බත්තුළුඔය පාරෙන් සිරිපාදෙට

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    බත්තුළුඔය පාරෙන් සිරිපාදෙට...... :love::love::love:

    ආයුබෝවන් අපේ එළකිරි රසිකයන්ට.

    සෑහෙන දීර්ඝ කාලෙකින් පස්සේ තමා එලකිරියට සංචාරක නූලක් ලියන්නේ.දැන් අපි කොරෝනා වසංගතය නිසා බොහොම අසීරු කාලයක් තමා පහු කරන්නේ.අපි බලාපොරොත්තු වෙමු නුදුරේදීම මේ හැම තත්ත්වයක්ම යහපත් විදිහට විසඳිලා යන්න කියල. ඒ වගේම වගකීම් සහගතව හැසිරෙන්නත් අපි කටයුතු කරන්න ඕනේ.....

    ( ඒ වගේම එලකිරියට දැන් සංචාරක ත්‍රෙඩ් ලියන එකත් අමාරුයි. එකවතාවකට එක පෝස්ට් එකයි දාන්න පුළුවන්, ත්‍රෙඩ් එකක අවම පින්තුරු 50 පුළුවන්.ඇඩ්මින් අයියට ඒ ගැන කියල වැඩක් නැති නිසා පොටෝ අඩු කරලා තමා දාන්න වෙන්නේ. ඒ ගැන නම් මට කරන්න දෙයක් නැතෝ.
    සමහර ගමන් ගැන නම් ජීවිතේට එළකිරි රිපෝට් එකක් ලියන්නේ නැහැ මේ සීමාවන් එක්ක. :dull::dull::dull:)



    පහුගිය පලවෙනි කොරෝනා රැල්ලට කලින් ගියපු අන්තිමම චාරිකාව ගැන තමා මම අද කියන්න යන්නේ.
    ඒ බත්තුළුඔය පාරෙන් සිරිපාදයට ගිය ගමන.මේ ගමන ගියේ මමත් අපේ දූවිලි ඇල්ල ගිය යාළුවො දෙන්නෙකුත් එක්ක.
    අපි මේ ගමන ගියේ පහුගිය මාර්තු 05 සහ 06 දවස් දෙකේ.

    බත්තුළුඔය කියන්නේ සමනළ අඩවියේ දියදහරාවන්ගෙන් පටන් අරගෙන අඩවිය මැදින් ගලාගෙන ඇවිත් මරේ වතුයාය හරහා මාඋස්සාකැලේ ජලාශයට එකතුවෙන ගංගාවක්.ඔය මරේ දිය ඇල්ල එහෙම නැත්තම් සිරිපාද දිය ඇල්ල නිර්මාණය වෙන්නේ බත්තුළු ඔයෙන්.සිරිපාදයට යන්න තියෙන එක මාර්ගයක් තමා ඕක.
    අපි 03 දෙනා හැටන් දුම්රිය පොළට ඇවිත් එතනින් මස්කෙළිය හරහා මරේ වතුයායට පිවිසෙද්දී උදේ 9 විතර ඇති.
    ෆිෂින් හට් කියන ප්‍රසිද්ධ සංචාරක නවාතැන් පොළ එහෙම තියෙන්නේ මේ බත්තුළු ඔය අයිනේ.

    අපි එතනින් බත්තුළු ඔයට ගොඩ වුනා.

    4XM24Rj.jpg


    ෆිෂින් හට් යන පාර. හොඳ පැහැදිලි කාලගුණයක් තිබ්බේ.

    C5dD6Jf.jpg


    යන අතරමගට සිරිපාදය පේනවා.

    2NT7quL.jpg


    O3HF5Zv.jpg


    බත්තුළු ඔයට ගොඩ වුනා. දැන් මේක දිගේ උඩහට යන්න තියෙන්නේ.

    බත්තුළු ඔය වචනයේ පරිසමාප්තියෙන්ම කඳුකර සුන්දරත්වය කැටි වුනු දිය පහරක්. අතිශයින් පිරිසිඳු වගේම පැහැදිලි වතුරක් තිබුනේ. අපි මග දිගට සුන්දරත්වය විඳිමින්ම ඉදිරියට ගියා.මෙහෙම උඩහට යද්දී ඔය උඩින් වතුර පාරවල් දෙකකින් එකතු වෙන මංසන්ධියක් මුණ ගැහෙනවා.එතනින් වම් දිසාවට තමා අපි යන්න ඕනේ. එහෙම ගියාම රත්නපුර දෙහෙනකන්ද මුක්කුවත්ත කියන අඩිපාරට සම්බන්ධ වෙනවා.එතනින් පස්සේ මුක්කුවත්ත කඳුකර පාර දිගේ තමා සිරිපාදය මුදුනට යන්න ඕනේ.



    GAOzSnb.jpg




    RXNXsIU.jpg


    බත්තුළු ඔයට පෙනෙන සිරිපාදය.

    44GdzMQ.jpg


    මේ තියෙන්නේ මංසන්ධිය. මෙතනින් වම් දිසාවෙන් තමා අපි උඩට යන්න ඕනේ.



    zxx1oiN.jpg



    w3oL2RS.jpg



    uKNNN2D.jpg


    පොඩි දිය ඇල්ලක් අසලට ආවා. එතනින් පස්සේ තරමක් ලොකු දියැල්ලක් උඩින් තියෙනවා දැක්කා.

    YnqM8bm.jpg


    buRh8rA.jpg


    ලස්සන දිය ඇල්ලක්.....

    මේ වගේ ලස්සන දිය ඇලි කිහිපයක්ම හම්බු වුනා. ඒ එකින් එක බලාගෙන එව්වා දිගේ උඩටම ගියා.එහෙම ගිහින් අපි නැවතුනේ ගමනේ ඊළඟ සන්ධිස්ථානය ගාවින්. ඒ තමා බත්තුළු ඔය හරහා මුක්කුවත්ත අඩි පාර මාරු වෙන තැන. එතන ඉඳල අපි අඩිපාරෙන් තමා ගමන් කරන්නට වුනේ.


    Q5QHzGe.jpg


    CSZZdCA.jpg


    0qXQ27F.jpg



    JKnIAe9.jpg


    q9b2tsI.jpg


    lwQyI4g.jpg


    IiGeRUq.jpg


    K9ihd7r.jpg


    CuE8jy8.jpg


    ගමනේදී දැක්ක ලස්සනම තැනක්...


    FcRhiu5.jpg


    මෙතනින් උඩ තමයි අඩිපාර සම්බන්ධ වෙන තැන. මෙතනට කියන්නේ පරාදීසයේ ඇල්ල (පැරඩයිස්) කියල. කවුරු දාපු නම්ද දන්නේ නම් නැහැ. හැබැයි හරිම ලස්සන තැනක්. එතනින් උඩින් තමා අඩිපාර තියෙන්නේ.අපි මෙතනින් නාලා ගෙනාපු කෑම එහෙම කාලා තමා පිටත් වුනේ.

    abNZWDf.jpg


    EG9lXXN.jpg


    පරාදීසයේ ඇල්ල උඩට නැග්ගේ මෙහෙම.

    5KOBmxp.jpg


    මේ තියෙන්නේ මුක්කුවත්ත අඩිපාර මුදුනට යන ස්ථානය. මෙතන පොඩි බුදුකුටියක් එහෙම තියෙනවා.

    7QwZZO5.jpg


    මුක්කුවත්ත පාරේ අයිනට වෙන්න හදපු පොඩි මඩුවක්.

    GHXH0sf.jpg


    6BL4BHP.jpg


    මේ තියෙන්නේ අර කිව්ව මඩුව අයිනේ ගොඩගහල තිබුන ලනු, සාස්පාන් කිහිපයක්.


    hx8E7uc.jpg


    GNZU8S1.jpg


    lXqVMHf.jpg


    මෙව්වා නම් අනුමත කරන්න බැහැ කොහොමත්.... :dull::dull::dull:


    අපි බුදුකුටියේ තිබ්බ පහන පත්තු කරලා ආශිර්වාද ලබාගෙන තමා අපේ ගමනේ ඊළඟ අදියරට පිටත් වුනේ. මෙතනින් පස්සේ තියෙන්නේ දිගටම අඩිපාර ඔස්සේ උඩට යන්න.මෙතනින් පස්සේ ලොකු කඳු පල්ලම් අඩුයි, ඒ වගේම ගමනේ දුරත් අඩුයි.අඩිපාරත් පැහැදිලිව තිබුනා අතරමග තැනක දෙහෙක නතර වුනා ඇරෙන්න උඩමළුවට යනකම්ම වගේ අපහසුවකින් තොරව යන්න හැකියාව ලැබුනා.


    wXazG2N.jpg


    iJ8vSgZ.jpg


    W2BJgIQ.jpg


    TmnM06L.jpg


    මුක්කුවත්ත පාරට පේන සිරිපාදය. මෙතැනදී තරමක් වෙනස් හැඩයක් තමා පේන්නේ .

    ftLijul.jpg


    jjaeiF3.jpg


    සිතියමෙන් තව ටික දුරයි පෙන්නන්නේ.......මේ පින්තුරේ මගේ යාලුවෙකුගේ.

    bkAHBb7.jpg


    පොඩ්ඩකට නැවතුනා...

    Nxk5hTE.jpg






    oE5QMgf.jpg


    සිරිපා මළුවේ හැඩය සෑහෙන වෙනස්.....අපි රත්නපුර, හැටන් වගේ පාරවල් වලින් එද්දී දකින ස්වරුපයට වඩා හාත්පසින්ම වෙනස් හැඩයක් තමා මුක්කුවත්ත පාරෙන් එද්දී දකින්න ලැබෙන්නේ. :shocked::shocked::shocked:


    2hfPaM3.jpg


    jmWL162.jpg


    ඔන්න අපි සිරිපාදේ රත්නපුර පාරට සම්බන්ධ වුනා. රතනපුර පාරේ 05 වෙනි ජල පොම්පාගාරය කිට්ටුවට තමා සම්බන්ධ වෙන්නේ එතනින් උඩමළුවට බොහොම පොඩි දුරක් තියෙන්නේ.

    N7Lgh4A.jpg


    බෑන සමනල කඳු මුදුන්...

    අපි එතනින් උඩමළුවට ගිහින් වතාවත්, පුජාවන් එහෙම කරලා, අපේ ගමන් මලු ඔක්කොම විශ්‍රාම ශාලාවෙන් තිබ්බා.එදා රාත්‍රිය අපි සුදානම් වුනේ මළුවේ නතර වෙන්න. ඊට පස්සේ ටිකක් වෙලා උඩමළුවේ ඉඳල අපි නැවත පහලට බැස්සා රෑට මොනා හරි කන්න. ටිකක් පහලට වෙන්න තියෙන කඩේකින් රෑට කාලා, කෝපි එකක් එහෙම බීලා අපි නැවත මළුවට සේන්දු වුනා.


    Vg1uHg8.jpg



    පහුවදා උදෙන්ම නැගිට්ටා ඉර සේවය බලන්න. නමුත් එදා වලාකුළු වලින් බර අහසක් තිබ්බේ. ටිකක් සෙනගත් උන්නා. ඉර සේවේ නම් දර්ශනය වුනේ නැහැ.ඒක නිසා උදේ 7 විතර වෙද්දී අපි හැටන් පාරෙන් පල්ලම් බහින්න පටන් ගත්තේ අපේ සිරිපා කරුණාවට සමුදීලා.

    ojUnisA.jpg




    B0oVyBf.jpg





    hXPbiSg.jpg


    යකා ඇඬු ගල......යකා ඇඬු ඇල්ල නම් සම්පුර්ණයෙන්ම වගේ හිඳිලා.

    xANfbKH.jpg


    ජපන් සාම විහාරය ....

    CI9aS5h.jpg


    ඔය පෙනෙන දිය සීරාවන් අවාරෙට ලස්සන දිය ඇලි මවනවා.....

    PDesQXS.jpg

    ආයේ ටික දවසකට එළකිරි එන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ.වැඩිය එළකිරි එන්නේ නැතිකොට ඒ ගැන අහපු කිහිප දෙනෙක් PM එවල තිබුනා. බොහොම ස්තුතියි අපේ එළකිරි මිතුරනි.එහෙනම් කට්ටියටම ජය වේවා.

    :):):)
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Ade loku pinak. podda duraineda meken giyama thiyenne

    ඔව් බන්....අපි උදේ 9 වගේ පටන් අරගෙන 4 විතර වෙද්දී උඩටම ගියා. හැබැයි වැස්ස කාලෙක නම් බත්තුළු ඔය දිගේ යන්න අමාරුයි.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,039
    10,603
    113
    ඔව් බන්....අපි උදේ 9 වගේ පටන් අරගෙන 4 විතර වෙද්දී උඩටම ගියා. හැබැයි වැස්ස කාලෙක නම් බත්තුළු ඔය දිගේ යන්න අමාරුයි.
    අඩෝ දැන් උඹේ profile එක බලලා PM එකක් දාන්න හැදුවේ , මොකෝ සද්දයක් නැත්තේ කියලා මචෝ , කොහෙද අතුරුදහන් වෙලා හිටියේ ?
     
    • Love
    Reactions: Dodo Mahaththaya

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    බම්ප්
    කියනවන්න ඔනි පස්සේ
    තැන්ක්ස් අයි මේවගේ ත්රෙඩ් ඒකක් දැම්මට

    තැන්ක්ස් මචන් .............:love2::love2::love2:

    අඩෝ දැන් උඹේ profile එක බලලා PM එකක් දාන්න හැදුවේ , මොකෝ සද්දයක් නැත්තේ කියලා මචෝ , කොහෙද අතුරුදහන් වෙලා හිටියේ ?


    මචන්.........දැන් ගෙදර නෙමේ බන් ඉන්නේ. ජොබ් එක නිසා සමාජ ජාල වලට පිවිසෙන එක ටිකක් අඩුයි. ඒකයි. කොහොමද උඹලට.උඹව ගිය අවුරුද්දේ කඹේන් පස්සේ දැනුයි දැක්කේ.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    kalu patain danna akuru dodo aluth update eken passe wen pata walin dapuwa penne na.

    අකුරු කළු කළා.....අඩේ දැන් එළකිරියේ ත්‍රෙඩ් ලියන එක සෑහෙන ගැටළුවක්.සයිට් එක අලුත් වුනු එක ගැන සතුටුයි. ඒ වගේම ප්‍රැක්ටිකල් පැත්තේ ගැටළු වලටත් හොඳ විකල්ප තිබුන නම් වඩා හොඳයි.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අකුරු කළු කළා.....අඩේ දැන් එළකිරියේ ත්‍රෙඩ් ලියන එක සෑහෙන ගැටළුවක්.සයිට් එක අලුත් වුනු එක ගැන සතුටුයි. ඒ වගේම ප්‍රැක්ටිකල් පැත්තේ ගැටළු වලටත් හොඳ විකල්ප තිබුන නම් වඩා හොඳයි.

    dan amarui thamai pata wens karama penne na ara rathu patath hondai pic wala dala thiyana ekath penawa hondata smahara ayata kaluth aul wei dark theme eka da gana inna ayata ekanam ehema thamai man thread ekak liyala eka damme na danna ba eka post eken wade atha arala damma passe.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,039
    10,603
    113
    මචන්.........දැන් ගෙදර නෙමේ බන් ඉන්නේ. ජොබ් එක නිසා සමාජ ජාල වලට පිවිසෙන එක ටිකක් අඩුයි. ඒකයි. කොහොමද උඹලට.උඹව ගිය අවුරුද්දේ කඹේන් පස්සේ දැනුයි දැක්කේ.


    pm
     

    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,469
    664
    113
    35
    Negombo
    අඩෝ සුපිරි බන්... :love:

    උබල යන ට්‍රිප් අපිට යන්ඩ හැකියාවක් නැහැ මචන්.. :no:

    උබ දාපු Thread ඔක්කොම රසවිදින්න පුලුවන් විදියට දාල තියෙනවා...
    ඒ නිසා කොහොම හරි දිගටම එලකිරියේ දාපන්..:)
     

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    යන්න ආස හිතෙන විදිහට ලියලා තියෙනවා.... පට්ට...