ලංකාවෙ දැනට කොරෝනා සඳහා හොයාගෙන ඇති බෙහෙත්:
1. කොරෝනාවට බය වෙන්න එපා - බෙහෙත් මං ළඟ තියෙනවා - අබේවර්ධන හෙට්ටිආරච්චි
2. ජනපති අවසර දෙනවා නම් වෛරසයට බෙහෙත මං දෙන්නම් - පස්යාලෙ වෙද හාමුදුරුවෝ
4. කනගාටුයි.. ජනපති තියා කවුරුත් කතා කළේ නෑ.. මං බෙහෙත පිට රටකට විකුණනවා - සෙන්ජිත් රාජගුරු
5. ජපානයට අභියෝග කරමින් හෙල ඔසුවක් අනුරපුරෙන් - අනුරාධපුරේ වෙද මහතා
7. කොරෝනාවට ශ්‍රී ලංකාවෙන් සොයා ගත් බෙහෙත - කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙක්
8. කිසිදු බෙහෙත් ගැල්වීමක්.. බීමක් නැත, කොරෝනා සුව කරමි - විශ්වනාත් වෙද මහතා
9. කොරෝනාවලට මේ රහස් ඖෂධ හතර තම්බා බොන්න - ගල් ලෙන් වාසි හිමි නමක්
10. කොරෝනා නසන විශ්වීය රහස මා සතුයි - උදේශා ගංගා මැණියෝ
11. දුමක් අල්ලා කැඳක් පොවා කොරෝනා සුව කළ හැකියි - හෙළ සුවය, පාදෙනිය ඇතුළු කණ්ඩායම
12. හිමාලයෙන් ආ හිමිනමක් කොරෝනා වලට කිවූ රහස් බෙහෙත
13. හෙළ ඖෂධ වලින් කොරෝනා මඩින හැටි ලොව පතල ඖෂධවේදියෙක් හෙලි කරයි - මහාචාර්ය චන්න ජයසුමන
14. කොරෝනා වලින් වලකින්න ගෙදරදීම බෙහෙතක් - ලංකේශ්වර වෙද මහතා
15. ලංකාවේ පළමු රෝගියා සුව කළ දුම - ඖෂධය ලංකාවටම බෙදන්න සූදානම් - වෛද්‍ය මලිත් බටගොඩ
16. මං ගාව කොරෝනා වලට බෙහෙත් තියෙනවා, දැන් බයවෙන්න දෙයක් නැහැ - මෙහෙනින් වහන්සේ නමක්
17. කොරෝනා වලට ආයුර්වේදයෙන් විසඳුමක් - වෛද්‍ය සම්පත් අත්තනායක
18. කොරෝනා මඩින්න විශ්වයෙන් ලැබුන පනිවුඩය - ශ්‍රී රාජි
19. දවස් දහයෙන් මං මුළු ලංකාවම සුවපත් කරනවා - වික්‍රමාරච්චි වෙද මහතා
20. කොරෝනා වලට බෙහෙතක් අපි ලග තියෙනවා. ඒක රහසිගත තැනක හංගගෙන ඉන්නෙ. සීතා අරඹේපොල
21. කට ගැටගැසූ කලගෙඩි හිස්බඩ ගගකට අතෑරීමෙන් කොරෝනා වෛරසය අහෝසි වේ- ඒලියන්ත වයිට්, පවිතාදේවී
උපුටා ගැනීම: අනුර ප්රියජිත්ගෙන්.