වෙනද වගේම ඉතාම වැදගත් ත්‍රෙඩ් එකක්.එහෙන් මෙහෙන් අල්ලගත්තු දේවල් ටිකක් ඇරෙන්න හරිහමන් අවබෝදයක් තිබ්බේ නැහැ මචන් මේ ටොපික් එක සම්බන්දව.අපේ ඔෆිස් එකේ මගේ ටීම් එකේ කෙනෙක්ගේ වයිෆ් ට දැන් දවස් කිට්ටුයි බබා හම්බවෙන්න.වයිෆ් ට වඩා පුදුම දුකක් බන් ඒ මනුස්සය විදින්නේ.මේ අවුරුද්දටම ට්‍රිප් එකක් යන්න උනේ නැහැ.අර ටෙස්ට් එක මේ ටෙස්ට් එක ඉවරයක් නැහැ.මාර බරක් බන් ඉතින් බබා එලියට එනකම්ම.හිතට කිසිම පහසුවක් දැනෙන්නේ නැතුව ඇති.ඕව මේවා එක්ක මට නම් ගැනුයි කසාද බදින එකයි එපා වෙනවා.කසාදයක් බදිනවා කියන්නේ මචන් හරියට නිකම් අපිට බනිස් ගෙඩියක් කන්න තියන ආසාවට මුළු බේකරියක්ම සල්ලි දීල ගත්ත වගේ.බොහොම වටිනා කරුණු ටිකක් නොමිලේම එලකිරියට කියල දුන්නට තැන්ක්ස් මචන්!!!!