බතට කන්ට බැරි බතලේගල කන්ද
බතලේගල(Bible Rock)
අද මම කියන්න හදන්නේ බතලේගල කන්ද ගැන. නුවර ඉදල කඩුගන්නාව පල්ලම බැහැගෙන එනකොට ඈතින් පේන පොතක් වගේ කන්ද බතලේගල කියල ඔයාල දන්නවත් ඇති.අපි බතලේගල කිව්වට මේකට විදෙශිකයෝනම් කියන්නේ Bible Rock කියල .එකට හේතුව එකේ තියෙන මේ අපූරු හැඩේ වෙන්න ඕනෙ.බතලේගල තියෙන්නේ කෑගල්ල දිස්තික්කයේ මාවනැල්ලට කිට්ටුව .මේකේ උස අඩි 1688ක් විතර වෙනවලු
ඈතට පෙනෙන බතලේගල.
බතලේගල අබියස
යන හැටී
බස් එකේ යනවනම් කොළඹ - නුවර පාරේ ඇවිත් මාවනැල්ලෙන් බහින්න .මාවනැල්ලෙන් තියෙනවා දෙබත්ගම කියල බස්(අරනායක බස් වලත් යන්න පුළුවන්ලු ).හැබැසි බස් නම් ටිකක් අඩුසි .සාමාන්‍යයයෙන් බස් 1ක් යන්නේ පැයකට සැරයක් .අපි නම් ගියේ උදේ 10.00 ට තිබුන C.T.B බස් එකේ . බතලේගල ගාවට කියල ටිකට් ගත්තහම හරි .හැබැසි මතක් කරලා කොන්දොස්තර මහත්තයට කියන්න බතලේගල ගාවින් බස්සන්න කියල.බතලේගල ගවට කියල කිව්වට ඇත්තටම එතන බතලේගල හංදිය.එතන ඉදල බතලේගලට කිලෝමීටර් 2.5 ක් විතර තියෙනවා.එතනින් 3වීල් එකක් කතා කර ගත්තොත් කිලෝමීටර් 1.75 ක් විතර ඒකෙ යන්න පුළුවන්.රුපියල් 350 ක් විතර ගනී. ඉතුරු ටික අඩි පාරක් දිගේ ඉහලට නගින්න තියෙන්නේ .මේ ටික විනාඩි 30 කින් 40 කින් විතර නගින්න පුළුවන් .හැබැයින ටිකක් පරිස්සමෙන් යන්න ඕන.මොකද සමහර තැන් වල අඩිය තියන ඔක්කොම ගල් ලෙස්සනවා .
බතලේගල මස්තකයේ
බතලේගල උඩ ටිකක් තැනිතලාලවක් වගේ බිමක්. ගසුත් ටිකක් අමුතුයි.හරියටම කිව්වොට් පුංචි හෝර්ටන් තැන්නක් වගේ.උඩ පොඩි පන්සලකුත් තියෙනවා .හැබැයි ස්වාමීන්වහන්සේ කෙනෙක් නම් නැහැ.ඉස්සර හිටපු ස්වාමීන්වහන්සේ අපවත් උනාට පස්සේ ස්වාමීන්වහන්සේලා කව්රුවත් ඇවිත් ඉදල නැ. 3වීල් එක එලවපු අයියා කියපු විදිහටනම් උඩ රැට ගොඩක් සීතල හන්දා ස්වාමින් වහන්සේලා ඉක්ක්මනට අසනීප වෙනවලු..
[/IMG]
ශිලා මාවත
බස් එකෙන් බැස්ස න ඉඳලම පයින් යන්න පුළුවන් ලඟ පාරකුත් තියෙනවා.මේකේ යනවනම් බහින්න ඕනේ බතලේගල හංදියට එහා හෝල්ට් එකෙන්.අපිනම් කලේ අනිත් පාරෙන් ගිහින් මේකෙන් බැස්සා .මේක හරිම පුදුම පාරක්.කිලෝමීටරයක් විතර තනිකරම කළුගල් වලින්හැදිලා තියෙන්නේ.හරියට ගල් වඩුවෙක් හදල වගේ.
බතලේගල නගින්න ඔයාලත් කැමතිනම් දෙපාරක් හිතන්නේ නැතුව යන්න. හරිම අපුරු ගමනක් වෙයි..
මේක මගේ එළකිරියේ 1 වන ත්රෙිඩ් එක.මේකෙ වැරදි අඩු පාඩු තියෙනවනම් ඒවා පෙන්නලා දෙන ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා,එලකිරියට ජය වේවා..............!!!!!

Last edited: