පොහොට්ටු මන්ත්‍රී

monson

Well-known member
  • May 7, 2007
    25,558
    28,442
    113
    ගිනි අවි පෙන්වා මරණ තර්ජන කළ කුරුණෑගල පොහොට්ටු නගරාධිපතියාගේ නඩුව යට ගහන්න නීතිපති සහ ආණ්ඩුකාරයා ගේමක් ගහලා..! මෙන්න සාක්කි..! ජනාධිපතිට අගමැතිට පෙත්සමක්..!!

    නීති විරෝධී ගිනි අවි ලඟ තබා ගැනීම, එම ගිනි අවි පෙන්වා පුද්ගලයෙකුට මරණ තර්ජන කිරීම, එම ගිනි අවි පෙන්වා මෝටර් සයිකලයක් පැහැර ගැනීම ආදී බරපතල අපරාධ චෝදනා සහිත නඩුවක් නීතිය නවමින් නීතිපතිවරයා විසින් නඩුව පවත්වාගෙන යෑම ගැන යලි සලකා බැලීමට කියා නඩු ගොනුව යලි කැඳවීමේ සැක සහිත නීච සිද්ධියක් කුරුණෑගලින් වාර්තා වේ.

    මේ චෝදනා එල්ල වී ඇති සැකකරුවා අනෙකෙකු නොව කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ නමැති තක්කඩියා ය. හේ පසුගියදා පොහොට්ටුවේ නගරාධිපතිවරයා වශයෙන් කුරුණෑගල නගරසභාවට පත්වූයේ ය.


    මේ අන්දමට නීතිපතිවරයාට අපරාධ නඩු යට ගසා දැමිය හැකි නම් මිනිසුන් නීතිය තම අතට ගැනීමට කටයුතු කිරීම පුදුමයක් නොවනු ඇත.

    මේ අසාමාන්‍ය අවනීතිය සම්බන්ධයෙන් අගමැතිවරයාට පිටපත් සහිතව ජනාධිපතිවරයාට යැවූ පෙත්සමක පිටපතක් ලංකා ඊ නිව්ස් කතුවරයා වෙතද එවා තිබේ. එය මෙසේය.

    2018 අගෝස්තු 28
    අතිගරු ජනාධිපතිතුමා
    ජනාධිපති ලේකම් කාර්යාලය
    කොළඹ

    ගරු ජනාධිපති තුමනි,

    නීතිය උඩු යටිකුරු කරන ශ්‍රී ලංකාවේ නීතිපතිගේ අවනීතිය සම්බන්ධවයි; නඩු අංකය HC 188/210 -කුරුණෑගල මහාධිකරණය
    ---------------------------------------------------------------
    රැකියාව වශයෙන් මුදල් පොලියට දෙන්නෙකු වන කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ (පොහොට්ටු පක්ෂය) ප්‍රධාන විත්තිකරු වන ඉහත සඳහන් නඩුව අද (28) කුරුණෑගල මහාධිකරණයේ දී විභාගයට ගැනීමට නියමිතව තිබිණ.

    ශ්‍රී ලංකා ජනරජයේ නීතිපතිවරයා විසින් නගරාධිපති තුෂාර සංජීව විතාරණට එරෙහිව අධි චෝදනා ගොණු කර තිබූ චෝදනා 3 කි. ඒවා නම්,
    * නීති විරෝධී ගිනි අවි ලඟ තබා ගැනීම
    * එම ගිනි අවි පෙන්වා කුරුණෑගල මිල්ලව අසේල නාලක හතුරු නමැත්තාට මරණ තර්ජන එල්ල කිරීම
    * එම ගිනි අවි පෙන්වා බිය ගන්වා මෝටර් සයිකලයක් පැහැර ගැනීම

    නීති විරෝධී ගිනි අවි ලඟ තබා ගැනීම අපරාධ විමර්ශණයේ දී තහවුරු වී තිබූ අතර, රස පරීක්ෂක වාර්තාව විසින්ද එය තහවුරු කර තිබිණ. වසර ගණනාවකට පසු අධි චෝදනා ගොනු කිරීමෙන් පසු අද දිනයේ (2018 අගෝ 28) දා මේ නඩුව විභාගයට ගැනීමට නියමිතව තිබිණ.

    පැමිණිලිකාර තුෂාර සංජීව අධිකරණයට පැමිණ සිටි නමුත් නඩු විභාගය නොපවත්වා, නීතිපති දෙපාර්තමේන්තුවෙන් නඩුවේ ගොණුව ආපසු කැඳවා ඇති බැවින් නඩුව පවත්වාගෙන යනවාද? නැතිද? යන්න පිළිබඳව ඊළඟ දිනයේ දී දැනුම් දෙන බව රජයේ නීතිඥවරයා ප්‍රකාශ කරන ලදී.

    නීති විරෝධී ගිනි අවි භාවිතයක් පැහැදිලිව සඳහන් වූ නඩුවක, අධි චෝදනාද බාර දී තිබූ නඩුවක, ගොනුව ආපසු කැඳවා නඩුව අවසන් කරන්නට යන්නේ කුමන හේතුවකට දැයි සොයා බැලිය යුතු නොවන්නේ ද?

    ඒ පිළිබඳව අප කළ සොයා බැලීමේ දී පහත කරුණු දැනගන්නට ලැබිණ.

    විත්තිකාර නගරාධිපති තුෂාර සංජීවගේ නීතිඥයා වන්නේ කුරුණෑගල එජාප කළමණාකරු නීතිඥ ෆිලීෂියන් පෙරේරාය. ඔහු විසින් මේ නඩුව යට ගසා තම සේවාදායකයා වන නගරාධිපතිවරයා (පොහොට්ටුවේ වුවද) බේරා ගැනීමේ රහසිගත මෙහෙයුමක් දියත් කර තිබේ.

    ෆිලීෂියන් පෙරේරා මේ සඳහා ප්‍රකට එජාප පාක්ෂිකයෙකු වූ වත්මන් ඌව පළාත් ආණ්ඩුකාරයා වන ජනාධිපති නීතිඥ ආරිය බී රැකව ගේ සහාය ද ලබාගෙන තිබේ.

    වත්මන් නීතිපති ජයන්ත ජයසූරිය කණිෂ්ඨ නීතිඥයෙකු ලෙස සේවය අරඹද්දී ඔහු සේවය කර ඇත්තේ එවක ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකු වූ ආරිය බී. රැකව යටතේ ය. රැකවගේ කුරුණෑගල නීතිඥ කාර්යාලයේ ඔහු පුහුණු වී ඇත. එබැවින් තම පැරණි ජ්‍යෙෂ්ඨයා, රැකව කියන ඕනෑම දෙයක් ජයන්ත ජයසූරිය නොපැකිලව ඉටු කරයි.

    මේ අනුව නගරාධිපති තුෂාර සංජීවගෙන් ගෙවීම් ලැබු ෆිලීෂියන් පෙරේරා ආරිය බී රැකව ද සමග ගොස් නගරාධිපතිවරයා බේරා ගැනීම සඳහා නීතිපති ජයන්ත ජයසූරියගෙන් උදව් ඉල්ලා තිබේ.

    එම සිද්ධියෙන් පසු මේ නඩුව පවත්වාගෙන යා නොහැකි නඩුවක් ලෙස නම් කිරීම සඳහා නඩු ගොනුව යලි නීතිපති දෙපාර්තමේන්තුව වෙත ගෙන්වා ගෙන තිබේ.

    අපගේ සොයා බැලීමේ දී ආරිය බී රැකව හා බැඳුනු මේ හා සමාන සිද්ධියක් මීට පෙරද සිදුව තිබේ. ඒ මෙසේය.

    ආරිය බී රැකව ගේ පුතා අසේල බී රැකව ය. ඔහුගේ මාමණ්ඩියගේ නම චන්ද්‍රා රැකව ය. මෙකී චන්ද්‍රා රැකවට එරෙහිව කලකට පෙර මිනීමැරුම් චෝදනාවක් සහිත නඩුවක් කුරුණෑගල මහාධිකරණයේ විභාග වෙමින් තිබී ඇත. එම නඩුව කුරුණෑගල විභාග කළ නොහැකි යයි පවසා ප්‍රථමයෙන් කෑගල්ල මහාධිකරණයට මාරු කර තිබේ. ඉන්පසුව කාටත් හොර රහසේ එයද පවත්වාගෙන යා නොහැකි නඩුවක් ලෙස නම් කොට නීතිපති දෙපාර්තමේන්තුව විසිනේ ආපසු කැඳවා තිබේ.

    දැන් අද සිද්ධ වෙන්න යන්නේ එහි දෙවන නාටකයයි.

    ගරු ජනාධිපති තුමනි,

    * මේ ලෙස චුදිතයන් නම් කොට අධි චෝදනා බාර දීමෙන් පසුවත් අපරාධකරුවන්ට නීතියෙන් බේරී පලා යෑමට ඉඩ සලස්වන නීතිපති දෙපාර්තමේන්තුවකින් ඇති ඵලය කිම..?

    * මේ ලෙස ආපසු කැඳවා නඩු වාෂ්ප කරමින් අපරාධකරුවන්ට ලිස්සා යෑමට සැලැස්වූ නඩු ගණන කීයද?

    * ඉදිරියේ දී මෙවැනි අධි චෝදනා බාර දුන් නමුත් පසුව ආපසු කැඳවා වාෂ්ප කිරීමට නියමිත නඩු මොනවාද ?

    ගරු ජනාධිපති තුමනි,

    * නීතියේ ඇස්වසා පැන යාමට හදන අපරාධකාර නගරාධිපති තුෂාර සංජීව විතාරණ නමැත්තා ඔබතුමා සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය සහභාගී වූ කුරුණෑගල පැවැති රැස්වීමකට පැමිණ හූ කියා ප්‍රධාන චුදිතයෙකු වූ පුද්ගලයෙකු බවත්, එයට එරෙහිව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ ඔහුට එරෙහි නඩුවක් පවතින බවත් ඔබතුමා දන්නවාද?

    * නගරාධිපති තුෂාර සංජීව විතාරණ පසුගිය සමුපකාර ඡන්දයේ දී රාජ්‍ය දේපල වලට පහර දී අලාභ කිරීමට එරෙහිව සිදුවන විමර්ශනයේ ප්‍රධාන සැකකරු බව දන්නවාද?

    * නගරාධිපති තුෂාර සංජීව විතාරණ ස්ත්‍රී දූෂණයක් සිදුකළද තම ගෝලයෙකු වූ ජෝර්ජ් නමැත්තෙකු තමා වෙනුවට ඉදිරිපත් කර ඔහු වරදකරු කර එකී ස්ත්‍රී දූෂණයෙන් බේරුණු අයෙකු බව දන්නවාද? ( ජෝර්ජ් නමැත්තා අදටත් දඬුවම් ලබයි)

    අපට සාපේක්ෂව නගරාධිපති තුෂාර සංජීව විතාරණ යනු අපරාධකරුවෙකි. එසේ නොවන්නේ නම් ඔහු අධිකරණයේ ඇති නඩුවලට මුහුණ දී තම නිර්දෝෂී භාවය ඔප්පු කළ යුතුය. නොඑසේව ආණ්ඩුකාරයාද, නීතිපතිවරයාද සමග අවනීතික ගේම් ගසා නීතියෙන් පැන යෑමට තැත් කරන්නේ නම් එය වැළැක්වීමට තවමත් ජනාධිපතිවරයා වන ඔබතුමාට පූර්ණ බලතල ඇතැයි අපි විශ්වාස කරමු. නීතියේ ආධිපත්‍යය පිහිටුවීමට මැදිහත් වන ලෙස ඔබතුමාගෙන් ගෞරව සම්ප්‍රයුක්තව ඉල්ලා සිටිමු.

    මීට,

    යුක්තිය පතන කුරුණෑගල ජනතාව
    පිටපත්,

    අගමැතිතුමා,
    අගවිනිසුරුතුමා,
    අධිකරණ ඇමැතිතුමිය,
    අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්තුමා,
    ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිතුමා,
    ලංකා ඊ නිව්ස් කර්තෘතුමා


    - https://www.facebook.com/lankaenews/posts/2030915086973646?__tn__=K-R
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    38755369_657257107988944_3512371929082232832_n.jpg
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මුන්ව සුද්ද කරලා දාන්න වැරදි කාරයෙක් වුනාම මන්ත්‍රී දුරය අහෝසි වෙලා ජිවිත කාලෙට අයේ චන්දයකට ඉලන්න බැරිවෙන්න නිත් ගෙන්න ඕනේ, විබාග නිතිය වගේ:rolleyes:

    ලන්කා සි ,ඊ නිව්ස් වගේ පච ලින්ක් දාන එපා ලංකාදීප , නෙත්. නිව්ස්1ස්ට් වගේ පිළිගන්න පුළුවන් සයිට් එක විස්තර දාන අත්හ වුනත් මිනිස්සු බොරු කියලා හිතන්නේ .......
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,558
    28,442
    113
    පොහොට්ටු මන්ත‍්‍රී කසිප්පු පෙරද්දී අත්අඩංගුවේ.. කසිප්පු තොගයකුත් අල්ලයි..

    August 31, 2018 at 4:40 pm | lanka C news

    ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයෙකු කසිස්පු පෙරමින් සිටියදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

    මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාවනැල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙකි.

    මන්ත‍්‍රීවරයා සමග කසිප්පු ලීටර් 18ක්, ගෝඩා ලීටර් 180ක් සහ කසිප්පු පෙරන උපකරණ තොගයක්ද අත්අඩංගුවට ගෙන ඇත.


    http:// l a n k a c n e w s .com/පොහොට්ටු-මන්ත‍්‍රී-කසිප්/
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ප්‍රාදේශීය සභා වල ඉන්න කොයි එකත් එකයි. තනිකරම වැඩි හරියක් කාලකන්නි ඉන්නේ. ගොන්සෝන් කාරයට පෙන්නේ ඕවා තමයි. මූට සිරිකොතේ හොරුන්ගේ වැරදි කිසි දෙයක් පෙන්නේ නෑ. ඒ ත්‍රෙඩ් පැත්ත පළාතේ එන්නේ නෑ :angry:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,558
    28,442
    113
    pl_016.jpg


    - l a n k a c n e w s .com/මහරගම-සර්-නගරාධිපතිට-ය/
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මෙන්න අලුත්ම පෙරමුන . මේක වෙන පක්ශයක්ද දැන්නෑ . සිංහල පෙරමුණ දෙමල පෙරමුණ කියලත් තියද දන්නෑ . තව බර්ග ,මැලේ,රොඩි, වගේ පෙරමුණු :lol::lol::lol::lol::lol::lol:


    XOpD95U.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,558
    28,442
    113
    මහරගම නගර සභාවේ සේවකයෝ රාජකාරිවලින් ඉවත් වෙති

    - 7 09 2018 - 14:30

    මහරගම නගර සභාවේ සභාපති ටිරාජ් පියරත්න මහතා සේවකයන් සිවුදෙනෙකුට පහරදීමේ සිද්ධියකට විරෝධය පළ කරමින් මහරගම නගර සභාවේ සියලුම සේවකයන් සිය රාජකාරි කටයුතුවලින් ඉවත්ව ඇති බව වාර්තා වේ.

    පහරකෑමට ලක්වූ අදාළ සේවකයන් සිවුදෙනා ඊයේ (06දා) රාත්‍රී රාජකාරි වේලාවේ අවන්හලක මත්පැන් පානය කරන බවට සභාපතිවරයාට තොරතුරක් ලැබී ඇති අතර, ඔවුන් නගර සභාව වෙත කැඳවා ඔවුන්ට පහර දී ඇති බව නගර සභා සේවකයෝ පවසති.

    පහරකෑමට ලක්වූ එම සේවකයන් ප්‍රතිකාර සඳහා හෝමාගම රෝහලට ඇතුළත් කර ඇති බවද සඳහන් වේ.

    කෙසේ වෙතත් තමා අදාළ සේවකයන් සිවුදෙනාට තරයේ අවවාද කළ නමුත්, පහරදීමක් සිදු නොකළ බව මහරගම නගර සභාවේ සභාපති ටිරාජ් පියරත්න මහතා පවසයි.


    - http://www.ada.lk/breaking_news/මහරගම-නගර-සභාවේ-සේවකයෝ-රාජකාරිවලින්-ඉවත්-වෙති/11-340100
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,558
    28,442
    113
    ජර­මර කරන කසිප්පු පෙරණ මන්ත්‍රී මැරයෝ

    1 සැප්තැම්බර්, 2018

    විශේෂාංග

    රටේ මහ­ජන නියෝ­ජි­ත­යන් සිටිය යුත්තේ මහ­ජ­න­තා­වට සේවය කිරී­මට මිස නොහි­ක්මුණු, අධම ක්‍රියා­කා­ර­ක­ම්වල නිරත වීමට නොවේ. ඒ අනුව රටේ නීති­යට අව­න­තව ජනතා සුබ­සි­ද්ධිය තකා සේවය කිරීම ලොකු - පොඩි සෑම ජනතා නියෝ­ජි­ත­ය­කු­ගේම යුතු­කම සහ වග­කී­මයි. එහෙත් නීතිය හා සාමය ආරක්ෂා කරන ආය­තන නිල­ධා­රීන් මෙන්ම රටේ ජන­තා­වගේ සුබ­සි­ද්ධි­යට කැපවී සිටින රාජ්‍ය නිල­ධා­රීන් සමඟ ගැටුම් ඇති­ක­ර­ග­නි­මින් කල­හ­කාරී ලෙස හැසි­රුණ ජනතා නියෝ­ජි­ත­යන් කීප දෙනෙක්ම පසු­ගිය දින කීපයේ වාර්තා විණි.

    ඒ සෑම දෙනෙක්ම ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ නියෝ­ජ­නය කරන ‘පොහොට්ටු’ මන­ත්‍රී­ව­රුන් වීම විශේ­ෂ­ත්ව­යකි.

    පසු­ගිය 18 වැනිදා රාත්‍රී 11.06ට පමණ දක්ෂිණ අධි­වේගී මාර්ගයේ ගැල­නි­ගම පිවි­සු­මෙන් ඇතු­ළු­වී­මට පැමිණි 47-4309 දරන සුදු පැහැති කැන්ටර් රථයේ විදුලි ආලෝ­කය මඳ­කම නිසා අධි­වේ­ගයේ ධාව­න­යට නුසු­දුසු බව ඒ අව­ස්ථාවේ රාජ­කා­රියේ යෙදී සිටි පොලිස් නිල­ධා­රි­යාගේ නිග­ම­නය විය.

    එහෙත් එම අණ නොතකා ධාව­නය වූ රථය කඩු­වෙල කොත­ලා­වල පිවි­සු­මෙන් පිට­වී­මට සැරැ­සෙද්දී එම ස්ථානයේ සිටි පොලිස් නිල­ධා­රියා වාහ­නය නතර කළේය. නතර කර ප්‍රශ්න කිරී­මට සූදා­නම් වූයේ ගැල­නි­ග­මින් ලැබුණු පණි­වි­ඩ­යත් සම­ඟිනි.

    ඒ මොහොතේ පොලිස් නිල­ධා­රින්ගේ රාජ­කා­රි­යට බාධා වන ආකා­ර­යෙන් හැසි­රුණු එම රියැ­දුරා පසුව පොලිස් නිල­ධා­රි­යාට පහර දෙන්නට පටන් ගත්තේය. මාර්ග නීති උල්ලං­ඝ­නය කිරීමේ වර­දට ප්‍රශ්න කිරීම නිසා පොලිස් නිල­ධා­රි­ය­කුට පහර දෙමින් මේ අශිෂ්ට හැසි­රීම ප්‍රද­ර්ශන කළේ පොහො­ට්ටුවේ ප්‍රාදේ­ශීය සභා මන්ත්‍රී වර­යෙකි. ඔහු ගිය­වර පළාත් පාලන මැති­ව­ර­ණ­යට අලව්ව ප්‍රාදේ­ශීය සභා­වට වඩු­වාව කොට්ඨා­සයේ ‘ලිස්ට්’ එකෙන් ඉදි­රි­පත් වූ 35 හැවි­රිදි චමින්ද වීර­වංශ නමැ­ත්තාය.

    මොහු මන්ත්‍රී­ව­ර­යකු වී තිබෙ­න්නේද අහ­ම්බෙනි. ඒ එම ප්‍රාදේ­ශීය සභා­වට නුංග­මුව කොට්ඨා­ස­යෙන් තේරී පත්වූ සේනා­ධීර නමැති මන්ත්‍රී­ව­රයා මිය­යාම නිසායි. චමින්ද නමැති මේ ප්‍රාදේ­ශීය සභා මන්ත්‍රී­ව­රයා සභාව නියෝ­ජ­නය කර තිබෙ­න‍්නේද තවම එක් දිනක් පම­ණක් බව එම සභාවේ මන්ත්‍රී­ව­රුන් අපට කීවේය. එසේම මොහු වඩු­වාව කොට්ඨා­ස­යෙන් ඉදි­රි­පත් වී නුංග­මුව කොට්ඨා­සයේ මන්ත්‍රී­ව­රයා මිය­යාම නිසා පුර­ප්පාඩු වූ මන්ත්‍රී­කම තමා හට ලබා­ගෙන තිබෙ­න්නෙද අයථා ආකා­ර­යෙනි. පොහොට්ටු දේශ­පා­ලන බල­ධා­රීන්ට බැල­මෙ­හෙ­වර කිරී­මෙනි.

    අන­තු­රුව මේ මන්ත්‍රී­ව­රයා නව­ග­මුව පොලී­සියේ අත්අ­ඩං­ගු­වට පත් විය. පසුව හෝමා­ගම රෝහලේ ප්‍රති­කාර ලබ­මින් සිටි­යදී රෝහ­ලෙන්ද පැන යාමට තැත් කළේය. ඒ මහ­ජන නියෝ­ජි­ත­යන්ගේ වග­කීම ‘තිත’ට ඉටු­කි­රීමේ ලක්ෂණ පෙන්නුම් කර­මිනි.

    මේ අතරේ හිඟු­ර­ක්ගොඩ ප්‍රාදේ­ශීය සභා­වට බත්ග­ම්ප­ත්තුව කොට්ඨා­ස­යෙන් තේරී පත්වූ පොහොට්ටු මන්ත්‍රී­ව­ර­යකු වූ මින්නේ­රිය රජ­ඇළ පදිං­චි­ක­රු­වකු වන ජයන්ත දළ­දා­වත්ත ඇතුළු දස­දෙ­නෙකු පොලිස් අත්අ­ඩං­ගු­වට පත්වූයේ පසු­ගිය 28 දා රාත්‍රි­යේය. ඔහු ඇතුළු පිරිස එසේ අත්අ­ඩං­ගු­වට ගැනුණේ පසු­ගිය 26 දා මින්නේ­රිය ජාතික වනෝ­ද්‍යා­නය තුළ පිහිටි මින්නේ­රිය වැවේ තහ­නම් දැල් ආම්පන්න භාවිත කර­මින් මසුන් අල්ල­මින් සිටි ධීව­ර­යකු අත්අ­ඩං­ගු­වට ගැනීම නිසා වන­ජීවි කාර්යා­ලය වටලා එහි සිටි නිල­ධා­රින් සිවු­දෙ­නෙ­කුට පහර දීමේ සිද්ධි­යක් නිස‍ා­වෙනි.

    එම සිදු­වී­මේදී ද මහ­ජන නියෝ­ජි­ත­ය­කු­ගෙන් විය යුතු සේවය පසෙ­කලා රාජ්‍ය නිල­ධා­රින්ට පහර දෙමින් නීතිය අතට ගෙන කට­යුතු කළ මෙම මන්ත්‍රී­ව­රයා පෙන්වූයේ නූගත් මැර­කමේ ස්වරූ­පය ය.

    එසේ නීතිය අතට ගැනී­මට පොහොට්ටු මන්ත්‍රී­ව­රුන් සැරැ­සෙද්දී කසිප්පු ජාවා­ර­ම­ක­ටද සම්බන්ධ තවත් පොහොට්ටු මන්ත්‍රී­ව­ර­යකු අත්අ­ඩං­ගු­වට පත්වූයේ පසු­ගිය 30 වැනි­දායි. මාව­නැල්ල, අලු­ත්නු­වර, එන­සා­ල්වත්ත ප්‍රදේ­ශ­යේදීය. එලෙස අත්අ­ඩං­ගු­වට ගැනුණේ ප්‍රියන්ත අල්කේ­ගම නැමැ­ත්තෙකි.

    මේ කසිප්පු කාරයා පසු­ගිය පළාත් පාලන මැති­ව­ර­ණ­යේදී අලු­ත්නු­වර කොට්ඨා­ස­යෙන් මාව­නැල්ල ප්‍රාදේ­ශීය සභා­වට තේරී පත්වූ අයෙකි. කසිප්පු ප්‍රියන්ත අත්අ­ඩං­ගු­වට පත්වන්නේ කසිප්පු බෝතල් 25ක් හා ගොඩා ලීටර 180 ක් සම­ඟය.

    නිවෙස ඉදි­රි­පිට ගඩොල් පෝර­ණු­වක් අසල කලෙක සිටම ගජ­රා­මෙට කර­ගෙන ගොස් තිබූ එම කසිප්පු ජාවා­රම ජනතා නියෝ­ජි­ත­යකු වූ පසු­ව­වත් නතර නොකි­රී­මට තරම් එම මන්ත්‍රී­ව­රයා ජනතා වාදී වී තිබු­ණේය. ඒ නිසාම ජන­තාව පොලි­සි­යට ලබා දුන් ඔත්තු­ව­කට අනුව මේ වැට­ලීම සිදු­ක­ළේය.

    නීතිය අතට ගැනීම්, නීති විරෝධී ක්‍රියා සිදු­කි­රීම්, රාජ්‍ය දේපොළ විනාශ කිරීම්, රාජ්‍ය සේව­ක­යන්ට පහර දීම් සිදුකරන මහ­ජන නියෝ­ජි­ත­යන් දැන් ප්‍රාර්ථනා කර­මින් සිටින්නේ තමන්ගේ ආණ්ඩු­වකි. එවැනි ආණ්ඩු­වක් සහිත රටක පුර­වැ­සි­ක­යෙ­කුගේ අත්දැ­කීම කෙබඳු විය හැකි දැයි අප තව­මත් කල්පනා කර­මින් සිටි­න්නේය.



    - අමිල


    - http://www.silumina.lk/2018/09/01/විශේෂාංග/ජර­මර-කරන-කසිප්පු-පෙරණ-මන්ත්‍රී-මැරයෝ
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,558
    28,442
    113
    පුංචි ආණ්ඩුවේ බලය ගත් පොහොට්ටුවන්ගේ තරම දිනපතා හෙලිවේ..! පොහොට්ටු මන්ත්‍රී කඩහකයෙක් දරුවෙකු අපයෝජනය කර අත් අඩංගුවට..!

    රටේ බලය ඉල්ලන රාජපක්ෂවාදී පොහොට්ටුවන්ගේ තත්ත්වය කෙසේදැයි දැනට බලය ලබාගෙන සිටින පළාත් පාලන ආයතන වල සිටින තිරිසනුන්ගෙන් දිනපතා හෙළිවේ

    දොළොස් හැවිරිදි පිරිමි දරුවෙකු අපයෝජනය කිරීම සම්බන්ධයෙන් මීරිගම ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු මන්ත්‍රී කහකඩයෙක් මීරිගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
    මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී 'පොහොට්ටු' පක්ෂය නියෝජනය කරමින් තරඟ කර ජයගත් කිතුල්වල සිරිවිමල නමැති මන්ත්‍රී කහකඩයෙකි.

    දරුවා විහාරස්ථානයට පැමිණි අවස්ථාවකදී පොහොට්ටු කහකඩ මන්ත්‍රී විසින් දරුවා අපයෝජනය කළ බවට දෙමාපියන් විසින් කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් මූලික විමර්ශන පවත්වා කිතුල්වල සිරිවිමල කහකඩයා අත්අඩංගුවට ගෙන ඇත.

    රටේ තිබෙන පන්සල් වල සිදුවන අපචාර අතුරින් බරපතලම අපචාරය වී තිබෙන්නේ අවිනය කහකඩයන් වෙසෙන පන්සල් තුලදී පන්සලට එන දරුවන් මෙන්ම සාමනේර භික්ෂූන් ද අපයෝජනය කිරීමයි. රාජපක්ෂලා තම චෞරවාදී දේශපාලනයේ තෝතැන්න කරගෙන සිටින්නේ එවැනි පන්සල් සහ එවැනි කහකඩයන් ය.


    - https://www.facebook.com/lankaenews/posts/2041439029254585
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,558
    28,442
    113
    පොල් ලෙල්ල දොර පොල්ල වෙයි - මහරගම නගරාධිපති සේවකයින්ට දරුණු ලෙස පහරදීලා !

    මහරගම නගරසභාව පුවත් මවන්නට පටන් ගත්තේ පසුගිය පළාත් පාලන මැතිවරණයටත් පෙරාතුව සිටමය. ඒ මහරගමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කළ නාමයෝජනාව ප්‍රතික්ෂේප වීමෙනි. පොදුජන පෙරමුණ මීට විකල්පයක් ලෙස කළේ බයිසිකලය ලකුණින් මහරගම නගරසභාවට තරග කළ ස්වාධීන කණ්ඩායමට සහාය පළ කිරීමයි. මහරගම පදිංචිකරුවන් ද නොවූ පිරිසක් සිටි එම ස්වාධීන කණ්ඩායම පොහොට්ටුවේ සහයෙන් ඉහළින් ම ජයග්‍රහණය කළ අතර ඒ පිළිබඳව බන්ධුල ගුණවර්ධන සූරීන් උදාන වාක්‍යයක් ද ප්‍රකාශ කළේ "මහින්ද රාජපක්ෂගේ ආශිර්වාදයෙන් පොල් ලෙල්ලක් මැතිවරණයට ඉදිරිපත් කළ ද ජයග්‍රහණය කරන" බව කියමිනි. කෙසේවෙතත් පොල් ලෙල්ල දැන් දොර පොල්ලක් වී නගරසභාවේ සේවකයින්ට ද පහර දෙන්නට පටන් ගෙන තිබේ.



    රාජපක්ෂ පාර්ශ්වයේ ආශිර්වාදයෙන් මහරගම නගරාධිපති ලෙස පත්වූ ටිරාජ් ලක්රුවන් පියරත්න විසින් පසුගිය 06 වනදා නගරසභාවේ විදුලි සේවකයින් 04 දෙනෙකුට පහරදී ඇති බවට චෝදනා එල්ල වී ඇත. තමන් සිවුදෙනා රාජකාරි නිමකර නිවෙස් බලා යන අතරමග පන්නිපිටිය ප්‍රදේශයේ අවන්හලක ආහාර ගනිමින් සිටියදී පැමිණි නගරාධිපතිවරයා තමන්ව නගරසභා කාර්යාලයට කැඳවා කාර්යාලයේ දොරගුළු දමා තමන්ව දණ ගස්වා තමන්ට දරුණු ලෙස අතින් පයින් පහරදුන් බවයි අදාළ සේවකයින් පවසන්නේ. පහරකෑමට ලක්වූ සේවකයින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා හෝමාගම රෝහලට ඇතුළත් වී තිබිණි.

    මෙහිදී පහරකෑමට ලක්ව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි එක් සේවකයෙක් තමන් මුහුණදුන් සිදුවීම පිළිබඳව මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ " අපි කෑම ගන්න නවත්තලා තිබ්බා. කෑම අරන් එළියට එද්දි එතනදිම කුණුහරුපෙන් බැනලා අපිව නගරසභාවට එක්කන් ගියා. සිකියුරිටි කෙනෙක් අතේ පණිවිඩයක් එවලා තිබ්බා අපිට එන්න කියලා. අපි කාමරේට යද්දිම කමිසෙන් ඇදලා අරන් අපිට කණට ගැහුවා. ඊට පස්සේ අපිව දණගස්සලා තිබ්බා. මට කණට ගැහුවා, මම මේ කණ පෙන්නන්න ඇවිත් ඉන්නේ. තව කෙනෙක්ගේ ඇහැක් තුවාල වෙලා. එයත් ඇහැ පෙන්නන්න ඇවිත් ඉන්නේ. අනිත් කෙනාට කොන්දේ අමාරු හැදිලා. දණ ගහගෙන ඉන්න දන්නෙ නෑ කියලා එයාට බිම දාගෙන ගැහුවා" යනුවෙනි.

    මේ නගරාධිපති ටිරාජ් පියරත්න ම පසුගියදා තමන්ට "සර්" යනුවෙන් ආමන්ත්‍රණය කළ යුතු බවට නගරසභාවේ අලවා තිබූ දැන්වීමක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය විය. එම නිවේදනයෙන් ඔහු පවසා තිබුණේ තමා මහරගම පළමු පුරවැසියා නිසාත් නගරසභාවේ ප්‍රධාන විධායකයා නිසාත් තමන්ට "සර්" යනුවෙන් අමතන ලෙසය. නගරාධිපති තනතුරෙන් ටිරාජ්ට ඇතිවුණු 'පොරමේනියාව' කොතරම් ද යන්න පැහැදිලි කෙරුණු එම නිවේදනය සමාජ මාධ්‍ය ජාල තුළ දැඩි විවේචනයට ලක්වූ අතර ඔහු එවිට ප්‍රකාශ කළේ තමන් එවැනි දැන්වීමක් ප්‍රසිද්ධ නොකළ බවය. ඔහු මෙවරත් සේවකයින්ට පහරදීමෙන් අනතුරුව කියන්නේ තමන් කිසිදු පහරදීමක් නොකළ බවත් බීමත්ව සේවයේ යෙදුනු සේවකයින් පිරිසකට අවවාද කළ බවත් ය.

    කෙසේවෙතත් නගරාධිපති "සර්"ගේ අවවාදයේ තරම පෙනෙන්නේ සේවකයින්ට රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමට සිදුවීමෙනි.

    යමක් ලද පමණින් එය දරාගත නොහැකිව පිස්සු කෙළින පුද්ගලයින් පුද්ගලයින් සමාජයේ දැකගත හැකිය. මේ නගරාධිපතියා ද එවැන්නෙකි. මොහු මේ පිස්සු කෙළින්නේ තමන් උපයාගත් දෙයකින්වත් නොව තමනුත් වග නොකියන අහක යන අන්ධ පාක්ෂිකයින් පිරිසක් විසින් ඔහුට අනිවාරතේ ලබාදුන් දේශපාලන බලයකින් මත්වීගෙන ය. මෙවැනි නිහීන, නින්දිත පුද්ගලයින්ටත් බලය ලැබෙන 'පොල් ලෙලි දේශපාලනය'ම මුලින් ප්‍රශ්න කළ යුතුව ඇත.

    ඊළඟ කරුණ වන්නේ කිසිම පුද්ගලයකුට තවත් කෙනෙකුට පහරදීමට හෝ හිංසනයකට ලක් කිරීමට කිසිදු ඉඩක් නීතියෙන් නොමැති වීමයි. මේ නගරාධිපතියා විසින් සිය ආයතනයේ සේවකයින් සිවුදෙනෙකුට අසභ්‍ය වචනයෙන් බැණවැදී දරුණු ලෙස අතින් පයින් පහරදී තිබේ. තනතුර කුමක් වුවත් එය අදාළ නැත. ඔහුට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක විය යුතුව ඇත.

    එහෙත් පහරදීමෙන් අනතුරුව නගරාධිපතිවරයා සේවකයින්ට බලපෑම් කර ඇත්තේ පොලීසියට පැමිණිලි නොකරන ලෙසය. තමන්ගේ පියාත් පොලිසියේ සේවය කරන හෙයින් පොලිසියට පැමිණිලි කළ ද වැඩක් නොවන බව පවසා ඇති ඔහු "පොලිසි ගියොත් බලාගමු !" යැයි තර්ජනය ද කර තිබේ. පහරකෑ සේවකයින් රෝහල්ගත වුව ද නගරාධිපති ටිරාජ් පියරත්නව පොලිස් අත්අඩංගුවට ගැණුනේ නැත. ඒ, ඔහු මේවන විට බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රියගේ රැකවරණ ලබන නිසා බව ආරංචිය.

    ප්‍රාදේශීය දේශපාලකයින් හිතූ මතේ පිස්සු නැටූ, මිනීමැරූ, ස්ත්‍රී දූෂණ කළ වකවානුවක් තිබිණි. මේ රජය 2015 ජනවාරි බලයට පැමිණියේ ඒ රාජපක්ෂ අවිචාර යුගය අවසන් කරන බව කියමිනි. එසේනම් ටිරාජ්ලාට තවදුරටත් නිදැල්ලේ හැසිරෙන්නට ඉඩක් තැබිය යුතු නැත. ඉදිරියේදී පිස්සු කෙළීමේ බලාපොරොත්තුවෙන් දේශපාලන උණෙන් පසුවන අනෙත් උදවියටත් පාඩමක් වන්නට මහරගම නගරාධිපතිට එරෙහිව නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක විය යුතුය.

    අරයාගේ මෙයාගේ කීමට නීතිය නැවෙන්නේ නම් රට ම 'මහරගමක්' වන දිනය වැඩි ඈතක නොවනු ඇත.


    - https://lankanewsweb.net/sinhala/පු...ි-මහරගම-නගරාධිපති-සේවකයින්ට-දරුණු-ලෙස-පහරදීලා
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,558
    28,442
    113
    ගව මළකුණ මස්කර මහින්ද පිලේ මන්ත්‍රීවරු මත්පැන් සාජ්ජයක් දාලා

    September 20, 2018

    මිහින්තලය වේලන්කුළම හන්දියේදී රිය අනතුරකට ලක්වීමෙන් බරපතළ තුවාල ලබා මරණයට පත් වූ ගවයකුගේ මළකුණක් මස් මරන්නෙකු රැගෙනවිත් මස්කර මස් අලෙවියෙන් ලබාගත් මුදලින් මිහින්තලය ප්‍රාදේශීය සභාවේ මහින්ද පිලේ මන්ත්‍රීවරුන් පිරිසක් ප්‍රාදේශීය සභා සේවකයෙකුද සම්බන්ධකරගෙන මත්පැන් සාජ්ජයක් පවත්වා ඇති බව වාර්තා වේ.

    අනුරාධපුර ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ග හරහා ගමන් කළ හොඳින් වැඩුණු ගවයා පසුගිය 13 රාත්‍රි කාලයේ මිහින්තලය වේලන්කුළම හංදියේදී රිය අනතුරට ලක් වී ඇති අතර මේ බව දැනගත් මිහින්තලය ප්‍රාදේශීය සභාවේ මහින්ද පිලේ මන්ත්‍රීවරුන් වන උපාලි ආනන්ද, මාධව ලක්ෂාන් සහ අරුණ නිශාන්ත යන තිදෙනා එම ගවයාගේ අවසන් කටයුතු සිදුනොකර පසුදින 14 උදෑසන ගවයා මස් කිරීම සඳහා කටයුතු සංවිධානය කර තිබේ.

    ඒ අනුව පෙරමුණගත් මන්ත්‍රීවරයෙකු කටුකැලියාව ප්‍රදේශයේ පදිංචි සතුන් මරන්නෙකු එහි ගෙන්වාගෙන ගවයා රැගෙන ගොස් මස් සඳහා සකසා තිබේ. මියගිය ගවයාගේ මස් කිලෝග්‍රෑම් 500ක පමණ ප්‍රමාණයක් ‍පොහොර උරවල දමා ගවයා මස් කිරීමට මුල් වූ මන්ත්‍රීවරයෙකු විසින් ගෙන්වා ගන්නා ලද ත්‍රිරෝද රථයක දමාගෙන මිහින්තලය නගර පුරා ඇවිදිමින් ආපනශාලාවලට හා නිවාඩු නිකේතනයන්ට ගවමස් අලෙවිකර පසුව ඉන් ඉතිරි වූ මස් ප්‍රාදේශීය සභාවටත් රැගෙන ගොස් එහි සේවකයන් කිහිප දෙනෙකුට “හොඳ බඩු” කියමින් කිලෝවක් රුපියල් 500ය බැගින් අලෙවිකර තිබේ.

    පසුව මස් අලෙවියෙන් එක් රැස් කරගත් මුදලින් මිහින්තලය නගර ආසන්නයේ පිහිටි නිවාඩු නිකේතනයකට ගිය මන්ත්‍රීවරුන් තිදෙනා හා සභාවේ සේවයේ නියුතු මතට ගිජු සේවකයෙකු ඔවුන් සමග මත්පැන් සාජ්ජය පවත්වා තිබේ. එම ගවයාගේම මස්වලින් සකස් කර ගත් වෑන්ජනයේ රස බලමින් මත්පැන් පානය කර තිබේ.

    මිහින්තලය ප්‍රාදේශීය සභාවේ සේවයේ නියුතු සේවකයා හොඳහැටි සූර් වී මිහින්තලය නගරය මැදින් පරුෂ වචන කියමින් කෑකෝ ගසමින් පෙර පාසලකට පැමිණ එහි ගුරුවරියටත් පරුෂ වචනයෙන් බැණ වැදී නැවත සභාවට ගොස් එහි නිලධාරිගේ රාජකාරීවලටත් බාධාවන අයුරින් කෑ කෝගසා අශෝධන ලෙස හැසිරීම නිසා එම ආයතනයේ සේවයේ නියුතු නිලධාරියෙකු ඔහුගේ අතපය බැඳ මෙල්ලකර තිබේ.

    පරුෂ වචන කියමින් අශෝභන ලෙස හැසිරුණු මෙම නිලධාරියාට මත්පැන් බොන්නට දුන් මන්ත්‍රීවරයෙකුම ඔහුගේ නිවසට රැගෙන ගොස් තිබේ.

    මහින්ද පිලේ මන්ත්‍රීවරුන් වන උපාලි ආනන්ද, මාධව ලක්ෂාන් සහ අරුණ නිශාන්ත යන තිදෙනා එක් වී මළකුණක් මස්කර මුදල් උපයාගෙන මත්පැන් සාජ්ජයක් පැවැත් වූ බව මිහින්තලය සභාවේ සියලුම සේවකයන් දන්නා අතර මිහින්තලය නගරයේ සියලුම දෙනාත් මේ වනවිට එම සිදුවීම දන්නා බව අනාවරණය වේ.

    හදිසි අනතුරකින් මරණයට පත් වූ ගවයෙකු මස්කර මධුවිත වී තොළ ගෑ මහින්ද පිලේ මන්ත්‍රීවරුන් තිදෙනාට හා සභා සේවකයාට තිරිසන් සතුන් කිහිප දෙනෙකුගේ නම් මේ වනවිට පටබැඳී ඇති බව අනාවරණය වේ.

    එම ගවයන් මස් කිරීම සඳහා සම්බන්ධ මස් මරන්නා ඇතුළු කිහිපදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

    මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ බලය හොබවන්නේ මහින්ද පිල විසිනි.

    මූලාශ්‍ර ලක්බිම


    - http://www.lankatruth.com/si/ගව-මළකුණ-මස්කර-මහින්ද-පිල/
     

    Similar threads