බල්ලොත් එක්ක බෑ

djiresh

Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    බල්ලොත් එක්ක බෑ

    අද දිනයේ වූ සිදුවීමක් සම්බන්ධයෙන් ඔබගේ අවධානය යොමු කිරීමට කැමත්තෙමි. සාමාන්‍යයෙන් බිරිඳත් සමග බස් රථ වල ගමන් නොකෙරුවත් හදිසි අවශයතාවයක් නිසා පිටකොටුවට පැමිනීමට අද දිනයේ මහරගම පිටකොටුව 138 බස් රථයකට ගොඩ වුනෙමු. බස් රථයේ පසුපස ආසනයේ මැද හිස් අසුනක් තිබූ නිසාවෙන් අකමැත්තෙන් වුවද අප දෙදෙනා හට එහි අසුන් ගන්නට සිදුවිය. සිද්ධි දාමය ඇරඹෙන්නේ මෙතැන් සිටය. මුදල් ගැනීමට අප ආසන්නයට පැමිනී කොන්දොස්තර වරයා කොහාටදැයි අසන අතරම මාගේ බිරිඳ දෙස අවලන් බැල්මක් යොමු කල ආකරය මාගේ දෙනෙතට අසු වුවත් කාරණා කිහිපයක් නිසා මුවින් නොබැන සිටීමට කටයුතු කලෙමි.
    පළවෙනි කාරණය නම් මාගේ බිරිඳ කිසි අයුරින් අසංවර හෝ නිරාවරණය වන ඇඳුමක් පැළඳ නොසිටීමයි. දෙවැන්න යම් කිසිවෙක් දෙස බැලූ පමනින් එයට විරුද්ධ වීමට තරම් අවශයතාවයක් මා හට නොතිබීමයි. තෙවනුව මම සැබැවින්ම අගය කරන කියමනක් සිහියය නැගුනු නිසාවෙනි.

    If you wrestle with a pig you both get dirty. but pig enjoys it."

    කේසේ වෙතත් මෙම සටහන තැබීමට පාදක වූ සිදුවීම මෙය නොවන නිසාවෙන් ඒ ගැන අටුවා තියන්නට නොයමි. කෙසේහෝ මෙම බස් රථය නුගේගොඩ පසු කල වහාම රථයේ රියැදුරු ඉතාමත් අපරික්ෂාකාරී ධාවනයකට අවතීර්න විමට පටන් ගත්තේ මගීන්ගේ ආරක්ෂාව තුට්ටුවකට මායිම් නොකරය. බස් රථයකට උචිත නොවන වේගයකින් වංගු ගැනීමටත් ඔබටත් මටත් සිතාගතහැකි සියලුම මාර්ග නීති උල්ලංගනය කරමින් බස් රථය හැසිරවීමට පටන් ගත් රියදුරු තවත් ලංගම බස් රථයක් සමග තරඟයක යෙදීමට උත්සාහ දරනු පෙනුනි. බස් රථයෙන් බැසීමට සිටගත් වයසක අම්මා කෙනෙකු බ්‍රේක් පහරකින් විසිවී ගොස් අසුනක වැදී නතර නොවූයේ නම් ඇයගේ මලගම නිසැකවම යෙදෙන්නට තිබුනි. මාගේ ඉවසීමේ සීමාව කෙළවරට සපැමිණි නිසාවෙන් කොන්දොස්තර වරයාට අඬගසා අපරික්ෂාකාරීව නොයන ලෙසට රියැදුරුට දන්වන ලෙස දැනුම් දුන්නෙමි.

    " ඔයාට බැරිනම් බහින්ඩ. නැත්නම් කට වහගෙන ඉන්ඩ. අපි හැමදාම යන්නේ මෙහෙම තමා"

    මේ ඔහුගේ පිළිතුරයි. මාගේ සිරුරේ සියලුම රුධිරය උණුවී ගොස් මොහුගේ හොම්බට දෙකක් ඇනීමට මහත්සේ සිත දුන් නමුත් බිරිඳ මා සමග සිටි නිසාවෙන් සහ රටක නීතියට ගරු කල යුතුනිසාත් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම් දීමට 119 අංකය ඇමතුවෙමි. මෙසේ වනවිට බස් රථය කොලඹ විශ්ව විද්‍යාලය පසුකරමින් මංතීරු නීති කඩමින් අධික වේගයකින් ඉදිරියට ඇදෙමින් තිබින. එහෙත් අවාසනාවකට 119 අංකය ඇමතීමට කොතරම් උත්සාහ කලත් සම්බන්ධ කල නොහැකි විය. මේ ජවනිකාව අනතුරකින් අවසන් වනු නියත යැයි හැඟුන නිසා බසයෙන් බැසීමට තීරණය කලෙමු. එහෙත් බැසීමට අප් දෙදෙනා අසුනින් නැගිටිනවාත් සමගම වේගය පාලනය කර ගත නොහැකිව තද තිරින්ග පහරක් සමගින් බස් රථය පසෙකට විසීවී ගියේ සිටගෙන සිටි මගීන් කිහිප දෙනෙක් බස් රථයේ බිම ඉන්දවමින් සහ මාගේ බිරිඳ ඉදිරියට විසි කරවමින්ය. වාසනාවකට ඇයව එලියට විසි නොවී අල්ලාගැනීමට හැකිවූවත් ඇයගේ අතක් තුවාල වීමට තරම් විසිවී ගිය වේගය බලවත් විය. විසිවී ගිය බස් රථය අමරුවෙන් නවතාගැනීමට රියදුරාට හැකි වූවේ පෙර පිනකටය. එහෙත් මාගේ ඉවසීම දෝරේ ගලා ගොස් තිබින.

    "බූරුවා..!! හරියට වාහනේ එලවපන් අහින්සක මිනිස්සු මරන්නේ නැතුව"

    ඒ මාගේ වාග් මාලාවයි. එහෙත් බසයේ අනික් අය නිශ්ශබ්දය. මා දිහා අමුතු බැල්මක් හෙලා බලා සිටිති.
    "මුන්ට ලයිසන් දුන්න එවුන්ට මඩු වලිගෙන් තලන්න ඔනේ"
    මාගෙන් තවතා වැකියක් පැන්නේ මාත් නොදැනුවත්මය. කවුරුවත් "මීක්" ශබ්දයක් නැත. මාගේ බිරිඳත් සමග හනිකට බසයෙන් බැස ගතිමි. නැවතත් 119 ඇමතුවෙමි. මේ විනාඩි 8 කට පසුව සම්බන්ධ වූ නිළධාරියාත් මාත් අතර ඇතිවූ සංවාදයයි.

    "මහත්ත්යා මම කථා කරන්නේ අපරික්ෂාකාරී ලෙස ධාවනයේ යෙදෙන බස් රථයක් ගැන දැනුම් දෙන්නයි. මේ ගැන කොහොමද කටයුතු කර...." කීමට හැකිවූයේ එපමනකි.
    "මං අහන ඒවට උත්තර දෙන්න "
    "හොඳයි මහත්තයා"
    "කොහෙද බස් එක දැන් තියෙන්නේ"
    "පිටකොටුව සිටේෂන් එක ගාවට තව විනාඩි 5 කින් ඒවි. බස් එකේ අංකය Wp" නැවතත් බාධාවකි"
    "ඔයා බස් එකේ නෙවෙයිද ඉන්නේ. එහෙනම් අපිට බෑ. අපි කොහොමද අල්ලන්නේ.
    "ඒත් මහත්තයෝ අනතුර...."
    "එක පාරක් කිව්වනේ අපිට අල්ලන බෑ ඔහොම. මොකට ගන්නවද මන්දා..දඩාස්."


    මට කීමට ඇත්තේ මෙපමනකි.

    බස් රථය එලවපු එකා අමුම අමු ගොං පාදඩ අමන බල්ලෙකි. කොන්දොස්තරයා වල් පාහර අවලම් තිරිසනෙකි. හදිසි ඇමතුම් ඒකකයේ එකා පිනට පඩි ගන්නා තක තීරු පිංපියෙකි. ඔච්චර දෙයක් වෙලත් කට නොඇරපු බස් එකේ හිටපු එවුන් කොඳු ඇට පෙලක් නැති දීන පිරිසකි, මේ මගුලක් අල්ලාගෙන කෑ ගහනා මම ඔක්කොටොම හපන් ගොන් වස්සෙකි. අහෝ රටකට ගිය කලක්.

    බස් රථයේ අංකය :wp NB -8121

     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    me rate jiwat wenawanam itin private life ekak tamai gata karanna ona public service use karanna giyama ohoma tama bus hospitals hema tenama harak raja wela
     
    • Like
    Reactions: djiresh

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    me rate jiwat wenawanam itin private life ekak tamai gata karanna ona public service use karanna giyama ohoma tama bus hospitals hema tenama harak raja wela

    I ussualy dont use public transport. my car broke down. so today i had to. cant imagine what other people are facing every day.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    api thaniyen inna kota oka ganak na machan godak ayata,

    eth ape pawule ayath ekka oya wage awasthawakadi ape hith walta thadatama danenawa,
    api asarana wenawa.:sorry::sorry:

    ubata ada wuna wagema machan kata piyan hitapu hamotama kawadaka hari oyatika wenawa.:yes::yes:
     
    • Like
    Reactions: djiresh

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    api thaniyen inna kota oka ganak na machan godak ayata,

    eth ape pawule ayath ekka oya wage awasthawakadi ape hith walta thadatama danenawa,
    api asarana wenawa.:sorry::sorry:

    ubata ada wuna wagema machan kata piyan hitapu hamotama kawadaka hari oyatika wenawa.:yes::yes:

    ow bun. 100% athha.
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    ado adada bn uba palaweni parata bus ekaka giye:rofl: bus wala hamadama yana ena minissunta owa normal bn.:rolleyes: owa loweth hadanna bari dewal bn owata katha karanna giyama katha karapu eka thamai anthimata waradi karaya wenne.:sorry:
     
    Last edited:
    • Like
    Reactions: djiresh

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    Apo katha karala wedak na ban. Man Lankawe nemei enne. Lankawe enna kale bus wala gihin thiyenawa. Maha apama karapu jathiyak ban.

    Bus walata happila kochchara minissu marenawa ban. Unge parawal wage yanne.

    Apahu nam bus wala yanen na malata. :angry:
     
    • Like
    Reactions: djiresh

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඔය ෆෝන් එකෙන් කෝල් එක ගත්තට වඩා හොඳයි බන්. වීඩියෝ කරලා ෆේස්බුක් දැම්මනම්. පස්සේ දවසක හරි ඌට තරු පෙනේවි.
     
    • Like
    Reactions: djiresh

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    ඔය ෆෝන් එකෙන් කෝල් එක ගත්තට වඩා හොඳයි බන්. වීඩියෝ කරලා ෆේස්බුක් දැම්මනම්. පස්සේ දවසක හරි ඌට තරු පෙනේවි.

    ඔව් බන්...ඇත්ත:yes::yes:
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    එල කොල්ලෙක් උබ, මමත් ඔහොම මගුල් වලට වලි ගෙන තියෙනවා බන්, ඒක බල්ලෙක් අපේ පැත්තට කතා කරන්නේ නෑ බන්. ඔහේ ඉන්නවා බලාගෙන. ඔක්කොටම වැඩ මල පනින්නේ ඒකට