මෙහෙමයි. මේකෙ වැඩි හරියක් ඉන්නෙ අම්මා අප්පච්චිගේ සල්ලි වලින් ඉන්ටර්නෙට් එන, ඒ සල්ලිවලින්ම කොහෙන් හරි ඩිග්‍රි කඩේකින් ඩිග්‍රියක් උස්සන් තමන්ට වැඩිය පොරක් නෑ කියලා හිතන් ඉන්න උන්. උන්ට අර කඩෙන් ඩිග්‍රිය අරන් තොප්පිය උඩ දැම්මයින් පස්සෙ අමතක වෙනවා , තමන් ගියපු ඉස්කෝලෙ, තම්න්ට උගන්නපු ගුරුවරු, තමන්ට උගන්නන්න වියදම් කරපු මිනිස්සු. ඊට පස්සෙ කළු කැත සිංහළු පොශ් වෙනවා. ඩිග්‍රිය ගත්තෙ අපුච්චට පින් සිද්ද වෙන්න උනාට තමන්ව අවුරුදු 13 ඉස්කෝලෙ යැව්වෙ පොළේ පළා විකුණන අම්මගෙ පළා මිටියට බදු ගහලා ගන්න සල්ලිවලින් කියලා අමතක වෙනවා. කුළි වැඩ කරන සුමනසිරි ගොයියා කන පාන් බාගෙන් උන්ට ඉස්කෝලෙ යන්න සල්ලි ගෙව්වා කියලා උන්ට අමතකයි. ඒ සල්ලි ගෙව්ව එවුන්ගෙ ළමයින්ට යන්න තියෙන කැම්පස් වලට ගේම දෙද්දි, උඹලා අර උඹලගෙ කඩ වලටම කඩේ යනවා. නිදහස් අධ්‍යාපනේට පුළුවන් තරම් ගරහනවා. උන්ගේ උපාධියට සාධාරණේ ඉල්ලන්න මොණරාගල ඉදන් බස් එකේ පැය 7 ක් කොළඹ ඇවිල්ලා වෝඩ් ප්ලේස් එකේ බැටන් පාර කද්දි ජීවිතේර ට්‍රිපකට මිස කොළඹින් පිට නොගිය උඹලා පාර බ්ලොක් වෙන එක ගැන කියලා පොශ් කඩ්ඩෙන් උන්ට බනිනවා. ඔන්න ඔහොමයි වෙන්නෙ
සිරා කතාව මචන්. මේකෙ උන් හිතන් ඉන්නෙ උන් ආතල් එකට උද්ඝෝෂණ කරනවා කියල.


.මොකද්ද ෆෝන් මොඩල් එක ගැලැක්සි නෝට් 5 ද..
..