පොරොන්දම් සින් එකක්.

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    පොරොන්දම් සින් එකක්.

    මචන්ලා මේක මගේ ලගම යාලුවෙක්ගෙ සීන් එකක්. කොටින්ම කියනවා නම් මගේ බොක්කක්. මේ සීන් එක නිසා පොර මාර අප්සෙට් එකේ ඉන්නේ.
    මේකයි සීන් එක.
    මගේ යාළුවා උගේ කෙල්ලගේ කේන්දරෙත් අරන් පොරොන්දම් බලන්න ගිහින්. බැලුවම කියල මේක ගැල පෙන්නේ නෑ කියල. භෞම දෝෂය තියෙනවා කියල. කරන්න එපා කියන සින් එකක් කරලා තියෙන්නේ. මෙයා සම්බන්දෙ නතර කරන්න එයා කැමතිත් නෑ. මිනිහා හෙන හිත වේදනාවෙන් ඉන්නේ මචන්ලා. මේකට විසදුමක් තියේද කියල හොයනවා. මටත් කිව්වා මේ පිලිබදව දෙයක් දනනවා නම් හොයල දෙන්න කියල. ඔයාල දන්නා දෙයක් මේ ගැන තියේ නම් පොඩ්ඩක් කියන්න. මේ අපලේ දුරු කරගන්න මොනවා හරි ක්‍රම හරි තියේද කියන්න මචන්ලා.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    නියම පිරිමියෙක් වගේ ඔය නැකැත් පස්සේ යන්නේ නැතිව කෙල්ල එක්ක ඉඳින්... ඕවා බයිලා බං....

    අච්චර රටේ බලසම්පන්නව සිටි මහින්ද මහත්තයටවත් ජෝතිර්වේදියෙන් ගොඩ යන්න බැරි උනා නම් උඹලට කොහෙ යන්නද? ඕවා පස්සේ ගිහින් නිකං අවුල් වෙනවා...
     

    thanujaka

    Well-known member
  • දැම්මම ඕක බලවපු එක හොදයි..
    එතකොට ගෙවල් වලින් ඕව බලල කතන්දර දාන්න කලින් කෙල්ලගේ වෙලාවට මැච් වෙන්න කේන්දරයක් හදවගන්න පුළුවන්..
    ඕව ඌත් විශ්වාස කරනවානං ඒ කෙල්ල ඕකව නොබදින එකමයි හොද..
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    අපලේ දුරු කරගන්න කෙල්ලව අරන් පනින්ඩ කියපන් කවුද බන් මෙ කාලේ කෙන්දර විස්වාස කරන්නේ
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,663
    5,787
    113
    KALUTHARA
    rata yanna kiyahan ban.lankwene kendara thiyenne.lankwe wennathine graha balapam okooma.loke anith unta suddont kendarath na unta awulakuth nane.rat yanna kiyahan. :lol:
     

    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    දැම්මම ඕක බලවපු එක හොදයි..
    එතකොට ගෙවල් වලින් ඕව බලල කතන්දර දාන්න කලින් කෙල්ලගේ වෙලාවට මැච් වෙන්න කේන්දරයක් හදවගන්න පුළුවන්..
    ඕව ඌත් විශ්වාස කරනවානං ඒ කෙල්ල ඕකව නොබදින එකමයි හොද..
    මචං පොර බයයි මචන් කෙල්ලට මොනවා හරි වෙයි කියල. මම නම් ඕව විස්වාස කරන්නේ 50 - 50. යාලුව පන බයේ ගැහෙනවා බන්. කොහොම හරි වුව එළකිරි එකට ගෙන්න ගන්න බලන්නම්.
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මෙවැනි දෝශ තිබ්බ පමනින්ම නොගැලපෙන බව කියන්න බෑ. ඒකට හේතුව මේ දෝශ බංග වන පිහිටීමුත් බොහෝ ගනනක් තියෙනව.ඒවාට අනුව කුජ දෝශය තියෙන අයගෙන් ඉතාමත් සුලු පිරිසකට තමයි නරක විදිහට බලපාන්නෙ. අද ඉන්න කේන්දර බලන ගොඩක් අය මේව ගැන අවදානය යොමු කරන්නෙ නෑ. දෝශය ගැන විතරක් කියල මිනිස්සු බය කරනව. කේන්දර පොරොන්දම් බලද්දි හැමවිටම දක්ශ පරිණත කෙනෙක්ගෙන්ම පමනක් බලාගන්න.

    අනික අවුරුදු ගානක් ආශ්‍රය කරල දෙන්නට දෙන්න හොඳටම ගැලපෙන බව දන්නවනම් බඳින්න හදදදි පොරොන්දම් බලන්න යන්න එපා
    :)
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ලංකාවේ ඔක්කොම වගේ ඔව්ව බලලනේ බැදල තියෙන්නේ .. මේ කාලේ කෙසේ වෙතත් ටික කාලෙකට කලින් කොහොමත් බලනවනේ .. ලංකාවේ වැඩිපුරම තියන නඩු දික්කසාද නඩුද කොහේදෝ එකෙන් හිතා ගනින් ඉතින් :lol::lol:
     

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    මචන් දැන් උන් දෙන්නට බදින්න බැරි නිසා උබේ කෙන්දරෙයි, ඒ කෙල්ලගේ එකයි බලව ගනින්. යාළුවා, උබේ බොක්කක් නිසා උ හිත හදා ගනීවි උට නැති උනත් උගේ හොදම යාළුවා වෙච්චි උබට කෙල්ල ලැබුන එක ගැන. සමහරවිට කෙල්ල වාතයක් උනොත් උබේ කරුමේ වෙන්නත් ඉඩ තියනවා.:lol:
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මචන් දැන් උන් දෙන්නට බදින්න බැරි නිසා උබේ කෙන්දරෙයි, ඒ කෙල්ලගේ එකයි බලව ගනින්. යාළුවා, උබේ බොක්කක් නිසා උ හිත හදා ගනීවි උට නැති උනත් උගේ හොදම යාළුවා වෙච්චි උබට කෙල්ල ලැබුන එක ගැන. සමහරවිට කෙල්ල වාතයක් උනොත් උබේ කරුමේ වෙන්නත් ඉඩ තියනවා.:lol:

    :rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අම්මප තාමත් ඉන්නවනේ මේ පට්ටපල් බොරු විස්වාස කරන එවුන් :growl:.ඔය කේන්දරේ බලලා කරන්ඩ පුළුවන් මගුලක් නෑ බං. එහෙම බැලුවොත් ලංකාව සුරපුරයක් වෙන්ඩ එපායැ. ඔක්කොම කසාද බඳින්නේ කේන්දරේ බලලා. නම් තියන්නේ, අකුරු කියවන්නේ , විබාග ලියන්නේ, සුබ වැඩ ඔක්කොම පටන් ගන්නේ වෙලාව බලලා. ඔක්කොම බලලා කරලා අන්තිමට අපිට කෙලවෙලානේ බං. කෙල්ල හොඳ නං බැඳපන් එච්චරයි
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    යාලුවන්ටමයි වෙන්නේ... හා කමක් නෑ...
    ඔව්වා වැඩිය විස්වාසෙට ගන්නෙ නැතිව ඉන්න කියපං. හරියට පිනක් දහමක් කරගන ජීවත්වෙනවා නං ඔය මොනවයෙන්වත් ප්‍රශ්න එන්නෙ නෑ... මාත් කසාද බැන්දෙ කේන්දර පොරොන්දං බලන්නෙ නැතිව. මං දන්න ගොඩක් උං ඉන්නවා කේන්දර බලන්නෙ නැතිව නැකැත් නැතිව කසාද බැඳපු.