පෞද්ගලික විශ්වවිද්‍යාල රටට පිළිලයක් නොව&

පෞද්ගලික විශ්වව&

  • අවශ්‍යයි

    Votes: 74 91.4%
  • අවශ්‍ය නෑ

    Votes: 7 8.6%

  • Total voters
    81

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    පෞද්ගලික විශ්වවිද්‍යාල රටට පිළිලයක් නොව&

    රටට හා සිසුන්ට වාසි සහගත කරුණු


    -උසස්පෙළ සමත් වුවත් විශ්වවිද්‍යාලයට සුදුසුකම් නොලබන , අධ්‍යාපනයට ඉතා උනන්දුවක් දක්වන සිසුන්ට අධ්‍යාපනයට අවස්තාවක් ලැබීම.
    -විදෙස් රටකට නොගිහින් මෙහිදීම උපාධිය ලබාගැනීමට හැකිවීම
    -දකුණු ආසියාවෙ තවත් රට වල සිසුන් උසස් අධ්‍යාපනය සඳහා පැමිණීම නිසා රටට තවත් ආදායම් මාර්ගයක් එකතු වීම.
    -උපාධිය නිමකිරීමට ගතවන කාලය ඉතා අවම වීම
    -20% සිසුන්ට නොමිලයේ ශිෂ්‍යත්වයක් ලබාදීම


    සිසුන්ට අවාසිදායක කරුණු


    -උපාධිය සඳහා අධික මුදලක් වැය කිරීමට සිදුවීම
    -රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය සන්වර්ධනය නොවීම
    -උපාධියේ ප්‍රමිතිය පිළිබඳ යම් යම් ගැටලු පැවතීම

    ඔන්න ඔය වගේ වාසි අවාසි ගොඩක් තියෙනවා. මේ වන විට ලොකුම වැරැද්ද වෙලා තියෙන්නෙ රජය අධ්‍යාපනයට වෙන් කරන මුදල වසරෙන් වසර අඩු කරන එකයි. නමුත් මේ වගේ අධ්‍යාපනය තුලින් රටට මුදල් ගලා ඒමත් එක්ක රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියත් දියුණු කරනවා නම් ගොඩක් වටිනවා. මොකද නිදහස් මෙච්චර කල් තිබුන නිදහස් අධ්‍යාපනය මේකෙන් විනාස වෙන්න නොදී රැක ගන්න ඕනෙ නිසා. රාජ්‍ය විශ්වවිද්‍යාල වලට එන්න අපේ රටේ අහින්සක දුප්පත් අම්මා තාත්තගෙ දුප්පත් දරුවො ඒ අය මහන්සි වෙලා ගොඩ නගා ගන්න උපාධියේ වටිනාකම මුදලට යට නොවෙන්න වග බලාගන්නවා නම් ගොඩක් හොදයි. පෞද්ගලික විශ්වවිද්‍යාල අපේ රටට පිළිලයක් නොවෙන්න වග බලාගනීවි කියලා අපි හිතමු.

     
    Last edited:

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    z ස්කෝ එකකට අදාලව ගන්නවනම් අව්ලක් නෑ.... නෑත්තම් S 3ටත් MBBS දෙන්න ගියොත් බෙහෙත් ගන්න මිනිස්සුන්ට බඩුම තමා......:dull:


    ලාබෙන් කොටසක් තියෙන විශ්ව විද්‍යාල දියුනු කරන්නත් ආයෝජනය කරන්න ඔනි.... නෑත්තම් ඒ ටික ඉටපස්සේ වහන්න වෙන්නේ
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    z ස්කෝ එකකට අදාලව ගන්නවනම් අව්ලක් නෑ.... නෑත්තම් S 3ටත් MBBS දෙන්න ගියොත් බෙහෙත් ගන්න මිනිස්සුන්ට බඩුම තමා......:dull:


    ලාබෙන් කොටසක් තියෙන විශ්ව විද්‍යාල දියුනු කරන්නත් ආයෝජනය කරන්න ඔනි.... නෑත්තම් ඒ ටික ඉටපස්සේ වහන්න වෙන්නේ

    :yes: අනිවා.. :yes: ඉගෙනගන්න සුදුසු උන් ප්‍රයිවට් බැරි නම් හඳට ගිහින් හරි ඉගෙනගන්න එක කොයි තරම් හොඳද. :oo: S3 ට නම් ඩොකෙක් වෙන්න දුන්නොත් ඒ ඩොකාලට විරුද්ධව අළුතෙන් නීති හදන්න වෙයි. :rofl:
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    z ස්කෝ එකකට අදාලව ගන්නවනම් අව්ලක් නෑ.... නෑත්තම් S 3ටත් MBBS දෙන්න ගියොත් බෙහෙත් ගන්න මිනිස්සුන්ට බඩුම තමා......:dull:


    ලාබෙන් කොටසක් තියෙන විශ්ව විද්‍යාල දියුනු කරන්නත් ආයෝජනය කරන්න ඔනි.... නෑත්තම් ඒ ටික ඉටපස්සේ වහන්න වෙන්නේ
    oya MBBS karala, MD karanawada ?
     

    CV6119

    Well-known member
  • Jan 11, 2011
    989
    60
    48
    37
    Kandy
    :no: අනිත් එව්ව ගැනනම් මට එච්චර තේරුමක් නෑ බං..ඒත් මටනම් හිතෙන හැටියට වෛද්‍ය උපාධි දෙන්න ගියොත්නම් වැඩේ කචල්..අනික මෙවුන් පටන් ගද්දි එකක් ඊට පස්සේ තව එකක්නේ කියන්නේ..

    අනිත් එක තමයි ඕක දිගටම කරනවනම් 20% ශිෂ්‍යත්ව දෙන එකේ විනිවිදභාවයක් තියෙන්න ඕනේ..
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    mata nam kisi waradak penne.puluwan aya yai bari un nikan indi..achcharai..

    මට පේන විදියට ඒකම ලොකු අවුලක් තමයි. සල්ලි තියන එවුන් කොහෙන්හරි ගොඩ යාවි. නැති එකාට කෙලවිලාම යනව.. :dull::dull::dull:

    :no: අනිත් එව්ව ගැනනම් මට එච්චර තේරුමක් නෑ බං..ඒත් මටනම් හිතෙන හැටියට වෛද්‍ය උපාධි දෙන්න ගියොත්නම් වැඩේ කචල්..අනික මෙවුන් පටන් ගද්දි එකක් ඊට පස්සේ තව එකක්නේ කියන්නේ..

    අනිත් එක තමයි ඕක දිගටම කරනවනම් 20% ශිෂ්‍යත්ව දෙන එකේ විනිවිදභාවයක් තියෙන්න ඕනේ..

    IT/Management වගේ ඒවා නම් අවුලක් නෑ... ඒත් වෛද්‍ය විද්‍යාලයක් කියන්නෙ ටිකක් නෙමෙයි ගොඩක්ම කේස් :nerd::nerd:
    මොකද මාත් දන්නව ඔය ප්‍රයිවට් ඒවයෙ වැඩ කෙරෙන විදිය අත්දැකීමෙන්ම :dull::dull:
     

    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    Medical Degrees ඇරෙන්න අනිත් Degrees දුන්නට අව්ලක් නෑ බන්. IT / management වගේ ඒව නම් අව්ලක්ම නෑ. Engineering එහෙමත් අව්ලක් නෑ බන්. Content එක හරියට නියාමනය වෙන්න ඕන. අපි කොච්චර කෑ ගැහුවත් A/L pass වෙන ලමයි ඔක්කොම Government Uni වලට ගන්න බෑනෙ. අනික Government uni වල sub-cultures වලට අකමැති set එකකුත් ඉන්නවනේ.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,590
    113
    Colombo

    මම නම් කියන්නෙ අවශ්‍යයි. මොකද හැම එකාටම A/L කරලා කැම්පස් යන්න බැහැ, එහෙම උනා කියලා ඉගන ගන්න එකට ඒක බාධාවක් වෙන්න බැහැ

    ඇත්තම කතාව, අයිටී වේවා මෙඩිකල් වේවා උගන්නන එක අවුල් උනත් ඒක ගැටලුවක් වෙන්නෙ නැහැ (ප්‍රයිවෙට් මෙඩිකල් කෝලේජ් නම් ගවමන්ට් එකෙන් ට්‍රේනින් ඉල්ලන්නෙ නැතුව ඉගෙන ගත්තු තැනකින් ට්‍රේනින් අරගෙන පාස් වෙලා අර වෙන රටවල එවුන් කරන එක්සෑම් එක කරලා ලංකාවෙ හොස්පිටල් වල වැඩ කරන්න ගත්තා නම් කිසි ගැටලුවක් නැහැ)

    ඕක මහ ලොකුවට නියාමන අනම් මනම් නොකරත් ටික කාලෙකින් ෆීල්ඩ් එකේ හැදෙනවා ඒ ඒ ඉන්ස්ටිටියුට් වලට තැනක්, උදාහරනයක් විදියට IT වලට කොයි තරම් ප්‍රයිවෙට් ඉන්ස්ටිටියුට් තිබුනත්, මොරටුව කොලඹ පේරා වගේ තැන් තාම ඔය ඕනම ප්‍රයිවෙට් තැනකට වඩා උඩින් සලකනවා

    මෙඩිකල් උනත් ඒච්චරයි, හරියට ඉගෙන ගෙන නැත්නම් ලෙඩ්ඩු එකෙක් දෙන්නෙක් උන්ගෙ අතින් මැරුනම, උඹලා හිතනවද ප්‍රයිවෙට් හොස්පිටල් වලින් එහෙම ඔය එන එවුන්ට ජොබ් දෙයි කියලා, මොකද හොස්පිටල් එකකට රෙපියුටේශන් එක පට්ට විදියට වටිනවා. එකෙක් මැරුනොත් යන්නෙ ප්‍රයිවෙට් ඉගෙන ගනිපු ඩොකාගෙ වැරැද්දෙන් කියලා නෙමයි හොස්පිටල් එකේ වැරැද්දෙන් කියලා. කිසිම ප්‍රයිවෙට් හොස්පිටල් එකක් අන්න ඒ රිස්ක් එක ගන්නෙ නැහැ


    මම A/L කරලා ආණ්ඩුවෙ කැම්පස් ගියපු එකෙක්, මට එහෙම කැම්පස් යන්න බැරි උනා නම් කවදාවත් මට කැම්පස් යන්න බැරි වෙන්න තිබුනා(සල්ලි වලට කැම්පස් යන්න තරම් සල්ලි තිවුනෙ නැහැ ඒ කාලෙ)
    එහෙමයි කියලා ප්‍රයිවෙට් කැම්පස් ඕන නැහැයි කියන්නෙ නැහැ මම
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83


    සිසුන්ට අවාසිදායක කරුණු


    -උපාධිය සඳහා අධික මුදලක් වැය කිරීමට සිදුවීම
    -රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය සන්වර්ධනය නොවීම
    -උපාධියේ ප්‍රමිතිය පිළිබඳ යම් යම් ගැටලු පැවතීම




    1. දියුණු රටක සිසුන්ට රජයෙන් ණය පහසුකන් ලබා දීම. ඉගෙනීමෙන් පසු පොළී නෙමැතිව නැවත ගෙවීම. (ඒක නෙවෙයිද හරි ක්‍රමේ)

    2. රට ගිය කෙනෙක්ට වෛද්‍යවරයෙක් වීමට ලක්ෂ 60ක් වත් අවශ්‍යයි. දියුණු රටක ණය ක්‍රමේ නිසා රජයේ වියදම අඩුයි.
    ☛ රජයේ අධ්‍යාපන ආයතන ඉතුරැවන මුදලින් දියුණු වීම.​

    3. දියුණු රටක ඉගෙනීමට ගෙවන ගාන වැඩි වන විට ප්‍රමිථිය වැඩි වීම. ප්‍රමිථිය වැඩි වීමට රජයෙන් වැඩ පිළිවෙලක් තිබිය යුතුයි
    ☛ ප්‍රමිථියක් නැති තැන් වසා දැමීම​


    ඒකයි උන් දියුණු වෙන්නේ.
     
    Last edited: