අද උදේට මන් තමයි ගෙදර කෑම ටික හැදුවේ.
හොද කරවල කෑල්ලක් ගෙනල්ල තිබුනා. ඒකෙන් ටිකක් ලොකු කෑලි පහ හයක් කපලා හොදට සෝදලා පැත්තකින් තිබ්බා. ලොකු ලූණු ගෙඩි තුනක් අරගෙන සුද්ද කරලා, ස්ලයිස් කරලා ගත්තා. ඒ ටිකට මිරිස් කුඩු, ලුණු කුඩු, ගම්මිරිස්, කහ කුඩු, රෝස්ටඩ් කරි පවුඩර් ටිකක් දාගෙන හොදට කලවම් කරලා කොච්චි කරල් දහයක් වගේ විත් කරපින්චත් දාගෙන පැත්තකින් තිබ්බා. අර කලින් ක්ලීන් කරල තිබ්බ කරවල කෑලි ටික අරන් තෙලේ දාලා බැද ගන්නවා. කෑලි ටික ගෝල්ඩන් වීගෙන එද්දි අර ස්පයිසස් මික්ස් කරපු ලූණු ටිකත් ඇඩ් කරගන්නවා. විනාඩි පහළොවකින් වගේ කරවල බැදුම රෙඩි. ඒකටම පරිප්පු (හොද්ද හින්දපු) එකකුත් හදා ගත්තා. ඔන්න ඔහේ කියලා හොදට කොච්චි දාලා රතට රතේ පොල් සම්බෝලෙකුත් හැදුවා. මේ ඔක්කොම හදා ගන්න පැයක් ගියේ නෑ.