බයික් වල යන අපිට වෙච්ච දේ ...

බයික් වල යන අපිට වෙච්ච දේ ...

බයික් වල ගමන් කරන්නේ වහනයක් ගන්ඩ බැරි අපිවගේ සාමාන්‍ය ජනතාව..
අපි බයික් එකේ යනකොට ..ඒක බැලන්ස් කරගන්ඩ ඕනේ ..
අව්ව ...වැස්ස ..වගේම - විස දුම ..දූවිලි..කන්ඩ ඕනේ ..
එහෙම යන අපි අස්සකින් මුල්ලකින් රිංගල යන්ඩ හදන්නේ අපිට තියෙන
මේවගේ අපහසුතාවයන්ගෙන් බේරෙන්ඩ...
එතකොට දැන් ....මෙහෙම ගියොත් පොලිසියෙන් ලියනවා ...පොලිසිය ක්‍රියාත්මක
වෙන්නේ රටේ පවතින ආණ්ඩුවට ඕනේ විදිහට ...එහෙමනම් උන්ට ඕනේ අපි වගේ
අහිංසකයන්ව වාහනවල යන උන්ගේ සැප පහසුව උදෙසා දුම ..දූවිලි ...අව්ව වැස්ස
කාගෙන තාඩන පීඩන වලට ලක්කරන්ඩ...අපි බයික් වල යද්දී අපිව මරන්ඩ...යටකරන්ඩ
වාහන මූනට එනවා ...එවයෙන් බේරිලා කොච්චර අමාරුවෙන්ද අපි පාරේ යන්නේ ..
ඒකනිසා නිතිය ක්‍රියාත්මක කරන මිනිස්සු සහ ආණ්ඩුව කරන වැඩේ බලු...
උන්ට ඕනේ අපිව ආරක්ෂා කරන්ඩ නෙමෙයි දඩ ගහලා සල්ලි හොයන්ඩ ...

එහෙම නේද සහෝදර වරුනි....
 

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේකෙ කැලෑ නීතියනෙ තියෙන්නෙ මචෝ.. බයික් අදිනවනම් හොඳ හෙල්මට් එකක් දාලා පරිස්සමින් පැදපන් පොලිස් බල්ලො ගනන් ගන්න එපා..:)
     
    මේකෙ කැලෑ නීතියනෙ තියෙන්නෙ මචෝ.. බයික් අදිනවනම් හොඳ හෙල්මට් එකක් දාලා පරිස්සමින් පැදපන් පොලිස් බල්ලො ගනන් ගන්න එපා..:)
    මුන්ගේ නීතියේ සීමාවක් නැහැ ..අරිනවා ...ඉවරයක්‌ නැහැ
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ඇත්ත කතාව...ෆුල් ෆේස් එකටත් කෙලින්නනෙහ් හැදුවේ:angry::angry::angry:
     

    lokka123

    Junior member
  • Aug 6, 2012
    201
    20
    18
    wahana block ekakadi wam peththen yana wahana okkoma overtake karagena para medde thiyena sudu irath kapagen dakunu peththen issarahata ena ayagena obathuma mokada kiyanne...
     

    lokka123

    Junior member
  • Aug 6, 2012
    201
    20
    18
    349x192-images-stories-aimages-moto.jpg
     

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    එහෙම්මම කියන්න එපා මචන්....නීතිය කාටත් පොදුයි...ඒක බයික් වල යන අයද නැතිනම් වාහන වල යන උන්ද කියන එක නෙවේ වැදගත්..නීතිය නීතියමයි...අව්ව වැස්ස...දූවිලි කියන එවා නිදහසට කාරනා කරගන්න ගියොත් මචන්..අපේ රටේ ඉන්න ඔක්කොම නීති රීති කඩාගෙන මොටර් සයිකල් පැදන් යයිනෙ.උබලා නොදන්න එක දෙයක් කියන්නම්...මම ඉන්නෙ අරාබි රටක...මෙහෙ ගොඩක්ම තියෙන්නෙ රොද හතරෙ වාහන තමා...මොකද බයික් ගන්නවට වඩා තව කීයක් හරි වැඩිපුර දාල වාහනයක් ගන්න පුලුවන්...එත් මෙහෙ මොටර් බයික් නැතුව නෙවෙ...ලන්කාවෙ තියෙන ඔය ඉන්දියන් මොටර් සයිකල් මෙහෙත් තියෙනව බරටම...ඒක එහෙමයි කියල මෙහෙ කව්රුවත් නීති රීති කඩන්නවත් එවා පිටින් යන්නවත් හදන්නෙ නෑ...එහෙම කලොත් උට ලන්කවෙ ගන්න පඩි වගෙ තුන් හතර ගුනයක් පඩියක් මුන්ට ගෙවන්න වෙනව දඩ විදියට.... මොන තරම් රස්නෙ උනත් දූවිලි තිබුනත් පිච්චි පිච්චි හරි සිග්නල් වැටෙනකන් ඉන්නව යන්න...:lol::lol:

    මෙවා මචන් අපි හිතින්ම හදාගන්න ඔනෙ දෙවල්...එකෙක් දෙන්නෙක් මේව කරල වැඩක් වෙන්නෙත් නෑ...එහෙමයි කියල මෙවා නොකල හිටියොත් වෙන්නෙත් රට අගාදෙට යන එකමයි...එ හින්ද අපි ටිකක් හිතල විනීතවෙන්න වෙනවා මචන්ලා...මේක දැකල නොකියා ඉන්න බැරි හින්දමයි මෙ පෝස්ට් එක දැම්මෙත්...මේ ලියන මං ලංකාවට ආවාත් මගෙ වාහනේ මොටර් සයිකලේ තමා...බොරු නෙවේ ඇත්තමයි....:)

    හැබයි පොලිසියටත් රාජකාරියත් තියෙනව කියන එක කියන්නම ඔනේ...තියෙන ඔක්කොම නීති රීති දාල පාරෙ යන උන්ගෙන්, තියෙන තුට්ටු දෙකට කෙල ගන්න එක නියම බලයලත් රාජ්‍ය ආයතනයක රාජකාරියක් නම් නෙවේ...ඒට වඩා මාර්ග සංවර්දනයටත් අමතරව දැනුවත් කිරීමෙ වැඩසටහන්,රතවාහන වල ගමන් කරන එදිනෙදා ජනතාවගෙ හිත් දිනා ගැනීමට කලයුතු වැඩසටහන් අනාගත පරපුරට ආදර්ශවත් පොලිසියක් විදියට මහජනතාවත් සමග සමගියෙන් කිසිදු තරාතිරමක් නොබලා කටයුතු කරන ආයතනයක් විදියට කල යුතු රාජකාරි රැසක් පවතින බවයි මගේ නම් හැගීම...

    කෙසේ වෙතත් යතුරුපැදි කරුවන් හැටියට විනීත රියදුරන් වියයුතුබව තරයේ මතක තබා ගත් යුතු බවත්... එමගින් අනාගත මාර්ග තදබදයන්ට සාර්තකව මුහුන දිය හැකි එවන් රියදුරන් බිහිවී මගෙ රට අනෙකුත් රටවන් වලටද ආදර්ශවත් රටක් වීම මගෙ නම් පැතුම...
     
    Last edited:
    • Like
    Reactions: chami_84

    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola
    මගෙ හෙල්මට් එකේ වයිසර් එක සීගිරි කැටපත් පවුර වගේ තිබුන හින්ද, පඩි හම්බවෙනකල් පෙරුම් පුරාගෙන ඉඳල පංචිකාවත්තෙන් ලා ටින්ට් එකක් තියෙන වයිසර් එකක් දා ගත්ත. දවස් 10 ක් වත් ඒක දාගෙන බයික් එක පදින්න හම්බුන්නෑ... දුක නැද්ද.. ඇඬනෙව නේ..
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    අපි බයික් වල යද්දී අපිව මරන්ඩ...යටකරන්ඩ වාහන මූනට එනවා ...

    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Lankawe wahana wadi case eka thama me hama dekatama balapala thiyenne... minissu balanne traffic nisa kohen hari kamak na dala yannane..
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    මචංලා මම ඊයේ තියෙන අමාරුවට හෙඩ් ලයිට් එක ටින්ටඩ් කරන් ආවා නිල් පාටින් දැන් යන විදියට එකත් කේස් එකක් වෙයිද දන්නෑ:no::no:
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    සංසුන් පොඩ්ඩා;18502716 said:
    කොහොමද බයික් පදින අය නීතියට අනුව එකිනෙකට පිටිපස්සෙන් හිටියොත් ...
    ට්‍රැෆික් නැතිවෙයිද ?
    මොන වාහනෙන් ගියත් විනයක් ඇතිව පාරෙ යනව නම් ඔය මොකුත් නෑ නේ. ගමන අතින් දැනට නම් ත්‍රීවිල් කාරයින්ට විතරයි දෙවෙනි.
    ඕකට උත්තරේ ඔව්. බයිසිකලේට වෙනදා තරම් ඉක්මනට යන්න බැරිවෙයි. ඒත් වාහන ඔක්කොම ගත්තොත් වෙනදට වඩා ට්‍රැෆික් අඩුවෙයි. පිටරටවල අපේ රටේ වගේ බයිසිකල් අහු මුලු වලින් රිංගලා යනවා දැකලා තියෙනවද ?