෙ අවුරුදු 2ත් 6ත් අතර පොඩි කෙල්ලො/කොල්ලො. බස් එකට නැග්ගත් උන් මගේ මූණ දිහා බලන්ම ඉන්නවා. මම ඉතින් උන්ට අත වනනවා හිනා වෙනවා දිව දික් කරනවා ඇස් ගහනවා. පාරෙ ගියත් එහෙමයි. අනේ මන්ද බන් මාර කියුට් උන්ගෙ හිනාව. පට්ටම genuine හිනාව. ඊයෙ පොඩි කෙල්ලෙක් පාරෙදි මාත් එක්ක හිනා වෙලා දවසෙම ඒ කෙල්ලගෙ හිනාව මතක් වුණා. මාර කික් තමයි.
මට හිතා ගන්න බෑ උන් මගේ මූණ දිහාම බලන්නෙ මොකද කියල. මාව ජෝකර් කෙනෙක් වගේ පේනවද දන්නෑ. 


