ගිනි අවි පෙන්වා මරණ තර්ජන කළ කුරුණෑගල පොහොට්ටු නගරාධිපතියාගේ නඩුව යට ගහන්න නීතිපති සහ ආණ්ඩුකාරයා ගේමක් ගහලා..! මෙන්න සාක්කි..! ජනාධිපතිට අගමැතිට පෙත්සමක්..!!
නීති විරෝධී ගිනි අවි ලඟ තබා ගැනීම, එම ගිනි අවි පෙන්වා පුද්ගලයෙකුට මරණ තර්ජන කිරීම, එම ගිනි අවි පෙන්වා මෝටර් සයිකලයක් පැහැර ගැනීම ආදී බරපතල අපරාධ චෝදනා සහිත නඩුවක් නීතිය නවමින් නීතිපතිවරයා විසින් නඩුව පවත්වාගෙන යෑම ගැන යලි සලකා බැලීමට කියා නඩු ගොනුව යලි කැඳවීමේ සැක සහිත නීච සිද්ධියක් කුරුණෑගලින් වාර්තා වේ.
මේ චෝදනා එල්ල වී ඇති සැකකරුවා අනෙකෙකු නොව කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ නමැති තක්කඩියා ය. හේ පසුගියදා පොහොට්ටුවේ නගරාධිපතිවරයා වශයෙන් කුරුණෑගල නගරසභාවට පත්වූයේ ය.
මේ අන්දමට නීතිපතිවරයාට අපරාධ නඩු යට ගසා දැමිය හැකි නම් මිනිසුන් නීතිය තම අතට ගැනීමට කටයුතු කිරීම පුදුමයක් නොවනු ඇත.
මේ අසාමාන්‍ය අවනීතිය සම්බන්ධයෙන් අගමැතිවරයාට පිටපත් සහිතව ජනාධිපතිවරයාට යැවූ පෙත්සමක පිටපතක් ලංකා ඊ නිව්ස් කතුවරයා වෙතද එවා තිබේ. එය මෙසේය.
2018 අගෝස්තු 28
අතිගරු ජනාධිපතිතුමා
ජනාධිපති ලේකම් කාර්යාලය
කොළඹ
ගරු ජනාධිපති තුමනි,
නීතිය උඩු යටිකුරු කරන ශ්‍රී ලංකාවේ නීතිපතිගේ අවනීතිය සම්බන්ධවයි; නඩු අංකය HC 188/210 -කුරුණෑගල මහාධිකරණය
---------------------------------------------------------------
රැකියාව වශයෙන් මුදල් පොලියට දෙන්නෙකු වන කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ (පොහොට්ටු පක්ෂය) ප්‍රධාන විත්තිකරු වන ඉහත සඳහන් නඩුව අද (28) කුරුණෑගල මහාධිකරණයේ දී විභාගයට ගැනීමට නියමිතව තිබිණ.
ශ්‍රී ලංකා ජනරජයේ නීතිපතිවරයා විසින් නගරාධිපති තුෂාර සංජීව විතාරණට එරෙහිව අධි චෝදනා ගොණු කර තිබූ චෝදනා 3 කි. ඒවා නම්,
* නීති විරෝධී ගිනි අවි ලඟ තබා ගැනීම
* එම ගිනි අවි පෙන්වා කුරුණෑගල මිල්ලව අසේල නාලක හතුරු නමැත්තාට මරණ තර්ජන එල්ල කිරීම
* එම ගිනි අවි පෙන්වා බිය ගන්වා මෝටර් සයිකලයක් පැහැර ගැනීම
නීති විරෝධී ගිනි අවි ලඟ තබා ගැනීම අපරාධ විමර්ශණයේ දී තහවුරු වී තිබූ අතර, රස පරීක්ෂක වාර්තාව විසින්ද එය තහවුරු කර තිබිණ. වසර ගණනාවකට පසු අධි චෝදනා ගොනු කිරීමෙන් පසු අද දිනයේ (2018 අගෝ 28) දා මේ නඩුව විභාගයට ගැනීමට නියමිතව තිබිණ.
පැමිණිලිකාර තුෂාර සංජීව අධිකරණයට පැමිණ සිටි නමුත් නඩු විභාගය නොපවත්වා, නීතිපති දෙපාර්තමේන්තුවෙන් නඩුවේ ගොණුව ආපසු කැඳවා ඇති බැවින් නඩුව පවත්වාගෙන යනවාද? නැතිද? යන්න පිළිබඳව ඊළඟ දිනයේ දී දැනුම් දෙන බව රජයේ නීතිඥවරයා ප්‍රකාශ කරන ලදී.
නීති විරෝධී ගිනි අවි භාවිතයක් පැහැදිලිව සඳහන් වූ නඩුවක, අධි චෝදනාද බාර දී තිබූ නඩුවක, ගොනුව ආපසු කැඳවා නඩුව අවසන් කරන්නට යන්නේ කුමන හේතුවකට දැයි සොයා බැලිය යුතු නොවන්නේ ද?
ඒ පිළිබඳව අප කළ සොයා බැලීමේ දී පහත කරුණු දැනගන්නට ලැබිණ.
විත්තිකාර නගරාධිපති තුෂාර සංජීවගේ නීතිඥයා වන්නේ කුරුණෑගල එජාප කළමණාකරු නීතිඥ ෆිලීෂියන් පෙරේරාය. ඔහු විසින් මේ නඩුව යට ගසා තම සේවාදායකයා වන නගරාධිපතිවරයා (පොහොට්ටුවේ වුවද) බේරා ගැනීමේ රහසිගත මෙහෙයුමක් දියත් කර තිබේ.
ෆිලීෂියන් පෙරේරා මේ සඳහා ප්‍රකට එජාප පාක්ෂිකයෙකු වූ වත්මන් ඌව පළාත් ආණ්ඩුකාරයා වන ජනාධිපති නීතිඥ ආරිය බී රැකව ගේ සහාය ද ලබාගෙන තිබේ.
වත්මන් නීතිපති ජයන්ත ජයසූරිය කණිෂ්ඨ නීතිඥයෙකු ලෙස සේවය අරඹද්දී ඔහු සේවය කර ඇත්තේ එවක ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකු වූ ආරිය බී. රැකව යටතේ ය. රැකවගේ කුරුණෑගල නීතිඥ කාර්යාලයේ ඔහු පුහුණු වී ඇත. එබැවින් තම පැරණි ජ්‍යෙෂ්ඨයා, රැකව කියන ඕනෑම දෙයක් ජයන්ත ජයසූරිය නොපැකිලව ඉටු කරයි.
මේ අනුව නගරාධිපති තුෂාර සංජීවගෙන් ගෙවීම් ලැබු ෆිලීෂියන් පෙරේරා ආරිය බී රැකව ද සමග ගොස් නගරාධිපතිවරයා බේරා ගැනීම සඳහා නීතිපති ජයන්ත ජයසූරියගෙන් උදව් ඉල්ලා තිබේ.
එම සිද්ධියෙන් පසු මේ නඩුව පවත්වාගෙන යා නොහැකි නඩුවක් ලෙස නම් කිරීම සඳහා නඩු ගොනුව යලි නීතිපති දෙපාර්තමේන්තුව වෙත ගෙන්වා ගෙන තිබේ.
අපගේ සොයා බැලීමේ දී ආරිය බී රැකව හා බැඳුනු මේ හා සමාන සිද්ධියක් මීට පෙරද සිදුව තිබේ. ඒ මෙසේය.
ආරිය බී රැකව ගේ පුතා අසේල බී රැකව ය. ඔහුගේ මාමණ්ඩියගේ නම චන්ද්‍රා රැකව ය. මෙකී චන්ද්‍රා රැකවට එරෙහිව කලකට පෙර මිනීමැරුම් චෝදනාවක් සහිත නඩුවක් කුරුණෑගල මහාධිකරණයේ විභාග වෙමින් තිබී ඇත. එම නඩුව කුරුණෑගල විභාග කළ නොහැකි යයි පවසා ප්‍රථමයෙන් කෑගල්ල මහාධිකරණයට මාරු කර තිබේ. ඉන්පසුව කාටත් හොර රහසේ එයද පවත්වාගෙන යා නොහැකි නඩුවක් ලෙස නම් කොට නීතිපති දෙපාර්තමේන්තුව විසිනේ ආපසු කැඳවා තිබේ.
දැන් අද සිද්ධ වෙන්න යන්නේ එහි දෙවන නාටකයයි.
ගරු ජනාධිපති තුමනි,
* මේ ලෙස චුදිතයන් නම් කොට අධි චෝදනා බාර දීමෙන් පසුවත් අපරාධකරුවන්ට නීතියෙන් බේරී පලා යෑමට ඉඩ සලස්වන නීතිපති දෙපාර්තමේන්තුවකින් ඇති ඵලය කිම..?
* මේ ලෙස ආපසු කැඳවා නඩු වාෂ්ප කරමින් අපරාධකරුවන්ට ලිස්සා යෑමට සැලැස්වූ නඩු ගණන කීයද?
* ඉදිරියේ දී මෙවැනි අධි චෝදනා බාර දුන් නමුත් පසුව ආපසු කැඳවා වාෂ්ප කිරීමට නියමිත නඩු මොනවාද ?
ගරු ජනාධිපති තුමනි,
* නීතියේ ඇස්වසා පැන යාමට හදන අපරාධකාර නගරාධිපති තුෂාර සංජීව විතාරණ නමැත්තා ඔබතුමා සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය සහභාගී වූ කුරුණෑගල පැවැති රැස්වීමකට පැමිණ හූ කියා ප්‍රධාන චුදිතයෙකු වූ පුද්ගලයෙකු බවත්, එයට එරෙහිව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ ඔහුට එරෙහි නඩුවක් පවතින බවත් ඔබතුමා දන්නවාද?
* නගරාධිපති තුෂාර සංජීව විතාරණ පසුගිය සමුපකාර ඡන්දයේ දී රාජ්‍ය දේපල වලට පහර දී අලාභ කිරීමට එරෙහිව සිදුවන විමර්ශනයේ ප්‍රධාන සැකකරු බව දන්නවාද?
* නගරාධිපති තුෂාර සංජීව විතාරණ ස්ත්‍රී දූෂණයක් සිදුකළද තම ගෝලයෙකු වූ ජෝර්ජ් නමැත්තෙකු තමා වෙනුවට ඉදිරිපත් කර ඔහු වරදකරු කර එකී ස්ත්‍රී දූෂණයෙන් බේරුණු අයෙකු බව දන්නවාද? ( ජෝර්ජ් නමැත්තා අදටත් දඬුවම් ලබයි)
අපට සාපේක්ෂව නගරාධිපති තුෂාර සංජීව විතාරණ යනු අපරාධකරුවෙකි. එසේ නොවන්නේ නම් ඔහු අධිකරණයේ ඇති නඩුවලට මුහුණ දී තම නිර්දෝෂී භාවය ඔප්පු කළ යුතුය. නොඑසේව ආණ්ඩුකාරයාද, නීතිපතිවරයාද සමග අවනීතික ගේම් ගසා නීතියෙන් පැන යෑමට තැත් කරන්නේ නම් එය වැළැක්වීමට තවමත් ජනාධිපතිවරයා වන ඔබතුමාට පූර්ණ බලතල ඇතැයි අපි විශ්වාස කරමු. නීතියේ ආධිපත්‍යය පිහිටුවීමට මැදිහත් වන ලෙස ඔබතුමාගෙන් ගෞරව සම්ප්‍රයුක්තව ඉල්ලා සිටිමු.
මීට,
යුක්තිය පතන කුරුණෑගල ජනතාව
පිටපත්,
අගමැතිතුමා,
අගවිනිසුරුතුමා,
අධිකරණ ඇමැතිතුමිය,
අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්තුමා,
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිතුමා,
ලංකා ඊ නිව්ස් කර්තෘතුමා
- https://www.facebook.com/lankaenews/posts/2030915086973646?__tn__=K-R