පොඩි ප්‍රශ්නයක්

poomal

Member
Sep 29, 2016
170
45
0
පොඩි ප්‍රශ්නයක්

මචන්ලා මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා

මට ටික දවසක ඉඳලා ධර්මය ගැන උනන්දුවක් ඇති උනා. ගලිගමුවේ ඥාණදීප හාමුදුරුවන්ගේ බණ දේශනා අහනකොට(නිතරම වගේ අහනවා ටික දවසක ඉඳල ) නිකං දැන් ගෙවන ජීවිතය වැඩක් නෑ , ඉක්මනට ධර්මාවබෝධය ලබන්න ඕනේ හිතෙනවා . ඒ උනාට එකට සම්පූර්ණයෙන් යෙදෙන්න බෑ අනෙක් වඩාත් තියෙන නිසා. මහණ වෙන්නත් හිතෙන්නේ නෑ. කව්ද හරි මැරෙනකොට ධර්මාවබෝධයක් ලබා ගන්නේ නැතුව හිටියොත් එකත් අනතුරක් කියලා දන්නවා . මේ දවස් වල totally confuse වෙලා ඉන්නේ. ඒ නිසා මේ දවස්වල හරියට වැඩකට focus කරන්නත් බෑ . හැම තිස්සෙම හිතට එන්නේ confuse වෙච්ච සිතුවිලි . නිතරම අවුලෙන් වගේ ඉන්නේ වෙනදා තිබ්බ life motivation එක නෑ . කිසිම දෙයක් අසාවෙන් කරන්නේ නැ . but කරන්න ඕන නිසා කරනවා . කලකිරීමක් නං නැ ඒ උනාට නිකං අමුතු අවුල් ගතියක් දැනෙනවා . normal life එකේ ඉඳගෙන ධර්මාවබෝධය ලබන්න බැරිද? මම ලඟදී දාපු threads ඔක්කොම මේ situation eka නිසා තමයි දැම්මේ.

අනික් එක තමයි religious forum එකේ තියෙන thread බැලුවහම තව upset වෙනවා.

උඹලටත් මෙහෙම වෙලා තියෙනවද?

මට උපදෙස් ටිකක් දෙන්න .
 

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    ධර්මදර ස්වාමින්වහන්සේ කෙනෙක් හම්බෙලා මේ ගැන කතාකරපන්.. ආනාපානාසති භාවනාව වගේ ප්‍රගුන කරපන්...
     

    poomal

    Member
    Sep 29, 2016
    170
    45
    0
    ධර්මදර ස්වාමින්වහන්සේ කෙනෙක් හම්බෙලා මේ ගැන කතාකරපන්.. ආනාපානාසති භාවනාව වගේ ප්‍රගුන කරපන්...

    galigamuwe hamudurowo hondaida?
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    galigamuwe hamudurowo hondaida?

    ගලිගමුවේ ඥාණදීප හාමුදුරුවන්ගේ බණ දේශනා අහනකොටනේ උබට මේ ගැටලු මතු වෙලා තියෙන්නේ. මන් හිතනවා ඒ හාමුදුරුවෝම හම්බෙලා මේ ගැන කතා කරන එක හොදයි කියලා..
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඉක්මනට ධර්මාවබෝධය ලබන්න ඕනේ කියල හිතනෙ එක නම් ඉතා හොඳයි. ඒත්

    දැන් ගෙවන ජීවිතය වැඩක් නෑ
    හරියට වැඩකට focus කරන්නත් බෑ
    හැම තිස්සෙම හිතට එන්නේ confuse වෙච්ච සිතුවිලි
    නිතරම අවුලෙන්
    වෙනදා තිබ්බ life motivation එක නෑ
    කිසිම දෙයක් අසාවෙන් කරන්නේ නැ
    අමුතු අවුල් ගතියක් දැනෙනවා

    මේවනම් මානසික ප්‍රශ්ණයක් වගෙයි පේන්නෙ මචන්. කොයි එකටත් මනසික වෛද්‍යවරයෙක් හම්බවෙන එක හොඳයි.